නාසි ජර්මනියේ ආරම්භය සහ අවසානය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නාසි ජර්මනියේ ආරම්භය සහ අවසානය

    නාසි ජර්මනියේ ආරම්භය සහ අවසානය - සාරාංශයක්


    1918 නොවැම්බර් 9
    ක්‍රයිසර් විල්හෙල්ම්(ජර්මන් අධිරාජ්‍යයා)රජකමින් ඉවත් වේ.ජර්මන් සමූහාණ්ඩුව නිර්මාණය කරයි(1919-1933)

    g8HfEEr.jpg

    ක්‍රයිසර් විල්හෙල්ම්




    1919 ජූනි 28
    ජර්මනිය සහ මිත්‍ර පාර්ශ්විකයන් අතර වර්සයිලිස් ගිවිසුම අත්සන් කරේ.

    C9YntJh.jpg




    1919 ජනවාරි 5
    ජර්මන් කම්කරු පක්ෂය(DAP) නිර්මාණ කෙරේ

    3VvBDGB.jpg




    1919 සැප්තැම්බර් 12
    ජර්මන් කම්කරු පක්ෂයේ ඔත්තු බලන්නට ජර්මන් හමුදාව ඇඩොල්ෆ් හිට්ලර්ව පිටත් කර යවයි.ඔහු එහි සාමාජිකත්වය ලබාගනියි.ඔහු එම පක්ෂයේ 55වන සාමාජිකයා විය.

    n2G1y4v.png
    හිට්ලර්ගේ සාමාජික කාඩ්පත​




    1920 පෙබරවාරි 24
    ජර්මන් කම්කරු පක්ෂය එහි නම ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය(NSDAP) ලෙස වෙන්ස් කරයි.එනම් නාසි පක්ෂය යන කෙටි නමින් එය හැඳින්වීම ආරම්භ වේ.

    wFl1FrT.png




    1921 ජූලි 29
    හිට්ලර් නාසි පක්ෂයේ නායකයා බවට පත්වේ.ඔහු der Fhrer යන නමින් හඳුන්වනු ලැබේ.

    Npa8SLp.jpg




    1921 නොවැම්බර් 4
    ස්ටෝම්ටෲපර්ස් SA (Sturm Abteilung) හෙවත් නාසි පක්ෂයේ සන්නද්ධ අංශය නිර්මාණය කෙරේ.ඔවුන් දුඹුරු කමිසකරුවන් නමින් හඳුන්වයි.

    p3wdYhw.jpg
    SA​




    1923 නොවැම්බර් 8
    හිට්ලර් සහ නාසි පක්ෂය බැවේරියානු ආණ්ඩුව පෙරළීමට ගත් උත්සාහය අසාර්ථක වේ.ඔවුන්ගේ නායකයන් අත් අඩංගුවට ගෙන රාජ්‍යද්‍රෝහීත්වය යටතේ සිරකරනු ලැබේ.

    GKJw5b4.jpg
    Munich (Beer Hall) Putsch​




    1924 පෙබරවාරි 26
    හිට්ලර්ට එරෙහි නඩු විභාගයේදී ඔහු වසර 5කට සිරගත කරන්නට නියෝග කලද මාස 10කින් ඔහු නිදහස් කරයි.එම කාලයේදී ඔහු නම් ප්‍රකාශනය ලියයි.

    56aG96t.gif




    1925 අප්‍රේල්
    SS (Schutzstaffel) හෙවත් පසුකාලයකදී නාසි පක්ෂයේ සන්නද්ධ අංශය වූ හිට්ලර්ගේ ශරීරාක්ෂකයන් වූ කලු කමිසකරුවන් නිර්මාණය කෙරිණි.

    mwr96XT.jpg
    SS​




    1926 ජූලි 4
    හිට්ලර් යූත් හෙවත් නාසි පක්ෂයේ තරුණ අංශය නිර්මාණ කෙරේ.ජර්මන් නාසි පක්ෂය ආරම්භයේදී එය සතුව තරුණ අංශයක් තිබුණද පසුව හිට්ලර් එම අංශය පක්ෂයේ සන්නද්ධ අංශය සමග සම්බන්ධ කරන ලදි.

    HnXqFxl.jpg




    1927 අගෝස්තු 20
    නාසි පක්ෂයේ පළමු වාර්ෂික සම්මන්ත්‍රණය නුරම්බර්ග්හි පැවැත්විණි.

    kYCftiv.jpg




    1929-1930
    මහා ආර්ථික අවපාතය-මෙම ආර්ථික අවපාතය නිසා බොහෝ ජර්මානුවන්ට රැකියා අහිමිවිය.දුප්පත්කම උත්සන්න විය.නාසි පක්ෂයට ලැබෙන සහාය වැඩිවිය.

    p7ALBgo.jpg





    1930
    හිට්ලර්ගේ තරුණ කණිෂ්ඨ ශාඛා ඇතිකෙරිණි.ඒවා සඳහා බදවා ගත් පිරිමි ලමුන් වයස අවුරුදු 10-14 අතරත්,ගැහැණු ලමුන් වයස අවුරුදු 10-18 අතර විය.

    CFQ4dq5.jpg




    1930 සැප්තැම්බර්
    නාසි පක්ෂය මැතිවරණවලින් ඡන්ද 18.3%ක් ලබාගන්නා ලදි.ඔවුන් දෙවන විශාලතම පක්ෂය බවට පත්විය.


    bt6qwf5.png




    1932 ජූලි
    නාසි පක්ෂය් මැතිවරණ වලින් ඡන්ද 37.4%ක් ලබාගන්නා ලදි.ඔවුන් විශාලතම පක්ෂය බවට පත්වේ.​

    8xEED95.jpg




    1933 ජනවාරි 30
    ජනපති හින්ඩන්බර්ග් විසින් ජර්මනියේ චාන්ස්ලර් ලෙස හිට්ලර් පත් කරයි.​

    lEPF5Au.jpg




    1933 පෙබරවාරි 3
    හිට්ලර් නාසි පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති නියම කරයි.ඔහුගේ මූලික අරමුණ ජර්මන් ජාතිය ප්‍රමුඛස්ථානයට ගෙන ඒම.

    Mlmnqov.jpg




    1933 පෙබරවාරි 27
    රයිච්ස්ටැග් ගොඩනැගිල්ල(ජර්මන් අධිරජ නිවස ) ගිනිගනියි.එහි වරද ජර්මන් කොමියුනිස්ට් පක්ෂය වෙත යොමුවිය.ප්‍රථිපලය එම පක්ෂය තහනම් වීම සහ හිට්ලර්ගේ නාසි පක්ෂයට බහුතර බලය ලැබීමයි.​

    2fmIQgp.jpg




    1933 මාර්තු 5
    කොමියුනිස්ට් පක්ෂය තහනම් වූ වහාම මැතිවරණයක් කැඳවූ හිට්ලර් 44%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනියි.




    1933 මාර්තු 23
    කිසිවෙකුගේ උපදෙස් නොඅසා තමන්ට අවශ්‍ය පරිදි ජර්මනිය පාලනය කරන්නට එම ප්‍රතිපලය අවස්ථාව සලසා දුන්නේය.





    1933 අප්‍රේල් 26
    නාසි රහස් පොලිසිය(පොලිස් හමුදාව) හෙවත් ගෙස්ටාපෝ නිර්මාණය කෙරේ.

    hIWfNcL.jpg





    1933 අප්‍රේල් 26
    නාසීන් ජර්මන් රජය අල්ලාගනියි

    FFCQFPc.jpg




    1933 මැයි 2
    වෘත්තීය සංගම් තහනම් කෙරේ.





    1933 මැයි 10
    ජර්මන් නොවන ග්‍රන්ථ 25,000ක් පුලුස්සා දමයි.මෙම ක්‍රියාවන්ට ජෝෂප් ගෙබ්බල්ස් ගේ සහාය ලැබුණි.

    mcCnJZk.jpg





    1933 ජූලි 14
    නාසි පක්ෂය හැර සියලු පක්ෂ තහනම් කෙරේ.




    1933 ඔක්තෝම්බර්
    ජර්මනිය ජාතීන්ගේ සංගමයෙන් ඉවත්වෙයි.

    4E99i90.jpg




    1934 ජූනි 30
    SA හෙවත් නාසි පක්ෂයේ මුල්ම සන්නද්ධ අංශයේ නායකයන් 150ක් ඝාතනය කරයි.හි බොහෝ සාමාජිකයින් කොමියුනිස්ට්වාදීන් විය.හිට්ලර්ගේ ප්‍රතිපත්ති ඔවුන්ගේ සමාජවාදී අදහස් සමග නොගැලපුණි.තවද හි හමුදාබලයට තමන් බලයෙන් ඉවත් කරන්නට පවා හැකියාවක් තිබෙන බවට හිට්ලර් ඇතුලු නායකයින් තුල බියක් තිබිණි.ඒ අනුව හිට්ලර්ගේ SS යොදාගෙන SA අවලංගු කරන ලදි.

    TT6JJf6.jpg




    1934 අගෝස්තු 2
    ජනපති හින්ඩන්බර්ග් මියයයි.හිට්ලර් ජනපතිධූරය සහ චාන්සලර් තනතුර එකතු කර Fuhrer නමින් තනතුරක් නිර්මාණය කරගනියි.

    PlWruiA.jpg




    1934 සැප්තැම්බර්
    හිට්ලර් ජාතික සමාජවාදී කාන්තා සංවිධානය අමතමින් කාන්තාවගේ භූමිකාව "කාන්තාවගේ ලෝකය ඇගේ සැමියා,පවුල සහ දරුවන් සහ නිවසයි" ලෙස විස්තර කරයි.​

    tyiG7aF.jpg





    1935 පෙබරවාරි 26
    වර්සයිලිස් ගිවිසුමේ වගන්තියක් කඩ කරමින් ජර්මන් ගුවන් හමුදාව නිර්මාණය කරන්නට හිට්ලර් හර්මන් ගෝරින් හට අණකරයි.

    OzzeOQE.jpg




    1935 මාර්තු
    ජර්මන් හමුදාව විශාල කිරීමට හිට්ලර් තීරණය කරයි.බලයෙන් හමුදා සේවයට බඳවා ගැනීම ඇරඹේ.

    DBWF7dG.jpg




    1935 සැප්තැම්බර් 15
    ජර්මන් ආර්ය ජනවර්ගය සහ යුදෙව්වන් අතර සම්බන්ධකම් තහනම් කෙරේ.

    3wuE0uo.jpg




    1936 මාර්තු 7
    රයින්ලන්තය යළි ජර්මනියට ඈදා ගැනේ.

    2x1vsEF.jpg





    1936 අගෝස්තු 1
    බර්ලින් ඔලිම්පික් උළෙල ඇරඹේ.

    a5bW3w4.jpg




    1936 ඔක්තෝම්බර් 25
    ජර්මනිය සහ ඉතාලිය අතර අක්ෂ සංධානය ඇතිවේ.

    L2630s6.jpg




    1936 නොවැම්බර් 25
    ජපානය සහ ජර්මනිය අතර කොමියුනිස්ට් විරෝධී ගිවිසුමක් ඇතිවේ.

    uX5Bjzh.jpg




    1936 දෙසැම්බර්
    හිට්ලර්ගේ තරුණ සන්ධානයේ සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්‍ය කිරීමේ නීතියක් ඇතිකෙරේ.

    HO0zmWp.jpg





    1938 මාර්තු 14
    ජර්මනිය ඕස්ට්‍රියාව ආක්‍රමණය කරයි.

    hYoD2Qp.jpg





    1938 සැප්තැම්බර් 30
    මියුනිච් සම්මුතිය-මිත්‍ර පාර්ශ්විකයන් විසින් නාසි ජර්මනිය සංසිදවිමට චෙකස්ලෝවැකියාවේ සදටන්ලෑන්ඩ් ප්‍රදේශ පවරාදීම.

    fnMuoar.jpg





    1938 නොවැම්බර්
    යුදෙව් සාප්පු සහ දේවස්ථාන විනාශ කරයි.යුදෙව් ජනගහනය අවම කිරීම ඇරඹේ.

    nk2I93L.jpg




    1939 මාර්තු 15
    හිට්ලර් චෙකස්ලෝවැකියාව ආක්‍රමණය කර යටත් කරගන්නේ මියුනිච් සම්මුතිය උල්ලංඝනය කරමින්ය.

    GdE5Hau.jpg




    1939 මාර්තු 31
    පෝලන්තය සම්බන්ධව වගබලා ගන්නා බව කියමින් බ්‍රිතාන්‍යය ප්‍රකාශයක් නිකුත් කරයි.මෙහි අරුත ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කල හොත් බ්‍රිතාන්‍යය පෝලන්තයේ ආරක්ෂාවට ඉදිරිපත්වන බවයි.​

    c43BKnY.gif




    1939 අගෝස්තු 23
    නාසි-සෝවියට් ගිවිසුම - මෙහිදී පෝලන්තය ජර්මනිය සහ සෝවියට් දේශය අතර බෙදා ගැනීම සඳහා එකඟත්වයක් ඇතිවිය.

    rRuKuKn.jpg




    1939 අගෝස්තු 25
    බ්‍රිතාන්‍යය-පෝලන්ත ආරක්ෂක ගිවිසුම-මෙහි එක් රටක් තවත් යුරෝපා රටක් විසින් ආක්‍රමණය කල හොත් අනෙක් රටේ හමුදාව ආක්‍රමණිකයාට එරෙහිව සටන් කල යුතුබව සඳහන් විය.

    z9JQJXx.jpg




    1939 සැප්තැම්බර් 1
    ජර්මනිය ගොඩබිමින් සහ ගුවනින් වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් පෝලන්තය ආක්‍රමණය කලේය.පෝලන්තය සටන් කල මුත් ඔවුන් ඉතා ඉක්මණින් පරාජය වූ අතර ජර්මනිය පෝලන්තය යටත් කරගන්නා ලදි.

    YNyMEu2.jpg




    1939 සැප්තැම්බර් 3
    බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.

    ULAEjXH.jpg




    1940 අප්‍රේල් 9
    ජර්මනිය විසින් ඩෙන්මාර්කය සහ නෝර්වේ යන රටවල් ආක්‍රමණය කර යටත් කරගන්නා ලදි.

    7dQRgQo.jpg




    1940 මැයි 10
    නෙදර්ලන්තය,බෙල්ජියම,ලක්සැම්බර්ග් සහ ප්‍රංශය ජර්මනියේ ආක්‍රමණයට ලක්විය.පසුව එම රටවල්ද යටත් කරගන්නා ලදි.


    aoICNi0.jpg




    1940 ජූලි 10
    බ්‍රිතාන්‍යයට ගුවනින් පහර දෙන්නට හිට්ලර් අණ කල අතර පසුව ඔවුන්ගේ ගුවන් හමුදාව බ්‍රිතාන්‍යය ගුවන් හමුදාව අතින් පරාජය විය.

    yvtt9sI.jpg




    1940 ඔක්තෝම්බර්
    දිවා රාත්‍රී දෙකෙහිම ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍යයට බෝම්බ හෙළන්නට වූ අතර බ්‍රිතාන්‍යය ගුවන් හමුදාවේ සාර්ථක ප්‍රතිප්ප්‍රහාර මධ්‍යයේ හිට්ලර්ගේ බ්‍රිතාන්‍යය ආක්‍රමණ සැලසුම් අතහැර ගන්නා ලදි.

    ey0KVdW.jpg




    1941 අප්‍රේල් 6
    යුගෝස්ලෝවියාව සහ ග්‍රීසිය ජර්මන් හමුදා අතට පත් විය.

    9gcQKqF.gif





    1941 ජූනි 22
    ඔපරේෂන් බාර්බඩෝසා හෙවත් ජර්මනියේ රුසියා ආක්‍රමණය ඇරඹිණි.​

    Ya38Nnc.jpg




    1941 දෙසැම්බර් 5
    ජර්මනියේ ඉදිරිගමන රුසියානු ශීත සෘතුව නිසා අඩාල විය.රුසියානුවන්ගෙන් ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල වීම ඇරඹිණි.

    d4D3mru.jpg




    1941 දෙසැම්බර් 11
    ජපානය පර්ල් වරායට පහර දීමත් සමග එක්සත් ජනපදය ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කල අතර පෙර කී ජර්මන්-ජපාන ගිවිසුමට අනුව ජර්මනිය ජපානයට සහාය දක්වමින් එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.

    1EBNCyY.jpg




    1942 නොවැම්බර් 5
    ජර්මන් හමුදා උතුරු අප්‍රිකාවේ දෙවන එල් අල්අමින් සටනෙන් පරාජය විය.

    5MLGKEg.png





    1943 පෙබරවාරි 2
    ජර්මන් 6වන හමුදාව ස්ටාලින්ග්‍රාඩ් සටනින් පරාජය ලැබීය.

    KbvOVBA.jpg




    1943 මාර්තු 4
    මිත්‍ර හමුදා පළමුවරට ජර්මන් නගරවලට බෝම්බ හෙළන ලදි.

    kBd95Fb.jpg




    1944 ජූනි 6
    මිත්‍ර හමුදා ප්‍රංශයේ නොමැන්ඩි වෙත ලඟා විම.

    M7RKQdY.jpg




    1944 ජූලි 20
    හිට්ලර් ඝාතන තැතක් අසාර්ථක වීම.

    8WSHdBt.jpg





    1945 අප්‍රේල් 30
    හිට්ලර් දිවිනසා ගත්බව නිවේදනය කිරීම

    WQ9WqtB.jpg




    1945 මැයි 2
    ජර්මනිය යටත්විමත් සමග යුරෝපය තුල යුද්ධය අවසන් විම

    u2UK0SC.jpg




    1945 නොවැම්බර් 20
    නුරම්බර්ග් යුද අපරාධ නඩු විභාගය ඇරඹීම.

    sy5eUWv.jpg





    Source:Historyonthenet.com

    -HarshaLulzSec-
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුපිරි මචන්.. උබ ත්‍රෙඩ් දානකන් බලන්න ඉන්නේ අපි,

    පුලුවන්නම් මෙන්න මේ ගැනත් දාපන් මචන්..

    ජර්මන් ආර්ය ජනවර්ගය

    මේ ගැන වැඩිය දන්නේ න.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔතනදි හිට්ලර්ගේ කඩා වැටීම පිටිපස්සේ වෙනම රහසිගත මෙහෙයුමක් තියෙනවා මචන්! මොකද හිට්ලර් කියන්නේ බොහෝම දක්ෂ යුධකාමියෙක්!!:yes: (ලොකේ එදාමෙදාතුර බිහි වෙච්ච හොඳම ඔත්තු සේවය පවත්වගෙන ගියා කියන්නේත් සුළුපටු දෙයක් නෙවෙයි නේ.) ඉතින්, සතුරු පාර්ශව මොකද කරන්නේ, හිට්ලර්ගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු එක් රැස් කරන්න පටන් ගන්නව. ඒ වගෙම හිට්ලර්ගේ ළමා කාලය ගැනත් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. (මේ ටොප් සීක්‍රට් මිෂන් එකක්!) අවසානයේදි, එතෙක් කාලයක් කවුරුත් නොදැන හිටපු හිට්ලගේ රහස් ජීවිතයේ පැතිකඩක් හොයා ගන්න ලැබෙනවා.:cool:
    අන්න ඒ රහස හරහා තමයි හිට්ලර්ගේ බල පරාක්‍රමය බිඳ වට්ටන්න අඩිතාලම වැටෙන්නේ.......!!!!!!:shocked:

    ඕක තනිකරම මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් මචන්ස්ලා!!!!!:yes::yes::yes:

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    supiri machan. elakiriye inna wadi hariyak un daanne jangi thread. e athare me wage wadagath thread daanawata godak sthuthi!
    jayawewa!