නැදුන්ගමුවේ රාජා ඇතා ( Nadungamuwa Raja )
නැදුන්ගමුවේ රාජා ඇත් පැටියා සමග තවත් ඇත් පැටියෙකු ලංකාවට පැමිණියේ ඉන්දියාවෙන්ය. මාහරගම නීලම්මහර වෙද හාමුදරුවෝ තමයි ඇත් පැටවුන්ගේ මුල්ම භාරකරු. ඉන්දියාවේ මයිසූර්වල මහ රාජා කෙනෙකුගේ නෑයෙක්ට වෙදකම් කිරීම නිසා ත්‍යගයක් ලෙස එම මහරාජා විසින් මෙම ඇත් පැටවු දෙදනා උන්වහන්සේට ප්‍රධානය කර තිබෙනවා.
පසු කලෙක නීලම්මහර වෙද හාමුදුරුවෝ මෙම ඇත් පැටවුන්ගේ භාරකාරත්වය වෙනත් දෙදෙනෙකුට පවරා තිබෙනවා. එක් පැටියෙක් ඇඹිලිපිටියට ගිහින් පසු කළෙක ගංඟාරාම විහාරස්ථානයේ හැදී වැඞී මීට ටික කලකට පෙර මිය ගියා. ඒ ඇතාගේ නම නවම් රජා විය.
අනෙක් ඇත් පැටියා හොරණ උඩුව පාළාතට ගියමුත් වසර විසිපහකට පමණ පසු නැදුන්ගමුවේ පණ්ඩිත වෙද රාළහාමිගේ දයාබර කැදැල්ලට පිවිසෙන්නේ නැදුන්ගමුවේ රාජා ලෙසින්ය. වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතාට ඒ වන විට වසර දහ හතක් පමණ විය. දැන් නැදුන්ගමුවේ ඇත් රජුට වසර හැටක් පමණ වේ. මේ වන විට නැදුන්ගමුවේ මේ පින්බර ඇත් රජු වසර අටක් උතුම් දලදා කරඬුව වැඩම කර තිබෙනවා.
සිය පිට මත දළදා කරඬුව තැබීමෙන් පසු ඇත් රජු මහ ආඩම්බර විලාශයක් ගන්නවා. පාවඩ නොමැතිව හෝ පාවඩින් පිටත හෝ එක් අඩියක් නොතබන මේ සද්දන්තයා පෙරහරේ ගමන් කරනුයේ සක්විති රජෙකු විලසය. නැදුන්ගමුවට පමණක් නොව මුළු රටටම මහ අභිමානයක් ගෙන දෙන ඇත් රජු වෙනුවෙන් රට වැස්සෝ පතන එක් පැතුමක් ඇත. එනම් තව තවත් එඩි බලය ආයු බලය ලැබේවා යන්නයි.
වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතාගේ අධිෂ්ඨානයක් වනුයේ මේ ඇත් රජු ඊ ළඟ භවයේදී මිණිසෙකු ලෙස ඉපදෙනු ඇති බවයි. ඇත් රජෙකු ලෙස එකතු කරගත් මේ මහ කුෂල් කඳ මිනිසෙකු ලෙස ඉපිද එකතු කර ගැනීමට හැකි වේදැයි පැනයකි. ඒ තරමට මිනිස්කමේ හරය වියෙකෙමින් තිබීම එයට හේතුවකි. නමුත් ධර්ම විජය වන් මිනිසුන් අතරේ මේ ඇත් රජු නැවත මිනිසෙකු ලෙස ඉපදීමට හැකි වේවායි පතමු.
මෙවර දළදා කරඬුව වැඩම්මීම සඳහා ඇත් රජුන් කීපදෙනෙක් සිටී. ඉන් එක් ඇතෙකු වන්නේ කතරගම වාසනා ඇතායි. කතරගම පෙරහැර සොබාමත් කරන වාසනා ඇතා බොහෝ දුරට දළදා කරඬුව වැඩමවීම ඉඩසර ඉතා අඩුය. උතුම් දළදා කරඬුව ගෙන යාමට ඊළඟ සුදුස්සා වනුයේ ඉන්දිරජා ඇතාය. 1986 දී ඉන්දිය හිටපු ඇගමැති රජීව් ගාන්ධි මහතා විසින් මේ ඇතාව දළදා මැදුරට පුජා කර තිබේ. 1992 වසරේ සිට මෙම ඇතා වාර දහයක් සිරි දළදා කරඬුව වැඩම කිරීම සිදුකර ඇත.
තවත් සටහනක්
ව්‍යවහාරික වර්ෂ 310 හෙළ බෞද්ධයන්ගේ පුණ්‍ය වාසනා මහිමයේ උතුම් පින් අස්වැන්නකින් හෙළදිව පිදුම් ලැබූ වසරක්. ශ්‍රී සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව නො විසිරී ඉතිරි වුණු සප්ත ධාතුන් වහන්සේලා අතර වූ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ හෙළදිවට වැඩම කළේ එ් වර්ෂයේ දී. හේමමාලා – දන්ත දෙපළ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේව මෙරටට වැඩම කරවූ එ් යුගයේ හෙළදිව රජකම් කළේ මහසෙන් රජ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුයි. තමන් අතපත් වුණ මේ සුපූජනීය වස්තුව මහත් සැදැහැයෙන් බාරගත්ත රජතුමා දළදා මාලිගාවක් ඉදිකරලා, දිනපතා පූජාවන් සහ වාර්ෂිකව පෙරහැර පවත්වලා ආරම්භ කරපු දළදා පූජාවන් සියවස් ගණනාවක් පුරා පැවතගෙන ඇවිත් අද දක්වා ම ක්‍රියාත්මක වෙනවා.
එ් විචිත්‍ර වූ දළදා පූජාවන් අතරින් ඇසළ පෙරහැර මංගල්‍යය හෙළයේ මහා කලා මංගල්‍යයක් ලෙසින් පිළිගැනෙනවා. අලි ඇතුන් සියයකගේ පමණත්, කලා ශිල්පීන් දහසකගේ පමණත් සහභාගීත්වයෙන් දින දහයක් පුරා වීදි සංචාරයේ යෙදෙන මේ පෙරහැර මංගල්‍යයට සමාන වූ වෙනත් සංස්කෘතික මංගල්‍යයක් ලෝකයේ මුණ ගැසෙන්නේ නැහැ.
දළදා වහන්සේ වැඩ හිඳින කරඬුව සංකේතවත් කරන ‘වැඩමවන කරඬුව’ පිටෙහි තබාගෙන රාජ රාජ ලීලාවෙන්, මහා අභිමානයෙන් පෙරහැර තුළ ගමන් කරන හස්තිරාජයා මේ පෙරහැර තුළ ඉටු කරන්නේ මහා මෙහෙවරක්. දුටුවන් ප්‍රසාදයට පත් කරවන තේජසින් යුතු වුණ මේ දළදා ඇත් පරපුර ගැන බොහොම රසවත්, එ් වගේ ම විස්මය සහගත තොරතුරු රැසක් තිබෙනවා.
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 වැන්නේ, එ් කිව්වේ මේ වසරේ දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවන්නට සූදානමින් සිටින්නේ නැදුන්ගමුවේ රාජා හස්තියා. සකල තේජසින් අනූන ‘නැදුන්ගමුවේ ඇතා’ මේ දසවන වරටයි කරඬුව වැඩමවීමේ භාග්‍යය උදා කරගන්නේ. පුරා දින දහයක් කරඬුව වැඩම කරවන එක සුළුපටු කාර්යයක් නෙමෙයි. එක ම ඇතෙකුට එය ඉතාමත් වෙහෙසකර කටයුත්තක්. එ් නිසා බොහෝ වෙලාවට සිදු කරන්නේ හස්තීන් දෙතුන්දෙනක් මාරුවෙන් මාරුවට යොදා ගනිමින් කරඬුව වැඩමවීමයි. අද වෙනකොට නැදුන්ගමුවේ රාජා සමඟින් කරඬුව වැඩම කරවන්න සමත් ඇතුන් ඉන්නෙ දෙදෙනයි. එ් තමයි මහනුවර දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා සහ රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්තියා.
දහවන වතාවටත් කරඬුව වැඩම කරවන්නට සූදානම් වන ‘නැදුන්රාජා’ නැදුන්ගමුවේ වෙද රාළහාමි නමින් ප්‍රකට හර්ෂ ධර්මවිජය මහතාට අයිති හස්තියෙක්. වාසනා රුහුණු කතරගම දේවාලයේ හස්තියෙක්. ඉන්දිරාජා දළදා මාලිගාවේ ඇත් පන්තියේ ප්‍රධාන හස්තියා.
නැදුන්ගමුවේ රාජා හස්තියා දළදා පෙරහැරට සම්බන්ධ වෙන්න දවස් හතක් මුළුල්ලේ පයින් ගමන් කරනවා. මේ තමයි දළදා පෙරහැර වෙනුවෙන් පයින් ම එන එක ම ඇතා. රාත්‍රි හතක් පුරාව ම නින්දක් නො ලබා ගමන් කරන නැදුන්ගමුවේ රාජා මාලිගාවේ ඇත්ගාලට ආවට පස්සෙයි නින්දක් ලබා ගන්නේ.
දළදා කරඬුව වැඩම කරවීමට තෝරා ගැනෙන හස්තිරාජයා හස්තීන් අතර උසස් ස්වභාවයන් දක්වන හස්තිරාජයෙක් වීම අනිවාර්යයි. අලි ඇතුන්ගේ මංගල ලකුණු සහ අව ලකුණු වශයෙන් ගති සොබාවන් වර්ග කෙරෙනවා. කරඬුව වැඩම කරවන හස්තියා මේ මංගල ලකුණු වැඩි ප්‍රමාණයක් දරන හස්තියෙක් ම යි.
පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් තෝරා ගැනීමත් බැරෑරුම් කටයුත්තක්. දළදා පෙරහැරට මාස තුනක් පමණ තිබිය දී රටේ සිටින හීලෑ අලි ඇතුන් ගැන, එ් අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලැයිස්තුවක් සකස් කෙරෙනවා. මාලිගාවේ දියවඩන නිලමෙතුමා ඊට පසුවයි මෙවර පෙරහැරට ගමන් කරන අලි ඇතුන් තෝරගන්නේ. එ් එ් අලි ඇතුන් පෙරහැර වෙනුවෙන් තෝරා ගැණුන බව චාරිත්‍ර ප්‍රකාරව එ් එ් අයිතිකරුවන්ට දැනුම් දෙනවා. පෙරහැරට අලි ඇතුන් ගෙනියන්නට කලින් එ් අලි ඇතුන්ගේ කරේ පුංචි මිණි ජෝඩුවක් බැඳීම සිදු කරනවා. අයිතිකරුවන් මේ කටයුත්ත සිදු කළ මොහොතේ පටන් එ් අලි ඇතුන්ගේ චර්යා රටාවන් පුදුමාකාර ආකාරයට වෙනස් කරගැනෙනවා. මේ සූදානම පෙරහැරට සහභාගි වෙන්නයි කියන කාරණය එ් අය දන්නවා. ඉතින් බොහොම උනන්දුවෙන් මේ අලි ඇතුනුත් පෙරහැරට යන්න උත්සාහ දරනවා.
අලි ඇතුන් පෙරහැරේ යන්න ලොකු කැමැත්තක් දක්වනවා. මතුපිටට පේන්න තියෙන තේජස, අභිමානය එක්ක ඇත්තටම ලොකු ආඩම්බරයක් හිතේ තියාගෙනයි මේ ඇත් පරපුර පෙරහැරට සම්බන්ධ වෙන්නේ. පෙරහැර ඇඳුම් ඇන්දුවාට පස්සේ මේ අයව එක තැනක තියාගෙන ඉඳීම දුෂ්කරයි. ඇඳුම් ඇන්දවූ හැටියේ අලි ඇතුන් පෙරහැරේ යන්න නො ඉවසිල්ලෙන් තමයි බලන් ඉන්නේ.
කෝඩුකාර අලි ඇතුන් එක පාරට ම පෙරහැරේ ගෙනියන්නෙ නැහැ. එ් වෙනුවට පෙරහැර පටන් ගන්න කලින් එයාලට ඇඳුම් අන්දවනවා. එ් ඇඳුම් ඇතිව පෙරහැර පෙනෙන තැනක රඳවලා පෙරහැර ගමන් කරන විදිහ නරඹන්න අවස්ථාව දෙනවා. ටික දවසක් මේ දේ කරනකොට එ් අලි ඇතුන් පන්දම් එළියට, බෙර හඬට, මිනිස්සුන්ට තියෙන බය ටික ටික අයින් වෙලා යනවා. බය නැති වෙනකොට කෝඩුකාර අලි ඇත්තු පෙරහැරේ යන්න කැමති බව අඟවනවා. අන්න එ් අවස්ථාව එළඹුනාට පස්සෙ ඇත්ගාලෙදි මේ කෝඩුකාර අලියට හරි, ඇතාට හරි හිතමිතුරු වුණ, පෙරහැරේ ගමන් කරලා පුරුදු තියෙන අලි ඇතුන් එක්ක මේ අයවත් පෙරහැරට සම්බන්ධ කරනවා. එහෙම කළා ම අතරමඟකදි බියක් දැණුනත් කෝඩුකාර අලි ඇතුන් තමන්ගේ මිතුරු අලි ඇතුන් අසලට ම වෙලා ආරක්ෂාව සලසා ගන්න යොමු වෙනවා. ඔය විදිහට තමයි පෙරහැරේ යන්න අලි ඇතුන්ව පුරුදු පුහුණු කරවන්නේ.
මේ අලි ඇතුන් සහජයෙන් මොන තරම් නො සන්සුන් වුණත්, ප්රචණ්ඩ වුණත් පෙරහැර කාලසීමාව තුළ නම් පුදුමාකාර සන්සුන්, සංවර හැසිරීමක් තමයි පෙන්නුම් කරන්නේ. මිනිසුන්ගෙන් පස්සෙ නුවණැති ම සත්ව කොට්ඨාශය විදිහට පිළිගැනෙන අලි ඇතුන් පෙරහැර කාලසීමාව පුරාවට තමන්ගේ එ් නුවණැතිකම් මනාව ප්‍රදර්ශනය කරනවා.
කරඬුව වැඩමවන ඇතා තමන් දරාගෙන සිටින එ් උත්තම වගකීම උපරිමයෙන් ඉටු කරනවා. පෙරහැර අතරතුර මොනයම් ම හරි හේතුවක් නිසා වැඩමවන කරඬුව සහිත රන්සිවි ගෙය ඇද වුණොත් මේ හස්තිරාජයා එක අඩියක්වත් ඉස්සරහට තබන්නේ නෑ. කරඬුව වැඩමවන ඇතා නැවතුන හැටියේ එ් ඇතු දෙපසින් ගමන් කරන, එ් කිව්වේ දෑලේ යන ඇතුන් දෙන්නත් ගමන නවත්තනවා. රන්සිවි ගෙය මනාව සකස් කරලා, කරඬුව හොඳින් තැන්පත් කළාට පස්සෙයි කරඬුව වැඩමවන ඇතා ගමන පටන් ගන්නේ. එ් ඇතා පෙර පාදය තැබුවට පස්සෙයි දෑලෙ ඇතුන් දෙදෙනා ගමන පටන් ගන්නේ. මේ කිසිදෙයක් ඔවුන්ට ඇත් ගොව්වන් කියා දෙන දේවල් නෙවෙයි. මේ ගමනේ තිබෙන අනගිභවනීය භාවය අලි ඇතුන් වටහාගෙන සිටිනවා විය යුතුයි.
මොන තරම් උසස් ගුණ ශෝභාවන් තිබුණත් පෙරහැරට සම්බන්ධ වෙන හැම ඇතා ම දළදා කරඬුව වැඩම කරවන්නට සමත් වෙන්නේ නැහැ. ඇතා මාලිගාවේ වාහල්කඩින් ඇතුළු වුණොත් පමණයි කරඬුව වැඩම කරවන්නට අවස්ථාව සැලසෙන්නේ. ඇතුන් වාහල්කඩින් ඇතුළු කරන එක පහසු දෙයක් නෙවෙයි. මේ නිසා ම අවුරුදු ගණනාවක් පෙරහැරට සම්බන්ධ වුණත් බොහෝ ඇතුන්ට කරඬුව වැඩම කරවන්නට භාග්‍යය ලැබිලා නැහැ.
මේ කාරණාවන් කියනකොට අමතක කළ නො හැකි හස්තිරාජයා තමයි රාජා.. මහනුවර මාම්පිටිය වලව්වේ ඇත්ගාලේ හිටි රාජා 1937 වර්ෂයේ දළදා මාලිගාවට භාර කළාට පස්සෙ 1938 – 1987 කාල පරාසය, එ් කියන්නේ අඩ සියවසක් පුරා දළදා පෙරහැරේ ගමන් කළා. එ් පනස් වතාවෙන් වාර තිස්තුනක් පමණ ම කරඬුව වැඩම කරවන්නටත් රාජා වාසනාවන්ත වුණා. කිසිම දෙවියෙකුට, බඹෙකුට, මිනිසෙකුට නො ලැබෙන මේ අසිරිමත් බුද්ධ පූජෝපහාරය සිදු කරන්නට දශක තුනක් මුළුල්ලේ ඉඩ ලබන්න තරම් රාජා පින්වන්ත වුණා. අදටත් දළදා පෙරහැර ගැන ඇහෙනකොට අපි බොහෝ දෙනෙකුට එ් පින්වන්ත, තේජවන්ත රාජා හස්තියාව සිහිවන්නේ නිරායාසයෙන් ම යි…
පෙරහැරට සම්බන්ධ වන අලි ඇතුන් හොඳින් නාවලා, කවලා පොවලා, සත්කාර දක්වලා තමයි වාහල්කඩින් ඇතුළු කරන්නේ වගේ ම පෙරහැරට සූදානම් කරවන්නේ. මේ සමහර අලි ඇතුන් පෙරහැර අවසානයේ තමන්ගේ ඇඳුම් ඉවත් කරනවාටත් අකැමැතියි. එ් වගේ ම අවසන් පෙරහැරින් පස්සෙ ගම්බිම් බලා පිටත් වෙනකොට මේ අයගෙ ඇස් කඳුළින් පිරෙනවා. අවුරුද්දකට පාරක් විතරක් මුණ ගැහෙන යාළු හිතමිත්‍රාදීන්ගෙන් සමුගන්න එ් අයට දුක ඇති. ලොව දමනය කළ මුනිඳාණන් වෙනුවෙන් කළ ආවතේව නවත්වන්නට සිදු වීම ගැන ඊටත් වඩා දුක ඇති….
නෙළුම් මල් හොඬින් අරගෙන දළදා මාලිගාව ඉදිරිපිටට ඇවිත් මල දිගු කර දණහිස් නමා වන්දනා මාන කරල සමුගෙන යන මේ අලි ඇතුන් ඊළඟ අවුරුද්දෙත් දළදා ආවතේව වෙනුවෙන් එක්වෙන්න බලාගෙන ඇති කියලයි අපිට නම් හිතෙන්නේ…
දැනට දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඇතුන් නව දෙනෙක් සහ අලි තුන්දෙනෙක් සිටිනවා. ඉන්දියාවෙන් ගෙන ආපු ඉන්දිරාජා තමයි මේ අයගෙ නායකයා. ඉන්දියානු ඇතෙක් වුණ කාවේරිරාජාත්, මියන්මාර ඇතුන් වුණ බුරුම රාජා හා මියන් රාජාත්, තායි ඇතෙකු වන විජය රාජාත්, ශ්‍රී ලංකා රජයෙන් පූජා කළ එ්කදන්ත හා අවිත්තත්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් පූජා කළ සිංහ රාජාත් මාලිගාවේ ඇත් පන්තියට අයිතියි. පින්වත් ස්වාමීන් වහන්සේලා සහ හිටපු රාජ්‍ය නායකයන් වරින් වර පූජා කළ මිගාර ඇතාත්, එරමිණියේ අලියාත්, නාලක සහ කණ්ඩුල යන අලි දෙදෙනාත් තමයි මාලිගාවේ ඇත් පන්තියේ අනෙක් සාමාජිකයෝ.
වනේ වනගතව ඉන්න ජීවිතේ වෙනුවට මිනිස් ඇසුරේ ජීවිතය උරුම කරගත්ත මේ අලි ඇතුන් සම්බුදුරජාණන් වහන්සේට පූජෝපහාර දක්වන්නට මෙසේ වාසනාව ලැබීම තුළින් තිරිසන් දිවියක ඉපිද සිටියත් අපමණ වූ පින් ඵල නෙළා ගන්නවා. යම් දවසක තිරිසන් අපායෙන් වගේ ම සංසාරයෙනුත් නිදහස් වන්න මේ අලි ඇතුන්ටත් මේ පින ම මූලබීජය වන්නටත් පුළුවනි. ජීවමාන සම්බුදුරජාණන් වහන්සේ සේ සලකා සුගත තථාගත දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාර දක්වන්නට අභිමානයෙන් එක්වන එ් සද්දන්ත පරපුරට දුගතියෙන් නිදහස්ව සසර දුක් නිවන්නට මේ සියලූ පින් එ්කාන්තයෙන් ම උපකාර වේවා!!!
විශේෂ පුණ්‍යානුමෝදනාව
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මැතිතුමාට,
ශ්‍රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම්වර කේ. මීගහකුඹුර මහතාට,
දියවඩන නිලමේතුමාගේ පෞද්ගලික ලේකම් සුනෙල් රඹුක්කන මහතාට,
දළදා මාළිගාවේ අලි ඇතුන් භාර නිලධාරී ප්‍රදීප් මීවනපලාව මහතාට සහ උපකාර කළ සැමට
සංවාද සටහන
හර්ෂ හේවාවසම්
- See more at: http://mahamegha.lk/featured-articles/saddantha-kule-pinaththo/#sthash.b1858wJc.dpuf
තවත් සටහනක්
පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රචලිත මෙරට භික්ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ – ”මහරාජා” වරයකුට ප්‍රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ ප්රතිකාරවලින් නිට්ටාවට සුවය ලද ”මහරාජා” පුද පඬුරු ලෙස අවශ්‍ය මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි.
එම ස්වාමීන් වහන්සේ කිසිම මුදලක් ලබාගැනීමට ප්‍රතික්ෂේප කළත් එක ඉල්ලීමක් මහරාජා වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ ඉන්දීය ඇතෙකි. එක් ඇතෙක් වෙනුවට ඇත් පැටවුන් දෙදෙනෙකුම ත්‍යාග ලෙස එම හිමියන්ට ලැබුණේය.
පිළියන්දල – නීලම්මහර විහාරස්ථානයක වැඩ වාසය කළ ඒ හිමියන් සතුව සිටි ඒ එක් ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතාය. 2005 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව ලද මේ හස්ති රාජයා ගම්පහ නැඳුන්ගමුවේ ඇත්රජුය. මෙවර ඇසළ පෙරහැරේ දළදා කරඬුව වැඩම කිරීම ද නැඳුන්ගමුවේ හස්තියාට භාරවී තිබේ.
දැනට පනස් අට වියේ පසුවන නැඳුන්ගමුවේ හස්තියාගේ විශේෂත්වය නම් පෙරහැරකට සහභාගී වීමට කිසිදිනක වාහනයකින් ගමන් නොකිරීමයි. ලංකාවේ පවත්වන ඕනෑම පෙරහැරක් සඳහා හස්තියා යන්නේ පා ගමනිනි. හස්තියාගේ වත්මන් හිමිකරු වන නැඳුන්ගමුව වෙද පරපුරේ වත්මන් නියෝජනය වන වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතා පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. තට්ටුව සහිත දිග ලොරිවල පටවාගෙන යෑමේදී එම සතා විවිධ දුෂ්කරතාවලට ලක්වෙයි. වාහනයේ ගැස්සීම්, තිරිංග තදකිරීමේදී ඇතිවන පීඩනය එම සත්ත්වයාට දරාගත නොහැක. තමාට ඇති අසීරුතාව පිළිබඳ පැවැසීමට සතාට නොහැකිය. තම දැවැන්ත ශරීරය පාලනය කර ගනිමින් ඉතා අයාසයෙන් යුතුව යන මේ ගමන්වලින් සත්ත්වයා විවිධ ලෙඩ රෝගවලට ලක්වී උගේ පරමායුෂද අඩුවේ.
නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි වන හස්තියා එහි යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වා සමග පා ගමනින් යන හස්තියාගේ ගමන නිරීක්ෂණය කිරීම සඳහා හර්ෂ විජය වෙද රාළහාමිද වාහනයෙන් යයි.
මහනුවර දළදා මාලිගාවේ පෙරහැර පටන් ගැනීමට දින 5කට කලින් ගම්පහ – නැඳුන්ගමුවෙන් පිටත්වන හස්තියාගේ පළමු දින රාතී‍්‍ර නවාතැන වන්නේ පස්යාලයි. දෙවැනි දින රාති‍්‍රය වරකාපොළ, නතරවන හස්තියා තෙවැනි දින කෑගල්ලේ නතර වෙයි. හතරවැනි දිනයේ මාවනැල්ල ප්‍රදේශයේ රාති‍්‍රය ගතකරන හස්තියා තම ඇත්ගොව්වාද සමග පස්වැනි දිනයේදී මහනුවරට ළඟාවෙයි. අලූයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලයේ විවේක ගනියි. නැවතත් හවස් යාමයේ ගමන පටන්ගෙන රාතී‍්‍ර කාලයේ විහාරස්ථානයක නවාතැන් ගනියි.
හර්ෂ විජය මහතාට අනුව අලි ඇතුන් දැඩි අව් රශ්මියේ යාමට අකමැතිය.
ඒ අවස්ථාවේ හස්තියාගේ කටින් කෙළ පෙරෙයි. ඌ යම්කිසි පිඹීදීමක් ද කරයි. වාහනයක දමාගෙන යනවිට ඌට මෙවැනි දේ දැක්වීමට ඉඩකඩක් නැත. විවේක ගැනීමටද අවස්ථාවක් නැතිවීමෙන් විශාල වශයෙන් සත්ත්වයා දුර්වල තත්ත්වයට පත්වේ.
රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැරට සහභාගිවීමට යන්නට හස්තියා දින තුනක් තිස්සේ පා ගමනින් යයි. කැලයක සිටින අලියෙකු වුවද තම ආහාර සපයා ගැනීමට දිනකට කී.මී. 15ක් 20ක් පමණ පයින් ගමන් කරයි. උගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් අවශ්‍ය අංගයක් බවද පැවැසේ.
ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි.
සම්පූර්ණයෙන්ම ශාක භාක්ෂක සතෙකු වන අලියාට පළතුරු දීමට බොහෝ අය උත්සාහ කළත් පළතුරු විශාල ප්‍රමාණයක් කෑ විට සතාට දරුණු බඬේ අමාරුව හැදෙන බව හර්ෂ විජය වෙද රාළහාමි කියයි. එම නිසා සත්ත්වයාට ආදරයෙන් පළතුරු නිතර ලබා නොදෙන්නැයි ඔහු හස්තියා බලන්නට එන පිරිස් වලින් ඉල්ලීමක් කරයි.
හර්ෂ විජය වෙද රාළහාමිගේ පියාණන් වන අභාවප්‍රාප්ත ධර්ම විජය වෙද රාළහාමි විසින් මෙම හස්තියා මීට කලකට පෙර ලබාගෙන ඇත උදාවන සෑම සිංහල අලූත් අවුරුද්දකදීම නැකතට හස්තියාගේ තෙල් ගැල්වීම එදා සිට අදටත් අඛණ්ඩව කරගෙන යයි. මෙම හස්තියා සමග ඉහත කී හිමි නම මෙරටට ගෙන ආ අනින් හස්තියා කොළඹ ගංගාරාමයේ සිට පසුගියදා මියගිය -නවම් රාජාය.
කවදාවත් මිනිස් ජීවිතයකට හානි නොකළ නැඳුන්ගමුවේ හස්තියා ගේ විශේෂත්වය වන්නේ පෙරහැරට සහභාගිවී සිටියදී මද කිපුණහොත් කිසිදු කලබයක් නොකර පෙරහැරේ ගමන් කිරීමයි. සාමාන්‍යයෙන් මද කිපුන අලියකු පෙරහැර සඳහා සහභාගී කර නොගත්තත්, පෙරහැරේ ගමන් කරන අතරවාරයේදී මද කිපීම සිදුවේ. මේ අවස්ථාවලදී බොහෝ අලි ඇතුන් කලබල කළත් නැඳුන්ගමුවේ ඇතා තම පාඩුවේ පෙරහැරේ ගමන් කරයි.
වෛද්‍ය හර්ෂ විජය මහතා පවසන පරිදි ඇතකුගේ පිට කරඬුව බැඳීම ඉතා අමාරු කාර්යයකි. බඳවටා විවිධාකාරයෙන් පටි තද කිරීමෙන් සතාගේ පෙනහලූ පවා තද වේ. අනතුරුව අවසන් වශයෙන් කරඬුව ගැට ගැසීම නිසා තවත් ඌ පීඩනයට පත්වෙයි. ඒ නිසා පෙරහැරේ ගමන් ගන්නා විට හස්තියාගේ හැසිරීමද එයට බලපානු ලැබේ. නමුත් ”බෞද්ධ ප්රබෝධය” මගින් ඒ සියල්ල පාලනය වෙයි.
2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා හස්තියාව තෝරාගන ලැබුවේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාය.
එතෙක් සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප්රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය.
කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ මෙම හස්තියාගේ උස වැඩිකම නිසාය.
නැඳුන්ගමුවේ ඇතාගේ දළ අඩි හතරක් දිගය. ධර්ම විජය මහතා පවසන්නේ තවත් අඩි 2ක් පමණ ශරීරය තුළට දළ ගැබ්ව ඇති බවය. දක්ෂ දේශීය වෛද්‍යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙද පරපුරේ ප්‍රතිකාර නිසාත්, දිනපතා ලැබෙන පෝෂ්‍යදායි ආහාර සත්කාරය නිසාත්, නැඳුන්ගමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය මැද යහතින් වැජඹෙයි. හස්තියාගේ පින්තූරයක් ගන්නට අපි හර්ෂ විජය මහතාගේ නිවෙස පිටුපස සිටි ඇතා ළඟට ගියෙමු. ඌ මහත් අභිමානයකින් කුංච නාද කළේය. හොඬවැල උඩට එසවිය.
”අටවැනි වතාවටත් දළදා කරඬුව ගෙනියන්නේ මම තමයි” හස්තියා ආඩම්බරයෙන් කියන්නට ඇත්තේ එයයැයි අපට සිතිණි.
(මෙම ලිපිය 2012 වසරේදී පල වූවක් වන අතර මෙම වසරේදී නැඳුන්ගමුවේ හස්තියා කරඬුව වැඩමවන ලද්දේ නම වන වතාවට බව සලකන්න)
ලංකාදීප

Last edited: