Ahaganin,පොඩි උපදෙසක් ඕනේ මචන්ලා
Privacy එක රැකෙන්නත් එක්ක මෙහෙම කෙටියෙන් දාන්නම්
බැඳලා ඉතින් අව්රුද්දක් වගේ වෙනවා .
වලිත් යනවා. ආයි යාලු වෙනවා. ආයි වලි යනවා . ඕක තමා ජීවිතේ
ඒත් ඉතින් ඒක අව්ලක් නැහැ
හැබැයි මේ වලියට ප්‍රදාන හේතුවක් තියෙනවා
මට මෙන්න මේ root cause එකට තමා උපදෙසක් ඕනේ
මම ගැන කිව්වොත් ඉතින් හොද රස්සාවක් කරනවා. ලංකාවේ ඉන්න බැරි හින්දා බන් වෙන රටකට ගියා රස්සාවකට. ගැනිවත් අරගෙනම ගියා
wife වුනත් මචන් ලංකාවේ හොද ජොබ් එකක් කළා. එයාට මෙහෙ ඉතින් රස්සාවක් කරන්න බැහැ. එයාගේ field එකේ විදියට මෙහෙදී එයාට අපහු ඉගෙන ගන්න ඕනේ
දැනට wife ජොබ් එකක් කරන්නේ නැහැ . එක මට අව්ලකුත් නැහැ . මට ගැනිගෙන් කන්න ඕනෙත් නැහැ. හැබැයි එයාට ඕනේ කරන දේවල් ඉතින් මම අරන් දෙනවා කිසිම ලෝබ කමක් නෑ
එයත් එක දන්නවා . මට එක හින්දා දෙවියෙක්ට වගේ සලකන්නේ ( රණ්ඩු නොවුන වෙලවට)
ඔන්න දැන් තමා ප්‍රශ්නේ
මම ඉතින් බොහොම සාමාන්‍ය පවුලකින් එන කෙනෙක්. ඇත්තටම දැන් අපේ ගෙදෙරට වියදම් කරන්නෙත් මම. ගොඩ කලෙක ඉදන් කලෙත් මම තමා. අපේ තාත්තා එහෙම වගකීමක් ගන්නේ නැහැ බන් . pension එකක් එනවා
එක දීලා එයා shape එකේ ඉන්නවා. ගෙදෙර ඉන්න කලේ ගෙදෙරට ඉතින් හල ටිකේ ඉදන් ගේන්නේ මම. wife එක්ක ගිහින්මයි ගේන්නේ. අම්මගේ අතටත් සල්ලි දෙනවා. මෙහෙට ආවට පස්සේ ඉතින් සල්ලි අම්මට මාසෙකට සැරයක් දානවා . ඕව wife දන්නවා . මට එහෙම හොරෙන් කරන්න ඕනෙත් නැහැ . Wife ඉස්සර ජොබ් එකක් කරද්දී එයාගේ අම්මට (මගේ නැන්දම්මට ) මාසෙකට පොඩි ගානක් දුන්න. දැන් එයා ජොබක් කරන්නේ නැති හින්ද මමම නැන්දම්මට සල්ලි දානවා . මම මේක දාන්නේ ඉතින් wife ට තේරෙන්නේ මම එයාගේ අම්මටත් සලකනවා කියන්න . දැන් මගේ පම්පෝරිය ඇති
අපේ අම්මත් බන් ඉතින් මම සල්ලි දාන හින්දම ඒක ගොඩක් expect කරනවා . Call කරද්දී වුනත් හුගක් වෙලාවට කියනවා ඔයා සල්ලි දාන හින්දා .... ඔය වගේ දේවල් . අම්මට බය ඇති මම සල්ලි නොදා ඉදි කියලා . මම නම් එහෙම කරන්නේ නැහැ . හැබැයි මම උද ඒගොල්ලෝ depend වෙනවා කියන එක wife ට ගොඩක් තේරෙනවා. අම්මට call එකක් ගත්තොත් ඉතින් මොකහරි රණ්ඩුවක් . අදත් ඉතින් එහෙමයි
අනික අපේ අම්මා හැම දේම අපි වියදම් කරන විදියත් අහනවා . ඒවා ඉතින් හරි වැරදි දේවල්. ගොඩක් වෙලාවට wife ට වියදම් කරන ඒවත් අහනවා . එයාල නිකන් wife ට වියදම් කරද්දී අමාරුයි වගේ . මට ඉතින් ඒවා තේරෙනවා
ඊයේ call එකක් ගද්දීත් wife ලංකාවට එන කතාවක් ඇදිලා අම්ම නිකන් tickets වල ගණන් ඉදන් හොයන scene එකක් තිබ්බේ . මට කියනවා wife ව එවන්න එපා මෙහෙ . ඔය return එක වෙන කෙනෙක්ට හරවන්න බැරිද අරකයි මේකයි කියලා . Wife ට ඉතින් ඔක්කොම ඇහුනා . ඊයේ ඉතින් වලි බන් . බොහොම අමාරුවෙන් shape කරගත්තා
මම පොඩ්ඩක් ඉතින් අහිංසක චරිතයක් . මුකුත් කාගෙවත් මුනට කියන්නේ නැහැ . මගේ යුතුකම්නම් හැමෝටම කරනවා . Wife කියන්නේ මගේ අහිංසක කමින් අම්මලා ප්‍රයෝජන ගන්නවලු
එයා කියන්නේ අම්මට ඕවා කට ඇරලා කියන්නලු . අපිත් දැන් පව්ලක් . අපේ දේවල් වලට ඇගිලි ගහන්න එපා කියලා කෙලින් කියන්නලු
මම අම්මට කොහමත් කතා කරන්න ඉන්නේ . එත් ඉතින් wife කියන විදියට අම්මට බනින්න බැහැ බන්
මම අද මේ තත්වේ ඉන්නේ අම්මගේ මහන්සිය නිසා . හැබැයි එහෙමයි කියලා හැමදේටම වියදම් වල ඉදන් අහද්දී ගැනීට මල පනින එක සාදාරනයි
මේ වගේ situation බැඳපු උබලා handle කරන්නේ කොහමද ?
ඊයේ බන් මේ thread එක දාන්න හිටියේ . අදයි දාගන්න පුළුවන් වුනේ
Pissuda huththo, Itpase amma kiyai, ai umba mage prashan eliyata dala apiwa lajja kaley? umbata kiri deela hadapu maawa dan lajjawakda puthey? kamak ne puthey mamai tathathai puluwan widiyata innam. Umbala api gana aai balanna epa. Marunath enna epa bla bla blaසහෝදරෙයෙක් හරි සහෝදරියක් හරි ඉන්නවා නම්
එයා හරහා අම්මට කියන්න
එහෙම නැත්නම් වෙන පවුලේ හිතවත් කෙනෙක් හරහා අම්ම්මට කියන්න
wife වියදම් කරන ඒවා අම්මට කියන එක නවත්තන්න
මොකක් හරි හේතුවකට
ඔයාගේ income එක අඩු උනා කියලා අම්මට කියන්න
ඒක නිසා දැන් වයිෆුත් පාර්ට් ටයිම් ජොබ් එකකට යනවා කියලා
අම්මට කියන්න
wife ට ඔක්කොම තත්වය පැහැදිලි කරලා දෙන්න
mekanam sira kathawa, mata mage yaluwek kiyala dunnu patta updesak meka, mekan mage prashna sahenna wisaduna..වම් අතින් දෙන දේ දකුණු අතට වත් පෙන්වවන්න ඒපා කියල පරණ මොලේ තිබුන මිනිහෙක් කිව්වලු. මම ඇර මගේ ආදායම් දෙයියො විතරයි දන්නෙ
උබ හරි ඔහොම ඉන්නවා නම් ප්‍රශ්න නැඅපෝ එපා වෙනවා බන්. මට නම් එක දවසක් මල පැනල අම්මට කිව්වා මට වයිෆ් ගැන කියන්න එපා මම ඒවා බලාගන්නම් කියල, වයිෆ්ට කිව්වා මගේ අම්මා තාත්තා ගැන කියවන්න එපා ඒ අය ගැන මම බලාගන්නම් කියල. දැන් වයිෆ් එයාලගේ අම්මා තාත්තගේ විස්තර මට කියන්න එන්නෙත් නෑ, කියන්න එද්දිම හ්ම්, කියල මග ඇරියා....
වෙලාවකට ගෙදරට කෝල් එහෙම ගනිද්දී අහගෙන ඉඳල වලි අල්ලන්න එනවා, එතකොට අර උඩින් කියපු එක මතක් කරලා දෙනවා... අම්මත් එහෙමයි, වයිෆ් ගැන මොනවහරි කියාගෙන එනකොටම ආයෙමත් මතක් කරලා දෙනවා...
වයිෆ් ට මොකක් හරි ජොබ් එකක් හොයල දියං, ගෙදර ඉන්න ඉන්න ලෝකේ නැති දේවල් හිතනවා.. ඔන්න බොරුද බලපන්...
බඳින්න ඉන්න අයට කියන්නේ, පුළුවන් නම් තමන්ගේ ආදායම කවදාවත් කාටවත් කියන්න එපා. මගේ ආදායම අපේ අම්ම තාත්තවත් දන්නේ නැහැ. සල්ලි තිබුනත් සමහර වෙලාවට නෑ වගේ ඉන්නවා. ලෝභ කමට නෙවෙයි, නැත්තන් මම මහන්සියෙන් හම්බුකරන ඒවාට අගයක් නෑ.