නැන්දම්මා හදන්නේ එයාගේ දුව ඉස්සර වගේම එයා කියන විදිහට හදන්න.අපි නම් බැඳපු දවසෙම අලුත් ගෙදරක පදිංචියට ගියාට වයිෆ් ගේ අම්මගේ උපදෙස් නම් දෙයියන්ගේ පිහිටෙන් එයාට තාම ලැබෙනවා. වලි නම් ඇති වෙන්නේ නෑ අපි අතර.ඒත් ඉස්සරහට ඇති උනොත් නැන්දම්මා තමයි මුල.කොහොමත් මට නම් උපදෙස් දෙන්න එන්නේ නෑ.මොකද මමත් ඊට වැඩිය උපදෙස් කාරයෙක් නිසා![]()
![]()
රත්තරං;18332771 said:55ක් විතර මගෙ හිතේ
මගේ කරුමේ අනුවනම් 95ක් 100ක් වෙනකන් ගොරොක් අත්ත වගේ වේලි වේලි ඉදී..
කොහොම උනත් මම මලාට පස්සේ තමා මැරෙන්නේ.. ඒක ශුවර්![]()




aa thawa awrudu 10 kin 20 kin wada wenna thiyana wadane baaaan. oya kaleta sinhalese society eka wenas wela nandamma wirodi bala senawak hadila thiyei![]()
රත්තරං;18332776 said:මම උබව මේ සංගමේ ලේකම් කරනවා![]()

මාවත් සංගමේට ප්ලග් කරගන්ඩෝ....
බැඳල අවුරුදු එකහමාරයි...වෙනම ජීවත් වෙන නිසා වැඩිය අවුලක් නැත.....එහෙන් මෙහෙන් පොඩි පොඩි සීන් තිබුනට මං ගනං ගන්නේම නැත....මොනව කිව්වත් කරත් මං හිතේ අහලකටවත් ගන්නේ නැතිබව දන්නා නිසාම වැඩිය ඇඟිලි ගැසීමට නො ඒ![]()
රත්තරං;18332827 said:
යාන්තන් එකෙක් තේරෙන බාසාවෙන් කිව්ව
මෙතන සිටුවේශන් එක වෙනස් බන්
මෙලෝ වදගත් කමකට නැති වහ දාන්නේ
රත්තරං;18332838 said:ඒ වෙද්දි මේ ගෑනි මාව මරන් කාලා නොතිබ්බොත් මටත් වෙඩිම කියපන්



රත්තරං;18332831 said:මටත් පට්ට බයයි... මූනට වචනයක් වත් කියන්න එන්නේ නෑ

ඉතින් එව්ව බොහොම වැදගත් විදිහට අහගෙන ඉඳල මම කිව්ව තියරිය ක්‍රියාත්මක කරපන්.. ඉවසීම තමයි ඔව්වයින් වැඩෙන්නෙ ..
මේ ලගදි අපි දෙන්නගේ පලාපල බලන්න වයිෆ් ලව්වා මගෙන් වෙලාව ඉල්ලුවා.මම ලස්සනට කියල දුන්නා![]()


රත්තරං;18332869 said:පවුල් ජීවිතේ අලුත් ඉසුසු ඇන්ජිමක් වගේ.. සුපිරියට දුවනවා.. බර අදිනවා සියල්ල හොදයි. නැන්දම්මා ඉසුසු ඩීසල් පම්ප් එක වගේ ගර ගර ගර ගර ගානවා. හදන්න බෑ

rattaran aiyata wishesha aradana!![]()
රත්තරං;18332876 said:මගෙත් හදහන් සීන් නෑ.. මම ඔය කතරගම එහෙම ගිහාම දේවාලෙට යන්නේ නැති නිසා මාව එක්ක යන්න බයයි. වස් වදිනවලු..![]()

නැන්දම්මට දොස් කියන්න යන්න එපා..බලන්න අද සමාජේ වෙන දේවල් එක්ක බැලුවම ඔච්චර ලස්සනට දුවෙක් හැදුවා ඔයාට බඳින්න..ඒ අම්මා පස්සෙන්ම හිටපු නිසානේ ඔයාගේ වයිෆ් ඔහොම හොඳට වැදගත් විදිහට ඉන්නේ..අම්මා වැරදි කලානන් ඒ අඩිපාරේ තමයි ගොඩක් වෙලාවට දුවත් යන්නේ..අපි අදටත් හොඳින් ජීවත් වෙන්නේ අපේ අම්මලා අපි පස්සෙන්ම හිටපු නිසා..මොකද අපිට වැරදි කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ..අම්මා කරදරයක් කියලා වෙලාවකට හිතුනත් අද කාලේ කෙල්ලන්ට වෙන දේවල් දැක්කම අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනේ අපිව ආරක්ෂා කලාට..මම හිතන්නේ ඔයාගේ වයිෆ්ගේ අම්මත් දුවගේ පස්සෙන්ම හිටපු කෙනෙක් වෙන්නැති..එයාටත් දරුවන්ට වඩා වෙන ජීවිතයක් තියෙන්න නෑ...ඒක නිසා බන්ඳලා දුන්නා කියලා තාම ඒ පුරුද්ද අතඇරගන්න බැරුව ඇති..ඒ නිසා එයා ගැන මානුෂිකව හිතලා ටිකක් කල් දෙන්න එයාට...අනික නැන්දම්මගේ අගය දැනෙන්නේ දෙන්නා තුන්දෙනා,තුන්දෙනා හතර දෙනා වෙච්ච කාලෙක..සල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..
මගේ නැන්දම්මා ගැන කිව්වොත් වෙලාවකට මගේ අම්මට වඩා හොඳයි...ඇත්තට්ම මගේ මහත්තයට තමයි එයාගේ අම්මා එක්ක ඉන්න බැරි...ඒ දෙන්නා එකට හිටියොත් වලි තමයි ඉතින්..
මගේ නැන්දම්මට පුත්තුම 4ක් විතරයි ඉන්නේ..4දෙනාම කසාද බැඳලා හොඳ ජීවිත ගත කලත් අම්මා(නැන්දම්මා) ඒ කිසිකෙනෙක්ගේ ගෙදරක එක රැයක් ඉන්නේ නෑ..
මගේ නැන්දම්මා මටනන් ලොකු ශක්තියක්...ඕනේ වෙලාවක ඕනේ තැනක මට කිසිම බයක් සැකක් නැතුව මගේ දරුවෝ දාලා ගිහින් එන්න පුලුවන්..
අනික මගේ දරුවන්ට මගේ ඇස් වලින් බේරිලා දෙයක් කරන්න හැදුවත් අම්මගේ ඇස් වලින් බේරෙනවා බොරු...
මගේ නැන්දම්මා ගොඩක් උගත් කෙනෙක් නෙමෙයි,බොහොම සාමාන්‍ය ගෘහනියක්...
ඒත් හොඳම වැඩේ කියන්නේ අපි එයාට නොතේරෙන්න සමහරවෙලාවට ඉන්ග්‍රීසියෙන් මොනා හරි කිව්වත් එයා ගානට අහනවා මේක නේද කිව්වේ ඔයාලා කියලා...
මම බැඳ දවසේ ඉඳන් මා එක්කමයි හිටියේ ඒ අම්මා...දවසක එයා එකතැන් වෙච්ච කාලෙක කවමදාවත් අහක බලන්නෑ මම ජීවත්ව හිටියොත්..මගේ දරුවෝ දෙන්නටත් මම කියලා තියෙන්නේ...because she really deserves it..
![]()
ahh මේක හොය හොය හිටියේ.බලපන් එතකොට අපේ නන්දම්මලත් එක්ක පවුල් කාපු මාමණ්ඩිලා කොහොම අමාරුවෙන් ජීවිතේ ගෙනියන්න ඇත්ද?![]()
මචන් මම කලින් හිතුවේ මට විතරයි මේ අවුල තියෙන්නේ කියල.ඒත් බන් මේක ෆුල් කොමන් සීන් එකක්නේ.නැන්දම්මා ලේලි ප්‍රොබ්ස් වලට වැඩිය නැන්දම්මා බෑනා කේස් වැඩි වගේ![]()


