කැමතියිරත්තරං මල්ලි, උඹට උඹේ තාත්ත වගේ තමයි, අනිත් දරුවන්ට එයාලගෙ අම්මලත්...
උඹේ කෙල්ල, උඹගෙ තාත්තට මාමණ්ඩිය කියනවට උඹ කැමතිද ?


මම ප්‍රභාකරන්ගේ පුතාගේ තාත්තටත් කැමති නෑ


Last edited:
කැමතියිරත්තරං මල්ලි, උඹට උඹේ තාත්ත වගේ තමයි, අනිත් දරුවන්ට එයාලගෙ අම්මලත්...
උඹේ කෙල්ල, උඹගෙ තාත්තට මාමණ්ඩිය කියනවට උඹ කැමතිද ?




රත්තරං;19439265 said:කෝ මුන්,, සාමාජික ගාස්තු ගෙවපල්ලා![]()





මම නම් මගේ wifeට වඩා නැන්දම්මට තමයි ආදරේ...
නැන්දම්මත් දුවට වඩා මට තමයි ආදරේ.....![]()


මම නම් මගේ wifeට වඩා නැන්දම්මට තමයි ආදරේ...
නැන්දම්මත් දුවට වඩා මට තමයි ආදරේ.....![]()



සෙනෙහස අහිමි වූ නැන්දම්මා
බෑනා ඉල්ලා පොලිසියේ හඬා වැටේ
කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ
තම බෑනා (දියණියගේ ස්‌වාමියා) නොමැතිව තමන්ට දැන් කොහෙත්ම ජීවත්වීමට නොහැකි නිසා කෙසේ හෝ ඔහු තමාට ලබාදෙන ලෙස ඉල්ලා පොලිස් නිලධාරියකු ඉදිරිපිට හඬා වැළපුන 52 හැවිරිදි අපූරු වැන්දඹු නැන්දම්මා කෙනකුගේ හාස්‍යජනක මෙන්ම ජුගුප්සාජනක කතා පුවතක් කන්තලේ මූලස්‌ථාන පොලිසියෙන් වාර්තා වේ.
කතාව සැකෙවින් මෙසේය. මීට වසර 11 කට උඩ දී මේ නැන්දම්මාගේ දියණිය ඉසුරු සොයා විදේශගත වන්නේ ඇයගේ වසරක් පමණ වූ කුඩා පුතු මේ අම්මාට භාරදීමෙන් අනතුරුවය. ඒ වන විට අවුරුදු 19 ක නව යොවුන් තරුණ මාතාවක් වූ ඇය ගොවිතැන් බත්කරන අවුරුදු 23 ක් පමණ වූ තම දයාබර ස්‌වාමිපුරුෂයාගේ ජීවන බරින් අඩක් කර ගැසීමටත් දරුවාගේ අනාගත සුබ සිද්ධිය නිසාත් මේ ගමන යන්නට කටයුතු යොදා තිබිණි.
දැන් කන්තලේ ප්‍රදේශයේ ගංතලාව නම් ජනපදයේ වෙසෙන මෙම නැන්දම්මා තමන්ගේ නිවසේ තනිව ජීවත් වන්නීය. ඇයගේ ස්‌වාමිපුරුෂයා ඒ වන විට මියගොස්‌ය. බෑනා ඊට යාබද ඔහුගේ නිවසේ ජීවත්වන අතර කුඩා දරුවා හැදෙනු වැඩෙනුයේ නැන්දම්මා ළඟය. කුඩා දරුවා නිසා බෑනා ද නිතර නිතර නැන්දම්මාගේ නිවසට ගොස් දරුවාගේ සුවදුක් විමසා බලන්නට වූ අතර කාලය දැන් කෙමෙන් කෙමෙන් ගලා යයි. වයස අවුරුදු 52 ක් වුවද නැන්දම්මා හොඳට ඇහැට කනට පේන ජැන්ඩි පහට ඇඳ පළඳින 40 ක විතර පෙනුමැති හැඩකාරියකි. ස්‌වාමියා අකාලයේ අහිමිවීමෙන් හුදකලා වූ නැන්දම්මා ද, වසර දෙකකටත් අඩු කාලයකදී හිටි හැටියේ බිරිඳ රට යැමේ වේදනාවෙන් හා සංකාවෙන් කල්ගෙවන බෑනා ද තම තමන්ගේ දුක් වේදනාවන් තවදුරටත් උහුලා ගැනීම අවසන් කරනුයේ බෑනා කෙළින්ම පැමිණ නැන්දම්මාගේ නිවසේ පදිංචි වීමෙනි.
රට ගිය බිරිඳ ගොස් වසර 10 කට ආසන්න වුවද ලංකාවට එන්නට හෝ එන පාටක් පේන්නට ද නොවීය. තම ස්‌වාමියාගේ හා අම්මාගේ සම්බන්ධය ඇයට ආරංචි වී තිබීම මීට හේතුවයි. දරුවාගේ නඩත්තුව සඳහා යම් මුදලක් මාසිකව රට ගිය බිරිඳ එවන හෙයින් කිසිදු අග හිඟයකින් තොරව නැන්දම්මා සමග තම අවශ්‍යතා ඉටුකර ගනිමින් බෑනා පසු වූ අතර තම බෑනා නොදැක එක දවසක් හෝ ගත කිරීමට කොහෙත්ම නුපුවන් තත්ත්වයකට නැන්දම්මා පත්ව සිටින්නීය. ඒ තරමටම දෙදෙනාගේ ප්‍රේම ලෝකය සිහින සාප්පුවක් වී තිබිණි.
මෙසේ සුන්දරව ගලා ගිය ඒ ප්‍රේම කැදැල්ලට හෙනහුරා වැහුණේ මේ මාසයේ මුල හිටි හැටියේම මේ බෑනා පොඩ්ඩ කොහේදොa පළාතකින් අවුරුදු 30 ක පමණ සුකුමාලියක් රැගෙන ඒමත් සමගය. බෑනාගේ නිවස දෙසින් තරුණ ගැහැනියකගේ රුවක් මතුවනු දුටු නැන්දම්මාට තරු පෙනුණා පමණක් නොව කොහේදොa සිටි යක්‍ෂණියක ද ආරූඪ වූවාය. හනි හනිකට ඒ දෙසට දුව ගිය නැන්දම්මා "කවුද බොල මේ සක්‌කරවට්‌ටම" කියා ගෙට ඇතුළු වූයේ බෑනා අල්ලා ගැනීමටය. විනාඩි කිහිපයක් පුරා පැවැති ද්වන්ද යුද්ධය අවසාන වූයේ මුළු රටටම ශාප කරමින් මර හඬ තලමින් නැන්දම්මා කඳුළු පිරි දෙනෙතින් යුතුව තම නිවස කරා පිය නඟමිනි.
මෙසේ දින කීපයක් ගත විය. දිනපතාම වාගේ එහෙන් මෙහෙන් ගලාගිය සටන පසුගිය දිනෙක දෙදෙනා කෙහෙවලු පටලවාගෙන එකෙකු මරා ගන්නා තැනකට පත් වූ අතර බැරිම තැන බෑනාට සිදුවූයේ 119 ට කතා කිරීමටය.
දෙදිනකට පසු නැන්දම්මා ද, බෑණා ද, බෑනාගේ අලුත් සෙනෙහෙවන්තිය ද කන්තලේ මූලස්‌ථාන පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. වසන්ත මහතා ඉදිරියේ පෙනී සිටියහ. මීට වසර 11 කට පෙර ආරම්භ වූ මෙම කතාවේ සියලුම තතු නැන්දම්මා විසින් මෙහිදී හෙළිකළ අතර අවසානයේ පොලිසියෙන් ඉල්ලා සිටියේ අවුරුදු 10 ක් මගෙත් එක්‌ක දීග කාපු බෑනා මේ කතගෙන් ඉවත් කොට කෙසේ හෝ තමන්ට ලබාදෙන ලෙසය.
මෙයා නීතියෙන් විවාහ වෙලා ඉන්නේ. මෙයා අයිති එයාගේ බිරියට. අනික මෙයාට නීත්‍යානුකූලව තව විවාහයක් කර ගන්න බෑ. දික්‌කසාද නොවී. ඔය දෙන්නටම මෙයත් එක්‌ක නීත්‍යනුකූලව එක්‌වෙන්නත් බෑ. තමන්ට අපිට දෙන්න පුළුවන් උත්තරය එච්චරයි. බෑනා අරංදෙන්න අපිට අපේ පොත්වල නීති ආධාර නෑ. එහෙම නැතිනම් ඔබට පුළුවන් මේ සම්බන්ධව අධිකරණය හමුවට යාමට. ස්‌ථානාධිපතිවරයා නැන්දම්මාට කියා සිටියේය. ගිනියම්ව තිබූ තම ඇස් දෙක තම සතුට උදුරාගත් සෙනෙහෙවන්ත බෑනාගේ යක්‍ෂණිය වෙත යොමු කළ නැන්දම්මා පොලිසියෙන් එළියට පැමිණියේ මුළු ගැහැනු සංහතියටම ශාප කරමිනි. පො.සැ. වරුන් වන විඡේරත්න හා වීරසූරිය යන නිලධාරීහු දෙදෙනා මෙම සිද්ධියේ රාජකාරි කටයුතු මුල සිටම මෙහෙයවූහ.
http://www.divaina.com/2013/02/15/provin03.html