ආගම් කියන සංකල්පය මිනිසුන්ගේ යහපතට හා නොතේරෙන දේවල් පැහැදිලි කර ගන්න හදාගත්තු සංකල්ප කිව්වොත් නිවැරදියි. නවීන විද්‍යාවේ කරන දෙයක් තමයි යම් කිසි දෙයක් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කර ගන්න විවිද සංකල්ප ගොඩ නැගීම. ගුරුත්වාකර්ෂණය, කොන්ටෝම් physics වගේ ගොඩාක් දේවල් ඒ වගේ සංකල්ප තමයි. ආගම් කියන ඒවත් හරියට ඒ වගේම තමයි, මිනිසුන්ට නොතේරෙන දේවල් පැහැදිලි කරගන්න හදාගත්තු සංකල්ප.
ඉතින්, එක එක ආගම් වල සංකල්ප එකිනෙකට වෙනස්. උදාහරණයකට ගත්තොත්, බුද්දාගමේ ඉගැන්වීම්වල තියෙන්නේ මරුනෛන් පස්සේ අපායේ නැත්තම් දිවියලෝකේ යන, ආපහු ඉපදෙන ඒ වගේ කතා, ක්‍රිස්තියානි වල ස්වර්ගයට යන කතා, මුස්ලිම් වලත් ඒ වගේ. ඉතින් උපතෙන් ලැබෙන ආගම අනුව අපිත් ඒ දේවල් හරි කියල පුංචි කාලෙදිම ඉගෙන ගන්න නිසා අපේ ආගම හරි, අනිත් ඒවා බොරු කියල තමයි අපේ සිත් වල තැම්පත් වෙලා තියෙන්නේ.
අතටම ලෝකේ සතුටින්ම ඉන්න, දියුණුම රටවල් බැලුවොත් ඉදිරියෙන්ම ඉන්නේ නිරාගමික රටවල්. කොහොම උනත් ආගම කියන දේ ඇත්තටම ජීවිතයට හොද දෙයක් දෙනවනම් එච්චරයි. ඒවාට ගහ බැන ගෙන මරාගෙන වැඩක් නැ.