නැහැයි කිව්ව ඊලාම් සිතියම් මතුවෙයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    කරුණා ඊලම ඉල්ලනවාද? නැනේ...කරුනා කියන්නේ යුද්ධය දින්නන අපි පාවිච්චි කරපු එකක්..එච්චරයි..

    යු එන් පි කාරයින්ට උන්ගේ එවුන් උතුරේ කරන වැඩ පෙන්නුවාම කරුණාව කියනවා...යකෝ කරුණා ඊළම ඉල්ලනවද? කරුණා කියන්නේ අපේ ප්‍රයෝජනයට තියන් ඉන්න එකෙක්

    අනේ මෝඩයෝ කොටි මරපු UNP නායකයෝ ගාණ වැඩිහිටි කෙනෙක්ගෙන් අහල දැනගනින්..ඵහෙම කරපු කොටින්ට කඩේ යන්න UNP ඵකේ උන්ට පිස්සු නෑ..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඊලම ඉල්ලුවේ නැති හින්දද සිංහල මිනිස්සුන්ව මැරුවේ?කබරගොයා තලගොයා වෙනවා කියන්නේ මේවට තමා..:rofl:


    elama wenuwen sinhala minissu meruwe koti ekka inna kale.yatath wunayin passe u uge set eka ltte eken ayin karagaththa mathaka nedda.
    eka hinda neda yudde dinanna lesi wune.

    mole kalpana karala ehema kare nethnam adatath yudda karanawa neda??



     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    elama wenuwen sinhala minissu meruwe koti ekka inna kale.yatath wunayin passe u uge set eka ltte eken ayin karagaththa mathaka nedda.
    eka hinda neda yudde dinanna lesi wune.

    mole kalpana karala ehema kare nethnam adatath yudda karanawa neda??





    කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නෑ..:rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නෑ..:rofl:

    අන්ගුලිමාල තාම අගිලි කපනවා මගෙ හිතේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,484
    8,676
    113
    රූකඩ රාජ්ජේ

    කැරියා උඹ නේ බං...මහින්ද මේ රටට කරල තියන දේවලින් උඹ මොකක්ද කරලා තියෙන්නේ?
    රටට වැඩක් කරපු මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින්...

    බැල්ලිගේ පුතා තෝ සමහරවිට පණ පිටින් ඉන්නේ ඒ මනුස්සයා හින්දා





    pavithra_uk කියන එකා ඉපදිලා තියෙන්නේ ප්‍රබාකරන්ගේ ශුක්රානුවක් උගේ අම්මගේ ගර්බාශේ තැන්පත් වෙලා.ප්‍රබාකරන් උගේ තාත්තා නිසා තමා උ මහින්දට ගෝටා ට ඔහොම බනින්නේ...උගේ තාත්තව මරපු නිසා.

     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    අනේ මෝඩයෝ කොටි මරපු UNP නායකයෝ ගාණ වැඩිහිටි කෙනෙක්ගෙන් අහල දැනගනින්..ඵහෙම කරපු කොටින්ට කඩේ යන්න UNP ඵකේ උන්ට පිස්සු නෑ..

    එහෙනම් මොකද්ද බං රනිල් 2001-4 කාලේ රනිල් කලේ?

    ගාමිනි දිසානායකට විරුද්ධව 1994 දි වැඩ කරපු එක්කෙනෙක් තමයි රනිලුත්......
    මිටිමේ ඉඳලා බෝම්බෙට කලින් මිනිහා ගිහින් තියනවා

    මට යු එන් පියත් එක්ක අවුලක් නැ...යු එන් පියට කියන්නේ ඩි එස්, ජේ ආර්, ලලිත්, රන්ජන් වගේ මිනිස්සු හිටපු පක්ෂයක් හැබැයි රනිල් ගේ යු එන් පිය නෙමෙයි ඒ...

    රනිල් ගේ තියෙන්නේ සිංහල විරෝධි බෙදුම්වාදින්ට දෙකට නැවෙන පක්ෂයක්...

    බලන්න ඉන්න කට්ටිය, බලන්න රනිල් 2001-4 දි කරපු දේ
     
    කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නෑ..:rofl:

    වෙන්න ඇති...කරුණා ජිවත් වෙන්නේ අපේ අනුකම්පාව මත ...අපිට ඕන නම් උව මරන්න පුළුවන්...හැබැයි අපි උව පාවිච්චි කරනවා....කරුණා තර්ජනයක් නෙමෙයි


    හැබැයි රනිල් දැන දෙකට නැවෙනව දෙමළ සන්ධානය කියන්නේ දෙමළ සන්ධානය අපිට තර්ජනයක්...අඩුම ගානේ විජයකලා, අන්ගජන්ව පවා පාලනය කරන්න බැරි රනිල් කොහොමද රනිල් කරන්නේ?
     
    පැටියා;18821841 said:
    කොටි එනවෝ අප්පුච්චා වරෝ කසුන්ගෙ රස්සාව බේරලා දියෝ :lol:

    ඔව් කොටි එනවා තමයි..

    1. දෙමළ සන්ධානයේ හැම රැස්විමක් ම පටන් ගන්නේ ප්‍රභාකරන් ගැන ගුණ වයලා
    2. එජාප අයත් එහෙමයි
    3. මහින්ද එළවපු ගජේන්ද්‍ර පොන්නම්බලම් ආපහු ආවා..ඇවිත් එහෙ ළමයින්ගේ මොළ හෝදනවා
    4. වතුකරයේ , නැගෙනහිර , උතුරෙ තරුණ අය 3000 ක් විතර ගිහින් විග්නේෂ්වරන් ට යෝජනා 25ක් තියන පත්‍රිකාවක්දුන්නා.....මෙහෙම වතුකරය සම්බන්ධ වෙච්ච පළවෙනි වතාව

    5. විජයකලා ප්‍රභා ගේ පිලිරුවක් හදනවා කිව්වා..........
    6. තමිල්නාඩුවේ ලංකාවට සයනයිඩ් ගෙනාව කොටි දෙන්නෙක් අහුවුණා...

    ඔව් කොටි නැගිටලා තමයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔව් කොටි එනවා තමයි..

    1. දෙමළ සන්ධානයේ හැම රැස්විමක් ම පටන් ගන්නේ ප්‍රභාකරන් ගැන ගුණ වයලා
    2. එජාප අයත් එහෙමයි
    3. මහින්ද එළවපු ගජේන්ද්‍ර පොන්නම්බලම් ආපහු ආවා..ඇවිත් එහෙ ළමයින්ගේ මොළ හෝදනවා
    4. වතුකරයේ , නැගෙනහිර , උතුරෙ තරුණ අය 3000 ක් විතර ගිහින් විග්නේෂ්වරන් ට යෝජනා 25ක් තියන පත්‍රිකාවක්දුන්නා.....මෙහෙම වතුකරය සම්බන්ධ වෙච්ච පළවෙනි වතාව

    5. විජයකලා ප්‍රභා ගේ පිලිරුවක් හදනවා කිව්වා..........
    6. තමිල්නාඩුවේ ලංකාවට සයනයිඩ් ගෙනාව කොටි දෙන්නෙක් අහුවුණා...

    ඔව් කොටි නැගිටලා තමයි
    Free wifi zone හරහා සිදුවන කුමන්ත්‍රණය දැං මැඩ පවත්වලද දන්නෑ නේද? :eek:
     
    පැටියා;18822101 said:
    Free wifi zone හරහා සිදුවන කුමන්ත්‍රණය දැං මැඩ පවත්වලද දන්නෑ නේද? :eek:

    උඹලට කියන්න උත්තර නැ නේද?

    උඹට මේ රටේ ආරක්ෂාව සම්බන්ධ දේවල් වලට කියන්න තියන දේවල් වගේ තමයි යු එන් පි රනිල් ගේ රජයට කියන්න තියෙන්නේත්....

    ඇත්ත කතාව යු එන් පි රනිල් රටේ ආරක්ෂාව ගැන හිතන්නේ නැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹලට කියන්න උත්තර නැ නේද?

    උඹට මේ රටේ ආරක්ෂාව සම්බන්ධ දේවල් වලට කියන්න තියන දේවල් වගේ තමයි යු එන් පි රනිල් ගේ රජයට කියන්න තියෙන්නේත්....

    ඇත්ත කතාව යු එන් පි රනිල් රටේ ආරක්ෂාව ගැන හිතන්නේ නැ
    එකෙන්ම ඒකයි free wifi zone ඇති කලේ ඕකුං. :growl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    elakiri සහෝදරවරුනි... දැන්වත් ඇස් ඇරලා බලන්න... වැඳලා ඉල්ලන්නම්...:(:(:(
    ජාතික ආරක්ෂාව කඩා වැටී රට කොටියට ගිය හැටි

    පහත දැක්වෙන්නේ 2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත. ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් වෙබ් අඩවි, වගකීම්සහගත රජයේ ලියාපදිංචි මාධ්‍ය ආයතන වල වෙබ් අඩවිවල අදාල පුවත් වාර්තා දක්වා තිබේ.

    [1]. රණවිරුවන් රැසක් ජාතියට අහිමි වූ ලංකා ඉතිහාසයේ මහා පාවාදීම ලෙස සැලකෙන මිලේනියම් සිටි සිද්ධියේදී එවකට පොලීසිය භාර ඇමතිවරයා වශයෙන් සිටිමින් බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග මහතා යළිත් වතාවක් පොලීසිය භාර ඇමතිවරයා බවට පත් වෙයි. 2015/01/11 priu.gov.lk මූලාශ්‍රය.
    lrrp-sri-lanka1.jpg


    [2]. දසකයකට අධිකව අප රටේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වාර්තා කළ කීර්ති වර්ණකුලසූරිය මහතාගේ “දිවයින” ආරක්ෂක තීරුව, ජනාධිපතිවරණයෙන් පසුව උතුරේ සිදුවූ දේවල් ගැන වසන් කරමින් පිට පිට දෙවතාවක් වාරණය වෙයි. 2015/01/11 දිවයින, 2015/01/18 දිවයින

    [3]. දෙමළ ජාතික සංධානයේ දිගු කාලීන ඉල්ලීමක් ඉටු කරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතාව ඉවත් කරයි. 2015/01/14 ලංකාදීප මූලාශ්‍රය.

    [4]. උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පළිහක්කාර මහතාව පත් කරයි. ඔහු කුප්‍රකට ෆෙඩරල් මතධාරියෙක් වන අතර ඊනියා සාමය කාලයේ සාම ලෙකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂක වරයෙක් වශයෙනුත්, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු දැරූ අයෙකුත් වෙයි. 2015/01/13 ලංකාදීප මූලාශ්‍රය.

    [5]. කොටි බෙදුම්වාදී මතය ශ්‍රී ලංකාවෙ අහිංසක දමිළ ජනතාව වෙත පොවා ඔවුන්ගේ මනස් විකෘති කර ජාතිවාදය වපුරන ටැමිල්නෙට් වෙබ් අඩවියට ශ්‍රී ලංකාවෙන් පනවා තිබූ වාරණය ඉවත් කරයි. හිටපු හමුදා ප්‍රධානීන් ඊට විරෝධය පළකරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් ලිව්වත් ඉන් පලක් ඇති නොවෙයි. 2015/01/13 යවන ලද ලිපියේ මූලාශ්‍රය.

    [6]. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පරිබාහිරව ගිහින් වික්‍රමබාහු කරුණාරත්න වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් පවා නොමැති පුද්ගලයින්වත් යොදාගෙන රට පාලනය කරන ඉහලම උත්තරීතර ආයතනයක් සාදයි. එහි සාමාජිකයින් මෙසේයි. වික්‍රමබාහු කරුණාරත්න, ආර් සම්බන්ධන්, මනෝ ගනේෂන්, රිශාඩ් බදුරදීන්, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාථලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන. 2015/01/15 NethFM මූලාශ්‍රය. (කොටින්ට කඩේ ගිය වික්‍රමබාහු සහ මනෝගණේෂන් පසුව එක් විය. )
    national_executive_council-1stmeeting1.jpg

    [7]. පසුගිය රජය සමයේ එජාප ප්‍රධානතම සටන් පාථයක් ලෙස රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව ගෙන එන ලද සියලුම චෝදනා අමතක කර, රිශාඩ් බදියුදීන්ව රට පාලනය කරන උත්තරීතර ආයතනය වන ජාතික විධායක සභාවට පත් කරයි. 2015/01/15 ලංකාදීප මූලාශ්‍රය.

    [8]. ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණෙයි. කොටින්ට සෘජුවම උදව් දෙන කැලම් මැක්‌රේ ඇතුළු නඩයට කිසිම ප්‍රශ්නයක් නැතිව ශ්‍රී ලංකාව ට පැමිණීමට සහ ක්‍රියාත්මක වීමට යහපාලන ආණ්ඩුවෙන් ඉඩ දෙයි. ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න වාර්තා වී නැත. 2015/01/16 දිවයින මූලාශ්‍රය.

    [9]. විදේශිකයන්ට උතුරු පළාතේ සංචාරය කිරීම සීමා කරමින් පනවා තිබූ නියෝග ඉවත් කෙරේ. 2015/01/16 BBC මූලාශ්‍රය. ඒ අනුව දමිළ ඩයස්පෝරාවේ තහනමත් ඉවත් කර ඇති නිසා විදේශයන්ට පැන ගොස් සිටින කොටි ත්‍රස්තවාදීන්ට සහ විදේශයන්හිදීම මොළ ශෝධනයට ලක් වූ ඩයස්පෝරා සාමාජිකයින්ට කිසිදු පරීක්ෂාවකින් තොරව උතුරට යා හැකියි.

    [10]. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මහ සමුදුර ආරක්ෂා කළ, ලෝකයේ හොඳම සමුද්‍ර ආරක්ෂක සේවය ලෙස ශ්‍රී ලංකාවට කීර්ති නාමය ලබා දුන් ඇවන්ගාඩ් ආරක්ෂක අංශයට අයත් මහනුවර නැමැති නෞකාව අත් අඩංගුවට ගනී. 2015/01/20 ලංකාදීප මූලාශ්‍රය. ඊට පෙර එහි සේවය කළ රණවිරුවන්ව බේරා ගැනීම උදෙසා, නෞකාව නීත්‍යානුකූලව අවසර ලබා ගත් අයුධ නෞකාවක් බව හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා ට පැවසීමට සිදුවෙයි. දෙරන වීඩියෝ 2015/01/18 මූලාශ්‍රය. නමුත් ඊට සති කිහිපයකට පසුව ඇවන්ගාඩ් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව රජය ප්‍රකාශ කරයි. දිවයින 2015/03/05 මූලාශ්‍රය.

    [11]. බෙදුම්වාදීන් ඉල්ලූ ඉඩම් බලතල ලබා දීමට එකඟ වී ඇති අතර, පොලිස් බලතල ලබා දෙන ආකරය ගැන සාකච්ඡා කරමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2015/01/19 NDTV මූලාශ්‍රය.

    [12]. ශ්‍රී ලංකා රජයේම පූර්ණ හිමිකාරත්වය දරන රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බව ආයුධ ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී විවෘත කරයි. රජයට යටත් හමුදා අංශ වල ආයුධ ලෝකෙටම පෙන්වා රණවිරුවන්ව පාවා දෙයි. 2015/01/20 ලංකාදීප මූලාශ්‍රය.
    rall1.jpg

    [13]. හමුදා, නාවික හා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරු අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 BBC මූලාශ්‍රය.

    [14]. බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාව හමුදා ප්‍රකාශක තනතුරෙන් ඉවත් කරයි. වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව යුද හමුදා මූලස්ථානයට මාරුකර යවයි. මාධ්‍ය ප්‍රකාශ වරුන් හමුදාවට අනවශ්‍ය බවට ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 දෙරණ මූලාශ්‍රය.

    [15]. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක මූලස්ථානයේ මුදල් සොරකම් නොකළ බව පැහැදිලි කළ වත්මන් ආරක්ෂක ලේකම් බස්නායක මහතාගෙන් නිදහසට කරුණු විමසා ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි. 2015/01/28 දිනමිණ මූලාශ්‍රය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන්ම පත් කළ ආරක්ෂක ලේකම් වරයාටත් සත්‍යය ප්‍රකාශ කිරීමට වැට බඳී.

    [16]. සටනේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වන්දි හා ආධාර දීමනා ප්‍රදානය කිරීමටත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මූල්‍ය ආධාර ලබාදීම සඳහාත් යාපනය පළාත් සභාවේදී දෙමළ සංධාන උතුරු පළාත් ධීවර අමාත්‍යවරයාගෙන් යෝජනා වෙයි. අදාළ ආධාර ඉල්ලුම් කරන්නන් තම තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත භාර දෙන ලෙසද හෙතෙම දැනුම් දෙයි. 2015/01/28 ලක්බිම මූලාශ්‍රය.

    [17]. කොටි ප්‍රධානියෙක් වන පුලිදේවන්ට “මචන් පුලි” කියමින් ඇපල් මලු ගෙනගිය බවට චෝදනා එල්ල වී ඇති, 2012-2014 ඊනියා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාව නැගෙනහිර ආණ්ඩුකාර ලෙස පත් කරයි. වැඩ බාරගත් වහාම හමුදාව බැරැක්ක වලට යවයි. 2015/01/30 ලංකාදීප මූලාශ්‍රය.
    gosl_ltte_meeting_1_1611021.jpg

    [18]. උතුරේ ඕමන්ත මුරපොළේදී කිසිදු පරීක්ෂාවකින් තොරව විදේශිකයින්ටත් උතුරට යාමට අවසර ලබා දෙයි. ඒ අනුව තහනම ඉවත් වූ දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ටත් ශ්‍රී ලංකාවට ගොඩ බැස, කිසිදු පරීක්ෂාවකින් තොරවම උතුරට යාමට අවසර ලැබෙයි. 2015/02/04 මව්බිම මූලාශ්‍රය.

    [19].වවුනියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්. කිසිවෙකුවත් අත් අඩංගුවට නොගෙන යහපාලකයින් සිද්ධිය යටපත් කරයි. 2015/02/05 අද මූලාශ්‍රය.

    [20]. උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බවට සාක්ෂි ඇති බව පවසන උතුරු පළාත් සභාව ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගනී. 2015/02/10 BBC මූලාශ්‍රය. මේජර් ජෙනරල් ජී ඒ චන්ද්‍රසිරි මහතා උතුරේ ආණ්ඩුකාර ධූරයේ සිටියානම් මෙවැන්නක් සම්මත වෙන්න ඉඩ තබන්නේ නැත.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    [21]. ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල නිරත වීම තමන්ට බලවත් ප්‍රශ්නයක්‌ වී ඇතැයි උතුරේ ධීවරයෝ පවසති. මීට පෙර නාවික හමුදාව මෙම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත්තද වර්තමානයේ ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය යාත්‍රා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකරන බව උතුරේ ධීවරයෝ ” හින්දු” පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. 2015/02/10 දිවයින මූලාශ්‍රය.

    [22]. උතුරේ ආරක්ෂක මර්මස්ථානයක් වන පලාලි ගුවන්තොටුපොළේ අධි ආරක්ෂිත කලාපයෙන් අක්කර 1000 නිදහස් කරයි. 2015/02/13 දෙරණ මූලාශ්‍රය.

    [23]. උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය අරඹයි. උතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරයි. 2015/02/15 දිවයින මූලාශ්‍රය.

    [24]. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කරයි. 2015/02/15 දෙරණ මූලාශ්‍රය. පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි.

    [25]. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කරයි. 2015/02/15 දෙරණ මූලාශ්‍රය. පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි.

    [26]. සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම දෙනවාට විරුද්ධ බව රාවුෆ් හකීම් පවසයි. රට පාලනය කරන ඉහලම ආයතනය වන ජාතික විධායක සභාවට පත් වී එලෙස ජාතිවාදය අවුස්සවයි. 2015/02/17 වීඩියෝ මූලාශ්‍රය.

    [27]. මාන්කුලම් ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස ස්ථාපනය කර තිබූ පොලිස් කොට්ඨාශය ගලවා ඉවත් කරයි. 2015/02/20 සිරස මූලාශ්‍රය.

    [28]. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ වවුනියාව බෝගස්වැව ජනපදයේ පදිංචි කරන ලද සිංහල ජනතාවට වත්මන් ආණ්ඩුවෙන් පහසුකම් නොලැබෙන නිසා සහ තවත් ප්‍රබල ඇමතිවරයෙක්ගේ බලපෑම පිට ගම්බිම් පවා විකුණා යන්න යයි. 2015/02/25 දිනමිණ මූලාශ්‍රය.

    [29]. කලකට පසු උතුරේ පිපිරීමක්. චාවකච්චේරි දුම්රිය පොළ ඉදිරිපිට බෝම්බයක් පිපුරුණ බව පොලිසිය පවසයි. 2015/02/26 ලංකාදීප මූලාශ්‍රය.

    [30]. “සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක්‌ මරාදැමූ බවත් එය ජාති ඝාතනයක්‌ බවත්” මන්නාරම් රදගුරු රායප්පු ජෝෂෆ් පවසා උද්ඝෝෂණය කරයි. යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/02/27 දිවයින මූලාශ්‍රය. මහින්ද මහතා සහ ගෝඨාභය මහතා වෙනුවෙන් දේශප්‍රේමී ජනතාව සිදුකරන උද්ඝෝෂණ වලට එරෙහිව වාරණ නියෝග ගන්නා යහපාලන ආණ්ඩුව, රණවිරුවන්ට යුධ අපරාධ එල්ල කරන රායප්පු ජෝශෆ් ට ඉඩ දෙයි.

    [31]. එකම රටක්‌ තුළ ස්‌වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතු බවට දැක්‌වෙන යෝජනාවක්‌ යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කරයි. 2015/03/03 දිවයින මූලාශ්‍රය.

    [32]. මානුෂික මෙහෙයුමේදී විශිෂ්ට මෙහෙවරක් සිදුකළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී කේ පී දසනායක මහතාව රහස් පොලිසියට කැඳවා පැය 10 ක් තිස්සේ ප්‍රශ්න කරයි. 2015/03/04 දිවයින මූලාශ්‍රය.

    [33]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම නාවික මහ සෙන්පති වසන්ත කරන්නාගොඩ රණවිරුවාව දඩයම් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වෙයි. ඊට ආරම්භයක් ලෙස නේවි සම්පත් ගැන කතාව විකෘති කරමින් එජාප මඩ මාධ්‍ය අංශය මගින් අන්තර්ජාලයේ සිදුකරන මඩ ප්‍රචාරය වැළැක්වීමට එතුමාටම මාධ්‍ය ඉදිරියට පැමිණීමට සිදුවෙයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය.

    [34]. “ස්වයංනිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක් එකම රටක්’ යන අරමුණ ඉටුකර ගැනීම සඳහා කටයුතු ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන ඥාතීන්ව සම්බන්ධ කරගෙන සටන් කරන බවට” දෙමළ ජාතික ජනතා පෙරමුණ යෝජනාවක් සම්මත කරගනී. රට බෙදෙන යෝජනා සම්මත වෙද්දී යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය.

    [35]. LTTE බුද්ධි අංශ නායිකා ජෙයකුමාරි ට ඇප ලැබෙයි. “කොටියාට පණ දෙන්න ගිය කතට ඇප” යන සිරස්තලයෙන් එජාපයේ ලංකාදීප පුවත්පතත් පක්ෂය ගැන කළකිරීමෙන් යුතුව වාර්තා කරයි. 2015/03/10 ලංකාදීප මූලාශ්‍රය.

    [36]. වසර 10 කට අධික කාලයක් ප්‍රබල කොටි නායිකාවක් වශයෙන් කටයුතු කළ මුහුදු කොටි බලකායේ නායිකාවක් වන මුරුගේසු බහීරතී ව නිදහස් කරයි. 2015/03/13 BBC මූලාශ්‍රය.

    [37]. 13 ට එහා ගොස් බෙදන ලෙස හෙවත් රට ෆෙඩරල් කරන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කරයි. යහපාලන ආණ්ඩුවෙන් එතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටම ඇවිත් රට බෙදන ලෙසට ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දුනි. 2015/03/13 දිවයින මූලාශ්‍රය.

    [38]. ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සඳහා පැරණි ආරක්ෂක මූලස්ථානය විකිණීමෙන් වෙන් කරගෙන තිබුණ මුදල භාණ්ඩාගාරයට හරවා ගනී. එම ආරක්ෂක මූලස්ථානය කිරීම නිශ්ඵල ක්‍රියාවක් බැවින් එය ඉදි නොකරන බවට මුදල් ඇමාත්‍ය රවි කරුණානායක පවසයි. රණවිරුවන්ට ඉදි කරමින් තිබූ ආරක්ෂක මූලස්ථානයේ වැඩ නැවැත්වීම රණවිරුවන්ට එල්ල කළ පා පහරක් බඳු වෙයි. 2015/03/16 සිරස වීඩියෝ මූලාශ්‍රය1. රිවිර මූලාශ්‍රය2.

    [39]. “තනි සිංහල බෞද්ධ පක්ෂයක් ලෙස මේ රටේ ආණ්ඩුවක් අල්ලන්න බෑ පක්ෂයකට” කියමින් සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිවාදී ප්‍රකාශයක් කරයි. 2015/03/17 ප්‍රකාශයේ වීඩියෝ මූලාශ්‍රය.

    [40]. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට මනෝ ගනේෂන්ගේ යෝජනාවක් මත මෛත්‍රීපාල සිරිසේන මහතා චක්‍රලේඛනයක් නිකුත් කරයි. 2015/03/18 ලංකාදීප මූලාශ්‍රය.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    [41]. දෙමළ ඩයස්පෝරාවට එරෙහිව ශ්‍රී ලංකාව පනවා තිබූ තහනම ඉවත් කරයි. 2015/03/19 දෙරණ මූලාශ්‍රය.

    [42]. ශ්‍රී ලංකා ජාතික ගීය දමිළ බසින් ගැයීම ප්‍රශ්නයක් නොවෙයි. එය අප රටේ දමිළ ජනතාවගේ අයිතියකි. – ජාතික හෙළ උරුමය පවසයි. 2015/03/22 SundayObserver මූලාශ්‍රය.

    [43]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක රණවිරුවාව මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවා අපහාස කරයි. 2015/03/28 දිවයින මූලාශ්‍රය. එම චෝදනාව ගැන උසාවියෙන් කිසිදු දඬුවමක් නොදීම නිසා එය මඩ චෝදනාවක් බව සනාථ වෙයි.

    [44]. නාවික හමුදාවේ සෙබලුන් 3 දෙනෙක් රවිරාජ්ව ඝාතනය කළා කියමින් අත් අඩංගුවට ගනී. 2015/03/31 ලංකාදීප මූලාශ්‍රය.

    [45]. ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස්‌ ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක වෙයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැදවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය කිරීමත් සමග ඒවා ඕනෑම මුදලක් ගෙවා මිලදී ගැනීමට ඩොනල්ඩ් ඥාණකෝන් සූදානම් වෙයි. 2015/03/31 දිවයින මූලාශ්‍රය.

    [46]. දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සැකකරුවන් රැසක්‌ රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි යුද හමුදා නිලධාරීන් ඉන් ඉවත් කෙරේ. 2015/04/02 දිවයින මූලාශ්‍රය.

    [47]. යහපාලන ආණ්ඩුවේ ආරාධනාව පිට මෙරටට පැමිණි ඇමරිකානු සහකාර මානව හිමිකම් ලේකම් ටොම් මිලිනොවිස්කි, අවසන් සටනේදී මිය ගිය දෙපාර්ශවයටම මුලතිව් වෙරළේදී මල් තබයි. 2015/04/05 Seithy.com Photo මූලාශ්‍රය. එහිදී එක් පාර්ශවයක් කොටි ත්‍රස්තවාදීන් බැවින් ඒ අනුව යහපාලන ආණ්ඩුව විසින් ඇමරිකන් ආණ්ඩුව ලවා මිය ගිය කොටින්ටත් මල් තබ්බවා ඇත.

    [48]. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, සංචාරක නවාගැන් පොළවල්, හෝටල් ඇතුළු දේ ප්‍රසිද්ධියේ ටෙන්ඩර් දමා පෞද්ගලික අංශයට ලබා දෙන්නට යහපාලන ආණ්‌ඩුව තීරණය කර යි. ඩයස්පෝරා තහනමත් ඉවත් කර ඇති නිසා විදේශගත එල්ටිටීඊ දෙමළ ඩයස්‌පෝරාව එකී ආයතන අධික මිල ගණන් ඉදිරිපත් කර ලබා ගැනීමට සූදානමින් සිටියි. 2015/04/05 දිවයින මූලාශ්‍රය.

    [49]. බිම් බෝම්බයකින් යුද හමුදාවේ කපිතාන්වරයෙකු, කෝප්‍රල් වරයෙකු සහ සෙබලෙකු තුවාල ලබයි. 2015/04/06 දිවයින මූලාශ්‍රය. කපිතාන්වරයෙක් වැනි ජේෂ්ඨ හමුදා නිලධාරියෙක් බිම් බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමේදී මෙවැන්නක් සිදුවුණා කීම ප්‍රායෝගික නැත.

    [50]. හසලක ගාමිණී විරුවා වෙනුවෙන් ඉදිකළ ස්මාර්ක ඉවත් කිරීමට යෝජනා වෙයි. 2015/04/09 NethFM මූලාශ්‍රය.

    [51]. උතුරේ අධි ආරක්ෂක මර්මස්ථාන වන කංකසන්තුරේ සහ වලිකාමම් වලින් අක්කර 570 ක් නිදහස් කරයි. 2015/04/11 දිනමිණ මූලාශ්‍රය.

    [52]. නැගෙනහිර ආරක්ෂක මර්මස්ථානයක් වන සාම්පූර් නාවික හමුදා කඳවුර ගලවා ඉවත් කරයි. 2015/04/12 දිවයින මූලාශ්‍රය. එම කඳවුර රැක ගැනීම වෙනුවෙන් හාරසීයකට අධික රණවිරුවන් ජීවිත පූජා කර ඇති බව වාර්තා වී ඇත. මීට අමතරව තවත් කඳවුරු රැසක් මෙලෙස ඉවත් කර ඇතත් ඒ ගැන තොරතුරු මාධ්‍ය වෙත ලබා දී නොමැත.

    [53]. ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය බිඳගත් චීනය, ඩොලර් බිලියන 46 ක (රු. 5,980,000,000,000.00) ආයෝජනයකින් සුපිරි අධිවේගී මාර්ගයක් පාකිස්ථානයට ලබා දෙයි. 2015/04/21 දෙරණ මූලාශ්‍රය. චීනය සහ ශ්‍රී ලංකා රජය අතර ආරක්ෂක සම්බන්ධතාද පළුදු වූ බව ඉන් පැහැදිළි වෙයි

    [54]. එදා උතුරේ ඊළම ප්‍රකාශය කළ වර්ධරාජා පෙරුමාල් දසක කිහිපයකට පසුව කටුනායකින් ගොඩ බැස වහාම යාපනයට ගොස් විග්නේශ්වරන් ව මුණගැසෙයි. 2015/04/21 දිවයින මූලාශ්‍රය.

    [55]. ජාතික ගීය දමිළ බසින් ගැයීමට නැගෙනහිර පළාතේදී තීන්දු වෙයි. 2015/04/21 NethFM මූලාශ්‍රය. දමිළ භාෂා ජාතික ගීය “ශ්‍රී ලංකා තායේ” වන බැවින් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වේ 8 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

    [56]. “සිංහල ඒකාධිකාරය අවසන් කළ යුතුයි” යැයි චන්ද්‍රිකා කුමාරතුංග ජාතිවාදී ප්‍රකාශයක් සිදුකරයි. 2015/04/26 IndianExpress මූලාශ්‍රය.

    [57]. කච්චතිව් දූපත යළි ලබාගැනීම සඳහා ඉන්දීය රජය වහා පියවර ගත යුතු බවට තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය රජයට අවධාරණය කරති. 2015/05/07 ලංකාදීප මූලාශ්‍රය. ශ්‍රී ලංකාවේ ඔළුව ටිකෙන් ටික ගලවන්න වෙනත් රටවල් කතා කරද්දී ඉන්දීය ගැති යහපාලන ආණ්ඩුව ආණ්ඩුව කිසිවක් ප්‍රකාශ නොකරයි.

    [58]. “කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති” මැයෙන් යුතුව එජාපයේ ලංකාදීප පුවත්පතම කණගාටුවෙන් යුතුව හෙළි කරයි. 2015/05/12 ලංකාදීප මූලාශ්‍රය. 2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වූහ.

    [59]. “මියගිය සියලුම දෙනාව සමරනවා. එතකොට LTTE කාඩර් එකත් සැමරෙනවා.” – මැයි 18 රණවිරු සැමරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි 2015/05/15 දෙරණ වීඩියෝ මූලාශ්‍රය

    [60]. උතුරේ පාසල් සිසුන් මියගිය කොටි සමාජිකයන් සැමරු අකාරය ඊළාම්වාදීන් Facebook එකේ වාර්තාකර තිබුණු අයුරු 2015/05/15 පින්තූර මූලාශ්‍රය
     
    Last edited: