නියම_කොමඩි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න ඉතිං මගෙ යාලුවෙක් ඉන්නව කපිල කියල මිනිහ වැඩ කරන්නේ ටෙක්නිකල් ක්ෂේත්‍රයේ, මිනිහ තමයි එතන හෙඩ්, දවසක් බොසා මෙයාව තියල ගමනක් ගිහිල්ල,

    ටිකකින් බොසාගෙ යාලුවෙක් ඇවිත් බොසාව අහල , බොසා නෑ කීවම මිනිහ කියල
    "එහෙනම් අවම කියනවකො එයාගෙ යාලුවෙක් අව සුරනිමල කියල"

    අපේ පොරට නම් මතක හිටින්නෙම නෑ මිනිහ කල්පනා කලා මේ නම මතක තියා ගන්න ලේසි ක්‍රමයක්

    හරි සුරනිමල කියල දසමහ යොදයෙක් හිටියනෙ දසමහ යෝදයෝ ගැන මතක් උනාම නම මතක් වෙයිනෙ කියල එහෙම මතක තියා ගත්ත

    ඔන්න තව ටිකකින් ‍තව ගෝතයෙක් ආව මිනිහත් බොසාගෙ යාලුවෙක්ලු මිනිහත් ඉතිං බොසාට කියන්න කීව

    "ඡන්න ඇවිත් ගියා කියන්න කියල

    අපේ පොර ඒක මතක තියාගත්තෙ සිදුහත් කුමාරයා ගිහිගෙය හැරදා ගියේ ඡන්න එක්කනෙ එක් හින්ද අභිනික්ෂ්ක්‍රමණය මතක් උනාම ඒ නම මතක් වෙනවනෙ කියල එහෙම මතක තියා ගත්ත

    ඔන්න ඉතිං හවස බොසා ආව
    "කවුරුත් ආවද කපිල මාව හම්බ වෙන්න".... බොසා ඇහුව
    අපේ පොරට මතක් උනා දවල් ගෝතයෝ දෙන්නෙක් ආවනෙ කියල

    "ආ.... ඔව් සර්... "
    අපේ පොරට නම් මතකයෑ මිනිහට මතක් උනා අර මතක තියා ගත්ත ක්‍රමේ දසමහ යෝදයො

    "ආ... සර් ‍ගෝඨයිම්බර කියල කෙනෙක් ආව සර්ගෙ යාලුවෙක් කීව"

    බොසා දහ අතේ කල්පනා කලා
    "ගෝඨයිම්බර එහෙම කෙනෙක් නෑ නෙ"

    "ආව සර් ඊට පස්සෙ කන්ථක කියල එක්කෙනෙකුත් ඇවිත් ගිය"

    ඇයි මිනිහ මතක තියාගත්තෙ අභින්ක්ෂ්ක්‍රමණයනෙ

    ඉතිං බොසා තාමත් ඒ යාලුවෝ හොයනවලු


    Rep+