නිරපේක්ෂ්ත්වයේ මග

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    නිරපේක්ෂ්ත්වයේ මග

    මේ දේශනා ඇතුලත් thread එකක් කලිනුත් තිබ්බා. ඒත ලොකු විග්‍රහයක් ගිහින් තිබ්බ දැක්කේ නෑ. මම බෞද්ධ ඒ වුනත් අපි බහුතරය වගේ මුල් තැන දිල තියෙන්නේ බෞද්ධ සංස්කෘතියට. නමුත් මම දකින්නේ බෞද්ධ දර්ශණය තමයි අපි ලංකරගත යුත්තේ. මොන ආගමක හිටියත් බුද්ධ දේශනාවල කරුණු ගොඩක් ජිවිත වලට වැදගත් කියල මම හිතන්නේ. හරියට විද්‍යාව ඕනෑම ආගම කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් වගේ.

    මේ දේශනාවේ Season 8 එකේ පළවෙනි කොටස මම ඇහුවා. ඉතිරි ටික අහන ගමන්. මට නම් ගොඩක් වෙනසක් දැනුනා අනිත් බණ වලට වඩා. අද වෙද්දි මම දකින්නේ එක එක හාමුදුරු වරුන් විසින් ධර්මය තමන්ට ඕන විදියට වෙනස් කරල වගේ තියෙනවා. මේ ධර්ම දේශනාවල සාම්ප්‍රධායික කරුණුවලට විරුද්ධ කරුණු තියෙයිද? මම ලොකුවට ධර්මය හදාරලා නෑ. ඒකයි අහන්නේ. ඔබේ අදහසුත් දක්වන්න.

    ඒ වගේම මට ඕන ධර්ම කරුණු මුල ඉදන් ඉගෙන ගන්න. අපි ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්ත වගේ නෙමේ ත්‍රිපිටකය ආශ්‍රිතව තියෙන කරුණු පවා. මේකට හොද පොත් , online pdf , videos තියෙනවනම් දෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: ObeliX

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    සීසන් 8 අහලා 9&10 අහපන්කො. පුදුම විදිහට කරුනු පැහැදිලි වෙනව. අපරාදෙ නිකන් ගෙවපු කාලෙ.

    හැබැයි කිරියෙ ඉන්නව ස්කයිලාක් කියල පදපරම ගොබලෙක්. ඌට ප්‍රශ්නෙ අනිච්ච කියන එකේ ච යන්න. මුන් දන්නෙ නැහැ පාලි භාෂාවට අකුරු නැහැ කියලවත්.

    ත්‍රිපිඨකයෙ පොත් 57 ක් තියෙනව කියලා අහගත්තෙත් අභය ස්වාමින්වහන්සෙගෙන්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිරපේක්ෂත්වයෙ මග සයිට් එකේම තියෙනව සාකච්චා කරන සියලුම ප්‍රසටේෂන් සහ පීඩිඑෆ් පොත්.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සීසන් 8 අහලා 9&10 අහපන්කො. පුදුම විදිහට කරුනු පැහැදිලි වෙනව. අපරාදෙ නිකන් ගෙවපු කාලෙ.

    හැබැයි කිරියෙ ඉන්නව ස්කයිලාක් කියල පදපරම ගොබලෙක්. ඌට ප්‍රශ්නෙ අනිච්ච කියන එකේ ච යන්න. මුන් දන්නෙ නැහැ පාලි භාෂාවට අකුරු නැහැ කියලවත්.

    ත්‍රිපිඨකයෙ පොත් 57 ක් තියෙනව කියලා අහගත්තෙත් අභය ස්වාමින්වහන්සෙගෙන්.

    ගොඩක් පිං බං..මම දැක්කේ නෑ සයිට් එකේ තියෙනවා කියල.මම බලන්නම් මචං.:yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගොඩක් පිං බං..මම දැක්කේ නෑ සයිට් එකේ තියෙනවා කියල.මම බලන්නම් මචං.:yes::yes:

    සීසන් 8 එක අහන ගමන් අවශ්‍ය සුත්‍ර වල screen shots අරන් තියාගන්න. වටිනවා ගොඩක්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බුදු දහමේ හරය නොදැන අඳබාලයන් සේ අමන මහනුන්ගේ ගොන් කතා වලට "හොඳ බණ " යයි කියා බුදුවදන වනසන වසල මහණුන්ට උඩ ගෙඩි දෙන ගොන් වහන්සේලාට මෙන්න මොලයක් තිබේ නම් සිතාගන්නට , සිතන්නට යමක් මේ අමන මහනා ගැන.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රොජර් පෙන්රෝස් ගැන දන්නෙත් නැති, ශ්‍රෝඩින්ගර් ගේ බලලා ගැන දන්නෙත් නැති, හයිසන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූලධර්මය ගැන දන්නෙත් නැති, පෝල් ෆයිරාබෙන්ඩ් කියවලත් නැති, තෝමස් කූන් කියවලත් නැති ගොබ්බසේනලට අභයගේ ගොන් කතා මැජික් තමයි!:D:D:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769

    ඇයි , ෆ්‍රිට්ජොෆ් කැප්රා කියවලත් නැති, එඩ් විට්න් ගැන අහලවත් නැති, එම්-තියරි ගැන දන්නෙත් නැති අය ඉතිං අභය ස්වාමීන් වගේ අයට අහුවෙන එක අහන්නත් දෙයක්ද? පව තමා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අපි කවුරුත් පඬියො වගේ බුද්ධාගම ගැන වාද කළාට
    කවුරුත් අවංකවම නිවන් දකින්ඩ කැමති නෑ. ඒකයි තිත්ත ඇත්ත.
    එකෙක් හරි අවංකවම මේ මොහොතෙම සියල්ල අත හරිනව කියල පලුවන්නං කියපල්ල බලන්ඩ, බොරුවට කල් දාන්ඩ එපා.
    මමනං නිවන් දකින්ඩ කැමති නෑ. මට ඒක කරන්ඩ බෑ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    අපි කවුරුත් පඬියො වගේ බුද්ධාගම ගැන වාද කළාට
    කවුරුත් අවංකවම නිවන් දකින්ඩ කැමති නෑ. ඒකයි තිත්ත ඇත්ත.
    එකෙක් හරි අවංකවම මේ මොහොතෙම සියල්ල අත හරිනව කියල පලුවන්නං කියපල්ල බලන්ඩ, බොරුවට කල් දාන්ඩ එපා.
    මමනං නිවන් දකින්ඩ කැමති නෑ. මට ඒක කරන්ඩ බෑ

    පින්වත් අනුරාධ,

    සියල්ල අත ඇරිය පමනින් නිවන් දකින්ඩ බැහැනේ. පලමුව සම්මා දිට්ටිය ඇති වෙන්ඩ ඔනැනේ. ඔබට දුක්ඛෙ ඥානය පහල වෙලා තියෙන්ඩ ඔනැනේ, ඒ කියන්නේ රූප, වේදනා, සඥා, සංකාර , විඥාන කියන මේ හැම එකක්ම (පංච උපාදානස්කන්දයම) දුකයි කියන ඥානය පහල වෙන්ඩ ඔනැනේ. එහෙම නැතිව බොරුවට සියල්ල අත අරින්න හැදුවට වැඩක් නැහැ. දර්ශනය, දැකීම හරි වෙන්ඩ ඔනෑ. සියල්ල අතහරින කතාවත් අර රාජගිරියේ අරිඥාන ස්වාමීන්ගේ කතාවක් මිසක් බුද්ධ වචනයක් නෙවෙයි මම දන්න පමනින්. ඒ ස්වාමීන් කොපමන වැරදි දේ දේශනා කල හිමි නමක්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113

    පින්වත් අනුරාධ,

    සියල්ල අත ඇරිය පමනින් නිවන් දකින්ඩ බැහැනේ. පලමුව සම්මා දිට්ටිය ඇති වෙන්ඩ ඔනැනේ. ඔබට දුක්ඛෙ ඥානය පහල වෙලා තියෙන්ඩ ඔනැනේ, ඒ කියන්නේ රූප, වේදනා, සඥා, සංකාර , විඥාන කියන මේ හැම එකක්ම (පංච උපාදානස්කන්දයම) දුකයි කියන ඥානය පහල වෙන්ඩ ඔනැනේ. එහෙම නැතිව බොරුවට සියල්ල අත අරින්න හැදුවට වැඩක් නැහැ. දර්ශනය, දැකීම හරි වෙන්ඩ ඔනෑ. සියල්ල අතහරින කතාවත් අර රාජගිරියේ අරිඥාන ස්වාමීන්ගේ කතාවක් මිසක් බුද්ධ වචනයක් නෙවෙයි මම දන්න පමනින්. ඒ ස්වාමීන් කොපමන වැරදි දේ දේශනා කල හිමි නමක්ද?

    ආ.. පහල වෙනකං නේ බලං ඉන්නෙ...
    උඹලට නිවන් දකින්ඩ උවමනාවක් නෑ..

    ඒකට මම අවංකවම නිවන් දකින්ඩ කැමති නෑ කියනව :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    රොජර් පෙන්රෝස් ගැන දන්නෙත් නැති, ශ්‍රෝඩින්ගර් ගේ බලලා ගැන දන්නෙත් නැති, හයිසන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූලධර්මය ගැන දන්නෙත් නැති, පෝල් ෆයිරාබෙන්ඩ් කියවලත් නැති, තෝමස් කූන් කියවලත් නැති ගොබ්බසේනලට අභයගේ ගොන් කතා මැජික් තමයි!:D:D:D

    නිකං මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා. thread එක මුලින් කියවන්න මම කියල තියෙයි මට ධර්ම කරුණු ගැන දැනීමක් නෑ කියල මුලින්ම. අභය ස්වාමින්වහන්සේ හොදයි කියලවත් නරකයි කියලවත් නෙමේ මම කියල තියෙන්නේ. මම වගේ නොදන්න අයට පැහැදිලි කරන්න මේ ධර්ම කරුණු වල වැරදි ඇත්නම්. නිකං දෙකයි පනහේ මෝඩයෙක් වගේ හින්ට් පාස් කරන්න එපා :) බුද්ධිමත් විග්‍රහයකට පාර කියන්න. සමහර විට ඔබේ පවුල් පසුබිම අනුව ගොබ්බ කතා කියනව වෙන්න පුලුවන්. ඒත් මේකට විතරක්වත් වැදගත් විග්‍රහයක් එක්ක යන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    තර්ක කරන්ඩනං හරි සූරයො...
    ඒත් නිවන් දකින්ඩ හිත හදාගන්ඩ එකෙක්ටවත් බෑ :lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    නිකං මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා. thread එක මුලින් කියවන්න මම කියල තියෙයි මට ධර්ම කරුණු ගැන දැනීමක් නෑ කියල මුලින්ම. අභය ස්වාමින්වහන්සේ හොදයි කියලවත් නරකයි කියලවත් නෙමේ මම කියල තියෙන්නේ. මම වගේ නොදන්න අයට පැහැදිලි කරන්න මේ ධර්ම කරුණු වල වැරදි ඇත්නම්. නිකං දෙකයි පනහේ මෝඩයෙක් වගේ හින්ට් පාස් කරන්න එපා :) බුද්ධිමත් විග්‍රහයකට පාර කියන්න. සමහර විට ඔබේ පවුල් පසුබිම අනුව ගොබ්බ කතා කියනව වෙන්න පුලුවන්. ඒත් මේකට විතරක්වත් වැදගත් විග්‍රහයක් එක්ක යන්න.
    පින්වත් එලෙක්ට්‍රෝ,

    මම උත්සාහ කරන්නම් ඔබට හරි මග පෙන්වන්න.

    ඔබ විවෘත මනසක් ඇති යහපත් කෙනෙක් බව පෙනෙනෙනවා.
    බුදුන් වහන්සේගේ ධර්මය පද-පෙරලි වලින් මතු කල හැකි ධර්මයක් නොවේයි. එය ඉතාම ගැඹුරුයි, සියුම්, ගාම්භීරයි, අති විශේෂයි,
    අප මහා බුදු පියාණන් වහන්සේ දේශනා කලා

    "පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදී, ආලෝකෝ උදපාදී, ඥානං උදපාදී, විජ්ජා උදපාදී කියා. "

    මෙතන මේ යටින් ඉරක් ගහල තියෙන එකෙන් කියන්නේ "පෙර කිසිවෙක් සොයා නොගත්, අවබෝධ නොකල දහම් ඇසක්, ආලෝකයක්, නුවණක්, විද්‍යාවක් පහල වුනා" කියායි.

    එහෙම ධර්මයක් දේශනා කරන්නට මහා ඥානයන් ගනනාවක් ඇති බුදුපියාණන් වහන්සේ පවා පසුබට වුනාලු, ඒ තරම් ගැඹුරු නිසා.

    අභය ස්වාමීන් මේ කරන්නේ පද-පෙරලියක්. අනිත්‍ය සහ අනාත්ම වරදවා මිනිසුන් දහස් ගන්නක් දුකේ හෙලීමක්. අනිච්ච යනු යමක් ස්තාවරව පිහුටුවාලිය නොහැකි කමයි. අනාත්ම යනු සත්ව පුද්ගල ආත්ම භාවයක්, සැඟවුන ආත්මයක් මේ රූප කාය තුල අසු නොවන බවයි. මේවා වරදවන කෙනෙකුඅට බුදු දහමේ හරය අසු නොවේ. සිංහල පද අරන් සිතූ, සිතූ ආකාරයෙන් දෙකට කඩා විකාර අරුත් දීමට ඔනෑම කෙනෙකුට පුලුවන්. මේ ස්වාමීන් ම කැනඩාවේ කල දේශනයක් කියනවා ආදර හැදෙන්නේ "ආ ආ දර" යන්නෙන් ලු, ගෙම්බා හැදෙන්නේ "ගෙම්බර්" දාන නිසාලු. මෙවා ලෝකය හිනස්සන විහිලු පමණයි.
     
    Last edited: