මේ ත්‍රෙඩ් එකෙන් අන්සබ් උනාට මොකද හෝම් පේජ් එකේ පෙන්වනව. මටත් පුදුම පෙලීමක් ඇති වෙනව මොනවද වෙන්නේ කියලා බලාගන්ඩ. මෙතැන බහුතරයකගේ තියෙන්නෙ තමන්ගේ මතයට පහර වදිනකොට ඒක සමනය කරගෙන හිත සන්තර්පනය කරගන්ඩ සාප කරමින් වලි යන එක මිසක් බුදු දහම නොවෙයි.
මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො අරක්කු/සිගැරැට්ටු ආදී මත්ද්‍රව්‍ය භාවිතාවෙන් වැළකිලා ශක්තිමත් වෘතයක් දරන්ට අරන් දැන් කොච්චර කාලයක් ගතවෙලා ගොහින් තියෙනවාද ?
මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො බස් එකේ, පාරෙ තොටේ දී, රැකියාවෙදි හමුවන පරසතු ගැහැණුන් මත, කායිකව හා මානසිකව මෙවුන්දම් සේවනයේ යෙදෙනවා ද? ඒවායෙන් වැළකිලා ශක්තිමත් වෘතයක් දරන්ට අරන් දැන් කොච්චර කාලයක් ගතවෙලා තියෙනවා ද?
මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො අවසන් වරට භාවනා කළේ කවදාද ? විනාඩි කීයක් සමාධිය නැගී තිබුණා ද? මොන ධ්‍යාන (සමථ) තලයට යන්ට පුලුවන් උනාද ? 1,2,3, හෝ 4 දක්වා?
මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො ෆුල් ටයිම් බෞද්ධයොද පාර්ට් ටයිබ් බොද්ධයොද ?
මෙතැන තර්ක කරන බොදුණුවො මාසෙට විනාඩි කීයක් ධර්ම සාකච්ඡා හා ශ්‍රවණය කරනවා ද?
බොල, බුදුන් දැක, බණ අසා, බුදු හිමිට එකම මහා අසදෘෂ ධානය දුන් ඇයත්, අපාගත වුණා නම්, කාමභෝගී ගිහි ජීවිත ගෙවන අපට මොනවා වේදැයි තේරෙනවා ද? පිටකයන්ගෙන් ආර්ය විනය ගැන සොයාගෙන කියවන්ට. හරියට කියවූවාම තොපිලට ඕනෑ නම් ඕනෑ දෙයක් කරගන්ට, මම නම් ඕවාට නැහැ කියන තැනට එනවා. බුද්ධ වචනය පිළිගන්නවා නම්.