ඉස්සර මේ ඇඳුම අඳිනවනං සතියක් මස් මාලු කන්නෙ නැතිව කිලිවලට අහුවෙන්නෙ නැතිව ඉන්ඩ ඔ්නෙලු. අන්දන අයත් ආවට ගියාට උන්ට අන්දන්නෙත් නෑලු. දැන්නං කොල්ලයි බල්ලයි මැක්කොයි ඔක්කොම අඳිනව. යාලු මනමාලයො කිට් එක පිටින්ම පැත්තකට ගිහින් සිගරට් එක ගහල එනව මම දැකල තියෙනව. ලෝකෙ දියුණු වෙනව තමයි. ඒත් පෞරාණික දේවල අගය දන්නෙ නැත්තං ඒව නොකර ඉන්න එක තමා හොඳ.
අනික දැං පොටෝ ගහන උන් පුලුවන් තරං ඩබල් එක්ස් මූවි පෝස්ටර් තමා ගහන්ඩ හදන්නෙ. ජෝඩුව හොඳ අවබෝදෙන් හිටියෙ නැත්තං ආයෙ පාරෙ බැහැල යන්ඩ හම්ඛෙන්නෑ සමහර පොටෝ පබ්ලික් උනාම.
මොකද සමහර ඈන්ගල් වලින් ජෝඩුව නොහිතන පෝස් අහුවෙන්ඩ ගහනව කැමරාකරන එකා.