නිල් අහස තරම් ආදරේ අරන්

නිල් අහස තරම් ආදරේ අරන්

මා නුවන් පුරා (ආකාස කුසුම්)

මා නුවන් පුරා නිල් අහස වසා
මා ළවන් පුරා මල් සුවද සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවනේ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ.....
මට හැගෙනවා ආදරේ.....

නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා
මට ආදරේ හැගෙනවා....
මට ආදරේ හැගෙනවා....

මල් සුවද තරම් ආදරේ අරන්
මගෙ සිත ලග නතර වෙලා
පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්
විල් තෙරේ මල් සුවද ගලනවා
මට ආදරේ දැනෙනවා....
මට ආදරේ දැනෙනවා....


Artist : Saman Nishantha
Lyrics : Upul Shantha Sannasgala
Composer : Ranga D

මේ සින්දුව පට්ට නේද මචන්ලා

http://sinhalahitsongs.blogspot.com/2010/06/facebook-sinhala-lyrics_6053.html
 
  • Like
Reactions: maxboysl