නිල් මිරිස්

Purifier

Member
Aug 23, 2016
394
29
0
මහනුවර රජගෙදර සූප සාස්ත්‍ර පොතෙන්.

මේ තුන් වර්ගය නම් මාලුපිනි වලට නැතුවම බැරිය
1.ලුනු
2.දුරු
3.මිරිස්

පහේ යනු
මිරිස්
, ඉගුරු, තිප්පිලි, අබ, කහ
රතු මිරිස් නිල් මිරිස් කොල මිරිස් කියා වෙන් කර නැත.:no:

:yes::yes:

16c71fp.jpg
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හැම එකේම ලින්ක් නෑ යකෝ මේ ලෝකේ....
    පොඩ්ඩක් හොයලා බලපන් ඔහොම සීන් එකක් තියනවා තමයි.

    හැමදේම ඉංග්‍රීසි වේද පට්ටමක් එක්ක පත්තරේ වැටිලා එනකම් ඉන්න පිරිසකුත් ඉන්නවනේ බන්. කරන්න තියන පට්ටම සරල දේ කරන්නේ නැතුව. :lol:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ane manda meka pahadili karapan

    miris kudu kaden ganna ekada hoda natte

    miris welalaa kotala miris kudu gatot hoda nadda eth

    පුළුවන්ටි නම් කාලයක් නොකා හිටපන්කෝ.
    ඕනෙම නම් සැර වෙන්න කොච්චි දාපන්.
    රතු මිරිස් වලට වඩා පට්ට සුපිරි.
    පරිප්පු හොද්දක්, කරවල බැදුමක් එහෙම කාල බලපන් දාල.
    :love::love::love:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පුළුවන්ටි නම් කාලයක් නොකා හිටපන්කෝ.
    ඕනෙම නම් සැර වෙන්න කොච්චි දාපන්.
    රතු මිරිස් වලට වඩා පට්ට සුපිරි.
    පරිප්පු හොද්දක්, කරවල බැදුමක් එහෙම කාල බලපන් දාල.
    :love::love::love:

    කොච්චි ආවෙත් ඉන්දියාවෙන් තමයි බන් :dull::dull:
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉස්සර මිනිස්සු( ඔව් ඔව් හෙලයො ) මස් උයපු හැටි.
    හැබයි මිරිස් දාල.


    t6cj7o.jpg


    :shocked::shocked:
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉස්සර මිනිස්සු( ඔව් ඔව් හෙලයො ) මාලු උයපු හැටි.
    හැබයි මිරිස් දාල.


    30codc8.jpg


    :yes::yes:
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ලන්කාවෙ රජවරුත් මිරිස් කාල. යෝදයොත් ඉතින් කන්න ඇති.:yes::yes:

    "පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, ඊ. ඩබ්. අදිකාරම් මහතා මෙසේ පවසයි, ".....සංඝයාට කොටසක් නො දී මිරිස් ආහාරයක් ගත් වරදට දඩුවම් වශයෙන්...."

    මිරිස් වැටිය පිළිබඳ මෙහි දී ප්‍රධාන අදහස් දෙකක් විද්‍යාමාන මේ.

    1. මිරිස් ආහාරයක්.
    2. මිරිස් පැස්සක් නැතිනම් මිරිස් වැටියක්.

    මේ අනුව මූලික නිගමනයක ට බැසීම අසීරු නොවේ.

    1. මෙය මිරිස් යෙදූ ආහාරයකි.
    2. මෙය පැසක් ලෙස වැළදිය හැකි, නැතිනම් වැටියක් ආකාර ආහාරයකි."
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    දුටුගැමුණු මහ රජු වැලදූ "මිරිස් වැටිය" සාදා ගන්නා ආකාරය.

    14b6g6o.jpg


    හෙල රජ කල පටන් පැවත එන හෙල ආහාර රටාව වෙනස් කිරීමේ කුමන්ත්‍රණය කාගේද?:no::no:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රතුමිරිස් වාදය දිගටම යන නිසා යමක් කියන්න හිතුනා.

    ...මම අවුරුදු ගණනාවක ඉදලා තදින්ම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා වින්දා. බටහිර සහ දේශිය වෙදකම් බොහෝමයක් කලත් ස්ථිර සුවයක් ලැබුණේ නෑ.

    ...පසුව මමම සොයන්නට වුනා හේතුව...නොයෙක් නොයෙක් වෙනස්කම් කරමින් කෑම හදන් කෑවා. ඉන් මම සොයා ගත්තේ රතු මිරිස්, විනාකිරි සහ සමහර පිටිසහිත ආහාර මගේ රෝගය යළි යළිත් අලුත් කරවන බව.

    ...ඒ නිසාම මම අපේ ‍ගෙදරින් විනාකිරි සහමුලින්මත්, හැකිතාක් රතුමිරිසුත් ඉවත් කලා.

    ...නමුත් රතුපාටට, මිරිස් පාටට නැතිව කන්න හුරු නැති විශේෂයෙන් මස් මාලු වගේ දේවල් කන්න විකල්පයක් යොදා ගත්තා.

    images

    Paprika -Red Bell Pepper Powder
    මෙන්න මේවා පාට මිස සැර නෑ. මේවා දාලා හොද රතු මිරිස් පාටට උයන්න පුලුවන්..... කෑම සැර වෙන්න ගම්මිරිස් සහ අමුමිරිස් දැම්මා.

    පොල් සම්බෝල, ලුණු මිරිස් මළාට කන්නෙ නෑ!!
    විනාකිරි දැම්ම අච්චාරු, සෝස්, චට්නි ඒත් නෑ!!

    ... නමුත් කොච්චි සම්බෝල, විනාකිරි නොයොදා ගෙදරදී සාදාගත් සියඹලා සහ තක්කාලි සෝස්, අඹ චට්නි, රටඉදි සහ සියඹලා චට්නි ආදිය ගසලා අරිනවා අව්ලක් නැතිව.

    අපි කඩෙන් කෑමෙන් 99.9%ක්ම වැළකිලා ඉන්න නිසා තවත් ලේසියි!!

    අහන්නැද්ද "ඔබට සතුටුයිද දැන්?" කියලා.
    ...අත්තටම සතුටුයි!! හේතුව දැන් "සනීපයි"!!!


    රතුමිරිස් දාලා කුකින් ත්‍රෙඩ් දැම්මා කියලා දැන් බණිනවා එහෙම නෙවේ!! ඒවා පරණ ඒවා!!
     
    Last edited:

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    1.jpg


    එහෙනම් එදා සිංහලයාගේ ජනප්‍රියතම "දිය බත් " හදන හැටි.

    අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක්
    එයට දැමීමට බත් වැසෙන තරමට ජලය
    පොල් බෑවක්
    රතුළුණු ගෙඩි 5-6 ක් හෝ රටලුණු ගෙඩි 1 ක්
    වියලි මිරිස් කරල් 5-6 ක්
    දෙහි ගෙඩියකින් බෑවක්
    ලුණු අවශ්‍ය පමණට

    සුද්ද කරපු පොල් කූරක්

    අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට ගෙදර ඉන්න අයට ගානට හදන්නේ නැ නොවැ. හදිසියෙවත් කවුරු හරි අවොත් කියලා තවත් මනුස්සයකුට ඇති මදි වෙන තරමට ටිකක් වැඩියෙන් තමා උයන්නේ පිහන්නේ. සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නොවැ. කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා. හා ඒවා ගැන කතා කරන්න ගියොත් කියන්න යන දේ කියන්න බැරි වෙන හින්දා මෙන්න මෙහෙම කරන්න.
    රෑට කාපුවාම ඉතිරි වෙන බත් ටික දැනට නම් අපි පහුවදා උදේම කන්නේ නැ ඔකේ නිකන් සීතල ගතියක් එක්ක පොඩි පරණ රසක් එන නිසා ඕක එක්කෝ වීසි කරනවා නැත්නම් ඉතින් "හොඳමදේ දරුවන්ට දීලා හැමදාම ඉතිරිවෙන දේ කන අපේ අම්ම කනවා". කරන්න තියෙන්නේ මෙන්න මේ ඉතිරිවෙන බත් ටිකට වතුර ටිකක් වත් කරලා තියන එක විතරයි. හබැයි වතුර දානකොට දාන්න ඕන බත් ටික වැහෙන තරමට විතරයි. මහා ගොඩක් වක්කරනවා එහෙම නෙවෙයි. පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න. හැදුවට පස්සේ මේගැන මතක් උන නිසා ඔන්න පින්තුරයක් ගන්න නම් බැරි උනා.
    පහුවදා උදේ මේ බත් එක අරන් බලන්න අර දාපු වතුර උරාගෙන බත් ඇට ටිකක් පිම්බිලා තියෙනවා වතුරත් අඩුවෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ පොල් ටිකක් ගාන එකයි. පොල් බෑවකින් 1/3 විතර ගාල උණුවතුර ටිකක් වෙන්න දාල හොඳ උකුවට මිටිකිරි තේ කෝප්ප 2/3 විතර හදා ගන්න.දිය කිරි වත් පොල්කිරි ගොඩක් වත් හදා ගන්න එපා එතකොට මේක වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙනවා. රතුළුණු ගෙඩි 5 -6 ක් සුද්ද කරලා හීනියට ලියා ගන්න. රතුළුණු නැතිනම් රටළුණු ගෙඩියකින් 1/2 හෝ 2/3 හෝ උනත් කමක් නැ. හැබැයි රතුළුණු නම් රස වැඩියි.

    කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි.

    Repost nam Sorry
    ඉස්සුවෙ බුකියෙන්

    මම සිංහල. ඇයි අවුල්ද?