නිවන් දකින්ඩනං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    සංසාරෙට එනව කියල එකක් නැහැ මචං. ඒ කියන්නෙ කවුරැවත් හිතාමතා මේ සංසාර චක්‍රයට ඇවිල්ල නැහැ. හේතු ඵල ප්‍රත්‍ය නිසා යලි උප්පත්ති භවයක් සකස් වෙන එක විතරයි වෙන්නෙ. ඒක පටිච්ච සම්පන්න ක්‍රියාවලියක්. කවුරැවත් කරවන දෙයක් නෙමෙයි.
    ඕකෙ ආරම්භය අති සංකීර්ණ ප්‍රත්‍ය ගණනාවක එකතුවක්. මනුෂ්‍යයෙක්ට තියා දෙවියකුගේ මානසික තත්වයට වත් තේරැම් ගන්න බැරි තරං සංකීරණයි. ඕක තේරැම් ගන්න නම් බුදු කෙනෙක් වෙන්නම වෙනව.
    ඕක තේරැම් ගන්න උත්සාහ කරන වෙලාවෙ අනිච්ඡ දුක්ඛ අනත්ත තේරැම් අරගෙන සංසාරෙන් මිදෙන්න උත්සාහ කරා නම් තමයි වටින්නෙ. :yes:

    මටනං හිතෙන්නෙ ජීවිතේ සැපක් කියල බං..
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මටනං හිතෙන්නෙ ජීවිතේ සැපක් කියල බං..


    අනේ පිං සිද්දවෙයි මහත්තයෝ අපිටත් කියා දෙන්නකෝ ඔබතුමා නිරන්තතර සැපයෙන් ඉන්න ක්‍රමය...
    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අනේ පිං සිද්දවෙයි මහත්තයෝ අපිටත් කියා දෙන්නකෝ ඔබතුමා නිරන්තතර සැපයෙන් ඉන්න ක්‍රමය...
    :)

    මානසික (ස්නායු) ලෙඩක් නිසා රස්සාවක් කරගැනීමට පුළුවන්කමක් නැත
    එම නිසා කසාදයක්ද කරගැනීමටද නොහැකි විය. අද මගේ උපන් දිනේ දැන් මට 36යි
    ලස්සන මදි නිසා මෙච්චර කාලෙකට කෑල්ලක් දා ගැනීමටද නොහැකි විය..
    ඒත් මම ගොඩාාාක් සතුටින් ඉන්නෙ...
    මම සින්දු අහනව. එහෙ මෙහෙ යනව...
    හැබැයි මම යහපත් විදියට ඉන්න කෙනෙක්...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මටනං හිතෙන්නෙ ජීවිතේ සැපක් කියල බං..

    උඹ නාකි වෙනකොට, ලෙඩ වෙනකොට, වටේ ඉන්න උන් මැරෙණ කොට, කරදර බාධක සිද්දවෙනකොට, තමන් හිතපු දේ සිද්ද නොවෙනකොට උඹටම තෙරේවී ජීවිතය සැපයිද කියලා..එදාට මට PM එකක් දාපන් .:yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹ නාකි වෙනකොට, ලෙඩ වෙනකොට, වටේ ඉන්න උන් මැරෙණ කොට, කරදර බාධක සිද්දවෙනකොට, තමන් හිතපු දේ සිද්ද නොවෙනකොට උඹටම තෙරේවී ජීවිතය සැපයිද කියලා..එදාට මට PM එකක් දාපන් .:yes:

    උඹට වඩා මම, මරණය සහ ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල හිතල තියෙනව..
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මානසික (ස්නායු) ලෙඩක් නිසා රස්සාවක් කරගැනීමට පුළුවන්කමක් නැත
    එම නිසා කසාදයක්ද කරගැනීමටද නොහැකි විය. අද මගේ උපන් දිනේ දැන් මට 36යි
    ලස්සන මදි නිසා මෙච්චර කාලෙකට කෑල්ලක් දා ගැනීමටද නොහැකි විය..
    ඒත් මම ගොඩාාාක් සතුටින් ඉන්නෙ...
    මම සින්දු අහනව. එහෙ මෙහෙ යනව...
    හැබැයි මම යහපත් විදියට ඉන්න කෙනෙක්...


    මහත්තයෝ ඔබතුමාට

    • මානසික (ස්නායු) ලෙඩක් නිසා රස්සාවක් කරගැනීමට පුළුවන්කමක් නැතිවීම
    • එම නිසා කසාදයක්ද කරගැනීමටද නොහැකි වීම
    • ලස්සන මදි නිසා මෙච්චර කාලෙකට කෑල්ලක් දා ගැනීමටද නොහැකි වීම.
    කියන ඒවා සැප නම් ඒ සැප මට එපා...
    මෙහෙම වෙලත් ඔබතුමා සතුටෙන් සිටීම ගැන ආඩම්බරයි නමුත් ටිකක් ගමුරට හිතුවොත් ඔබතුමා ඔය ඉන්නේ හිත හදාගෙන දුක යටපත් කරගෙන නේද?
    සමහර වෙලාවට මේ යටපත් කරගෙන තියන දුක උඩට මතුවෙන වෙලාවල් ඔබතුමා අත්දැකලා ඇති. සමාවෙන්න මහත්තයෝ මේක සැප නෙමෙයි.
     
    Last edited:

    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    අපි ඉබෙම මෙකට වැටුනා, අපිට Choice එකක් තිබුනෙ නැහැ

    මාත් හිතන්නෙ එහෙමයි :yes:




    ehema watenna kalin api kohe inna adda ban ???


    nawatha aye ehema ibe nowateyi kiyala sahathika wenna puluwanda?
     
    • Like
    Reactions: AnuradhaRa

    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    මානසික (ස්නායු) ලෙඩක් නිසා රස්සාවක් කරගැනීමට පුළුවන්කමක් නැත
    එම නිසා කසාදයක්ද කරගැනීමටද නොහැකි විය. අද මගේ උපන් දිනේ දැන් මට 36යි
    ලස්සන මදි නිසා මෙච්චර කාලෙකට කෑල්ලක් දා ගැනීමටද නොහැකි විය..
    ඒත් මම ගොඩාාාක් සතුටින් ඉන්නෙ...
    මම සින්දු අහනව. එහෙ මෙහෙ යනව...
    හැබැයි මම යහපත් විදියට ඉන්න කෙනෙක්...


    ela

    thawa awurudu 10kin mamath othanama thama
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතනෙ බොරුවට බණ වලි :Pදාගෙන වැඩක් නෑනේ.අන්ධයෝ රෑලක් අලියාගේ හැටි කිව්වා වගේ නිවන ගැන බහුබුත දොඩලා වැඩක් නෑ:yes:

    ත්රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් කියනවනම් උන්වහන්සේලාට වැරදිලයි ත්රිපිටකය සිoහලයට පරිවර්තනය කලේ කියලා,වලස්මුල්ලේ හිමිගේ අර්ථ දැක්වීම් හරියි කියලා , මේ දූපතේ වලස්මුල්ලේ හිමිගේ ත්රිපිටක අර්තදැක්වීම් පිලිබද නිරවද්යභාවයට ලැබුණු නිල අවසරය ලැබිලා ඉවරයි..................:yes:

    කොටින්ම කියනවනම් වලස්මුල්ලේ හිමිට විරුද්දව තර්ක කොරලවත් දැන් වැඩක් නෑ .:yes:

    1) නිවන යනු? සාක්ෂි සහිතව:D



    සාදු සාදු සාදු:cool::cool::cool::cool:

    2) ආර්ය ප්රථම ධ්යානයවත් නොමැතිව ධර්ම දේශනා කිරීම ගැරහිය යුත්තක් බව- සාක්ෂි සහිතව



    3) අස්සාදය, ආදීනව, නිස්සරණයෙන් තොර නිවන් මඟක් මම නොදකිමි. - සාක්ෂි සහිතව




    4) සංඝරත්නයෙන් ප්රශ්ණ විචාරීම සතර අපා ගත වන පාපයක්ද? සාක්ෂි සහිතව



    5) තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සාසනයේ ගුරුවරයා කවුද? සාක්ෂි සහිතව



    6) බණ අසා නිවන් මඟට පිවිසෙමු සාක්ෂි සහිතව



    7) අතහැරීම නිවන් මඟද? සාක්ෂි සහිතව



    8) නිවන් පූර්ණය කිරීම සඳහා වැඩිය යුතු එකම ධර්මය සතර දැහැන් වැඩීම බව. සාක්ෂි සහිතව



    ඉහත කරුණු වලට පටහැනිව යමෙක් බණක් දෙසයිනම් එය බුද්ද ධර්මය නොවේමය///.....................එච්චරයි

    බුදු බණට අවනත වනු..........අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ විභජ්ජවාදියෝ, අලිබාස්කම් කරන භික්ෂූන්ගේ වැදිබණ,බුද්දගෝෂ වැදිබණ, තම පෞද්ගලික මත ඉවත දමව්...........
    :angry::angry::angry::angry::angry::angry::angry:

    bp
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි ඉබෙම මෙකට වැටුනා, අපිට Choice එකක් තිබුනෙ නැහැ

    මාත් හිතන්නෙ එහෙමයි :yes:

    වැටුනා නෙමෙයි මං මෙක තමයි සමනය ස්භාවය. ඔබ හිතපන්කෝ උබ ලිදක පතුලක ඉපදුනා පස්සෙ දැනගන්නවා අපි ඉන්නේ ලිදක ඉන් ගොඩ එන්න මාර්ගයක් තියෙනවා කියලා ඉතින් ඔබ ඉපදුනේ උබේ අනුදැනුමකින් තොරව උනත් ගොඩ වෙන්න පුලුවන් අනුදැනුමකින්

    තෙරුණද මන්දා
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සසර කියයන්නෙ මං අපෙ පැවත්තම මෙ ලොකයේ එය දිගටම පවත්වන්න තමයි ස්භාදහම බලන්නේ එහි ප්‍රතිපලයක් ලෙස තමයි අපිට තණ්හව, රාගය දෙවෙශය දිලා තියෙන්නෙ යම් කොහොතකදි අපිට පුලුවන් අපගේ සිත ශක්තිමත් කර මෙවාවලට ඇති වහල් භවන් මිදෙන්න අන්න එක තමයි නිවන් එයට ඇති මර්ගය තමයි අර්ය අඨ්ංගික මර්ගය කියන්නේ


    මචන් මෙවා කව්ද කොහොමද කියන එක අදාල නැහැ අදාල වෙන්නේ අපි දැන් ඉන්නේ කොහෙද හා ඉදිරියෙදි ය්න්නේ කොහෙද කියන එකයි. එකනිසා තමා කව්ද මේ පසිදුරන් අපිව රවට්ටන විදිහ දකින්න දැකලා නතර වෙන්න බලන්න .... එක පාරටම බැහැ ටික ටික කරන්න

    ලොකය ඇති වෙනවා නැතිවෙනවා මෙක ච්‍රක්‍රියක් හරියට කුකුලාද බීතරයද වගේ ඉතින් එවාවලට පිලිතුරු ලැබුනත් එය එතම් පලක් නැහැ.

    අපිව සසරේ තියන්නේ අපේ කර්මය එහෙම නැතිනම් එයට සුසුදු සාධකයි. හිතන්න ඔබ වැටෙනවා වලකට වලට වැටෙන්න කලින් ඔබට සිහිය නැහැ නමුත් දැන් ඔබ ඉන්නේ වලේ වැටිලා ඉතින් එ බව මුලින් දැනගන්න නැතිනම් ඔබ ඒ වල ගෙදර කරගෙන පොශනය කරගන්නවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සංසාර ගමන දිගටම පවතින්නෙ තෘෂ්ණාව නිසා
    ඒ වුණාට අපේ සංසාර ගමන පටන්ගත්තෙ කොතනින්ද කියන එක තෘෂ්ණාවෙන් පැහැදිලි කරන්ඩ බෑ නේ..

    nikan inna eke bhawana krla apitath kiyapmko wisthara
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,360
    163
    63
    ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ
    එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ :angry:


    එදා කොන්ඩම් එක පිපිරුනේ නැත්නම් උඹට ඔය කතාව කියන්න වෙන්නෙ නෑ...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කර්‍මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්‍මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්‍මය ද?

    මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍ර‍ශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි. බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.

    බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.

    “යම්කිසිවකු විසින් ලෝකයත් සත්ත්වයාත් මුලින් මවන ලද්දේ ය” යනු පිළිගත හැකි ද?
    “දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේ ය” යන මතය ලෝකයේත් සත්ත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නො දැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කර ගත් හැඟීමක් මිස සත්‍යයක් නො වේ. සාදන වඩුවකු නැතිව ඉබේ ම පුටුවක් ඇති නො විය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්ත්වයාත් මවන කෙනකු නැතිව ඉබේ ඇතිවිය නො හැකි ය යි ඔවුහු ගත්හ. ඒ න්‍යායෙහි පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයකු ඔවුන් ගේ සිතින් මවා ගත්හ. ලෝකයත් සත්ත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නො සිතූහ. පුටුව පිළිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නො සිතූහ. ඒ ගැනත් සිතුවා නම්, පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, දේව පරම්පරාවේ මුල නො දැකිය හැකි බවත් පෙනී ඒ වාදය බිඳී යනවා ඇත. තවත් ක්‍ර‍ම කීපයකිනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍ර‍හ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

    ධර්‍ම විනිශ්චය
    මහාචාර්ය

    රේරුකානේ චන්දවිමල

    (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද,

    අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)

    මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින්

    සම්පාදිතයි.