නිවන කියන්නෙ මේකද?

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    නිවන කියන්නෙ මේකද?

    මම හිතෙන්නෙ අපි ආයෙත් සතර මහා ධාතුන් වලට පත් විමක්ද කියා! කර්ම ශක්තිය නැමති බන්ධනය නැති නිසා නැවත ඉපදිමක් නැති වෙනවා හැබයි අපි ස්වභාවධර්මයේ කොටසක් බවට පත් වෙනවා ඒ කියන්නෙ අපි වීශ්වයට එකතු වෙනවා (ශක්තියක් විනාශ කළ නොහැකි තර්කයේ සිට)

    ඒ වගේම වෙනත් ලෝක වලට ස්ථාන වලට ඍද්ධියෙන් යනවා කියන්නෙ ....:nerd:

    මේ විශ්වය සැදි තිබෙන්නෙ මේ සතර මහා ධාතු වලින් ඉතින් මේ ශරිරය මේ මුලික සතර ධාතු වලට හැරවිය හැකි නම් මේ ලොක වල ගමන් කළ හැකිය මන්ද මේ සියල්ල සැදි ඇත්තෙ මේ සතර තුලින්ය නමුත් නොයෙක් විදි හරහා බන්ධයට ලක් කොට මෙවැනි රෑප රැසක් බවට පත් වෙලා තියෙනවා නමුත් මේවායේ යථා තත්වය එසේමයි ඇසට නොපෙන සත්‍යය එයයි. මෙය අභිධර්මයේ පරමාර්ථ ධර්ම වශයෙන් කතා බහ වෙනවා. හරියට අපි ඉන්ටනෙට් යනවා වගෙයි අපි යන්නෙ වාක්‍යයක් ටයිප් කරලා නමුත් ඒක ඉලක්කමක් බවට පරිවර්තනය වෙනවා ඒ හරහා අපිට අවශ්‍ය තැනට යනවා.මේක හරියටය පණිවිඩයක් එන්කොඩර් ඩෙකොඩර් වෙනවා වගේ:D

    මම සොවාන් වි නැත වෙන ලොකු දැනුමක් නැත හිතේ තියෙන දේ දැම්මෙ වැරදි හෝ නිවැරදි වෙන්න පුළුවන්

    ඔබේ අදහස් වලට ඉඩ තිබේ:D:love::love:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු හාමුදුරුවො සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල තව අවුරුදු හයකුත් කට්ට කන්න උනා නේද නිවන් අවබෝධ කරගන්න. ඒ ගැන හිතනකොට මගේ ඔලුව අවුල් වෙනවා.:dull:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    බුදු හාමුදුරුවො සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල තව අවුරුදු හයකුත් කට්ට කන්න උනා නේද නිවන් අවබෝධ කරගන්න. ඒ ගැන හිතනකොට මගේ ඔලුව අවුල් වෙනවා.:dull:

    නිවන ලෝකය තුල සැමදාම පවතිනවා නමුත් මේය සොයා ගත හැක්කෙ බුදුන් කෙනකුට පමණි .ඒක ධර්මයේ තියෙන්නෙ කැළැවක් ඇතුලේ සැග වි ගිය මාලිගාවක් සොයා ගන්නවා සේය (වැරදි නම් නිවැරදි කරන්න)
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු හාමුදුරුවො සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල තව අවුරුදු හයකුත් කට්ට කන්න උනා නේද නිවන් අවබෝධ කරගන්න. ඒ ගැන හිතනකොට මගේ ඔලුව අවුල් වෙනවා.:dull:

    නමුත් නිවැරදි ආකාරයට සතර සතිපට්ඨානය වඩන අයෙකුට නිවන් දැකීම සඳහා ගතවන උපරිම කාලය අවුරුදු හතක් බවත් අවම කාලය දින හතක් බවත් බුදුරජානන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව දේශනා කරල තියෙනව.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    නමුත් නිවැරදි ආකාරයට සතර සතිපට්ඨානය වඩන අයෙකුට නිවන් දැකීම සඳහා ගතවන උපරිම කාලය අවුරුදු හතක් බවත් අවම කාලය දින හතක් බවත් බුදුරජානන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව දේශනා කරල තියෙනව.

    ඒ මාර්ගය පෙන්වා දිමෙන් පසුවය:D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mata thiyena prashne oka neme

    dan niwan dakkahama sith paran parawal nawathinawane,

    ewagema api dan nathi unata wishwayata sathawayo athi wenna sith athi
    wena kramekuth athine

    ara niwanin nawathina sith wishwaye apahu kohe hari athi wena aluth
    sith ekka sambandayak wenna puluwanda kiyana eka
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    nirwardi dey mokada?:(

    කයේ ඒ ඒ කොටස් ඒ ඒ ධාතූන්ට එකතු වෙනවා. විඥාණයේ පැවැත්මට ශරීරය නුසුදුසු නිසාත් වෙනත් තැනක පිහිටන්න හේතූත් අවිජ්ජා නිරෝධයෙන් නැති කරලා තියෙන නිසා විඥාණය නිරුද්ධ වෙනවා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කයේ ඒ ඒ කොටස් ඒ ඒ ධාතූන්ට එකතු වෙනවා. විඥාණයේ පැවැත්මට ශරීරය නුසුදුසු නිසාත් වෙනත් තැනක පිහිටන්න හේතූත් අවිජ්ජා නිරෝධයෙන් නැති කරලා තියෙන නිසා විඥාණය නිරුද්ධ වෙනවා.

    wishwaye විඥාණය hadena than krama thiyenawaa wenna barida, keles නිරුද්ධ වෙනවා. ewagema aluth විඥාණය athi welaa thawa ona tharam sathwayo sansara
    chakrayak patan gannawaa

    me gana nam budun wahanse kiyala naa විඥාණය hata ganna hati
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    wishwaye විඥාණය hadena than krama thiyenawaa wenna barida, keles නිරුද්ධ වෙනවා. ewagema aluth විඥාණය athi welaa thawa ona tharam sathwayo sansara
    chakrayak patan gannawaa

    me gana nam budun wahanse kiyala naa විඥාණය hata ganna hati

    නිරුද්ධ වෙච්ච විඥාණයක නැවත පැවැත්මක් නෑ.

    බුදු හාමුදුරුවෝ විඥාණය නිරුද්ධ කරන මාර්ගය තමයි දේශනා කරේ. ඒකවත් මෙච්චර කල් කරන්න බැරි අපිට හට ගැනීම ගැන කවර කථාද
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කයේ ඒ ඒ කොටස් ඒ ඒ ධාතූන්ට එකතු වෙනවා. විඥාණයේ පැවැත්මට ශරීරය නුසුදුසු නිසාත් වෙනත් තැනක පිහිටන්න හේතූත් අවිජ්ජා නිරෝධයෙන් නැති කරලා තියෙන නිසා විඥාණය නිරුද්ධ වෙනවා.

    පිරිණිවන් පාන්නෙ නිවන් දැකගත් කෙනෙක් නිසා එතැන විඥ්ඥාණ ශක්තියක් ඉතිරි වෙලා නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පිරිණිවන් පාන්නෙ නිවන් දැකගත් කෙනෙක් නිසා එතැන විඥ්ඥාණ ශක්තියක් ඉතිරි වෙලා නැහැ.

    කෙලෙස් නෑ. ඒත් විඥාණය තියෙනවා බන්. විඥාණය නැතිව මනුස්ස ශරීරයේ පැවැත්මක් නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිරිණිවන් පාන්නෙ නිවන් දැකගත් කෙනෙක් නිසා එතැන විඥ්ඥාණ ශක්තියක් ඉතිරි වෙලා නැහැ.

    ඇත්ත. රහත් වෙච්ච කෙනෙකුට සිත් පහල වෙන්නෙ නැ නේ. ඒක නිසා ඔ්න දෙයක් කන්න, ඔ්න දෙයක් විදින්න පුලුවන්.
    එයා කැමක් කෑවට ඒක රස බලන්නනේ නැ.
    ඒවගෙද අපට ටොපියක් කැවොත් අනන්ත සිත් සංඛාවක් පහල වෙලා.
    එවගෙම මරණයේදි පහල වෙන සිත කෙහේ හෝ ප්‍රතිසන්ධි වෙනවමයි. රහත් වුණහම මරණයේදි සිතක් පහල වෙන්නේනැ. ඉතින් ආයේ ප්‍රතිසන්ධි වෙන්න මුකුත් නැ.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ශක්තිය මැවීම හෝ නැසීම ගැන කිව්වෙ නිව්ටන් කාරයනෙ. ඒ නිසා එය අපිට අදාල නැත. නිවන කියන එක දකින්න හරි අමාරුයි. හැබැයි නිවන තියනවා. ඒක සිතට අරමුනු වෙන්නෙ සුවිශේශ අවස්තාවල විතරයි. අපිට ඒ ගැන කරන්න වෙන්නෙ උපකල්පනයක් විතරයි.
    මම හොද exercise එකක් කියන්නම්. පුලුවන්නම ඇස් දෙක පියාගෙන කල්පනා කරල හොයපන් අපේ කියල අපිට ඕනෙ හැටියට පවත්වන්න දෙයක් අපි ගාව තියනවඩ්ජ කියල..
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කෙලෙස් නෑ. ඒත් විඥාණය තියෙනවා බන්. විඥාණය නැතිව මනුස්ස ශරීරයේ පැවැත්මක් නෑ.

    විඥ්ඥාණය කියන්නෙ ස්ථිරව පවතින දෙයක් නෙවෙයි.කෙලෙස් නිසා නැවත නැවත හටගන්න දෙයක්.කෙලෙස් නැති නිසා අලුතින් විඥ්ඥාණයක් හටගන්න විදියක් නෑ.අරහතුන් වහන්සේලා විඥ්ඥාණයෙන් කටයුතු කරන්නෙ නෑ.