නිවන

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් ex-muslim Ahmed,

වාක්‍ය වල කොමාවන් භාවිතය පිළිබඳව මම තවත් ටිකක් ඉගෙන ගන්න ඕනෑ යැයි හිතනවා. මොකද කොමාවන් භාවිතා කිරීම හෝ නොකිරීම අනුව සමහර වාක්‍ය වල අර්ථයන් වෙනස් වෙනවා. ඒ නිසා මම තව ටිකක් භාෂාව ඉගෙන ගෙන සුදුසු යැයි හිතුනොත් දැනට මගේ වෙබ් අඩවියේ සඳහන්ව ඇති අප මේ කතා කරපු කොටස සහ අන් කොටස් සුදුසු පරිදි මතුවට වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු ඇති, නමුත් දැනට ඇති කරුණු වල විශේෂයෙන් සඳහන් කල යුතු භාෂාත්මක වැරැද්දක් මම දැනට දකින්නේ නැහැ. නමුත් මගේ භාෂා දැනුම තව වැඩි දියුණු කර ගත්තොත් මම කියන දේ භාෂාවට අනුව වඩාත් පැහැදිලිව හා නිවැරදිව කියන්නත්, මම කියන කාරණා වල අර්ථයන් අන් අය ව්‍යාකූල ලෙස වටහා ගැනීමට ඇති හැකියාව අඩු වෙන්නත් එය හේතුවක් වෙනවා.

සමහර සට කපට පුද්ගලයින් අසන ප්‍රශ්න වලට උත්තර දෙන්න යාම ප්‍රයෝජනවත් නැහැ. ඔවුන් අප පවසන ලද නිවැරදි දෑ වල වැරැද්දක් දකින්නේ කවර හේතුවක් නිසාදැයි තෝරාගැනීමත් සමහරක් විට දුෂ්කරයි, සමහරක් විට නිෂ්ඵලයි. මාළුවෙක් පීනපු පාර මාළුවා පීනීමෙන් වතුරේ ඇති වූ සළකුණු වලින් හොයන්න යනවා වගේ අපහසුයි සමහර සට කපට පුද්ගලයින් අප පවසන ලද නිවැරදි දේ වල වැරැද්දක් දකින්නේ කවර හේතුවක් නිසාදැයි නිශ්චිත කරගන්න යෑම.

උදාහරණයකට "නිවනට පෙරත් මම නැත." සහ "නිවනට පසුත් මම නැත." යන පරමාර්ථ අර්ථයන් ලෝක ව්‍යවහාරයෙන් සම්මත මම විසින් වැරදියැයි පවසා නැති බව ලෝක ව්‍යවහාරයෙන් සම්මත ඔබත් දන්නවා, ජිංතක ජිල්ලබකිටත් දන්නවා, මමත් දන්නවා, තවත් බොහෝ පිරිසක් ඒ විදිහටම දන්නවාත් ඇති, ඒ විදිහටම මතුවටත් දකීවි. මම 'නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද?' යන්න අදාල ඡේදයේ සදහන් කරමින් ඔබෙන් අන් යමක් විමසා ඇත්තේත් නිවැරදි අර්ථයට අනුවමයි, ඔබ උත්තර දී ඇත්තේත් නිවැරදි අර්ථයට අනුවමයි. ඉතින් එහෙම එකේ යම් අයෙක් එම ඡේදයේදී "නිවනට පෙරත් මම නැත." සහ "නිවනට පසුත් මම නැත." යන පරමාර්ථ අර්ථ වැරදි යැයි හැඟවෙන පරිදි මම වාක්‍ය ලියා තිබෙනවා යැයි කියනවානම් ඒ පුද්ගලයා එසේ කියන්නේ ඇයි දැයි යන්න නිශ්චය කරගන්නේ කෙසේද? එහිදී එක්කෝ ඒ පුද්ගලයාගේ භාෂා දැනුම දුර්වල නිසා එසේ සිතනවා වෙන්න පුළුවන්. සමහරක් විට නැති වැරදි ඇති වැරදි ලෙස පෙන්වන්න ඒ පුද්ගලයා ඔබෙයි මගෙයි සංචාදය යම් නිවැරදි අර්ථයකට අනුව පැවතියාද ඒ නිවැරදි අර්ථය වැසෙන පරිදි වැරදි අර්ථයක් බලෙන්ම ඉස්මතු කරලා පෙන්වන්න කටයුතු කරනවා වෙන්නත් පුළුවන්. ඔය හේතු දෙක ගැන සැලකීමේදී, ඒ පුද්ගලයා වැරදි අර්ථයක් ගැන කතා කරන්නේ ඇයි දැයි ඔබ හෝ මම නිශ්චිත කරගන්නේ කෙසේද? සට කපට පුද්ගලයින්ගේ එවන් ක්‍රියාවන්ට හේතු නිශ්චිත කරන්න යෑම මාළුවෙක් පීනපු පාර මාළුවා පීනීමෙන් වතුරේ ඇති වූ සළකුණු වලින් හොයන්න යනවා වගේ අපහසුයි.

ඒ නිසා සමහර සට කපට පුද්ගලයින් අසන ප්‍රශ්න වලට උත්තර දෙන්න යෑම ප්‍රයෝජනවත් නැහැ. ඔවුන් සමහරක් විට ප්‍රශ්න අහන්නෙත් අධර්මය සහ අවිනය ඉස්මතු වන පරිදි. අපි පැහැදිලි කරලා දුන්නාට සමහර ඒ පුද්ගලයෝ වටහා ගන්නෙත් නැහැ. තවත් විටෙක වටහා ගත්තත් නොවැටහුනා වාගේ ඒ පුද්ගලයින් අන් අයට ප්‍රදර්ශනය කරනවා අපේ මනා පැහැදිලි කිරීම් නොමනා යැයි අන් අයට හැඟෙන්න.

Skylark
 
selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    "මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? නිවන සුව යැයි කියන අය නිවන් අවබෝධය ලැබ කය බිඳී පිරිනිවීමෙන් පසුවත් සුව විදින කෙනෙක් ඉන්නවා හෝ සුව විදීමක් තියෙනවා යන අදහසිනුයි එහෙම කියන්නේ. ඒ නිසා නිවන සුව යැයි කියන අය "මම" කියන දෘෂ්ටිය නිසාමයි නිවන සුව යැයි කියන්නේ. නිවන සුව යැයි කීමත් "මම" යන දෘෂ්ටියට අනුරූප කීමක්. නිවන ගැන සුව යැයි හෝ ශූන්‍යතාවයක් යැයි හෝ වෙන කිසිම දෙයක් කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒ කියන හැමෝම දහම් පටලවාගෙන. එහෙම කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය.

    යම් අයෙක් ඉහත පරිදි කීවොත් ඔබ ඒ ගැන කවර අදහසක් දරනවාද? එම කීම් ධර්මයට ගැලපේ යැයි හිතනවාද, නැත්නම් එම කීම් ධර්මය වරදවා වටහා ගන්නා ලද නිසා කියන ලදැයි හිතනවාද?

    නිල් පාටින් ඇත්තේ ඔබ ටික දවසකට කලින් උපුටාදක්වපු ඡේදය.
    රතුපාටින් ඇත්තේ, ඔබ එය උපුටා දක්වමින් (මුස්ලිම් යාලුවාගෙන් ) අසනලද පැනය

    මේ තියෙන්නේ ,ඒකට මුස්ලිම් යාලුවා දුන්න පිලිතුර.
    " එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ.

    එවිට ඔබ කියනවා ,ඔහුට පිලිතුරු දෙමින්..

    "එය එසේමයි. එවැනි අය ධර්මයට නොගැලපෙන යමක්මයි කියන්නේ."

    එයින් හැගෙන්නේ ,එම ඡේදයේ පරිදි යමකු පැවසුවොත් ඔහු ධර්මය වරද්දා ගත්තකු බවයි.

    -------------------------------------------------------------------------------------

    අද දින ඔබ පැහැදිලි කිරීමක් කරනවා මෙහෙම....

    ඉතින් එහෙම එකේ යම් අයෙක් එම ඡේදයේදී "නිවනට පෙරත් මම නැත." සහ "නිවනට පසුත් මම නැත." යන පරමාර්ථ අර්ථ වැරදි යැයි හැඟවෙන පරිදි මම වාක්‍ය ලියා තිබෙනවා යැයි කියනවානම් ඒ පුද්ගලයා එසේ කියන්නේ ඇයි දැයි යන්න නිශ්චය කරගන්නේ කෙසේද?

    එයට මා එකගයි. මගේ අදහස උනෙත් එයයි.එය මා විසින් මේත්‍රෙඩ් එකෙත් දැම්ම ටික දවසකට කලින්

    -----------------------------------------------------------------------------------

    උබ උබගේ බාශාහැකියාව වැඩිකරගන්න ඔනි වගේ දෙයක් කියලා තිබ්බ.. මම ගැන සාධනීය අදහසක් කියන්නම්. උබේ කොමෙන්ට් /සයිට් එකේ බාශා විලාසය ටිකක් තෙරිරෙනවා මදි මටනම්. උදාහරනයක් ලෙස නිතර එන ඉතා දිග වාක්‍ය,තද ලිකිත ( මෝ ෆෝමල් ) භාශා විලාශයෙන් ටිකක් ඈත් උනොත් කාටත් ප්‍රවෝජනවත් වෙවි.ලන්කාවේ සාමාන්ය සින්හල පත්තර/සින්හල වෙබ් සයිට් වල ඇති බාශා විලාශය තමයි අපට වඩාත් හුරු. එහෙම නොවෙද්දී ටිකක් දුර කියවලා අතහරින්න හිතෙනවා. ඒක මගේ පවුද්ගලික මතය.උබ ඒගැන හිතා බලපන්.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;20577657 said:
    Quote:
    Originally Posted by mmaxx
    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන.ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)

    http://www.elakiri.com/forum/showpost.php?p=18318634&postcount=75

    පිංවත් ස්කයිලාක්,

    දුටුවාද අභිධර්මයේ කෙලෙපැමිණියෙකු, විද්‍යාවත් ආත්මයත් පත් අට එකට සිඳුවා නිවන් දොර නහවන අයුරු? මට නම් සිනහ පහලවෙනවා මේවා කියවලා.
    :lol::lol::lol:

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    සිනහවට කාරණාවක්මයි!

    ඒත් ඉතින් ඔය "වැරදි වෙන්න පුළුවන්." කියලත් තියෙනවානේ. ඒ නිසා අපේ නොපිළිගැන්ම දක්වන්න හිනා වෙලා එතනින් නවතිමු. මොකද මේ සමහර පුද්ගලයින් කරන දේවල් දැක්කාම මේ ආකාරයට හිතන්න කියලාවත් කියන්න අපිට හිතෙන්නේ නැහැනේ. වැරදෙන එක බොහෝ අයට සිදුවෙනවා. මටත් වැරදෙනවා. නමුත් සමහරු තමන්ගේ වැරැද්ද හදාගන්න ඉඩ නොතබාම බුදු හාමුදුරුවෝත් ඉක්මවා දහම් දෙසන්න යනවානේ. අන්න එතකොට ඒ අයට පොඩ්ඩක් හරි නිවැරදි තැනට එන්න අපට හැකි පමණින් උදව් උපකාර කරන්න අපට හිතෙන්නෙත් නැහැ, අනික අපි උත්සාහ කරොත් ආපහු බුදු හාමුදුරුවෝත් ඉක්මවා තමන් කියන කාරණාවන් අපට ගෙන හැර පාවි.

    සිනහවට කාරණාවක්මයි!

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? නිවන සුව යැයි කියන අය නිවන් අවබෝධය ලැබ කය බිඳී පිරිනිවීමෙන් පසුවත් සුව විදින කෙනෙක් ඉන්නවා හෝ සුව විදීමක් තියෙනවා යන අදහසිනුයි එහෙම කියන්නේ. ඒ නිසා නිවන සුව යැයි කියන අය "මම" කියන දෘෂ්ටිය නිසාමයි නිවන සුව යැයි කියන්නේ. නිවන සුව යැයි කීමත් "මම" යන දෘෂ්ටියට අනුරූප කීමක්. නිවන ගැන සුව යැයි හෝ ශූන්‍යතාවයක් යැයි හෝ වෙන කිසිම දෙයක් කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒ කියන හැමෝම දහම් පටලවාගෙන. එහෙම කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය.

    යම් අයෙක් ඉහත පරිදි කීවොත් ඔබ ඒ ගැන කවර අදහසක් දරනවාද? එම කීම් ධර්මයට ගැලපේ යැයි හිතනවාද, නැත්නම් එම කීම් ධර්මය වරදවා වටහා ගන්නා ලද නිසා කියන ලදැයි හිතනවාද?

    නිල් පාටින් ඇත්තේ ඔබ ටික දවසකට කලින් උපුටාදක්වපු ඡේදය.
    රතුපාටින් ඇත්තේ, ඔබ එය උපුටා දක්වමින් (මුස්ලිම් යාලුවාගෙන් ) අසනලද පැනය

    මේ තියෙන්නේ ,ඒකට මුස්ලිම් යාලුවා දුන්න පිලිතුර.
    " එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ.

    එවිට ඔබ කියනවා ,ඔහුට පිලිතුරු දෙමින්..

    "එය එසේමයි. එවැනි අය ධර්මයට නොගැලපෙන යමක්මයි කියන්නේ."

    එයින් හැගෙන්නේ ,එම ඡේදයේ පරිදි යමකු පැවසුවොත් ඔහු ධර්මය වරද්දා ගත්තකු බවයි.

    -------------------------------------------------------------------------------------

    අද දින ඔබ පැහැදිලි කිරීමක් කරනවා මෙහෙම....

    ඉතින් එහෙම එකේ යම් අයෙක් එම ඡේදයේදී "නිවනට පෙරත් මම නැත." සහ "නිවනට පසුත් මම නැත." යන පරමාර්ථ අර්ථ වැරදි යැයි හැඟවෙන පරිදි මම වාක්‍ය ලියා තිබෙනවා යැයි කියනවානම් ඒ පුද්ගලයා එසේ කියන්නේ ඇයි දැයි යන්න නිශ්චය කරගන්නේ කෙසේද?

    එයට මා එකගයි. මගේ අදහස උනෙත් එයයි.එය මා විසින් මේත්‍රෙඩ් එකෙත් දැම්ම ටික දවසකට කලින්

    -----------------------------------------------------------------------------------

    උබ උබගේ බාශාහැකියාව වැඩිකරගන්න ඔනි වගේ දෙයක් කියලා තිබ්බ.. මම ගැන සාධනීය අදහසක් කියන්නම්. උබේ කොමෙන්ට් /සයිට් එකේ බාශා විලාසය ටිකක් තෙරිරෙනවා මදි මටනම්. උදාහරනයක් ලෙස නිතර එන ඉතා දිග වාක්‍ය,තද ලිකිත ( මෝ ෆෝමල් ) භාශා විලාශයෙන් ටිකක් ඈත් උනොත් කාටත් ප්‍රවෝජනවත් වෙවි.ලන්කාවේ සාමාන්ය සින්හල පත්තර/සින්හල වෙබ් සයිට් වල ඇති බාශා විලාශය තමයි අපට වඩාත් හුරු. එහෙම නොවෙද්දී ටිකක් දුර කියවලා අතහරින්න හිතෙනවා. ඒක මගේ පවුද්ගලික මතය.උබ ඒගැන හිතා බලපන්.

    පින්වත් ex-muslim Ahmed,

    ඔබේ උත්තරේ මේකලු:

    " එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ.

    ඒකට මගේ උත්තරේ මේකලු:

    "එය එසේමයි. එවැනි අය ධර්මයට නොගැලපෙන යමක්මයි කියන්නේ."

    ඊට පස්සේ මමම ලියලා මමම උත්තර දුන්න ප්‍රශ්නයකට එකඟයිලු:

    ඉතින් එහෙම එකේ යම් අයෙක් එම ඡේදයේදී "නිවනට පෙරත් මම නැත." සහ "නිවනට පසුත් මම නැත." යන පරමාර්ථ අර්ථ වැරදි යැයි හැඟවෙන පරිදි මම වාක්‍ය ලියා තිබෙනවා යැයි කියනවානම් ඒ පුද්ගලයා එසේ කියන්නේ ඇයි දැයි යන්න නිශ්චය කරගන්නේ කෙසේද?

    ඕං මම නම් නෑ ඕවට. ලියලා තියෙන සම්පූර්ණ දේවල් කියවලා ඒවගෙ අර්ථ තේරුම් ගන්නෙත් නැතුව, ඒ ඒ තැන්වලට අනුව ප්‍රශ්නයටද එකඟ විය යුත්තේ නැත්නම් පිළිතුරටද එකඟ විය යුත්තේ යන්න ආදියත් හරි හැටි තේරුම් ගන්නේ නැතුව කියනා කීම් ගැන අපි මොනවා කරන්නද? අනික මට නම් වැටහෙන්නේ නැහැ මේ හැබෑවටම භාෂාව පිළිබඳ දැනුම අඩු නිසාද නැත්නම් මඩ ගහන්න මඩ සොයා ගන්න අපහසු වීම නිසා මඩ සාදාගන්න උත්සාහයක් හැටියටද මමයි ඔබයි කියන ලද කරුණු වලින් කොටස් කොටස් වැරදි අර්ථයන්ගෙන් හරි ව්‍යාකූල ස්වරූපයන්ගෙන් හරි උපුටාගෙන දක්වන්නේ කියලා.

    හැබෑවටම භාෂාව පිළිබඳ දැනුම අඩු නිසා ඉහත පරිදි කියනවා නම් අපි නිවැරදි අර්ථය ග්‍රහනය කරගන්න උපකාර කරන්න ඕනෑ. උපකාර නොකර ඉන්න එක අපිට අපි ගැනම ලැජ්ජා වෙන්න ඕනෑ කාරණාවක්. ඒත් ඉතින් ඔබ දකින්න ඇතිනේ අර නිර සතුන් ගිය මඟ ඔස්සේ!!! [ http://www.elakiri.com/forum/showthread.php?t=1754494 ] සහ තවත් ත්‍රෙඩ් වල සිද්ධ වෙච්ච දේවල්. ඒ හේතූන් නිසා සැබෑවටම භාෂාව පිළිබඳ දැනුම අඩු නිසා ඉහත පරිදි කියනවා උනත් එහෙම නම් අපි උදව් කල යුතු උවත් අපි කල යුතු හොඳම දේ තමයි උදව් නොකර ඉන්න එක. ඒ සට කපට කම් පෙන්වන පුද්ගලයින්ගේ අදහස් සැබෑවටම තේරුම් ගන්න අපට නොහැකි නිසා. එය මාළුවෙක් පීනපු පාර මාළුවා පීනීමෙන් වතුරේ ඇති වූ සළකුණු වලින් හොයන්න යනවා වගේ අපහසුයි. ඉතින් අපිට කරන්න ඉතිරිවන හොඳම දේ තමයි උදව් නොකර ඉදීම.

    ඔය කැමති දෙයක් කියා ගත්තාවෙ. සමහරක් විට නිවැරදි දේවලුත් කියාවි, සමහරක් විට පෙර කලා වගේ බොරුත් තව තව කියාවි. සමහර විට ඇත්තටම භාෂාව පිළිබඳ වැටහීම මඳ නිසා කියනවා වෙන්නත් පුළුවන්, සමහර විට පුන පුනා මඩ සාඳාගන්න ගන්න උත්සාහයක් වෙන්නත් පුළුවන්.

    Skylark
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    පින්වත් ex-muslim Ahmed,

    ඔබේ උත්තරේ මේකලු:

    " එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ.

    ඒකට මගේ උත්තරේ මේකලු:

    "එය එසේමයි. එවැනි අය ධර්මයට නොගැලපෙන යමක්මයි කියන්නේ."

    [/SIZE][/SIZE] Skylark[/SIZE]

    ලු නෙවේ එහෙමම තමයි.....

    නාගත්ත තැන පෙන්නද්දී, දුන්න උත්තරත් අමතක වෙනවා ඔහොම තමයි.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    One day skylark says......

    පින්වත් ex-muslim Ahmed,

    යම් අයෙක් ඔබට මෙසේ කියනවා යැයි හිතමු:

    "මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? නිවන සුව යැයි කියන අය නිවන් අවබෝධය ලැබ කය බිඳී පිරිනිවීමෙන් පසුවත් සුව විදින කෙනෙක් ඉන්නවා හෝ සුව විදීමක් තියෙනවා යන අදහසිනුයි එහෙම කියන්නේ. ඒ නිසා නිවන සුව යැයි කියන අය "මම" කියන දෘෂ්ටිය නිසාමයි නිවන සුව යැයි කියන්නේ. නිවන සුව යැයි කීමත් "මම" යන දෘෂ්ටියට අනුරූප කීමක්. නිවන ගැන සුව යැයි හෝ ශූන්‍යතාවයක් යැයි හෝ වෙන කිසිම දෙයක් කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒ කියන හැමෝම දහම් පටලවාගෙන. එහෙම කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය.

    යම් අයෙක් ඉහත පරිදි කීවොත් ඔබ ඒ ගැන කවර අදහසක් දරනවාද? එම කීම් ධර්මයට ගැලපේ යැයි හිතනවාද, නැත්නම් එම කීම් ධර්මය වරදවා වටහා ගන්නා ලද නිසා කියන ලදැයි හිතනවාද?

    Skylark

    His golaya aproved it immediately
    එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ. ධර්මය වරදවා වටහාගෙන ඇති බවයි හැඟෙන්නේ. "නිබ්බානං පරමං සුඛං" යන බුදුවදනට එරෙහිව යන අය වෙන්න ඕනෑ ඒ කට්ටිය. ඔබේ "නිවන යනු කුමක්ද" පිලිතුරෙන් මේ ගැන තවත් පැහැදිලි වනවා. පරිශුද්ධ ශුන්‍යතාව සහ පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව ගැන අපූරු විග්‍රහයක් තියෙනවා නේ. බොහොම පින් ලැබේවා මේකට මැදහත් වෙලා නියම දිශාවට සංවාදය යොමු කලාට.

    http://www.trekmentor.com/si/content/book/652

    another day skylark says......

    පින්වත් ex-muslim Ahmed,

    වාක්‍ය වල කොමාවන් භාවිතය ........

    උදාහරණයකට "නිවනට පෙරත් මම නැත." සහ "නිවනට පසුත් මම නැත." යන පරමාර්ථ අර්ථයන් ලෝක ව්‍යවහාරයෙන් සම්මත මම විසින් වැරදියැයි පවසා නැති බව ලෝක ව්‍යවහාරයෙන් සම්මත ඔබත් දන්නවා, ජිංතක ජිල්ලබකිටත් දන්නවා, මමත් දන්නවා, තවත් බොහෝ පිරිසක් ඒ විදිහටම දන්නවාත් ඇති, ඒ විදිහටම මතුවටත් දකීවි. මම 'නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද?' යන්න අදාල ඡේදයේ සදහන් කරමින් ඔබෙන් අන් යමක් විමසා ඇත්තේත් නිවැරදි අර්ථයට අනුවමයි, ඔබ උත්තර දී ඇත්තේත් නිවැරදි අර්ථයට අනුවමයි. ඉතින් එහෙම එකේ යම් අයෙක් එම ඡේදයේදී "නිවනට පෙරත් මම නැත." සහ "නිවනට පසුත් මම නැත." යන පරමාර්ථ අර්ථ වැරදි යැයි හැඟවෙන පරිදි මම වාක්‍ය ලියා තිබෙනවා යැයි කියනවානම් ඒ පුද්ගලයා එසේ කියන්නේ ඇයි දැයි යන්න නිශ්චය කරගන්නේ කෙසේද? එහිදී එක්කෝ ඒ පුද්ගලයාගේ භාෂා දැනුම දුර්වල නිසා .......

    ඒ නිසා සමහර සට කපට පුද්ගලයින්......
    Skylark

    කොහොමද නෑම...

    ----------
     
    Last edited: