නිවන

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    නිබ්බානසුඛ සූත්‍රයේ ඇති පරිදි උදායි තෙරණුවෝත් ඔවැනිම ප්‍රශ්නයක් අහපුවාම සැරියුත් තෙරුණොවෝ විස්තර ඇතිව උත්තර දීලා තියෙන්නේ. කියවලා බලන්නකෝ.

    Skylark

    ඒක කියෙව්වට තේරෙන්නෙ නෑනෙ. ලියල තියන භසාව අවුල්
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඒක කියෙව්වට තේරෙන්නෙ නෑනෙ. ලියල තියන භසාව අවුල්

    පින්වත් asanka+++,

    එහෙමනම් හොදම වැඩේ තමයි ඒ භාෂාව පුරුදු වෙන එක. එතකොට මතු මතුවටත් වටිනා දහම් කියවලා දැනගන්න හැකි වෙනවා.

    එත් මම හෙට විතර වෙනකොට තවත් විස්තර ටිකක් සරල භාෂාවෙන් දක්වන්නම්කෝ. සූත්‍රයත් පොඩ්ඩ පොඩ්ඩ හරි බලලා දැනට මෙහෙම හිතන්න: ශූන්‍ය වෙන්නේ රෝග ස්වභාවයන්, ශූන්‍ය වෙන්නේ දුක් ස්වභාවයන්. ශූන්‍ය නොවුනොත් රෝග ස්වභාවයන් දැනෙනවා, ශූන්‍ය නොවුනොත් දුක් ස්වභාවයන් දැනෙනවා.

    Skylark
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    නිවන.. කකා බිබී,බෝල ගසමින්, ඕටී කරමින්,පෝයට පන්සල් යමින් ඉන්න සාමාන්‍ය හුදී ජනයාට පොඩි අයිඩියා එකක්වත් මේගැන ගත නොහැක්කේ "මම" යන සම්මුතිය පනවාගෙන ඉන්න නිසාය.
    මම ඉන්නවා..(පන්තියේ නම ලකුනු කරද්දී කියන්නේ ඔහොම )
    මට සීතල දැනෙනවා..
    "මම" මේ භවය ඉවර උනාම ,නැවත ඉපදෙලා "මම" අයෙත් ඉන්න/පවතින්න ගන්නවා.

    ("මම" සම්මුතිය පමනක් නෙවෙයි.. පන්සලේ පොඩි හාමුදුරුවෝ, අල්ලපු ගෙදර අක්ක, රහතුන් වහන්සේ ,අපේ මාම ආදී වශයෙන් මේ ඔක්කොම පනවගෙනනේ ඉන්නේ )

    "මම" ත් එක්ක මේ නිවන තේරුම ගන්න බැරිය.. මොකදදෙන්න එකිනෙකට විරුද්ද්ධය.ඒනිසා වැඩේ කරන්න බැරිය..

    ඔන්න ඔහොම හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් , බුදුදහමේ එන නිවන යන සන්කල්පය ගැන හිතන්න ගන්නවා.එතකොට එයාලට හිතෙන්න ගන්නව නිවනට පසු "මම" කියන කෙනාට (අපේ ලොකු මාමට ),ඒදැනීමට මොකද වෙන්නේ කියල.ඔන්න එතකොට ශුන්‍යත්වය කියන වශනය දාල මේක පැහැදිලි කරගන්න හදනවා.නිවන යනු ශුන්‍යතාවයද කියලා අහන්න ගන්නවා.(වචනෙන් එහෙම පැහැදිලි කරන්න පුලුවන්නම් , ඔච්චර පට්ඨාන දර්මය දේශනා කරපු බුදුහාමුදුරුවෝම ඔක හොදට පැහැදිලි කරනවානේ )

    නිවනට පසු මම (රහතන්වහන්සේ)ඉන්නවාද අහපුවාම උත්තරදීලනැත්තේ අන්න ඒනිසා.
    ප්‍රශ්නය අව්‍යාකෘතයි කීවානේ.හේතුව ප්‍රශ්නය වැරදියි කියලයි කියැවෙන්නේ.(කොස් ගෙඩියේ බර ඇම්පියර් කීයද වගේ ).මොකද "මම" සත්‍යවශයෙන්ම නොමැතිනිසා.එනම්, නිවනට පෙරත් "මම"නැතිනම්, නිවනට පසු කොහේ ඉන්න "මමෙක්"ද? ඒකයි ප්‍රශ්නය අව්‍යාකෘත කිව්වේ.

    එහෙනම් මේ ඉන්නේ කවුද.....
    ඉන්නේ "මම" නොවේ. පුද්ගලයෙක් නොවේ.ඇත්තේ ක්‍රියාවලියකි.
    පටිච්ච සමුප්පද, හෙවත් හේතුපල/පල හෙතු ක්‍රියාවලියකි.
    "හේතුන් පටිච්ච සම්භුතන්, හේතු භන්ගා නිරුජ්ජතී"
    (පසුවට...... සැයු. මේ මගේ අදහසයි )

    • Like
    Reactions: sgrdk1

    පහත දැක්වෙන ලිපිනයට ගොස් එම ලිපිය කියවා බලන්න. යම් අපැහැදිලි බවක් ඇත්නම් දන්වන්න.

    නිවන යනු කුමක්ද?
    http://www.trekmentor.com/si/content/book/652

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නිවන.. කකා බිබී,බෝල ගසමින්, ඕටී කරමින්,පෝයට පන්සල් යමින් ඉන්න සාමාන්‍ය හුදී ජනයාට පොඩි අයිඩියා එකක්වත් මේගැන ගත නොහැක්කේ "මම" යන සම්මුතිය පනවාගෙන ඉන්න නිසාය.
    මම ඉන්නවා..(පන්තියේ නම ලකුනු කරද්දී කියන්නේ ඔහොම )
    මට සීතල දැනෙනවා..
    "මම" මේ භවය ඉවර උනාම ,නැවත ඉපදෙලා "මම" අයෙත් ඉන්න/පවතින්න ගන්නවා.

    ("මම" සම්මුතිය පමනක් නෙවෙයි.. පන්සලේ පොඩි හාමුදුරුවෝ, අල්ලපු ගෙදර අක්ක, රහතුන් වහන්සේ ,අපේ මාම ආදී වශයෙන් මේ ඔක්කොම පනවගෙනනේ ඉන්නේ )

    "මම" ත් එක්ක මේ නිවන තේරුම ගන්න බැරිය.. මොකදදෙන්න එකිනෙකට විරුද්ද්ධය.ඒනිසා වැඩේ කරන්න බැරිය..

    ඔන්න ඔහොම හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් , බුදුදහමේ එන නිවන යන සන්කල්පය ගැන හිතන්න ගන්නවා.එතකොට එයාලට හිතෙන්න ගන්නව නිවනට පසු "මම" කියන කෙනාට (අපේ ලොකු මාමට ),ඒදැනීමට මොකද වෙන්නේ කියල.ඔන්න එතකොට ශුන්‍යත්වය කියන වශනය දාල මේක පැහැදිලි කරගන්න හදනවා.නිවන යනු ශුන්‍යතාවයද කියලා අහන්න ගන්නවා.(වචනෙන් එහෙම පැහැදිලි කරන්න පුලුවන්නම් , ඔච්චර පට්ඨාන දර්මය දේශනා කරපු බුදුහාමුදුරුවෝම ඔක හොදට පැහැදිලි කරනවානේ )

    නිවනට පසු මම (රහතන්වහන්සේ)ඉන්නවාද අහපුවාම උත්තරදීලනැත්තේ අන්න ඒනිසා.
    ප්‍රශ්නය අව්‍යාකෘතයි කීවානේ.හේතුව ප්‍රශ්නය වැරදියි කියලයි කියැවෙන්නේ.(කොස් ගෙඩියේ බර ඇම්පියර් කීයද වගේ ).මොකද "මම" සත්‍යවශයෙන්ම නොමැතිනිසා.එනම්, නිවනට පෙරත් "මම"නැතිනම්, නිවනට පසු කොහේ ඉන්න "මමෙක්"ද? ඒකයි ප්‍රශ්නය අව්‍යාකෘත කිව්වේ.

    එහෙනම් මේ ඉන්නේ කවුද.....
    ඉන්නේ "මම" නොවේ. පුද්ගලයෙක් නොවේ.ඇත්තේ ක්‍රියාවලියකි.
    පටිච්ච සමුප්පද, හෙවත් හේතුපල/පල හෙතු ක්‍රියාවලියකි.
    "හේතුන් පටිච්ච සම්භුතන්, හේතු භන්ගා නිරුජ්ජතී"
    (පසුවට...... සැයු. මේ මගේ අදහසයි )

    :yes: මෙම ප්‍රශ්නය සඳහා ලබාදිය හැකි හොඳම පිලිතුරක් ඔබ ලබා දී තිබෙනව
     
    අති පූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත භික්ෂූන් වහන්සේ (1870-1949),

    dhamma14.jpg

    අතිපූජ්‍ය රාජිගිරියේ අරියඥාන භික්ෂූන් වහන්සේ හා තවත් මියන්මාරයේ වැඩ වාසය කරන ඕස්ට්‍රේලියන් ජාතික භික්ෂූන් වහන්සේ නමක්, මේ තුන් නමම තමන් අවබෝධය ලබපු ආකාරය ඉතාම පැහැදිලිව ලිඛිතව ඉදිරිපත් කරල තියෙනවා.

    විශේෂත්වය වෙන්නේ, ඒ උතුම් අවබෝධය ලැබුණට පස්සෙ ඒ තුන්නමම විස්තර කරන විදියට නම් හිතේ අරමුණක් වෙනමම උත්සාහයකින් ඇති කරගන්න ඕනා.

    ඒ කියන්නේ දැක්කොත් දැක්කා පමණයි, ඇහුණොත් ඇහුණා පමණයි, දැනුනොත් දැනුනා පමණයි. එතනින් එහාට මොකුත් හිතෙන්නෙ නෑ.

    අපි එහෙමද ---- දැක්කොත් - වෝව් හෝ ( අම්මට බොල ) ! , ඇහුනොත් - තද තද ! , දැනුනොත් - පට්ට ! , හිතුනොත් - අම්මේහ් !

    මෙතන ශූන්‍යතාවයක් පේනව නේද ? දැනෙන සියළුම දේවල් ගැන හිතේ අළුත් අදහසක් අපිට වගේ උන්වහන්සේලාට ඉබේටම ඇතිවෙන්නෙ නෑලු. :shocked: අපේ හිත්වල තියෙන හිතෙන් තමන්ගේ පාලනයෙන් තොරව අදහස් ඉපදීමේ ක්‍රියාවලිය උන්වහසේලාගේ සදහටම නැවතිලා. ඔන්න ශූන්‍යතාවය. :cool:

    එතකොට එක් පින්වතෙක් පැහැදිලි කරපු ආකාරයට සැරියුත් මහරහතන් වහන්සේ ශූන්‍යතාවයෙන් වැඩ වාසය කළාය කියන්නෙ උවමනාවෙන් අදහස් ඇති නොකරගෙන වැඩ වාසය කළා වෙන්න ඇති.

    ඉතිං මේ තත්වයට හිත පත් කරගන්න නැඹුරු කරගත්තු ආකාරයත් උන්වහන්සේලා ඒ පොත් වල මැනවින් විස්තර කරල තියෙනවා. බලාගෙන ගියාම ඒ ඔක්කොමත් එකම ක්‍රමයයි. ඒ තමයි බුදු හාමුදුරුවො වදාළ ක්‍රමය. ඒ ගැන ඔයාල දන්නවනේ.

    එය අනුගමනය කිරීමට ඔබට යෝධ බලය, ශක්තිය ලැබේවා.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    දවසක් බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා කිමද ඇවැත්නි මේ කාලයේ කුමන විහරණයකින් කල් ගෙවනවද කියල.එතකොට සැරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමිනි මම ශුන්‍යතා විහරණයෙන් තමයි කල් ගෙවන්නේ කියල.බුදු හාමුදුරුවෝ අහනවා කොහොමද ශුන්‍යතා විහරණයෙන් කල් ගෙවන්නේ කියල.එතකොට සැරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමිනි මම පිණ්ඩපාතේ වදිද්දී, දන් පැන් ගද්දි, හැසිරෙද්දී රාග දොස මෝහ මාත්‍රයක් වත් නැහැ කියල මෙනෙහි කරමින් විහරණය කරනවා කියල.එතකොට බුදු හාමුදුරුවෝ සාදු සාදු අන්න එක තමයි බුද්ද ශාසනයේ ශුන්‍යතාව කියනවා.

    පින්වත් praskruz,

    ඔබ සඳහන් කර ඇත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සළායතන වර්ගයේ පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රයේ [ පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රය - http://thripitaka.org/view/sp/sp6/624 ] ඇති කරුණු වගෙයි පෙනෙන්නේ. නමුත් එම සූත්‍රයේ ඇති කරුණු නම් මදක් වෙනස්. විමසා බැලීම සඳහා මෙම සදහන් කිරීම කරනවා.

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    යම් අයෙක් ඔබට මෙසේ කියනවා යැයි හිතමු:

    "මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? නිවන සුව යැයි කියන අය නිවන් අවබෝධය ලැබ කය බිඳී පිරිනිවීමෙන් පසුවත් සුව විදින කෙනෙක් ඉන්නවා හෝ සුව විදීමක් තියෙනවා යන අදහසිනුයි එහෙම කියන්නේ. ඒ නිසා නිවන සුව යැයි කියන අය "මම" කියන දෘෂ්ටිය නිසාමයි නිවන සුව යැයි කියන්නේ. නිවන සුව යැයි කීමත් "මම" යන දෘෂ්ටියට අනුරූප කීමක්. නිවන ගැන සුව යැයි හෝ ශූන්‍යතාවයක් යැයි හෝ වෙන කිසිම දෙයක් කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒ කියන හැමෝම දහම් පටලවාගෙන. එහෙම කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය.

    යම් අයෙක් ඉහත පරිදි කීවොත් ඔබ ඒ ගැන කවර අදහසක් දරනවාද? එම කීම් ධර්මයට ගැලපේ යැයි හිතනවාද, නැත්නම් එම කීම් ධර්මය වරදවා වටහා ගන්නා ලද නිසා කියන ලදැයි හිතනවාද?

    Skylark
     
    Last edited:

    DhammaFriend

    Member
    Dec 15, 2014
    19
    2
    0
    මෙතනට අදාල වෙයිද දන්නැහැ. කට්ටියගෙ අදහස් දැකල මෙහෙම දාන්න හිතුනා.

    යම් කෙනෙකුට පහත පරිදි අතීත,වර්තමාන,අනාගත තුන් කාලය පිලිබඳ සැක පහල වේ නම් ඔහු තවමත් සසරේ අතරමං වූ පෘතග්ජන පුද්ගලයෙකි.

    අන්ධබාල පෘථග්ජනතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි.
    අතීත
    --------------------
    අතීතයේ මම සිටියාද?
    අතීතයේ මම සිටියේ නැද්ද?
    අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
    අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
    මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?

    වර්තමාන
    -------------------------------------
    මම ඉන්නවද? මම නැද්ද?
    මම කියල කෙනෙක් නැහැ.
    මම කියල කෙනෙක් ඉන්නවා
    ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
    කෙසේදයත් ?
    මම කව්ද?
    කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද?

    අනාගත
    ------------------------------------------
    මම අනාගතයේ ඉපදෙයිද?
    මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
    මම අනාගතයේ ඉපදෙන්නේ නැහැ.
    අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
    අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
    මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?

    -----------------
    සබ්බාසව සූත්රය
    -----------------

    හොඳට මතක තියාගන්න, මම ඉන්නවා කිව්වත් වැරදීයී. මම නැහැ කිව්වත් වැරදීයී.මම ඉන්නවා කිව්වොත් සාශ්වත දෘශ්ටිය. මම නැහැ කිව්වොත් උච්චේද දෘශ්ටිය. අපිට හරියටම මාර්ගය හමුවුවොත්, මේ සියලු දෘශ්ටීන්ගෙන් මිදෙනවා.ගොඩක් අය "මම" ඉන්නවා කියල පටන් ගෙන, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන් බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා, අන්තිමට කියනවා මම කියලා කෙනෙක් නැහැ කියලා. සාශ්වත දෘශ්ටියෙන් පටන් ගෙන,උච්චේද දෘශ්ටියෙන් අවසන් වෙලා තියෙන්නෙ. දෘශ්ටිය විතරයි මාරු වෙලා තියෙන්නෙ. ඔය ගොඩක් මාර්ගඵල ලබල තියෙන අය මේ දෘශ්ටියේ නෙවෙයිද ඉන්නෙ බලන්න. ඇත්තටම මාර්ගඵලයක් ලබන්න මේ සියලු දෘශ්ටීන්ගෙන් මිදීමේ මාර්ගයක් හමුවිය යුතුය.එක දෘශ්ටියකින් තව දෘශ්ටියකට මාරුවීමද නිවන හෝ නිවන් මග?
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මට කිව්වට මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්,
    නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?

    යූ ටියුබ් වීඩියෝනම් දාන්ට එපා ඩේට නෑ.

    ඔව් එක විදිහක ශුන්යතාවක් තමා, නැවත ඉපදීමට හේතුවන කර්මයන්ගේ ශුන්යතාවයක්. ඒ කියන්නේ තෘෂ්ණාව ශුන්‍යයි කියන එක.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පින්වත් ex-muslim Ahmed,

    යම් අයෙක් ඔබට මෙසේ කියනවා යැයි හිතමු:

    "මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? නිවන සුව යැයි කියන අය නිවන් අවබෝධය ලැබ කය බිඳී පිරිනිවීමෙන් පසුවත් සුව විදින කෙනෙක් ඉන්නවා හෝ සුව විදීමක් තියෙනවා යන අදහසිනුයි එහෙම කියන්නේ. ඒ නිසා නිවන සුව යැයි කියන අය "මම" කියන දෘෂ්ටිය නිසාමයි නිවන සුව යැයි කියන්නේ. නිවන සුව යැයි කීමත් "මම" යන දෘෂ්ටියට අනුරූප කීමක්. නිවන ගැන සුව යැයි හෝ ශූන්‍යතාවයක් යැයි හෝ වෙන කිසිම දෙයක් කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒ කියන හැමෝම දහම් පටලවාගෙන. එහෙම කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය.

    යම් අයෙක් ඉහත පරිදි කීවොත් ඔබ ඒ ගැන කවර අදහසක් දරනවාද? එම කීම් ධර්මයට ගැලපේ යැයි හිතනවාද, නැත්නම් එම කීම් ධර්මය වරදවා වටහා ගන්නා ලද නිසා කියන ලදැයි හිතනවාද?

    Skylark

    එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ. ධර්මය වරදවා වටහාගෙන ඇති බවයි හැඟෙන්නේ. "නිබ්බානං පරමං සුඛං" යන බුදුවදනට එරෙහිව යන අය වෙන්න ඕනෑ ඒ කට්ටිය. ඔබේ "නිවන යනු කුමක්ද" පිලිතුරෙන් මේ ගැන තවත් පැහැදිලි වනවා. පරිශුද්ධ ශුන්‍යතාව සහ පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව ගැන අපූරු විග්‍රහයක් තියෙනවා නේ. බොහොම පින් ලැබේවා මේකට මැදහත් වෙලා නියම දිශාවට සංවාදය යොමු කලාට.

    http://www.trekmentor.com/si/content/book/652
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ඉදිරියේ රාළ;20553407 said:
    අති පූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත භික්ෂූන් වහන්සේ (1870-1949),

    අතිපූජ්‍ය රාජිගිරියේ අරියඥාන භික්ෂූන් වහන්සේ හා තවත් මියන්මාරයේ වැඩ වාසය කරන ඕස්ට්‍රේලියන් ජාතික භික්ෂූන් වහන්සේ නමක්, ........

    :D:D:D:D:D

    සුදු පුතේ, කියවපං මේක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    අපි මේ ලෝකය දකින්නෙ විඳින්නෙ අපි ඉන්න නිසා..
    මගේ සිත නැතුව යනවනං (මාව අතුරුදහන් වෙනවනං) මේ ලෝකය දකින්ඩ විඳින්ඩ මම නෑ.. ඒක තමා නිවන..
    හිතාගන්ඩ අමාරුනං උදාහරණෙකට අපි නිදාගෙන ඉන්නව වගේ කියල හිතන්ඩ, හැබැයි නැවත අවදි වීමක් නෑ..

    (මේ ලෝකය නිර්මාණය කරන්නෙත් සිතමයි)
     
    Last edited:

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    අපි මේ ලෝකය දකින්නෙ විඳින්නෙ අපි ඉන්න නිසා..
    මගේ සිත නැතුව යනවනං (මාව අතුරුදහන් වෙනවනං) මේ ලෝකය දකින්ඩ විඳින්ඩ මම නෑ.. ඒක තමා නිවන..
    හිතාගන්ඩ අමාරුනං උදාහරණෙකට අපි නිදාගෙන ඉන්නව වගේ කියල හිතන්ඩ, හැබැයි නැවත අවදි වීමක් නෑ..

    (මේ ලෝකය නිර්මාණය කරන්නෙත් සිතමයි)

    :yes::yes: උඹට උඹව අතුරුදහන් කරගන්න තියන එකම විදිය තමා තුෂ්නාව නැති කරගන්න එක :D:D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    :yes::yes: උඹට උඹව අතුරුදහන් කරගන්න තියන එකම විදිය තමා තුෂ්නාව නැති කරගන්න එක :D:D

    මම නං ආස ආයෙ ආයෙ ඉපදෙන්ඩ..
    අනේ මංද මගේ අවංක හැඟීම..
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    මම නං ආස ආයෙ ආයෙ ඉපදෙන්ඩ..
    අනේ මංද මගේ අවංක හැඟීම..

    උඹට මොන වගේ තැනකද ඉපදෙන්ට ඕනි බන් ?? සනී ලියොන් ගේ husband වෙලා වගේ ද:D:D
    ?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    asanka++[SIZE="3" said:
    [/SIZE]+;20546195]මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මට කිව්වට මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්,
    නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?

    යූ ටියුබ් වීඩියෝනම් දාන්ට එපා ඩේට නෑ.

    නැත නැත පිංවත , නිවන කියන්නේ මිරිගුවක්. කවදාවත් හම්බවෙන එකක් නෙමෙයි

    ---------------
    හරි ලස්සනයි, කලින් නුලේ වනචරයො set එක නිවන ගැන කතා කරනවා. ටිකක් ලොල් වගේ

    එක්කෝ වල්කම අත ඇරලා නිවන ගැන කතා කරන්න
    නැත්නම් නිවන අත ඇරලා වල්කමේ යන්න

    බුදු හාමුදුරැවෝ පනපිටින් ඉන්නවා නම් මුන්ට ටොකු අනියි හුජ්ජ යන්න

    මුන් දර්ශණය කුජීත කරනවා
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    :D:D:D:D:D

    සුදු පුතේ, කියවපං මේක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494

    මේ අර...... සෝවාන් වෙලා කියාගන්න මෑන්ගේ ගොලයා වගේරගපාන කෙනා, අරියඥාන හාමුදුරුවන්ට මඩ ගහන්න හදපු ත්‍රෙඩ් එක නේද?

    ගෝලයා වැඩේ පටන් ගන්නවා, ලොකුතැන මඩ ගහනවා.
    පොර ගෝලයෝ දම්මල තමයි වැඩේ ගෙනියන්නේ, එක එක ත්‍රෙඩ් වලට එයාට වෙන වෙනම ගෝලයෝ ඉන්නවා.කට්ටිය කියන්නේ, ලොකුතැනමයි ගෝලයෝ විදියටත් එන්නේ කියලා

    කවුරුහරි ලොකුතැනගේ කොමෙන්ට් විවේචනය කලොත්, ගෝලයෝ ටික වැඩ අරබනවා.. ආතල් ඕයි.වෙලාව කීයද අහපල්ලකෝ,වෙලාවකියන්නේනෑ අරියඥාන හාමුදුරුවන්ට බනිනවා. අයියෝසල්ලි

    දහම් කරුනක්, අහපල්ලකෝ,සුත්‍රපිටකයේ ලොකු කොටසක් එහෙම පිටින්ම දානව..එක්කෝ මෑන්ගේ සයිට් එක දානවා. සාරන්ශගත පිලිතුපිලිතුරක් කවදාවත් දෙන්නේ නෑ.. දෙන්න බෑ.

    හැබෑයි, ඒප්‍රශ්නයකට වෙනකෙනෙක් පිලිතුරක්ලෙස ගැබුරින් ධර්මය විග්‍රහකලොත් උට හීන් නුලෙන් ගහනවා.ගෝලයෝ දම්මලා එලව එලව ගහනවා.