පුලුවන් සශ්‍රීක දෙවිකෙනෙක් වෙලා හරි මනුශය ලොකයේ ඉපදීමෙන් ඒවට තමයි පින් කම් කරන්න ඔනේ හැබයි ඔය සැප කවදා හරි ගෙවිලා ඉවර වෙනවා නැත්තම් පෙර අකුසල් මතුවෙනවා එත කොට ඉතින් ආයෙමත් සතර අපායට තමයි. එක හින්දා තමයි කියන්නේ නිවන පරම සුඛය කියලා.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන කාලයෙහි එක්තරා කුමරියක් දිව්‍ය ලෝකයෙහි උපත ලබා සිටියා ය. ඇය දිව්‍ය පුත්‍රයකුට සිටි පරිවාර ස්ත්‍රීන් අතර ප්‍රමුඛ කෙනෙක් වූවා ය. එක් දිනක් මේ පිරිස මල් නෙළමින් කාලය ගතකරන්නට වූහ. දිව්‍ය ලෝකයෙහි දිව්‍යාංගනාවන් පිරිවරාගෙන මල් නෙළමින් සිටි මේ දිව්‍ය පුත්‍රයාගේ පරිවාර පිරිස අතර සිටි එක් දිව්‍යාංගනාවකගේ පින් අවසන් වෙමින් තිබිණි. දෙවි සැප විඳීමට තරම් වූ පින් අවසන් වූ බැවින් ඉන් චුතව මිනිස් ලොව මවිකුසක පිළිසිඳ ගත්තාය. ක්‍රමයෙන් කුසෙහි වැඩී නිසි කල සම්පූර්ණ වුණු ඇය ස්ත්‍රියක ලෙසින්ම මව්කුසයෙන් බිහිවූයේ ජාතිස්මරණ ඥානයද සහිතව (පෙර උපත ලබා සිටි භවය ගැන මතක තියෙන) ඇතිවය.
ජාතිස්මරණ සහිත මේ දරුවාට තමා පෙර තත්ත්වයක උපත ලබා සිටියේ දිව්‍ය ලෝකයේ පරිවාර ස්ත්‍රියක වශයෙන් බව සිහිපත් වේ. ක්‍රමයෙන් වැඩෙන ඇය සෑම අවස්ථාවකම පින්කම් කරනු ලැබුවේ පෙර උපත ලබා සිටි දිව්‍ය ලෝකයේම උත්පත්තිය ලැබීමේ අරමුණින් ය. ඒ පින් දහම් කරමින්ම කාලයත් සමඟ ඇය වැඩිහිටි බවට පත් නිසි වයස් පැමිණි පසු විවාහ දිවියට පත් ඇය කල්යත්ම පිරිමි දරුවන් සතර දෙනෙකුගේ මවක බවට පත් වූවා ය.
දරුවන්ද වැඩිවියට පත්වූ අතර ඇය වයස්ගතව මරණයට පත් වූවා ය. ජීවිත කාලය පුරාමත්, මරණාසන්න මොහොතේත් තමන් පෙර භවයේ සිටි දිව්‍ය ආත්මභාවයට ප්‍රාර්ථනා කරගෙනම සිටි නිසා ඇය මරණයෙන් පසු නැවතත් තව්තිසා දිව්‍ය ලෝකයේම මාලහාරී නම් ඒ දිව්‍ය පුත්‍රයාට පරිවාර ස්ත්‍රියක ලෙස උපත ලැබුවා ය. ඇය එහි උපදින විටත් එම පිරිස මල් උයනේම කෙලිදෙලෙන් කාලය ගත කළෝ ය. ඇයගේ හිතවත් දිව්‍යාංගනාවක් “ඔබ මෙච්චර වේලාවක් දැක්කෙ නැත්තෙ කොහේ ගිය නිසා දැයි විමසයි” තව්තිසා දිව්‍ය ලෝකයේ කාල වේලාව ගතවන ආකාරයත් මනුෂ්‍ය ලෝකයේ කාලයගතවන ආකාරයත් පිළිබඳවම නිවැරැදි වැටහීමක් ඇති ඇයට මේ විමසීම අමුත්තක් නොවූවා ය. එයට හේතුව මිනිස් ලෝකයෙහි අවුරුදු සියයක් තව්තිසා දිව්‍ය ලෝකයේ එක දවසක් වීමය. ඇය ඒ දිව්‍ය ලෝකයෙන් චුතව මිනිස් ලොව මිනිස් මව්කුසක ඉපදී බිහිවී විවාහ වී දරුවන් සිව්දෙනකු ද, බිහිකර මිය පරලොව ගොස් දිව්‍ය ලෝකයෙහිම උපත ලැබීමට ගත වූ සම්පූර්ණ කාල පරාසය තව්තිසා වැසි දෙවියන්ට ඉතා ටික වේලාවක් පමණක් බව මෙයින් පෙනේ. ඇය සංසාරයේ මෙබඳු සැරිසැරීමක් කළ ද, ඒ ගැන තව්තිසා වැසි දෙවියන් පවා දැනගෙන හිටියේ නැත.
බුදුරජාණන් වහන්සේට මෙම සිද්ධිය එනම් සිව්දරු මවගේ අභාවය පිළිබඳ දැනගන්නට විය. එම සිද්ධිය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ අනෙක් පිරිසට දම්සභාවෙහි ධර්ම දේශනයක් පවත්වමින් වැඩ සිටිසේක. උන්වහන්සේ දේශනා කරනු ලැබුයේ මෙබදු කාරණාය.