නිසාන් සෙරීනා කියන්නෙ සුපිරි වන්ඩියක්.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    මමත් දන්නා විදිහට FB 15 එකේ චැසියට ගහපු හොද comfortable වාහනයක්
    මක බාස්ල පුරුදු වෙලා තිබ්බේ වෑන් එකක් කිව්වම passenger සීට් එක යට ඉන්ග්ජින් එක රෙඩියේටර් එක බලන්න
    නමුත් ඔකේ එහෙම නැති නිසා first impression එක අවුල් ගියා .
    තව ඔකේ රේඩියේටර් ටෑන්ක් එක ප්ලාස්ටික් ඇවිත් තියෙන්නේ අපේ මාක්ස් ලා ඕක හප්පුනහම කැඩෙයි කියල පොත්තල වලින් ගහන්න ගිහින් එකේ අවුලත් ඕකට අවා
     
    • Like
    Reactions: driftlord

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok

    ඔය plastic case එක නම් හැමාරටේම අවුලක් උනා. Renault වලින් Nissan bankruptcy එකෙන් ගොඩදැම්මට පස්සෙ ලොකුවට cost cutting පටන්ගත්ත. ඒකතමයි plastic use කලේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හතුරෙකුටවත් ඕකක් ගන්න කියන්නෙ නෑ. ඒ තරම් ජරා මොඩල් එකක් ඕක. ඔය ලිපියේ මොන තියරි දැම්මත් මකබාස් කෙනෙක් අතගහපු නැති සෙරීනා හොයාගන්න නෑ. ගන්නනම් එපා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මම දන්න කතන්දරේ මෙහෙමයි,

    ඕකෙ එන්ජිම තියෙන්නෙ ඉස්සරහ ශීට් එක යට. රේඩියේටරේ තියෙන්නෙ මූනෙ ඉස්සරහනෙ.
    එතකොට වතුර ලයින් එක ඉස්සරහ ඉඳන් පස්සට දිග බට වලින් තමයි එන්නෙ.

    නොදන්න මකබාසෙක්, නිකම්ම වතුර පිරෙව්වොත් හුලං හිටිනව. එතකොට හීට් කරනව.
    ඕකට වතුරපුරවනකොට ස්ටාට් එකේ තියෙද්දි රේඩියේටරේ උඩ බටේ ගලවල එන්ජිමෙන් රිටන් එන වතුර උඩ බටෙන් එනකල් වතුර පුරවන්න ඕනෙ.
    ඒ කරල එයා නිපල් වලින් ඉතිරි හුලං යවන්න ඕනෙ.

    හීට්කරපුගමං ගෑස්කට් යනව.
    ගොඩක් වෙලාවට එන්ජින් බ්ලොක්, හෙඩ් රස්නෙට ඇදගහනව.
    ඒව හරියට ෆේස් කරන්නෙ නැතුව ගෑස්කට් දැම්මොත් ආයෙ ගෑස්කට් යනව. ඒකයි බාස්ල හදන්න අමාරුයි කියන්නෙ.
    අනික හෙඩ් එක ගලවන්නත් හැමෝටම බෑ. ටයිමිං තියනඑක අනෙක් වාහන වලට වඩා අමාරුයි.

    දැන් තියෙන වාහනනං ගොඩක් වෙලාවට රේඩියේටර් එහෙම තියල හොඳට හදල තියෙන්නෙ.

    ඒ වගේමයි හීට් කරල ඇද ගහපු බ්ලොක් තියෙන වාහන අටවල විකුණන්න දාල තියෙන්නත් පුලුවන්. ඒ වගේම වාහන මගඩි කරල විකුණන උන් lx එකට fx එකේ පස්සෙ දොර, ලයිට් එහෙම දාල fx කියල විකුණනව.

    ගොං බාස්ල අතගහල කාල අනිමට කියන්නෙ අපේ රටට හරියන්නෙ නෑ කියල.

    වාහන කටු ත්‍රෙඩ් එකේ දාල තිබුණ,
    එන්ජින් ගෙවෙනව වැඩියි,
    කිලෝමීටර් ලක්ශෙ පනිනකොට එන්ජිම බෝර්කරල ෆුල් රෙපෙයාර් එකක් දෙන්න ඕනෙ කියල.

    ටර්බෝ එන මොඩ්ල් එකේ හැර අනෙක් ඒවයෙ වාහනේ හැටියට පවර් එකත් මදි .
     
    Last edited:

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    Oke SR20 engine eka Apu model ekak enawa supiriyak. SR20 kiyanne pattama hayya Oni tharam abuse karanna puluwan engine ekak. Adatath patta popular
    S13 Silvia engine එකනෙ බන්. 20PSI Boost කලත් අවුලක් නැතුව දුවන්න පුළුවන් engine එකක්
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අනේද කියන්නේ.. ඕකේ සස්පෙන්ශන් අවුල්, ඩ්‍රයිව් ට්‍රේන් එකේ ප්‍රශ්න වැලයි, බ්‍රේක් බයින්ඩින්, එතකොට ඒ.සී සිස්ටම් එක අන්තිමයි. තව කිව්වොත් ස්ටියරින්ග් රැක් එක ඉක්මනින්ම ගෙවිලා ෆ්‍රී ප්ලේ එක සිලෝන් ටකරන් බස් වෙන්නේ බලන් ඉද්දී..

    දන්න එකෙක්ගෙන් අහලා බලපන්.. ඕවට කියන්නේ “සදහටම ඔබ මගේ” කියලා... උබලා වගේ උන් අහුවුනොත් මිසක් මොලකයක් කියල කලදක් තියෙන උන් ඕවා ගන්නේ නැහැ.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ape kalin office eke lokka miniisu epa kiyaddi gatha. aran masa 2/3 patta kattak kewa. anthimata gathata wada laksha 2k aduwen dunna 2016 di. wikunagannath 1 and 1/2 year witara patta kattak kewa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    කොයි තරම් හොඳයි කියලා කිවුවත් කවුරු හදපු මතයක් කිවුවත්, ලංකාවෙ ඔය වාහන මාකට් එක ගැන තියන මත සේරම වගේ ඇත්ත නේ බන්, ඒක නිසා ඕක විතරක් එහෙම නෙමයි කියන්න බැහැ
    දැන් හොඳයි කියන පරන වාහන සෙට් එක බලපන්, ඒ එකක් වත් අවුලක් තියන වාහන නෙමෙයිනේ, නිකමට බලපන් ඔය කාලෙම වගේ නේද FB14, FB15, වගේ ඒව හොඳයි කියනවා ඒව ඇත්තටම හොඳයිනේ, තව ඩීසල් ස්ටාලට් ගැන එහෙම තියන මතේ බලපන් ඒක සර්විස් කරද්දි තෙල් ටිකක් ගහන් දුවන්න විතරයි කියලා කියනකොට කියන්නෙ, තව ඩොල්පින්, වැනට් ඕව ගැන කියන ඒවත් බලපන්කෝ, ඒව ගැන කියන ගොඩක් ඒව බොරු නෙමයි. ඒක නිසා ඕකට විතරක් ඒක අනෙක් පැත්ත වෙන්න බැහැ කියලා මට නං හිතෙන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    සෙරීන කතන්දරේ දෙගොල්ලොම අතිශෝක්තියෙන් කියන්නේ

    තියන උන් කියනවා සුපිරි වාහනේ මක බාස්ලා දන්න ප# කියල

    අනික් එවුන් කියන මල ජරාවක් කියල

    ඇත්ත කතාව ඔය දෙකම අතර මැද එකක්. ඕක සාමන්‍ය වාහනයක්, අමුතුවෙන් සුපිරිත් නෑ චාටරුත් නෑ. හැබැයි ඕකේ කූලින් සිස්ටම් එක ටිකක් complicated නිසා මෝඩ බාස්ලා කාපු බව නම් ඇත්ත. ඒක උන්ගේ වැරද්දක්. ඕක හරියට maintain කරා නම් ඒ ප්‍රශ්න නැති එකත් ඇත්ත. cooling system එකේ මහා ලොකු මැජික් එකක් නැති බවත් ඇත්ත.

    හැබැයි එහෙම කියල දැන් සෙරීන ගන්න යන්නත් එපා, මකබාස්ල කාල head warp වෙලා cooling system එකට ඇන්ටන් ජලනල දාපු එකක් සෙට් වෙන්න ලොකු ඉඩක් තියනවා.
     
    • Like
    Reactions: asylum and PHBhagya

    trossss

    Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    හතුරෙකුටවත් ඕකක් ගන්න කියන්නෙ නෑ. ඒ තරම් ජරා මොඩල් එකක් ඕක. ඔය ලිපියේ මොන තියරි දැම්මත් මකබාස් කෙනෙක් අතගහපු නැති සෙරීනා හොයාගන්න නෑ. ගන්නනම් එපා
    habai mama uba ekka ekagayi,, godak serena waahana makabaas la kaala thiinne
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔකේ රෝද හතර එන්නෙත් ඇදේට
    මගේ මුල්ම ex girl මාව බලන්න එන්නෙම ඔකේ ඔය වහනයයි කෙල්ලයි එක්ක අතීත සිදුවීම් ගොඩයි
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    කොයි තරම් හොඳයි කියලා කිවුවත් කවුරු හදපු මතයක් කිවුවත්, ලංකාවෙ ඔය වාහන මාකට් එක ගැන තියන මත සේරම වගේ ඇත්ත නේ බන්, ඒක නිසා ඕක විතරක් එහෙම නෙමයි කියන්න බැහැ
    දැන් හොඳයි කියන පරන වාහන සෙට් එක බලපන්, ඒ එකක් වත් අවුලක් තියන වාහන නෙමෙයිනේ, නිකමට බලපන් ඔය කාලෙම වගේ නේද FB14, FB15, වගේ ඒව හොඳයි කියනවා ඒව ඇත්තටම හොඳයිනේ, තව ඩීසල් ස්ටාලට් ගැන එහෙම තියන මතේ බලපන් ඒක සර්විස් කරද්දි තෙල් ටිකක් ගහන් දුවන්න විතරයි කියලා කියනකොට කියන්නෙ, තව ඩොල්පින්, වැනට් ඕව ගැන කියන ඒවත් බලපන්කෝ, ඒව ගැන කියන ගොඩක් ඒව බොරු නෙමයි. ඒක නිසා ඕකට විතරක් ඒක අනෙක් පැත්ත වෙන්න බැහැ කියලා මට නං හිතෙන්නෙ.

    සෙරීන කතන්දරේ දෙගොල්ලොම අතිශෝක්තියෙන් කියන්නේ

    තියන උන් කියනවා සුපිරි වාහනේ මක බාස්ලා දන්න ප# කියල

    අනික් එවුන් කියන මල ජරාවක් කියල

    ඇත්ත කතාව ඔය දෙකම අතර මැද එකක්. ඕක සාමන්‍ය වාහනයක්, අමුතුවෙන් සුපිරිත් නෑ චාටරුත් නෑ. හැබැයි ඕකේ කූලින් සිස්ටම් එක ටිකක් complicated නිසා මෝඩ බාස්ලා කාපු බව නම් ඇත්ත. ඒක උන්ගේ වැරද්දක්. ඕක හරියට maintain කරා නම් ඒ ප්‍රශ්න නැති එකත් ඇත්ත. cooling system එකේ මහා ලොකු මැජික් එකක් නැති බවත් ඇත්ත.

    හැබැයි එහෙම කියල දැන් සෙරීන ගන්න යන්නත් එපා, මකබාස්ල කාල head warp වෙලා cooling system එකට ඇන්ටන් ජලනල දාපු එකක් සෙට් වෙන්න ලොකු ඉඩක් තියනවා.
    ඕකෙ මචං කූලින් සිස්ටම් එකේ අවුල් කිවුවට ඒක තමයි අනික් අවුල් එන්න මූලික හේතුව. ඒකනං හදාගන්න පුලුවන්.

    ලොකුම අවුල තියෙන්නෙ එන්ජිම ඉක්මනට ගෙවෙන එක. නිසාන් කාර් වලට ඩිසයින් කරපු එන්ජිමක් හින්ද වෑන් එකේ බර ගෙනියන්න මදි. එතකොට පුලිං පවර් අඩුයි එන්ජිමේ ආයුකාලයත් අඩුයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    nissan serena eke loku aul kepayak thiyanawa heating eka wagema engine eka gewenawa ikmanata ekanam wahane barath ekka wena ekak engine eka power eka madi barata anek eka thamai oke speed giya gaman wahane paren paninna balanawa accident kepayak ma una serena eke oya case eka nissa.
     
    • Like
    Reactions: kinkon and PHBhagya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    මගේ පළමු වාහනේ....ගේමක් ගහලා සල්ලි රෝලක් ගහලා ලක්ශ 11 කට ගත්තේ,,,,පට්ට visibility ,සැප සුපිරි, control නියමයි, බ්‍රෙක් වැඩ ලෙසටම. දුර ගමන් යන්න බෑ...heat එක නගිනවා, knocking, තෙල් බොනවා. 11 .40 කට දීලා දැම්මා. අපරාදේ වෙන වාහනයක් ගත්තා නම් තව කාලයක් පදින්න තිබ්බා.

    ලක්ශ 2ක් විතර කුඩු මාස 6 ට.

    කොච්චර හොඳ වුනත් කමක් නෑ....ගන්න නම් එපා.
    බඩුව බඩුවමයි.