නිළියගේ_බුරුසුව
මේකයි කතන්දරේ. හිනා කාල මැරෙනවා බන්. දැන් ටිකකට කලින් කුණු ගෙනියන්න මිනිස්සු අවා. මම කුණු මල්ල එලියට ගෙනියනකොට සුපුරුදු පරිදි කුණු කාරය අහනවා " ආ මහත්තයා කොහොමද ගුඩ් මෝර්නින්. " අහ ගුඩ් මෝර්නින් ස්ටැන්ලි. මම ඔහුට සිගරෙට්ටුවක් ද පිරිනැමුවෙමි "
කුණු ලොරිය මා සිටින තැනට කිලෝමීටර බාගයක් පමණ එහායින් නවත්වා ඇති බැවින් කුණු එකතු කරන කම්කරුවා නොහොත් " ස්ටැන්ලි " මගෙත් එක්ක සුළු මොහොතක අල්ලප සල්ලාපයේ යෙදුනි.
මහත්තයා දන්නවද අල්ලපු ලේන් එකේ ඉන්න අර ප්‍රසිද්ද නිළිය ****** . එයාගේ ගෙදර කුණු බෑග් ගන්නෙත් මන්. අද මම දැක්ක එයාගේ පාවිච්චි කරපු දත් බුරුසුවක් එයාගේ ගෙදර කුණු මල්ලේ තිබ්බා. මම එක අරන් තියා ගත්තා. සෙල්ලන් නැහැනේ මහත්තය ලංකාවේ ඉන්න සුපිරි තරුණ නිලියක් නේ. මහත්තයට ඕනෙනම් ඒ දත් බුරුසුව දෙන්නම් . මට ඔන්න ඔය කීයක් හරි දෙන්න.
මට සිනහව පාලනය කරගැනීමට මහත් වෙහෙසක් දරන්න සිදුවිය. අනේ ස්ටැන්ලි මට මොකටද ඔය අනුන්ගේ පාවිච්චි කරපු දත් බුරුසු. ඔය අල්ලපු ගෙවල් වල ඉන්න කොල්ලන්ගෙන් අහල බලන්න. සමහර විට උන් ස්ටැන්ලිට ගානක් දීලා ඕක ගනියි. මම විහිළුවෙන් ඔහුට පැවසුවෙමි. එවිටම වගේ ඔවුන්ගේ කුණු ලොරිය පැමිණි අතර ඔහු එයට ගොඩවී මට සමුදී ගියේය.
එළකිරියේ කාට හරි ඕනෙනම් කියපල්ලා. ස්ටැන්ලියට කියල අරන් දෙන්නම

Last edited: