මම දන්න කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා. සල්ලිකාරයෙක්. ඒ කොල්ලා මේකිට ජොබ් එකකට වත් යන්න දුන්නෙ නෑ. ඉගෙනගන්න දෙයක් වත් කරන්න දුන්නෙ නෑ.කොල්ලා කෙල්ලට අවශ්‍ය වියදම් දුන්නා. දැන් මේ කෙල්ලගෙ තාත්තට කොල්ලගෙ අම්මව හම්බ වෙලා ටවුමෙදි. ලැජ්ජා නැද්ද මිනිහො අපෙන් කාල බීල ඉන්න කියල මිනිස්සු ඉස්සරහ බැන්නලු. හැමෝටම කියනවලු කෙල්ලගෙ පවුල කාල බීල ඉන්නෙ කොල්ලගෙ සල්ලි වලින් කියලා. දැන් කෙල්ලගෙන් කොල්ලයි උගෙ තාත්තයි ලක්ෂ දහයක් ඉල්ලනවා.(කොල්ල දීපු හැම සතයක්ම කෙල්ල ලියල තියෙනව ඩයරියෙ.බෑන්ක් ඩීටේල්ස් ත් තියෙනව.ටෝටල් එක ලක්ෂ 2ක්වත් නෑ).හැබැයි මේ කොල්ලා මාස පහක් විතර කෙල්ලගෙ ATM කාඩ් එක යූස් කරල තියෙනවා. ඌ සල්ලි නාස්ති කරනවා කියලා ගෙදරින් උගෙ කාඩ් එක අරන්. මොබයිල් බෑන්කිං හදල තියෙන්නෙත් කොල්ලගෙ නම්බර් එකට. ඌ ඒකට තාත්තගෙන් ගන්න සල්ලි දාගෙන වියදම් කරල තියෙනවා. පොඩි ගනන් නෙවෙයි ලක්ෂ ගනන්.දැන් කොල්ලත් ගෙදර උන් එක්ක එකතු වෙලා ඒ ඔක්කොම සල්ලි කෙල්ලගෙන් ඉල්ලනවා. දුන්නෙ නැත්තම් ගෙදර ගිනි තියෙනවා,කාර් එක ගිනි තියනවා,යහතින් ඉන්න දෙන් නෑ කියල තර්ජනය කරනවා.කෙල්ලට ජොබ් එකට යන්න නොදුන්නෙත් තර්ජනය කරලා බය කරලා.කොල්ල විතරක් නෙවෙයි උගෙ තාත්තත් කෙල්ලට තර්ජනය කරනවා.මේ හැම එවිඩන්ස් එකක්ම තියෙන්නෙ කෙල්ලගෙ ෆෝන් එකේ.ඒකත් කොල්ලා අරන් දීල තියෙන්නේ.ඒකත් ඉල්ලනවා බල කරලම.මුන් ඉන්න ටවුමෙ පොලීසියෙ ඕ අයි සී ගෙ ඉඳන්ම කොල්ලගෙ තාත්තගෙන් දොල පිදේනි ගන්න එවුන්.ඒ නිසා මේක ඒ පොලීසියට කියල වැඩක් නෑ.මේක ඊට වඩා ඉහල තැනකට පැමිණිලි කරන්න ඕන.කාටද මේක පැමිණිලි කරන්න පුලුවන්?
දන්න කෙනෙක් කියන්න.ලොකු උදව්වක්.අරුන්ගෙ ගෙදර උන් හොඳටම බය වෙලා ඉන්නෙ.මොකද කොල්ලට සල්ලි තිබුනට පට්ටම අඩු කුලේ පවුලක් මචං මෙලෝ රහක් නෑ.
දන්න කෙනෙක් කියන්න.ලොකු උදව්වක්.අරුන්ගෙ ගෙදර උන් හොඳටම බය වෙලා ඉන්නෙ.මොකද කොල්ලට සල්ලි තිබුනට පට්ටම අඩු කුලේ පවුලක් මචං මෙලෝ රහක් නෑ.