නීති විශාරදයෝ ඉන්නවද?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    නීති විශාරදයෝ ඉන්නවද?

    රීට්‌ ආඤාවක් කියන්නේ මොකක්ද අෆ්ෆා? රීට් පෙත්සම්, අරවා මේවා :rolleyes: දන්න කෙනෙක් පොඩි පැහැදිළිකිරීමක් කරගෙන යන්නකෝ බලන්න
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ආදරණීය චානි අක්කේ, .....

    නීති විශාරදයෙක් නොවෙමි.

    ඒත් මේක නම් වැරදියි...

    රීට්‌ ආඤාවක් :no::no::no::no::no:

    රීට් ආඥාව :yes::yes::yes::yes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ආදරණීය චානි අක්කේ, .....

    නීති විශාරදයෙක් නොවෙමි.

    ඒත් මේක නම් වැරදියි...

    රීට්‌ ආඤාවක් :no::no::no::no::no:

    රීට් ආඥාව :yes::yes::yes::yes:
    thank you darling :) :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ පිළිගත් මූලධර්මය අනුව රාජ්‍යයක් යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නිර්මාණයක් වන අතර ඒ අනුව රාජ්‍ය යන්න ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ ගැන්වීම අනුව විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලිකාංග තුනකින් සමන්විත වේ. එම රාජ්‍යයේ රාජ්‍ය අංශය විධායකයේ කොටසක් වන බැවින් එම රාජ්‍ය සේවකයන්ට සිය බලතල ලැබෙනුයේ නිරන්තරයෙන්ම යම් විධිමත් නීතිමය රාමුවකට යටත්වය. කෙසේ වෙතත් බොහෝ රාජ්‍ය ආයතන හෝ විධායකයේ ඉහළ නිලධාරීහු තමන් මහජනතාවගේ බදුවලින් යැපෙන හා නියමිත නීති රාමුවක් තුළ ජනතාවට සේවය සැපයීමට පත්කරනු ලැබූ බව අමතක කරති. මෙසේ යම් රාජ්‍ය ආයතනයක් තම බලය ඉක්මවා ගනු ලබන තීරණයක දී සිවිල් පුරවැසියා සතු නීතිමය රැකවරණය වන රීට් ආඥා පිළිබඳ සැකෙවින් දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.
    16 වන සියවස වන විට බ්‍රිතාන්‍යයේ මනාව ස්ථාපිත වූ රීට් ආඥා අප රටට ද දායාද වන්නේ ඉංග්‍රීසි පොදු නීතියේ කොටසක් ලෙසය. රීට් ආඥාවක් පරිපාලනමය නීති ආධාරකයක් ලෙස පුද්ගල නිදහස (Personal liberty) ආරක්ෂා කිරීමේ බලගතුම ආරක්ෂාව වශයෙන් ඉංග්‍රීසි පරිපාලනමය නීතියේ කතුවරයෙකු වන ස්මිත් පවසා ඇත. රීට් ආඥාවක් මූලිකවම සර්ෂියෝසාරි, ප්‍රොහිබිෂන්, මැන්ඩාමුස්, ප්‍රොසිඩෙන්ඩෝ, ක්වෝ වොරන්ටෝ සහ හබයාස් කෝපූස් ලෙස වර්ග 06 ක් ඉංග්‍රීසි පොදු නීතිය තුළ විකාශය වී ඇත. ශ්‍රී ලංකාවේදී රීට් ආඥාවක් ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන 1978 ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 140, 141 වන ව්‍යවස්ථාවලත්, පළාත්වලට පමණක් අදාළව 154 (q) 4 ව්‍යවස්ථා තුළත් අන්තර්ගතව ඇත. ඉහත සඳහන් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව මූලිකවම රීට් ආඥා ලබා ගත හැකි අධිකරණ ලෙස අභියාචනාධිකරණය සහ 13 වන සංශෝධනයට පසුව 154 (q) 4 ව්‍යවස්ථාවට අදාළව පළාත්බද මහාධිකරණ දැක්විය හැකිය.
    හබයාස් කෝපූස් රීට් ආඥාවන් යම් පුද්ගලයකුගේ ආරක්ෂාවට අදාළ සුවිශේෂී රැකවරණයක් ලෙස හඳුනාගත හැකිය. මෙම රීට් ආඥාව මගින් යම් පුද්ගලයකු නීතිය ඉදිරියට ඉදිරිපත් කරන ලෙස පුද්ගලික හෝ රාජ්‍ය ආයතනයට විධානය කෙරේ. (You must have the body) යම් අනීතික රඳවා තබා ගැනීමකදී මෙම රීට් ආඥාව බෙහෙවින් වැදගත් වෙයි. In re Mark Anthony Lyster Bracegirdle (39 NLR 193) යන නඩුකරයේදී අග්‍රාණ්ඩුකාරවරයා විසින් බ්‍රෙස්ගර්ඩ්ල් යන අය රඳවා තබා රටින් පිටුවහල් කිරීමට ගත් තීරණය නීතිය ඉක්මවා ගත් තීරණයක් ලෙස තීරණය කළ අධිකරණය අග්‍රාණ්ඩුකාරවරයාගේ එම තීරණය බලාතික්‍රමණයක් (ultra vires) ලෙස සලකා බලශූන්‍ය කරන ලදී. එහිදී අධිකරණය දක්වා සිටියේ “යම් විධායකයකට ක්‍රියා කළ හැක්කේ එයට නීතියෙන් ලබා දී ඇති බලතල අනුව පමණක්” බවයි.
    හබයාස් කෝපූස් ආඥාවකදී යම් අයෙකු අනීතික ලෙස රඳවා තබා ගෙන ඇද්දැයි පරීක්ෂා කිරීමේදී අධිකරණය අසද්භාවය (mala fide), ප්‍රමාදීභාවය (Belated order), නිසි බලය ඇති ආයතනයක් නොවීම, නොපැදිලි වීම (vague) වැනි ක්ෂේත්‍ර රාශියක් සලකා බලයි. හබයාස් කෝපූස් ආඥාවක් යම් අනීතික ලෙස රඳවා ගැනීමට ලක්ව ඇති අයට ඔහු විසින්ම හෝ සමීප ඥාතියෙකු මගින් හෝ යම් සම්බන්ධයක් ඇති පාර්ශ්වයක් මගින් ලබා ගත හැකි නමුත් සම්පූර්ණ විධායකයකුට (Total stranger) එවැනි හිමිකමක් නැත.
    ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් (By what authority) මගින් සිදු කරනුයේ යම් රාජ්‍ය නිලධාරියෙකුට එම ධුරය දැරීමට ඇති සුදුසුකම ප්‍රශ්න කිරීමය. මෙවැනි රීට් ආඥාවක් අයැදීමකදී ඔහුගෙන් අගතියට පත් පාර්ශ්වයක් වීම අවශ්‍ය නැත. එහෙත් එම ධුරය ව්‍යවස්ථාපිත හෝ පොදු ආකෘතියේ එකක් විය යුතු ය. කෙසේ වෙතත් මෙම රීට් ආඥාවක් අයැදීමකදී සද්භාවීව සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම අයිතිය මගින් පාර්ලිමේන්තුවක, පළාත් සභාවක හෝ ප්‍රාදේශීය සභාවක ධුර දරන්නෙකුට එම ධුරය දැරීමට ඇති අයිතිය ප්‍රශ්න කළ හැකිය. Bandaranayake Vs. De Alvis 82 (2) SLR 664 හිදී ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කටයුතු කිරීම වළකාලමින් එහි විනිසුරුවරයෙකුට එරෙහිව ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලදී.
    මෙම දෙවර්ගයම පොදු නීතියේදී එකම කුලකයක් ලෙස වර්ග කරන අතර සර්ෂියෝරාරි ආඥාවක් මගින් යම් විධායක ආයතනයක් හෝ පුද්ගලයෙක් සිදු කළ අනීතික ක්‍රියාවක් බල රහිත කරවා ගත හැකි අතර තහනම් ආඥාවක් මගින් එවන් ක්‍රියාවක් මතුවට එනම් අනාගතයේදී සිදු කිරීම වළක්වන ලෙස අයැද සිටිනු ලැබේ. බන්දුල එදිරිව අල්මේදා සහ තවත් අය 95 (1) SLR 309 නඩුවේදී ජනාධිපතිවරයා විසින් පුද්ගලික දේපළක් පවරා ගැනීමට කළ නියෝගය සර්ෂියෝරාරි ආඥාවක් මගින් අධිකරණය විසින් බල රහිත කරන ලද්දේ එම නියෝගය නිසි නීතිමය උපචාරයන්ට අනුකූලව සිදු කරනු නොලැබීම මතය. එසේම Phool Chand vs. Regional Transport Authority (AIR 1986 SC 119) යන ඉන්දීය නඩුකරයේදී ඉන්දීය අධිකරණය ප්‍රාන්ත රාජ්‍යයක් විසින් ආරම්භ කළ මෝටර් රථ ව්‍යාපෘතියක් බල රහිත කරන ලද්දේ එම ව්‍යාපෘතිය ඇරඹීම සඳහා විශාල කාලයක් ගත කිරීම මතය.
    මැන්ඩාමුස් රීට් ආඥා යම් විධායක අධිකාරයක් හෝ පුද්ගලයකු විසින් නෛතිකව ඉටු කිරීමට බැඳී සිටින නීතිමය වගකීමක් හෝ යුතුකමක් පැහැර හැරීමකදී සිවිල් පුරවැසියන්ට එම නෛතිකමය අයිතිය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඇති නෛතික ආරක්ෂණය ලෙස මැන්ඩාමුස් රීට් ආඥා හඳුන්වා දිය හැකිය. මැන්ස්ෆීල්ඩ් සාමිවරයාට අනුව මැන්ඩාමුස් රීට් ආඥා අනීතික ලෙස සිය වගකීම් පැහැර හැරීමක දී සිවිල් පුරවැසියන්ට සිය අයිතීන් රැක ගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කරන්නකි. කෙසේ වෙතත් අධිකරණය මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන්නේ වෙනත් පරිපාලනමය සහායක් නොමැති අවස්ථාවක පමණි. එසේම Mani Subrat vs. State of Haryana (1977 -1 SCC 486) තීරණය අනුව මැන්ඩාමුස් රීට් ආඥාවක් ලබා ගැනීම සඳහා එය අයදින පාර්ශ්වයට නීතිමය අයිතියක් තිබිය යුතුය.
    රීට් ආඥා නිකුත් කිරීම සඳහා අධිකරණය මූලිකව පදනම් කරගන්නා මූලධර්ම ලෙස ස්වභාවික යුක්ති මූලධමය Natural Justice හඳුනාගත හැකිය. මේ අනුව නිසි ඇහුම්කන් දීමකින් තොරව (audi alteram partem) ලබා දෙනු ලබන විධායකමය (Executive) තීන්දු රීට් ආඥා මගින් බල රහිත කිරීමට අධිකරණය නොපැකිළේ. මෙයට හේතුව වන්නේ Schmidt vs. Secretary of State for Home Affaires හිදී දක්වා ඇති පරිදි යම් අයෙකුට තම අයිතීන් කියා පෑමට ඇති හිමිකම ස්වභාවික යුක්තියේ අනිවාර්ය මූලිකාංගයක් වන හෙයිනි. මොරිස් සාමිවරයා ස්වභාවික යුක්ති මූලධර්මය පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් Furnell vs. Whangarai High School Board නඩුවේදී ප්‍රකාශ කරන ලද්දේ ස්වභාවික යුක්තිය යනු සාධාරණත්වය මිසෙක අනෙකක් නොවන බවත් එය ඕනෑම තීරණයක සාධාරණත්වය සඳහා තිබිය යුතු අනිවාර්ය මූලිකාංගයක් වන බවත්ය. රණරාජා විනිසුරුතුමා Multinational Property Development Ltd vs. Urban Development Authority (1996 (2) SLR 51) නඩුවේදී දක්වන ලද්දේ ඇහුම්කන්දීමක් සිදු කළද ප්‍රතිපත්තිමය වෙනසක් නොවන්නේය යන පදනම මත යම් අයෙකුට ඇති නීතිමය අපේක්ෂාවක් (Legitimate expectations) උල්ලංඝනය කිරීමකදී ඒ සඳහා මැදිහත් විය හැකි බවත් මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතන සතුව එවන් සවන් දීමේ යුතුකමක් ඇති බවත්ය.
    රජයේ ඉඩම්වලට අදාළව රීට් ආඥා ලබා ගැනීමකදී එම ඉල්ලීම අභියාචනාධිකරණය වෙත කළ යුතු වන අතර මේ බව SC SP 26/2003 10.12.2013 දරණ ඉඩම් හිමිකම් පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශ කිරීමේදී තහවුරු කර ඇති අතර මේ බව රාජපක්ෂලාගේ ප්‍රේමජයන්ත එදිරිව ප්‍රාදේශීය ලේකම්-රාජාංගනය, SC No 04/ 2011, 16.01.2012 දරණ තීරණයේ දී තහවුරු කර ඇත. මේ අනුව රාජ්‍ය ඉඩමක් විෂය වස්තුව වී ඇති නඩුවක රීට් ආඥා අයැද සිටිය හැක්කේ අභියාචනාධිකරණයේදී පමණි.
    කෙසේ වෙතත් සහන ලබා දීම නිෂ්ඵල යැයි හැඟෙන අවස්ථාවලදී අධිකරණය රීට් ආඥා නිකුත් නොකරයි. මේ බව Credit Information Bureau of Sri lanka vs. Jeffergee (pvt) Ltd 2005 (1) SLR 89 හිදී දක්වා ඇත. එසේම රාජ්‍ය සේවා කොමිසන් සභාවක් මගින් ගත් තීරණයකට එරෙහිව පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියක් මගින් ලබා දුන් අභියාචන තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයේදී රීට් ආඥා ගොනු කළ හැකි බවට A.M. Rathnayake vs. AAT and others SC SPL LA 173/20111 යන නඩුවේ දී තහවුරු කොට ඇත.
    එසේම රීට් ආඥා සඳහා කරනු ලබන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ විට එම තීරණයට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ විශේෂ අභියාචනා ඉල්ලීමක් (Special leave to appeal) සති 06 ක් ඇතුළත සිදු කළ යුතු වේ. එම සති 06 ක කාලය ගණන් ගනු ලබන්නේ අභායාචනාධිකරණ තීන්දුව පාර්ශ්ව ඉදිරියේ ඉදිරිපත් කළ (Pronounce) දින සිට බව Municipal Council of Moratuwa vs. Fernando SC SPL 122-123/ 2011, 31.10.2012. යන තීරණය මගින් තහවුරු කර ඇත. එසේම විශේෂ අභියාචන අවසර ඉල්ලීමකදී නිසි පාර්ශ්වයන්ට නොතීසි නිකුත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණ රීති 8(3) පිළිනොපැදීම මත අවසානාත්මක ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අවස්ථාවක් උදය සමන්ත එදිරිව ජීවන් කුමාරතුංග, ඉඩම් අමාත්‍ය සහ තවත් අය නඩුවේදී (SC SPL LA No 49/2010, 29/03/2012) සිදු වූ අතර මේ අනුව නිසි සැලකිල්ලෙන් කටයුතු කිරීම අදාළ නීතිඥවරුන්ගේ වගකීම වේ. කෙසේ වෙතත් සාමාන්‍ය තාක්ෂණික හේතු මත පමණක් අපගේ අධිකරණය එසේ අභියාචන ඉල්ලීම් ඉවත නොදමන බව සමන්ත නිරෝෂණ එදිරිව සෙනරත් (SC SPL LA 145 / 2006 02/08/2007 iy A.H.M. Fauzi vs. Vehicle Lanka SC 286/2007 27/02/2008) නඩුවලදී තීරණය කොට ඇත.
    ඉහත කරුණු සාකච්ඡා කිරීමේදී අවධාරණය කළ යුත්තේ යම් රජයේ ආයතනයක් හෝ බලධාරියකු කරන අනීතික ක්‍රියාවකට එරෙහිව රැකවරණය ලබා ගැනීම මගින් පුද්ගලයන්ට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීම මුළු සමාජයටම කරනු ලබන මහඟු සේවාවක් වන බවයි.

    නීතීඥ යසස් ද සිල්වා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහාධිකරණය විසින් නිකුත් කරන රිට් ආඥා වර්ග

    නීතිය සැම විටම සර්ව සාධාරණ විය යුතුයි. එක් අයකුට එක් විදිහකටත් තවත් කෙනකුට තවත් විදිහකටත් දෙආකාරයකින් සැලකිල්ලකට භාජනය නොවිය යුතුයි යන්න ඉහත පාඨයෙන් අවධාරණය කරයි. එහෙයින් නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී වරදවල් හඳුන්වා ඒවා විග‍්‍රහ කර ඊට අදාළ දඬුවම් ද නියම කර තිබේ. එයින් සියලු දෙනාටම නීතිය ඉදිරියේ දී යම් වරදකට ලැබෙන දඬුවම එක සමාන බව තහවුරු කර ඇත. ඒ තුළින් නීතියේ තිබෙන විනිවිද භාවය තහවුරු කරලීමට සමත් වේ.ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි වරද හඳුන්වා දීමේදී ම එය විභාග කළ යුත්තේ කුමන අධිකරණයකදැයි දක්වා තිබේ. එහිදී මහාධිකරණයට සුවිශේෂී කාර්ය භාරයක් පැවරේ. ඊට අමතරව ඔබ අසා ඇති මහාධිකරණය විසින් රිට් ආඥා නිකුත් කරන බව. නොයෙකුත් හේතූන් මත මහාධිකරණය විසින් රිට් ආඥා නිකුත් කළ බවට නඩු තීන්දුවල සඳහන් වේ.මහේස්ත‍්‍රාත් හා මූලික උසාවි (ප‍්‍රාථමික අධිකරණය, දිසා අධිකරණය) මගින් පනවන ලද දඬුවම් වලට විරුද්ධව ඉදිරිපත් වන අභියාචනා හා සංශෝධන සලකා බැලීම හා රිට් ආඥා නිකුත් කිරීම මහාධිකරණයක් තුළින් ඉටු කරලන කර්තව්‍යයන්ය. මෙම පළාත් පාලන ආයතනවලට විරුද්ධව රිට් ආඥා නිකුත් කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට තිබූූ බලය පළාත් මහාධිකරණයට පවරා දී තිබේ.ඉහත සඳහන් කළ ආයතන නීති විරෝධී ලෙස කටයුතු කරන ලදැයි සැක කෙරෙන අවස්ථාවලදී මේ රීට් ආඥා මගින් සහන ලබා ගැනීමට පුළුවනි. මෙහිදී පරිපාලන නීතියේ හරය වන සර්ව සාධාරණව යුක්තිය තුළ පිහිටා කටයුතු කිරීමෙන් බැහැරව කි‍්‍රයා කරන අවස්ථාවක දී දුක් ගැනවිල්ලට පත් කෙනකුට රිට් ආඥා මගින් සහන ලබා ගැනීමට මහාධිකරණයට අයදුම් කළ යුතුයි. එසේ අයදුම් කළ හැකි රිට් ආඥා වර්ග හතරකි. එනම්,1. සර්ටියොරාරි2. මැන්ඩාමුස්3. තහනම් නියෝග4. කො වොරොන්ටොදැන් අපි මේ රිට් ආඥා එකිනෙක හඳුනා ගැනීමත් සමඟින් ඒවා කි‍්‍රයාත්මක කළ හැකි අවස්ථා මොනවාදැයි දැන ගනිමු. මන්ද එය අපේ ජීවිත වලදී නිතර අසන්නට ලැබෙන නිසා මොනවද මේ රිට් ආඥා කියා දැන ගැනීම වැදගත් වේ.

    1.සර්ටියොරාරි මෙය බි‍්‍රතාන්‍යයේ 17 වැනි සියවසේ සිටම පැවැතී ආඥාවකි. සර්ටියෝරාරි රිට් ආඥාව ලබා දෙන්නේ නීතියෙන් හිමි නොවන බලයක් පරිපාලන ආයතනයක් විසින් පාවිච්චි කරන ලදැයි සැක කරන අවස්ථාවකදීය. මෙහි දී එය ඔප්පු වුවහොත් පරිපාලන ආයතනය විසින් ගත් තීරණය මුළුමනින්ම නිෂ්ප‍්‍රභා කිරීමට මෙයින් බලය තිබේ.2. මැන්ඩාමුස් කිසියම් ආයතනයක් නීතියෙන් යම් කාර්යයක් ඉටු කිරීමට බැඳී සිටිය දී එය ඉටු නොකිරීම හා අභිමතය පාවිච්චිය පැහැර හැරීම වැනි අවස්ථාවලදී ඔබට මැන්ඩාමුස් රිට් ආඥාව කි‍්‍රයාත්මක කර දෙන මෙන් අයදුම් කළ හැකියි. මෙම ආඥාව මගින් සංස්ථාවකට කි‍්‍රයාත්මක වීම සඳහා නියෝග ලබා ගත හැකි මුත් එය රජයට විරුද්ධව අයදුම් කළ නොහැකියි.3. තහනම් නියෝගය ම් ආයතනයක් තමන්ට බලයක් නොමැති රාජකාරියක් ඉටු කරතැයි සිතන අවස්ථාවක එම ආයතනයට විරුද්ධව මේ තහනම් නියෝගය කි‍්‍රයාත්මක කළ හැකියි. මෙම තහනම් නියෝගය තුළින් සර්ටියොරාරි ආඥාව සිදු කරන ලද කි‍්‍රයාවක් නිෂ්ප‍්‍රභා කිරීමට අයදුම් කළ හැකියි. තහනම් නියෝගයක් මගින් බලාපොරොත්තු වන්නේ කිසියම් කටයුත්තක් කිරීමට පෙර එය වළක්වා ගැනීමේ සහනයයි. එනම් ස්වභාවික යුක්තිය කඩ කෙරෙතැයි සිතෙන අවස්ථාවක අයදුම් කර යෝජිත කාර්ය වළක්වා ගැනීම එහි පරමාර්ථයයි.4. කො වොරොන්ටො පහළ අධිකරණ, ආයතනයක හෝ කි‍්‍රයාකාරිත්වය සමාලෝචනයට භාජනය කෙරෙන මෙම කි‍්‍රයා පටිපාටිය ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය නීති සහනයකි. පළාත් පලාන මැතිවරණ ඡන්දයක වලංගු බව ප‍්‍රශ්න කිරීමේදී බොහෝ අවස්ථාවල මෙම ආඥාව යොදා ගනු ලබයි.

    ලාංකිකා තල්ගොඩපිටිය
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Writ order is a documentation from the high court preventing / ordering a person/company / organization to do/or not to do something.

    what is exactly the order is issues against or for?
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    patta pahadili kirimak.akke athida ahagaththa:lol::lol:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    NK123; වටිනා පැහැදිළි කිරීමක්. ගොඩක් ස්තුතියි ඔයාට
    You must spread some Reputation around before giving it to NK123 again.
    :(
     
    Last edited:
    • Like
    Reactions: NK123

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    https://en.wikipedia.org/wiki/Writ

    ::

    සාමාන්ය නීතිය තුළ, රීතිය (ඇන්ග්ලෝ-සෙක්සෝන් ගුවර්ට්, ලතින් බ්රාවෝ) [1] යනු පරිපාලනමය හෝ අධිකරන බලයක් සහිත ආයතනයකින් නිකුත් කරන ලද විධිමත් ලිඛිත නියෝගයකි. නූතන භාවිතයේ දී, මෙම සිරුර සාමාන්යයෙන් අධිකරණයකි. වරෙන්තු, පරමාණුක බලධාරීන් සහ උපසම්පදාව සාමාන්ය රිට් ආකෘති වේ. එහෙත් බොහෝ ආකාරයන් පවතී.

    එහි මුල් ආකෘතියේ දී නිශ්චිත පුද්ගලයෙකුට නිශ්චිත ක්රියාමාර්ගයක් ගැනීමට ඉංග්රීසි අධිරාජයා විසින් ලිඛිත නියෝගයක් නිකුත් කරන ලදී. නිදසුනක් වශයෙන්, වැඩවසම් යුගයේ දී යම් තැනක හා වේලාවට නිශ්ශබ්දව සටන් කිරීමට පැළඳ සිටි ප්රධාන කුලී නිවසකට රජතුමා විසින් රජු විසින් කරන ලද මිලිටරි කැඳවීමක් විය. එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්රේලියාව යන එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ ඕස්ට්රේලියාවෙහි දී කලින් පැවති පරිච්ජේදයක් තුලදී, රාජාණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද ලිඛිත නියෝගයක් (කැනඩාවේ දී, ආණ්ඩුකාරවරයා විසින් සහ ඕස්ටේ්රලියාවේදී, නියෝජිත මන්ත්රී මණ්ඩලය, හෝ රාජ්ය මැතිවරණ සඳහා රාජ්ය පාලකයන්) මහ මැතිවරණය පවත්වන ලෙස ප්රාදේශීය නිලධාරීන්ට (ඓතිහාසික එක්සත් රාජධානියේ සෑම දිස්ත්රික්කයකම අධිෂ්ඨානඥයින්). මධ්යතන යුගයේ ඉංග්රීසි රජවරුන් පාර්ලිමේන්තුව වෙත කැඳවීම සඳහා මධ්යතන යුගයේ රජවරුන් විසින් [3] (පසුව ලෝඩ් හවුස් නිවසෙන් සමන්විත විය), වටිනා උපදෙස් ලෙස සලකනු ලැබූ හෝ විශේෂයෙන් බලපෑම් කළ අය වන අතර එමගින් බාරොන් විසින් නිර්මාණය කර ඇති බවට සලකනු ලැබිනි. රිට් ".
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අතුරු තහානම් නියෝග. ඒ කියන්නේ ඔයාගේ ඉඩමේ ඔයා සිමේන්ති ගබඩා කරන්න බිල්ඩින් එකක් හදනවා හිතමු ඒකට ඔයාගේ අල්ලපු ගෙදර මිනිහා කේස් එකක් දානවා බිල්ඩිම නිසා ඒයාට සෙඛ්ය ගැටලු ඇති වෙන්න පුලුවන් කියලා ඉතින් උසාවියෙන් අතුරු තහානම් නියෝගයක් දෙනවා බිල්ඩිම හදන එක තාවකාලිකව නවත්වන්න නඩුව එක්තරා මට්ටමකට හරි ජජ්මන්ට් එකක් දෙන කල් හරි. (මම නීතී විශාරදයෙක් නොවෙමි)
     
    සාධාරණ හේතුවක් නැතුව අතුරු තහනම් නියෝග ඉල්ලන අයට දඬුවම් කරන්නේ නැද්ද? :confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    NK123; වටිනා පැහැදිළි කිරීමක්. ගොඩක් ස්තුතියි ඔයාට
    You must spread some Reputation around before giving it to NK123 again.
    :(

    මන් ලියපුවා නෙමේ :rolleyes:
    ගුගල් සර්ච් කලාම උඩින්ම ආපු දෙක ගෙඩිය පිටින මෙතැන් අතෑරියා ;)
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මන් ලියපුවා නෙමේ :rolleyes:
    ගුගල් සර්ච් කලාම උඩින්ම ආපු දෙක ගෙඩිය පිටින මෙතැන් අතෑරියා ;)
    ඒකට කමක් නෑ. වැදගත් දේවල්නේ :lol: