නීල් ආම්ස්ට්‍රෝං බොරු කිව්වා – සහෝදරයා හෙ&#352

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    නීල් ආම්ස්ට්‍රෝං බොරු කිව්වා – සහෝදරයා හෙ&#352

    1969 ජූලි මස 20 වැනිදා මිනිසා සඳට ගිය දවසයි. කිසිදා සිදු කළ නොහැකි ආශ්චර්යයක් ලෙසට බොහෝ දෙනකු විශ්වාස කළ එම සිහින යථාර්ථයක් කර ගැනීමට වාසනාව ලත් ඔහු නීල් ආම්ස්ට්‍රෝංය. සඳ මත ප‍්‍රථමවරට පා තබමින් ඔහු කළ ප‍්‍රකාශයද අමරණීය වූවකි.

    ‘‘මෙය මිනිසකුගේ එක් කුඩා පියවරකි. එහෙත් මුළුමහත් මිනිස් සංහතියේම යෝධ පිම්මකි.’’ ඔහු එහිදී කියා සිටියේ ය.

    neil-armstrong-moon-landing.png

    මිනිසා සඳට ගිය ගමන මිනිස් සංහතියේම ජයග‍්‍රහණයක් බව සැබෑය. එහෙත් මිනිසාගේ සඳ ගමන විවාදයට ලක් වූ අවස්ථා ගණනද සුළුපටු නොවේ. සඳ ගමන සත්‍යයක් නොව හුදු මවාපෑමක් පමණක්ය යන්න විටින් විට ඉස්මතු වූ කාරණාවකි. දිය යට ලූ රබර් බෝතලයක් මෙන් වරින් වර මතු වන මෙම මතය විටෙක ඡුායාරූප වාර්තා සමග මාධ්‍යවල ප‍්‍රචාරය වූයේ සඳ ගමන තාක්ෂණික උපාංග මගින් කෘතිම දර්ශන තලයක පටිගත කරන ලද්දක් බව පවසමිනි.

    දැන් යළිත් වරක් සඳ ගමන බොරුවක් බව හැඟවෙන කතාබහක් ඇති වී තිබේ. එය පෙර වතාවන්ට වඩා බරපතළ වන්නේ මෙවර සඳ ගමන බොරුවක් බව පවසන්නේ නීල් ආම්ස්ට්‍රෝංගේම සොහොයුරා විසින් බැවිනි.

    ඔහු ඞීං ආම්ස්ට්‍රෝංය. ඔහු පවසන ආකාරයට නීල් ආම්ස්ට්‍රෝං සඳ මත ප‍්‍රථම පා සටහන තබමින් කරන ලද කතාව ඔහු ඊට මාසයකට පමණ පෙර පවුලේ සංවාදයක් අතරතුරදී දැක තිබේ.

    ඞීන් ආම්ස්ට්‍රෝං මෙම ප‍්‍රකාශය ලබා දුන්නේ බී.බී.සී වාර්තා වැඩසටහනකට සහභාගී වෙමිනි.

    ‘‘නීල් ඒක පෙන්නලා ඇහුවා මොකද ඒ ගැන හිතන්නෙ කියලා?… මම කිව්වා නියමයි කියලා. එතකොට නීල් මට කිව්වා ඔයා ඒකට කැමැති වෙන බව මම දැනගෙන හිටියා. ඒත් ඔයා ඒක කියවනවා දකින්න මට ඕන වුණා කියලා…’’ ඞීන් ආම්ස්ට්‍රෝං කියා සිටියේ ය.

    1930 වසරේ අගෝස්තු මස 5 වැනිදා ඇමෙරිකාවේ ඔහායෝ ප‍්‍රදේශයේ නීල් ආම්ස්ට්‍රෝං උපන්නේ බාල සොහොයුරන් දෙදෙනකුට අයියා වෙමිනි. ඞීන් ආම්ස්ට්‍රෝං ඉන් එක් අයකු වන අතර අනෙකා ජූන්ය. නීල් ආම්ස්ට්‍රෝංගේ උඩු ගුවනේ පියාසර කිරීමේ ආශාව ඔහු ළදරු වියේදීම සිත ඵ ගත්තකි. ඊට උපරිම සහයෝගය ලබා දුන්නේ ඔහුගේ පියා වූ ස්ටෙෆන් ආම්ස්ට්‍රෝංය. මුලින්ම ගුවන් කරණම් තරගයක් බැලීමට යද්දී නීල්ගේ වසය යන්තම් අවුරුදු දෙකක් වූවා පමණි. වයස අවුරුදු 15දී පියාසර සහතිකය ලබා ගැනීමට තරම් නීල් ආම්ස්ට්‍රෝං දක්ෂයකු විය.

    ඇපලෝ 11 යානයෙන් සඳ මතට ගිය පළමු මිනිසා ලෙස ලොව පුරා මිනිසුන්ගේ ආදරයට හා ගෞරවයට පාත‍්‍ර වූ නීල් ආම්ස්ට්‍රෝං පසුගිය වසරේ අගෝස්තු 25 වැනිදා සදහටම ජීවිතයෙන් සමුගෙන ගියේ ය. ඒ 82 හැවිරිදි වියේ පසුවෙද්දීය.

    ඔහු ජීවත්ව සිටියදී සඳ ගමන බොරු බවට එල්ල වූ චෝදනා සියල්ල තරයේ ප‍්‍රතික්‍ෂෙප කළේය. එහෙත් අද ඔහුගේම බාල සොහොයුරා සඳ ගමන බොරු බවට අඟවන ප‍්‍රකාශයක් නිකුත් කරද්දී ඊට පිළිතුරු දීමට නීල් ආම්ස්ට්‍රෝං මිහිමත නැත.

    සඳ ගමන මවාපෑමක් පමණක්ද? නොඑසේ නම් නීල් ආම්ස්ට්‍රෝං සැබෑවටම සඳ මත පා තැබුවේ ද? එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ හොඳම සාක්ෂිය නීල් ආම්ස්ට්‍රෝංගේම හෘද සාක්ෂිය පමණි.

    ඉස්සුවෙ මෙහෙන්
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    නිල් අම්ස්ට්‍රොන්ග් උබගේ කවුද ? :rofl::rofl::rofl:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    අනෙ යකෝ උඹලත් lankacnews වගේ මෝඩ news විස්වාස කරනවනේ , පොර කීවේ නීල් අම්ස්ට්‍රොන්ග් හඳට ගියේ නෑ කියල නෙමේ , පොර කියන්නේ නීල් අම්ටෝන්ග් හඳට ගියාම කියපු කියමන එයා යන්න ඉස්සෙල්ලා practice වෙලා කිවා කියල විතරයි ; මොකද ලෝකේ මෙච්චර කල් හිතුවේ නීල් අම්ස්ට්‍රොන්ග් ඕක හඳට බැස්සම නිරායාසයෙන්ම කියපු දෙයක් කියල , පොර ලෑස්තිවෙලා යන්න ඇති හඳට බැස්සොත් අඩිය තියනකොට කියන්න හොඳ වැකියක් .
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    cal karala ahapan mona hari kiwwada kiyala :P ..ane bun uba hariyata kiyanne horage ammagen pena ahana wadakne :rolleyes::rolleyes::rolleyes:

    නැ මචන්! මම අහන්නේ nasa මේ කතාවට දක්වපු ප්‍රතිචාරේ මොකක්ද කියලා ? ඇඟ බේරගන්න මොනවහරි බොරු කතාවක් කියලා ඇතිනේ
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඇමරිකන් කාරයෝ කොහොමත් බොරු කාරයෝ තමයි. ඇමරිකන් කාරයෝ හොඳ විදිහකින් සල්ලි හම්බකරන ජාතියක් නෙවෙයි. ආයුද විකුණලා සල්ලි හම්බකරන ඇමෙරිකන් කාරයෝ WTC එකට ගේම දුන්නෙත් insurance company එකෙන් සල්ලි ගන්න. flight එකක් හැප්පුනු පලියට සද්දන්ත building එකක් කඩා වැටෙන්නේ නැහැ, ඕනේ නම් කොටසක් කැඩෙයි.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    අනෙ යකෝ උඹලත් lankacnews වගේ මෝඩ news විස්වාස කරනවනේ , පොර කීවේ නීල් අම්ස්ට්‍රොන්ග් හඳට ගියේ නෑ කියල නෙමේ , පොර කියන්නේ නීල් අම්ටෝන්ග් හඳට ගියාම කියපු කියමන එයා යන්න ඉස්සෙල්ලා practice වෙලා කිවා කියල විතරයි ; මොකද ලෝකේ මෙච්චර කල් හිතුවේ නීල් අම්ස්ට්‍රොන්ග් ඕක හඳට බැස්සම නිරායාසයෙන්ම කියපු දෙයක් කියල , පොර ලෑස්තිවෙලා යන්න ඇති හඳට බැස්සොත් අඩිය තියනකොට කියන්න හොඳ වැකියක් .

    api danna bun owala aththa naththa. US taram kapatiyo wena kohenda bun.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    නැ මචන්! මම අහන්නේ nasa මේ කතාවට දක්වපු ප්‍රතිචාරේ මොකක්ද කියලා ? ඇඟ බේරගන්න මොනවහරි බොරු කතාවක් කියලා ඇතිනේ

    ඇමරිකන් කාරයෝ කොහොමත් බොරු කාරයෝ තමයි. ඇමරිකන් කාරයෝ හොඳ විදිහකින් සල්ලි හම්බකරන ජාතියක් නෙවෙයි. ආයුද විකුණලා සල්ලි හම්බකරන ඇමෙරිකන් කාරයෝ WTC එකට ගේම දුන්නෙත් insurance company එකෙන් සල්ලි ගන්න. flight එකක් හැප්පුනු පලියට සද්දන්ත building එකක් කඩා වැටෙන්නේ නැහැ, ඕනේ නම් කොටසක් කැඩෙයි.

    :yes::yes::yes: