නීල් ආම්ස්ට්‍රෝං බොරු කිව්වා – සහෝදරයා හෙŠ
1969 ජූලි මස 20 වැනිදා මිනිසා සඳට ගිය දවසයි. කිසිදා සිදු කළ නොහැකි ආශ්චර්යයක් ලෙසට බොහෝ දෙනකු විශ්වාස කළ එම සිහින යථාර්ථයක් කර ගැනීමට වාසනාව ලත් ඔහු නීල් ආම්ස්ට්‍රෝංය. සඳ මත ප්‍රථමවරට පා තබමින් ඔහු කළ ප්‍රකාශයද අමරණීය වූවකි.
‘‘මෙය මිනිසකුගේ එක් කුඩා පියවරකි. එහෙත් මුළුමහත් මිනිස් සංහතියේම යෝධ පිම්මකි.’’ ඔහු එහිදී කියා සිටියේ ය.
මිනිසා සඳට ගිය ගමන මිනිස් සංහතියේම ජයග්‍රහණයක් බව සැබෑය. එහෙත් මිනිසාගේ සඳ ගමන විවාදයට ලක් වූ අවස්ථා ගණනද සුළුපටු නොවේ. සඳ ගමන සත්‍යයක් නොව හුදු මවාපෑමක් පමණක්ය යන්න විටින් විට ඉස්මතු වූ කාරණාවකි. දිය යට ලූ රබර් බෝතලයක් මෙන් වරින් වර මතු වන මෙම මතය විටෙක ඡුායාරූප වාර්තා සමග මාධ්‍යවල ප්‍රචාරය වූයේ සඳ ගමන තාක්ෂණික උපාංග මගින් කෘතිම දර්ශන තලයක පටිගත කරන ලද්දක් බව පවසමිනි.
දැන් යළිත් වරක් සඳ ගමන බොරුවක් බව හැඟවෙන කතාබහක් ඇති වී තිබේ. එය පෙර වතාවන්ට වඩා බරපතළ වන්නේ මෙවර සඳ ගමන බොරුවක් බව පවසන්නේ නීල් ආම්ස්ට්රෝංගේම සොහොයුරා විසින් බැවිනි.
ඔහු ඞීං ආම්ස්ට්‍රෝංය. ඔහු පවසන ආකාරයට නීල් ආම්ස්ට්‍රෝං සඳ මත ප්‍රථම පා සටහන තබමින් කරන ලද කතාව ඔහු ඊට මාසයකට පමණ පෙර පවුලේ සංවාදයක් අතරතුරදී දැක තිබේ.
ඞීන් ආම්ස්ට්‍රෝං මෙම ප්‍රකාශය ලබා දුන්නේ බී.බී.සී වාර්තා වැඩසටහනකට සහභාගී වෙමිනි.
‘‘නීල් ඒක පෙන්නලා ඇහුවා මොකද ඒ ගැන හිතන්නෙ කියලා?… මම කිව්වා නියමයි කියලා. එතකොට නීල් මට කිව්වා ඔයා ඒකට කැමැති වෙන බව මම දැනගෙන හිටියා. ඒත් ඔයා ඒක කියවනවා දකින්න මට ඕන වුණා කියලා…’’ ඞීන් ආම්ස්ට්‍රෝං කියා සිටියේ ය.
1930 වසරේ අගෝස්තු මස 5 වැනිදා ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රදේශයේ නීල් ආම්ස්ට්‍රෝං උපන්නේ බාල සොහොයුරන් දෙදෙනකුට අයියා වෙමිනි. ඞීන් ආම්ස්ට්‍රෝං ඉන් එක් අයකු වන අතර අනෙකා ජූන්ය. නීල් ආම්ස්ට්‍රෝංගේ උඩු ගුවනේ පියාසර කිරීමේ ආශාව ඔහු ළදරු වියේදීම සිත ඵ ගත්තකි. ඊට උපරිම සහයෝගය ලබා දුන්නේ ඔහුගේ පියා වූ ස්ටෙෆන් ආම්ස්ට්‍රෝංය. මුලින්ම ගුවන් කරණම් තරගයක් බැලීමට යද්දී නීල්ගේ වසය යන්තම් අවුරුදු දෙකක් වූවා පමණි. වයස අවුරුදු 15දී පියාසර සහතිකය ලබා ගැනීමට තරම් නීල් ආම්ස්ට්‍රෝං දක්ෂයකු විය.
ඇපලෝ 11 යානයෙන් සඳ මතට ගිය පළමු මිනිසා ලෙස ලොව පුරා මිනිසුන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ නීල් ආම්ස්ට්‍රෝං පසුගිය වසරේ අගෝස්තු 25 වැනිදා සදහටම ජීවිතයෙන් සමුගෙන ගියේ ය. ඒ 82 හැවිරිදි වියේ පසුවෙද්දීය.
ඔහු ජීවත්ව සිටියදී සඳ ගමන බොරු බවට එල්ල වූ චෝදනා සියල්ල තරයේ ප්රතික්ෂෙප කළේය. එහෙත් අද ඔහුගේම බාල සොහොයුරා සඳ ගමන බොරු බවට අඟවන ප්‍රකාශයක් නිකුත් කරද්දී ඊට පිළිතුරු දීමට නීල් ආම්ස්ට්‍රෝං මිහිමත නැත.
සඳ ගමන මවාපෑමක් පමණක්ද? නොඑසේ නම් නීල් ආම්ස්ට්‍රෝං සැබෑවටම සඳ මත පා තැබුවේ ද? එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ හොඳම සාක්ෂිය නීල් ආම්ස්ට්රෝංගේම හෘද සාක්ෂිය පමණි.
ඉස්සුවෙ මෙහෙන්