උබට තියෙන ප්‍රශ්නේ emotional ගු ගොඩවල් වලින් brain එක කවර් වෙලා තීරණ ගැනීමේ හැකියාව අඩු වෙලා යාම.
කෙනෙක් ගැලපෙනවද නොගලපෙනවද කියල හොයන්න කලින් හරියට ආදරේ කරන්න හැකියාවක් ලැබෙන්න ඕන. අපේ රටේ ඒකට ලොකු නිදහසක් නැහැ. ආදරේ කිව්වහම සෙක්ස් හැම දෙයක්ම අයිතියි. ඕක කරන්න ප්‍රැක්ටිකල් නැහැ, living together ඉන්න කෙල්ලෝ කැමති උනත් සංස්කෘතිය අරව මේවා නිසා සහ අපේ එවුන් උන්ට බඩුව කියල ලේබල් එක ගහන නිසා, ඒ උන් බයයි. ඕක කොල්ලොන් විසින්ම අවුල් කරගත්ත සිස්ටම් එකක්. ඔය හැමදේම ටෙස්ට් කරන්න පුළුවන් වෙන්න ඕන කෙටි කාලයක් ඇතුලත කෙනෙක්ට හරියට ගැලපෙන කෙනෙක් හොයන්න නම්. නමුත් අපේ රටේ ඕව ටෙස්ට් කරන්න අමාරුයි දිග කාලයක් යනවා. ඉතින් ජිවිත කාලෙන් එච්චර ඉඩක් වෙන් කරොත් බාගයක්ම ඉවරයි මේ රටේ යන සිස්ටම් එකට අනුව.
ගැලපෙනවද නොගලපෙනවද කියල තෝරාගන්න වෙන්නේ ඊටපස්සේ.
මෙතැනදී තව දෙයක් තියෙනවා. ආදරේ කරනවත් එක්කම අද්දැකීම් ජීවිතේට එකතු වෙනවා.
එක වතාවක් ආදරේ කරලා දෙන්නෙක් වෙන් වුනොත්, එකෙන් අත්දැකීම් එකතු වෙනවා. ඒ අත්දැකීම් ඊළඟ relationship එකේ දියුණුව වෙනුවෙන් පාවිච්චි වෙනවා. ඒ වගේම වැදගත් දේ තමයි, වරක් වැරදුනහම තමන්ට අවශ්‍ය නියම කෙනා මෙයා නෙමෙයි කියන අදහස සහ, තමන්ට අවශ්‍ය නියම කෙනා කොයි වගේ කෙනෙක්ද කියන දේ ගැන ලාවට දල අදහසක් එනවා. පොඩ්ඩක් කලින්ට වඩා සිලෙක්ට් කරන්න ගන්නවා. ඒ කියන්නේ මුලින්ම දැක්කොත් සෙල්ෆිෂ් කෙල්ලෙක්, එයා එක්ක රේලෙෂන්ශිප් එකකට යන්නේ නැහැ කෙලින්ම තීරණය කරනවා කලින් ඉගෙනගත්ත පාඩමක් ඔලුවට ඇවිල්ල, ආ මෙයා මගේ ටයිප් එකක් නෙමෙයි කියල.
මේ විදිහට සැරෙන් සැරේ රේලෙෂන්ශිප් බ්රේක් වෙන්න වෙන්න මේක circle එකක් විදිහට දිගින් දිගටම එක්ස්පිරියන්ස් එකතු වේවි තමුන් හොයන නියම කෙනා කවුද කියල අදහසක් එනවා, හරියට hacker කෙනෙක් පාස්වර්ඩ් එකක් ක්‍රැක් කරන්න යනකොට වැරදි passwords විශාල වාරගානක් කෙටි කාලයක් තුල enter කරලා හරි password එක හොයාගන්නවා වගේ. ඒ කියන්නේ වැරදෙන සෑම වාරයක් ගානේ experience එකතු කරගෙන ඉගෙනගන්නවා, ඇත්තටම මේ වැරදීමක් නෙමෙයි වැරදෙන්න පුළුවන් අලුත් විදිහක් ගැන අලුතින් ඉගෙනගනිමක් කියල තමයි hacker දකින්නේ. ඉතින් වේගයෙන් ඉස්සරහට move වෙන්න පුලුවන්නම් තමයි නියම කෙනා කවුද කියන එක ගැන අදහසක් ලැබෙන්නේ, කොහොමද හොයාගන්න පුළුවන්, කොයි වගේ තැන් වලද ඒ අය ගැවසෙන්නේ, වගේ දේවල් ගැන තේරුමක් එනවා. නමුත් අද්දැකීම් නැති කෙනා කරන්නේ එකම එක ඔස්සේ එල්ලිලා මේක තමයි හරිම එක කියල හිතාගෙන එකටම කොහොමහරි කරගහගන්නවා. එක අතකින් එයා ඒ විදිහට හැසිරෙන කෙනෙක් නිසා එයාට හරියන්නත් පුළුවන්, වගේම වරදෙන්නත් පුළුවන්, නමුත් ඇත්තටම වෙන්නේ ටික කාලෙකින් මෙයාලට සිද්දවෙන්නේ බැඳගත්ත බෙරේ ගහන්න. සමහරු මේකට අර්ථ කථනය දෙන්නේ විවාහ ජිවිතේ කියල. ඒ කියන්නේ වෙන් වෙන එක ලොකු වැරද්දක් කියල දකිනවා. නමුත් වැරදුනු මිනිහෙකුට second chance එකක් ලැබෙන එක හොඳ දෙයක් විදිහටයි දැකිය යුත්තේ.
උදාහරණයක් විදිහට Divorce එක නරක දෙයක් කියල දකින එක වැරදියි. කෙනෙක් කියන්න පුළුවන් වෙන් වෙන එක වැරදි දෙයක්. කොහොමහරි ඉවසගෙන එකට ජිවත් වෙන එක තමයි නියම ආදරේ. එකයි පවුල් කන එක කියල. නැහැ වැරදියි, ඒ සතුටින් ඉන්නවට වඩා survive වෙන එක තමයි එතනින් වෙන්නේ. ඒක living නෙමෙයි surviving. අර බැඳගත්ත බෙරේ ගැසීම. කෙනෙක් අරවා කන්න කැමතියි, ඒ නිසා වයිෆ් මේවා මට උයල දෙන්න ඕන කියල කියනකොට, wife කිව්වොත් නැහැ මම ආස නැහැ. ඔයා ඕනනම් උයාගන්න කියල, ඔන්න එතකොට කෙනෙක්ට ආගිව් කරන්න පුළුවන් එතන ගැහැණි වැරදියි. කියල, තව කෙනෙක්ට කියන්න පුළුවන් පිරිමියා නම්‍යශීලි වෙලා ඒ දේ තමන් උයාගන්න ඕන කියල. තව කෙනෙක් කියන්න පුළුවන් පිරිමියා ට තියෙන ආදරේ වෙනුවෙන්, අකමැති දෙයක් උනත් ගෑනි උයා දෙන්න ඕන කියල. එහෙම ගෑනිට තේරුම් කරලා දෙන්න යනකොට, ගෑනි කියනවා ඔයාට මාව තේරුම් ගන්න බැහැ කියල. සමහර විට wife ට blood දකින්න අවුලක් තියෙන්න ඉඩ තියෙනවා, ඉතින් උයනකොට අවුල් යන්න ඉඩ තියෙනවා PTSD වගේ මානසික ප්‍රශ්න නිසා, සහ මේවා වැඩිය එයාල කියන්නේ නැහැ එලියට. ඒක ඒ ලෙඩවල හැටි, නමුත් මිනිහට ඔය උට්ටවල් අදාළ නැහැ මරාගන්නම එනවා wife එක්ක, ඉතින් ඔය වගේ අවස්ථාවල් වල ඒ මිනිස්සුන්ට divorce වෙන්න chance එකක් දෙන්න ඕන සහ ඒක වැරදියට දකින්න හොඳ නැහැ.
එතකොට ප්‍රැක්ටිකල් දේ divorce වැඩි වෙන්න වෙන්න හරිම කෙනාව හොයාගන්න වාරයක් ලැබෙන එක.
දැන් උබ කරන්නේ ඔකේ අනික් පැත්ත.
ඒ කියන්නේ උබට move වෙන්න experience නැහැ. කෙල්ල උබට කතා කරන්නේ පාලු වෙලාවට උබත් එක්ක කතා කරන්න හුරු වෙලා හිටිය හින්ද මිසක් relationship එක ගොඩ දාගන්න එයාට ඕනෑකමක් නැහැ. එහෙම වෙලා තියෙන්නේ එකී ට තව කොල්ලෙක් ව සෙට් කරගන්න හිතන තැනට තවම ගිහින් නැති නිසා. එහෙම නොගිහින් තියෙන්නේ කොල්ලෙක් හම්බෙලා නැති හින්දයි.
අර මන් කිව්වා වගේ වැටෙන්න වැටෙන්න තමන් හොයන කෙනා ගැන අදහස ආවම, සිලෙක්ෂන් එක ටිකක් වැඩි වෙනවා, එතකොට තෝරන්න බලනවා. තෝරලා තෝරලා හොයාගන්නේ උබට වඩා ටිකක් හරි මොනවහරි දෙයකින් ඉස්සරහින් ඉන්න කෙනෙක්. උබත් එහෙමයි.
එහෙම නොවුනොත් වෙන්නේ ආපහු උබව ඕනේ වෙන එක. උබ කොච්චර දුරට perfect ද කියන එක අනුව ඒකිට උබව miss වෙන එක වැඩියි, වගේම අනික් පැත්තට උබටත් එහෙමයි. නමුත් උබ මෙලෝ රහක් නැති එකෙක් වෙලා ඉන්දෙද්දීත්, උබටත් වඩා අජපල් අපතයෝ ම නම් ඒකිට සෙට් වෙන්නේ ඒකිගේ අවාසනාවට, එතකොට උබව මිස් වෙනවා. නමුත් උබට වඩා දහගුනෙකින් හොද එකෙක් හම්බුනොත් ඒකිට උබ හිටියේ කොහෙද කියලවත් මතක නැහැ. උබටත් ඒ ටිකමයි.