ඕක අතහැරලා දාපන් සහෝ. ජීවිතය කියන්නේ සැහැල්ලුවෙන් යන්න ඕන ගමනක්. කාවවත් පීඩනයට පත් කොරන්නවත් කාගෙන්වත් පීඩනයට පත් වෙන්නවත් ඕන දෙයක් නෙමෙයි ජීවිතේ කියන්නේ. උඹ ජීවිතය විදිනවද විදෝනවද කියලා මුලින්ම හිතලා කෙලින් තීරණයක් ගනින්. ලෝකේ යම් පමණක් හරි සාර්ථක වෙලා ඉන්නේ කෙලින් නිවැරදි තීරණ ගත්තු අයයි. හදවතට කලින් මනසට ප්රමුකත්වය දීලා තීරණයක් ගනින්. මොකද උඹට වැරදුනොත් ඒක අදින්න වෙන්නේ උඹටම තමයි. උඹේ තත්ත්වය හරියටම දන්නේ උඹයි. උඹ කැමති මොනවද අකමැති මොනවද දන්නේ උඹ. කැමැත්ත අනුව විදිනවද විදවනද කියලා මුලින්ම තීරණය කරලා හරි දේ කරපන්.



ඒක නිසා දුර දිග බලලා උබේ chess move එක note කරගෙන හිටපං.