නොදන්නා අයගේ දැන ගැනීම සදහා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    නොදන්නා අයගේ දැන ගැනීම සදහා

    මම මේක කියල දෙන්න යන්නේ වින්ඩොව්ස් බූටබල් ඩීවීඩී එකක් ගහන්න ගිහින් මට කීප සැරයක්ම කෙල උන නිසා.ඕනේ අය බලලා දෙයක් ඔලුවට ගන්න.දන්නා අය බම්ප් එකක් දෙන්න.
    වින්ඩොව්ස් බූටබල් ඩීවීඩී එකක් ගහනවා කියන්නේ rs 50ක් වියදම් වෙනවා.ඩීවීඩී එක සීරුනොත් බඩු පැකට් වෙනවනේ ඉතින්:angry:. ඒ ඇරෙන්න හරියට බර්න් ස්පීඩ් දුන්නේ නැත්තන් වැඩක් වෙන්නේ නෑ.මොකද බූටබල් ඩීවීඩී එකක් බර්න් කරන හොදම ස්පීඩ් එක තමා 4X කියන්නේ.ඊට වැඩ වැඩි උනොත් කෙල වෙනවා(මට උනා වගේ.මගේ nero එකේ 4X දෙන්න විදියක් නෑ:baffled::angry: )
    දැන් ඉතින් බර්න් කරන ඒවා ඔයාල දන ගන්න ඕනේ නෑ:no:ඩීවීඩී වලට ගහල ඩීවීඩී නාස්ති කරන්න ඕනෙත් නෑ:lol:මෙන්න ලේසිම ක්‍රමේ.මේක ගැන එළකිරියේ යාලුවෙක් දල තිබ්බ සොෆ්ට්වරේ එකක් යූස් කරලා කරන හැටි.එත් මට ඒ ක්‍රමේ සාර්ථක උනේ නෑ:no:

    ඒ හින්ද මන් කියල දෙන්නම් පෙන් එකක් හරි මෙමරි කාර්ඩ් එකක් හරි පොර්ටබල් හර්ඩ් එකක් හරි බාවිතයෙන් ලේසියෙන්ම කරන විදියක්.නෙට් එකේ ඉතින් මේ ක්‍රමේ ලේසියෙන් හොයා ගන්න පුළුවන් ඔයාලට:).මන් වැඩි හොදට මේකේ දැම්මේ ඔන්න.මන් මේක කරා ඒ හින්ද කිසිම බයක් නැති 100% විස්වාසවන්ත ක්‍රමයක් මේක:yes::yes:මේ ක්‍රමේ වින්ඩොව්ස් 8 වලටත් වැඩ කරනවා.:yes::yes:

    ඔන්න පියවර ටික.
    පියවර 1 - usb flash drive ප්ලග් කරන්න
    පියවර 2 - usb flash drive එක ෆොර්මැට් කරන්න.
    පියවර 3 - කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඇඩ්මින් විදියට ඔපෙන් කරන්න.(Right click on Start > All Programs > Accessories > Command Prompt - run as administrator )
    පියවර 4 - මෙන්න මේ කමාන්ඩ් දෙක ටයිප් කරන්න.
    diskpart
    list disk

    පල්ලහයින් දැම්මා ඉමේජ් එකත් ඔන්න.
    ank7r5.jpg


    පියවර 5 - මෙතැනදී කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ පෙන්නයි ඔයාගේ හර්ඩ් එකයි තව ප්ලුග් කරලා තියෙන පෙන් එහෙම.එකේ අපි දැන් වින්ඩොව්ස් දාන ඩිස්ක් එක මොකද්ද කියලා බලන්න. මගේ විදියට නම් ඩිස්ක් 1
    දැන් මෙහෙමයි කරන්න ඕනේ
    මෙන්න මේ කමාන්ඩ් ටික එකින් එක ටයිප් කරන්න.

    select disk 1
    clean
    create partition primary
    select partition 1
    active
    format fs=NTFS (මේකට නම් ටිකක් වෙලා යයි )
    assign
    exit

    මන් පල්ලහයින් දැම්මා ඉමේජ් එකත් ඔන්න.

    51diye.jpg


    පියවර 6 - දැන් ඉතින් ඔයාගේ වින්ඩොව්ස් සෙටප් එක තියෙන තැනකින් අරන් (අන්තිමට කියන්න එපා සෙටප් එකක් නෑ කියලා) එකේ තියෙන ඒවා ටික පෙන් එක ඕපන් කරලා එකට කොපි කරන්න(ඉමේජ් ෆයිල් එහෙම දන්නා එපා.ඉමේජ් ෆයිල් තියෙන අය එක extract කරලා එකේ ඇතුලේ තියන ඒවා ටික කොපි කරන්න.මන් ඉමේජ් එකක් දල ඇති පහල)

    qq4v3m.jpg


    පියවර 7 - දැන් වැඩේ ඉවරයි.කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ඉවත් වෙලා.ඔයාගේ වින්ඩොව්ස් දාපු පෙන් එක හෝ චිප් එක ගලවල අයේ ප්ලග් කරන්න.දැන් computer එක restart වෙන්න දල.BIOS වලින් 1st බූට්(BOOT) divice එකට පෙන් eka එක හෝ චිප් එක දෙන්න.

    පියවර 8 - හැබැයි වින්ඩොව්ස් ඉන්ස්ටෝල් වෙලා restart වෙද්දී අයෙත් BIOS ගිහිල්ල 1st BOOT divice එකට කලින් තිබ්බ වගේ HARD DRIVE එකම දෙන්න.නැත්තන් අයේ මුල් සෙටප් එකටම යනවා.
    මොකද අයේ BOOT වෙන්නේ අපේ වින්ඩොව්ස් සෙටප් එක දාපු පෙන් එක හරි චිප් එකෙන් හරි නිසා
    මේ වැඩේට 8GB පෙන් එකක් හරි memory චිප් එකක් හරි පාවිච්චි කලොත් ගොඩක් හොදයි.මම පාවිච්චි කලේ 8GB චිප් එකක්.
    පියවර 9 - දැන් වැඩේ ගොඩ මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් හරි රේප් හරි දාලා ක්ලෝස් කරන්න. :)
     
    Last edited: