උබ මේකේ කමෙන්ට් වලට දාල තියන රිප්ලයි වලින් පෙන්නේ උබ ඇත්තටම දියුණු වෙන්න දගලන එකෙක් කියල.
මෙහෙම දෙයක් තියනවා. අපි හදන දෙයින් අපිට සටිස්ඵක්ෂන් එකක් තියෙන්න ඕනේ. අනික උබේ ෆොර්ට්ෆොලියෝ එකකට කරන වැඩක් දාන්න ඕනේ. මේ ඉමේජ් එකෙන් පෙන්නේ ටිකක් කැත පාටට. එක උබට තම හොද නැත්තේ.
හිතපන් බාබර් සාප්පුවකට ගිහින් එලියට එන එකා චෝර නම් එකටම යන්න ඉන්න එකා යන්නේ නැනේ. බාබර් දැනගන්න ඕනේ කොන්දේ කැපුවේ නැතත් පීරලා කරීම් ටිකක් ගාල හරි එවන්න. මේ ෆින්ලන්ඩ් වල තියන සැලෝන් වලට නිකන් ගිහින් එන්න බැ .එක හොද නැත්ත බාබර් ට.
ඒ වගේ උබ දිවලොපර් සහ UI ගැන දන්නා එකෙක් නම් උබට පුළුවන් ක්ලයන්ට් ට කියනන් මේ මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. මේක කැතයි. මෙන්න මේ වගේ උදාහරණ බලන්න කියල. හුගක් වෙලේට ක්ලයන්ට් එකට කැමති වෙනවා. ඒ නිසා මුලිකව වෙන්න ඕනේ දේවල් කතා කරගන්න. ප්රෝපොසල් එක එක්ක හොද මොක් එකක් හදලා පෙන්නන. නැත්නම් සාම්පල් එකක් පෙන්නලා මේ විදිහට හදමු වෙනස්කම් එක්ක කියල ඇග්රි වෙලා හදන්න.
සහතික ඇත්ත සහෝ..
ඒත් මම මේ වගේ වැඩ වලදි කරන්නේ වැඩේ අඩුත උනොත් ඒක පොට්පොලියෝ දාන්නේ නෑ.. ඒ වගේම සබ් ඔඩර්ස් කරන ඒවා දාන්නෙත් නෑ. සමහර් ඒවා තියනවා ඇග්රිමන්ට් එකේම එයාලා දෙනවා කිසිම දෙයක් පඉ්ලික් බෑ කියලා. එහෙම ඒවා දාන්නෙත් නෑ... මම දානවා නම් දාන්නේ මට සැටිස් උන දේවල් ටික විතරයි.. මේ වැඩේදි මම සතුටු නැති උනත් මට වැදගත් උනේ මම මේකෙන් මැහෙන්න දේවල් ටිකක් ඉගනගත්ත එක. හිතාගෙන හිටපු දේවල් ගොඩක් ඒ හින්දා වෙනස් උන එක.
කෝමත් මේක පොට්පොලියෝ නම් දාන්න බෑ. දාන්න පුලුවන් ඒවා නම් ලස්සන ඒවා 03ක්ම මේ දවස් වල යනවා. ඒවා නම් මෙහෙම හයිලයිට් කරන්න තරම් මට වැදගත් කමක් නෑ. පෙමන්ට් හොද උනත් හැමෝම කරන කම්පැනි ප්‍රොෆයිල් ඊකොමස් ඒවානි. මේක මට විශේෂ උනේ කැටගරියෙ වෙනස් කමයි, සැහෙන්න ස්ටඩි කරන්න උන එකයි විතරයි.
නැත්තං දැනට ඩුබායි එකක් කරනවා. ඒක වැඩේ ආවෙම කෙලින්ම ගයිඩ් ලයින් ඩොක් එකක් එක්ක, ලෝගෝ ආවේ ගයිඩ් ලයින් එක්කම මාර කොලිටි ඩිටේල් එක්ක.. ලංකාවෙ එවුන් ලොවෙත් එහෙම ඩිටෙල් වැඩ දෙන්නේ නෑ අප්පා.. මල්ලෙන් ගහන්න තමා වැඩ දෙන්නේ..
මට මේකේ තිබුන එකම හොදේ ඉතින් පේමන්ට් කරදර තිබුනේ නෑ. ඒ ඇරෙන්න ආසම දේ අලුත්ම සබ්ජෙක්ට් එකක් ගැන සැහෙන දේවල් නොදැනුවත්ව ඉගනගනගන්න උන එක තමා.