නොමියෙන_මිනිසා
අනෙකා වෙනුවෙන් සිය මරණය තොරාගනු ලබන්නේ සමහර මිනිසුන් පොදු සටන් බිමි තුලය. අණතුරුව ඔහු හෝ ඇයව පොදු ඡනතාව විසින් උත්සවාකාරීව ස්මරණය කරති. එහෙත් සිය ඡිවන අරගලය තුලම යම් කිසි අවස්ථාවක අනෙකා වෙනුවෙන් නිහඩවම නිශ්ෂබ්දවම කිසිත් නොඉල්ලාම සිය මරණය තෝරා ගනු ලබන මිනිසුන් සිටිති. මේ මිනිසා එවැන්නෙකි. මම ඔහුගේ නමවත් නොදනමි. ඒ නම නොදන්නා මිනිසාට මේ සටහන මනුෂ්‍යත්වයේ නාමයෙන් මල් කලඹක් කරමි.
===============================================
ඊයේ ඒ නිශ්චිත පැයේ හපුතලේ බෙරගල මාර්ගයේ ගමන් කල ලංගම බස් රථයේ සිටි මිනිසුන් ඔවුනගේ අඹුවන් දු පුතුන් දැකීමට නිවෙස් වෙත යන අතරතුර එකී බස් රථයේ රියදුරා තම බිරිද හා දු දරුවන්ට එකී අවස්ථාව අහිමි කරමින් පණ පිටින් ගෙදර ගියේ නැත.
මාතලේ බස් ඩිපෝවෙන් ඔහුට එදා මාතලේ බෙරගල මාර්ගයේ ධාවනයට දී තිබුනේ යාන්ත්‍රික දෝෂ සහිත බස් රථයකි. ඔවුනට අනුව එය පණ ගන්වා මාර්ගයේ ධාවනය කල හැකි තත්වයේ විය. ඔවුනට අවශ්‍ය එපමණකි. එය පණ ගන්වා ගත් රියදුරා මිනිසුන්ද සමගින් බෙරගල අධික බෑවුමේ එන විට බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත විය. පරිනත රියදුරෙක් බැවින් ඔහු වහා අඩු ගියර් වලට මාරුවී රථයේ වේගය පාලනය කරන්නට උත්සාහ කරන්නට ඇත. එහෙත් මාර්ගයේ අධික බෑවුම නිසා ඔහු සිතු තරමි වෙිගය අඩාල නොවුනු බසය වේගයෙන් පල්ලම දිගේ ධාවනය වන අතර ඉදිරි පස වංගුවේදී බසය පාලනය කර ගත නොහැකිබව ඔහුට සක්සුදක් සේ විශ්වාසය. වංගුවේදී අධික වේගයෙන් හැරවිය නොහැකි බසය වම් පස හෙලට පෙරලෙනු ඒකාන්තය. ඔහු හැකි උපරිම ශබ්දයෙන් කෑ ගැවේය. ‘‘ ඔක්කොමල බස් එකේ පිටිපස්සට යන්න ! බස් එකේ බ්රේක් නෑ ! ‘‘
එසේ කී ඔහු ඊ ළග මිනිත්තුවේ වේගයෙන් ඇදී යන බසය දකුණු පස උස් කදු බෑවුම දෙසට හැරවීය. දඩාස් යන හඩින් කන්දේ හැපුණු බසය ඉදිරිපස මුහුණ පොඩි පට්ටමි කරමින් නැවතිනි.
ඉදිරිපස පොඩි පට්ටම් වු බස් රථයේ සුන්බුන් අතර තවමත් අත නොහැරිය සුක්කානම මත මේ මිනිසා ගේ ප්‍රාණය නිරුද්ධ දේහය තිබිණි. සියල්ලෝම ගෙදර ගියහ. ඔවුන්ට ගෙවල් දොරවල් වලට යන්නට මේ මිනිසා සුන්බුන් ගොඩක් මත තනිව නැවතිනි..
=================================================
තමාගේ ආත්මාර්ථකාමී පරමාර්ථයන් ඉෂ්ඨ නොවු කල සමහරු දිවි නසා ගනිත්. එසේ දිවිනසා ගන්නා දහසක් එවුන් අතරන් ඡනප්‍රිය එකා වෙනුවෙන් මිනිසුන් සටහන් තබති. අඩති වැළපෙති. ඡන මාධ්‍ය සිය සිරස්තලය වෙන් කරති. මේ කිසිවක් නැතිව හුදෙකලා මිනිසෙක් තවත් මිනිසුන් වෙනුවෙන් මරණය තෝරා ගත්විට ඔහු ගැන ඡනමාධ්‍ය දන්නේවත් නැත. සමාඡ ඡාල වල කිසිවෙක් කවි ගී නොලියති. සටහන් නොතබති. මේ සමාඡයම වැරදි සමාඡයකි. සිද්ධින් විනිවිද නොයන උඩින් අතගා බුම්මාගෙන ඉන්නා සමාඡයකි. එහෙව් තක්කඩි සමාඡයකට අපි කියමින් ලියමින් ඉන්නෙමු.