නොවේව මෙවන් දුක් ...?

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    නොවේව මෙවන් දුක් ...?

    කාගේත් ජිවිතේ බලාපොරොත්තු ගොඩක් පොදි බැදගෙන දිග ගමනක් යනවා,,
    හැමෝම බලන් ඉන්නේ ගෙයක් දොරක් හදල වෙඩිමක් එහෙම අරගෙන පවුල් ජිවිතේ ආරම්බ කරන්න,,
    ඔහොම යද්දී තමාගේ ප්‍රිය බිරිදගෙන් ඔයාගේම කියල චුටි කොල්ලෙක්ගේ හරි කෙල්ලෙක්ගෙ හරි මුණ බලන්න හැමෝම අසයි,,,,,,,
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    01-mother-and-child.jpg


    එත් ....එත්....................
    කවදාවත් නොහිතපු විදිහට ආත්ම ගානක් කරපු ලොකු පවක් පලිසන් දුන්නොත්,,,?????
    ජිවිතේ ගොඩක් අදරේ කරපු,,ගොඩක් විශ්වාස කරපු,,හැමදේටම දුකට සැපට ලගින් හිටපු ආදරණිය බිරිද,,, ඔයාට පුංචි සුරංගනාවක් වගේ දරුවෙක් දීලා, ඔයවයි ඒ මල් කැකුලවයි,,සදහටම අමතක කරලා යන්නම යන්න ගියොත්......?
    **********************************************
    ම්... ම්... ම්... ම්
    මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
    ඔබෙන් සිඟිති පුතේ.. මගේ පාළුව මැකේ.. //

    හිතේ තියන පාළු ගතිය මග හරින්න පුතේ

    සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ
    නුබේ අම්මා දෙවිය ලෝකේ ගියා චුටි පුතේ
    මා හට දී ඔයා... ඈ සුරලොව ගියා...
    සුර විමනක වැදී... මගෙ රන් කඳ නිදී...

    තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති කටේ

    ඔබ නැතිනම් මම දැනටත් මැරෙනු ඇතැයි සිතේ
    පුතුගේ උපත මවගේ විපත එක දිනයේදී උනේ

    මා හට දී ඔයා... ඈ සුරලොව ගියා... //


    ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ

    එතකොට මගෙ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ

    සුර විමනක වැදී... මගෙ රන් කඳ නිදී... ///




    MP3

    http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=272


    කාටවත් හීනෙකින් වත් මේවගේ දෙයක් වෙන්න එපා හැමෝම සතුටින් පවුල් ජිවිත ගේවන්න ලැබෙන්න, තුනුරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අනේ ඔව් බන්..ඔහොම දෙයක් නම් කාටවත්ම වෙන්න එපා.. පිස්සු හැදෙයි..!!