******අධෝ වාතයෙන් ජනප්‍රිය වූ මිනිසා******
පෙටමෙයින් යනු ජෝසප් පුජෝල්ගේ වේදිකා නාමයයි. මොහු ප්‍රකට වන්නේ අධෝ වාතයෙන් දස්කම් පෑ නිසාවෙනි.
1857 වසරේ ජූනි 1 වනදා ප්‍රංශයේ උපත ලැබූ කුඩා ජෝසප් දිනක් මුහුදේ පිහිනීමට යන ලදි. මුහුදේදී හුස්ම හිර කරගෙන සිටිනා විට තමන්ගේ ගුදය තුලින් සීතල ජලය උරා ගන්නවා වැනි දෙයක් ඔහු අත්දකින්නට විය. මෙයින් බියට පත් වූ මොහු වෙරළට දිව විත් වහාම වෛද්‍යවරයා වෙත යොමු විය. එහිදී වෛද්‍යවරයා පවසා සිටියේ ජෝසප්ගේ ශරීරයේ කිසිදු වරදක් හෝ රෝගයක් නොමැති බවයි.
ජලය උරාගෙන එම ජලය ඈතට විදීමට හැකියාවක් මොහුට විය. ජලය පමණක් නොව වාතයද මෙසේ ආශ්වාස කර වක්‍රපිධාන මගින් එය පාලනය කරමින් තමන්ට අවශ්‍ය වේලාවට එය පිට කිරීමට සමත් විය. ජෝසප් හමුදාවේ සේවය කරන අතරතුරදී තම සොයුරු සෙබළන්ව තමන්ගේ හැකියාවෙන් පිනවීමට සමත් විය.
ජෝසප් දිනෙන් දින මෙම හැකියාව වර්ධනය කරගත් අතර ආශ්වාස කරන ලද වාතය පිට කිරීමේදී විවිධ නාද රටා මැවීමටද සමත් විය. බේකරියේ රැකියා කරමින් සිටින විට තම සේවාදායකයන්ට විවිධ සංගීත භාණ්ඩ වල නාද තම හැකියාවෙන් නාද කර පෙන්වීය.
ඔහු 1887 වසරේදී මොහු පලමුවරට වේදිකාවේ පෙනී සිටි අතර පලමු ලෝක යුද්ධයෙන් පසු ඔහු වේදිකාවෙන් සමුගත්තේය.
ඉන්පසු ඔහු නැවත තම බිරිඳ හා දරුවන් දහ දෙනා සමග බේකරියේ වැඩ කටයුතු සිදු කරගෙන ගිය අතර බිස්කට් ෆැක්ටරියක්ද තනා ගන්නා ලදි. අවුරුදු 88ක් ආයු ලැබ 1945 වසරේ අධෝ වාතයෙන් ජනප්‍රිය වූ මිනිසා සදහටම දෙනෙත් පියා ගන්නා ලදි.