සීසන් 8 දී කොහොමත් ඒක වෙනවා ..![]()
![]()
තව අවුරුදු 2ක්විතර විඳවන්න ඕනෙ ඒ කියන්නෙ

සීසන් 8 දී කොහොමත් ඒක වෙනවා ..![]()
![]()

මම උබට දෙයක් කියන්නම්..... මේකේ විද්‍යාත්මක හේතු අනන්මනම් අහන්න එපා දෙන්න උත්තර නෑ. ජීවියෙක් පන අදිනකොට ආතල් දිදී ළගට වෙලා ඉන්න එපා. මේක පවුලට සමීපතම අයෙක්, වෛද්‍ය වුර්තිය වගේ දේ වලට ප්‍රයෝගික නෑ.... ඒත් බේරගන්න බෑ කියලා විශ්වාසනම් ඒ සත්වයාගේ මරණය පාඩුවේ සිද්දවෙන්න ඉඩදෙන එක උබටත් අදාල සතාටත් දෙන්නටම යහපත්. මරණ මොහොත හරි චංචල අවිනිශ්චිත මොහොතක්. උබ කරන උදව්ව ඒ ජීවියා කරදරයක් විදියට බාරගත්තොත් උබ කෙරේ වෛරයෙන් මැරෙන්න පුළුවන්..... පස්සේ නිකං හොන්ඩර. අනික් දේ... ඕව බලන්න බලන්න දුෂණය වෙන්නේ උබේ හිත. උබ මැරෙනකොටත් මතක්වෙන්නේ හිතේ රැදුන ඔය වගේ දේවල් නිසා උබටත් සුගතියක් නැතිවෙයි. හැමවෙලේම හිත සතුටින් තියාගනින්.......
සත්තු පණ ඇදල මැරෙනකොට උන්ට බඩ වගෙත් යනව සමහර වෙලාවට
අද පූස් පැටියෙක් මැරුණ බං.. මෙච්චර දවසක් මම ඌට සාත්තු කළා. දෙපාරක් දොස්තර ගාවට ගෙනිච්ච
පූසන්ට මේ දවස්වල මාර ලෙඩ වගයක් තියෙනව.. බෝවෙනව
අන්තිම මොහොම මූ ටිකක් අමුතු විදියට ඤාව් ගෑව. ඒක හරිම වෙනස්. පණ යන්ඩ ලඟ වගේ හින්ද වෙන්ඩැති
අන්තිම හුස්ම ඇරියෙ දිග ඇදිල බෙල්ල උස්සගෙන... මචං මේ අන්තිම පණ යන මොහොත වේදනාකාරීද?
මෙහෙම පණ අදිනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද? මට එතකොට නෙට් එකේ විස්තර හොයාල බලන්ඩ පුලුවන්..
මම උගෙ බඩ උස් පහත්වෙන හැටි බලන්හිටිය.
මම දැං දවස් 5-6ක් තිස්සෙ ඌට කිරි පෙව්ව, යොගට් කටට යැව්ව. එහෙට උස්සං ගියා මෙහෙට උස්සං ගියා. කන්ඩ කෑම ලං කරල දුන්න.
අන්තිමට මොකුත් වැඩක් නැති වුණා.. සිරාවටම මම අද ඇඬුව බොලව්. කවදාවත් සත්තු වෙනුවෙන් දුක් වුණාට ඇඬිල නෑ. මීට කලිනුත් පූසො මැරිල තියෙනව
පාරෙ දාල ගිය දෙන්නෙක්, අපේ තාත්තගෙ පස්සෙන් ගෙදරට ආව. මාසයක්වත් ගෙදර හිටියෙ නෑ. ලෙඩ වුණා. දෙන්නම මැරුණ අන්තිමට.
අපේ ගෙදර පූසො එක දිගට 3න් දෙනෙක් මැරුණ
උබ ඔය කියන විදියට දොස්තරල අනිව අපාගත වෙනව...
උන් ලෙඩ්ඩු පන ඇදල මැරෙනව කොච්චර දකිනවද...


උබ මාර එකෙක් බං..... මගේ රෙප් අස්සේ උබේ නම දෙපාරක් තියෙනවා. උබ මට දෙවනිපාරටත් රෙප් දීල, උබ ලෝස් නැතිව හැම එකාටම රෙප් දෙන නිසා තමයි ආයෙත් මට රෙප් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.... රෙප් කියන්නේ මට මහා ලොකුදෙයක් නෙමෙයි, ඒත් උබ ඒක හරි අමුතු විදියකට පාවිච්චිකරන හැඩයි....... පුළුවන් දවසක රේප්කරන්නන්
මොකක්හරි ලෙඩක් නේ බං...
මුං වතුර බොන්ඩ හැදුව තමා ගොඩක්ඒත් බීගන්ඩ බෑ වගේ තේරුණ

උබ ඔය පූස් පැටවුන්ට කිරිපිටි දුන්නද ????![]()
පව් බං
අපේ ගෙදරත් හිටිය පූසො දෙන්නෙක් කලුයි සුදුයි
දවසක් මම 11 වසරෙ සිකුරාද වාර විභාගෙ ලියල ඉවර වෙලා ගෙදර එද්දි ඌ මැරිල
අපේ ටිවී එක තිබ්බෙ ටීපෝ එකක් උඩ ඒකෙ වල වගේ කෑල්ලක් තියෙනව මූ ඒකට බැහැල නිදාගන්නව
මම ඉතිං පත්තර කොලත් දාල එතන උට සැප පහසුව එන්න හදල දීල තිබ්බ
මුට කුණකටුවෙක් හරි මොකෙක් හරි ගහල මූ අමාරුවෙන් එතනම හොයං ඇවිල්ල
මම ගෙදර හිටියෙ නෑ අම්මයි තාත්තයි බලං ඉඳල මූ මැරෙනව
උට අන්තිම වෙනකොට ඒක ඇතුලෙ ඉඩ මදිත් වුනාලු
පූසො කොහොමත් වකුටු වෙලා නිදාගන්න ආසයිනෙ
උට ඒක ඇතුලෙ අමාරු නිසා අම්ම ඌව එලියට ගන්න හදද්දි පිස්සුවෙන් වගේ කෑගහල කන්න පයින්නත් හැදුවලු
අන්තිමට ඌ සෙම දාල දාල ඒක ඇතුලෙම මැරිල
මං නං ඇඬුවෙ නෑ මං වැඩියෙන්ම ආදරේ කලේ උට නෙමේ උගෙ සහෝදරයට
මුගෙ සහෝදරය කාල තමා මට බෙහෙත් විදින්න වුනෙත්
මං කල්පනා කලේ මං හිටිය නං උගෙ ඔලුවට කුලුගෙඩියවත් අරං ගහල දානව කියල බං
පව් ඌ සෑහෙන්න විඳෝල
උගෙ සහෝදරය නැතිවෙලා නං දවසක් රෑ නිදාගන්න ගිහිං අඬල තියෙනව
හැබැයි සතියකිං විතර ඌ ආපහු මතු වුනා
ඊට පස්සෙ කවුරුත් මැරුණට අඬල නෑ
දැන් කවුරු හරි මැරුණොත් අඬයි කියල භයට මැරුණොත් වැඩියෙන් දුක දැනෙන හැමෝම මැරිල ඉන්න විදිහ ගැන හිතනව බං
ගේ මැද්දෙ මිනී පෙට්ටිය තියල තියන විදිහසෙනඟ එන විදිහ
පෙට්ටිය අරං යන විදිහ
වල දාල ගෙදර එන විදිහ
මං නං කැමති ඔක්කොටම කලිං මං මැරිල යනවනං![]()


උබ මාර එකෙක් බං..... මගේ රෙප් අස්සේ උබේ නම දෙපාරක් තියෙනවා. උබ මට දෙවනිපාරටත් රෙප් දීල, උබ ලෝස් නැතිව හැම එකාටම රෙප් දෙන නිසා තමයි ආයෙත් මට රෙප් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.... රෙප් කියන්නේ මට මහා ලොකුදෙයක් නෙමෙයි, ඒත් උබ ඒක හරි අමුතු විදියකට පාවිච්චිකරන හැඩයි....... පුළුවන් දවසක රේප්කරන්නන්![]()

පූස් පැටව් /ලොකු පූසෝ ඔක්කොම උන් හරි ඉකමනට week වෙනවා.ඒ නිසා උන් කන්නේ' බොන්නේ නැත්තන් පලවෙනි දවසෙම පැය 2න් දෙකට වතුර කිරි කටට සිලින්ජර් එකකින් පොඩ්ඩ පොඩ්ඩ පොවන්න ඕනේ. උන කන්නේ බොන්නේ නැතිව week වෙලා කියල හොදටෝම පේනකොට දවස් 2- 3 කන්නේ නැතිව, බොන්නේ නැතිව ඉදල. එතකොට අමරුය් සේලයින් දීලාවත් බෙර ගන්න. දොස්තර කෙනෙක් ගාවට ගෙනියනකන් වතුර පොවන් එකය් තමා කරන්න තියෙන්නේ. උන්ගේ kidny තමාලු ඉස්සරලාම නරක වෙන්නේ, ඕනෙම නම් amoxiciline 125 mg tablet එකක් දෙන්න පුළුවන්. පෙනඩෝල් විසය්. පෙනඩෝල් දුන්නොත් බේරගන්න බැරි තරම්





kage poosekda danne naa
sudu natta kalu thadi poosek enwa ape gedara inna podi poosita athawara karanna
koyi welawaka hari damala arinwa gal gediyakin ethnama makabwila yanna![]()

පොඩි පූස් පැටවුන්ටනං සේලයින් ගහන්ඩ අමාරුයි කියල දොස්තර කිව්ව..
හොඳ වුණේ නැත්තං දවස් තුනකින් ආයෙ ගේන්ඩ කිව්ව. එච්චර ලොකු ලෙඩක් කියල මම මුලින් හිතුවෙ නෑ බං. ආයෙත් ගොඩක් අමාරු වුණාම තමා දෙවෙනි සැරේ ගෙනිච්චෙ.. දෙවෙනි සැරේ ගෙනිච්චම දොස්තර කිව්ව ඕක හොඳ කරන්ඩ හරි අමාරුයි කියල. අපරාදෙ දවස් 3කින් මට ඌව දෙවෙනි පාරට ගෙනියන්ඩ තිබුණෙ
දොස්තර විදින antbiotic එක long acting එකක්ලු. දවස් තුනකට සැරයක් විද්දම ඇතිලු...
හරියම දවස් තුනකින් ඒ ඉන්ජෙක්ෂන් එක දුන්නනං අද මෙහෙම වෙන්නෙ නෑ..
ඒ මදිවට කලින් පූසෙක්ට බෙහෙත් ගන්ඩ ගිය වෙලාවෙ පාමසි කාරය දීල තියෙන්නෙ augmentin suspension powder එක. පසසෙ මට ඒ බෙහෙත්තුණ්ඩුව හම්බවුණා. ඩොක්ටර් ලියල තියෙන්නෙ සිරප් එකක්. මේ සස්පෙන්ෂන් පවුඩර් එක හදල පෙව්වට උං කෙලත් එක්ක එලියට දානව. තිත්ත නිසා වෙන්ඩැති කියල ඩොක්ටර් මට පස්සෙ කිව්ව. කලින් පූසට දුන්න එකනෙ කියල මේ පූසටත් මම දෙන්ඩ හැදුව. හරියටම සිරප් එක ගෙනාවනං මූට පොවා ගන්ඩ තිබුණ...