පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
බොල් පිණි වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යායුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පායා එන සදවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහ මෙරක තරම්
    උණුසුමකින් තුරළු වෙමී
    දිවිය පුරා ළග හිද මා සංසාරේ වෙලෙනා
    උණුසුමකින් තුරළු වෙමී
    සසර පුරා ළග හිදිමී


    නොහඩනා දිනක් නෙතිබුණාද මන්දා
    ඔබ පෙම් හසුනක ලියනා
    පෙම් කවි ගී වෙයි මුමුණා
    මග බලා හිදීනම්
    පායා එන සදවතක තරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහ මෙරක තරම්
    උණුසුමකින් තුරළු වෙමී
    දිවිය පුරා ළග හිද මා සංසාරේ වෙලෙනා
    උණුසුමකින් තුරළු වෙමී
    සසර පුරා ළග හිදිමී

    නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
    නෙතු අද්දර මල් පිපෙනා
    හැර යන්නට සිත නොදෙනා
    අපි අපේම වේ නම්
    පායා එන සද සිසිල අරන්
    මා හා ඉද ගං ඉවුර ලගින්
    උණුසුමකින් තුරළු වෙමී
    දිවිය පුරා ළග හිද මා සංසාරේ වෙලෙනා
    නෙතු කැළුම් තාම මතකයි
    උණුසුමකින් තුරළු වෙමී
    දිවිය පුරා ළග හිදිමී


    බී & එස්


     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යලි ඔබ සවනේ නොරැඳි නොගැටී
    සුලඟේ මිලින උනාවේ

    දවනු දැනේ සිසි කිරන පවා
    සිසිල නොදේ මද පවන පවා
    ඔබමුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳුනාවේ

    සුවඳ දැනේ ඔබෙ උදය හවා
    කඳුලු නැගේ නෙත රැයද දිවා
    ඔබමුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳුනාවේ...


     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    තරහා වෙනු එපා අයදිමි මා කමා
    ඔබ හා මා කලේ කතා
    මගෙ යෙහෙලියක යැයි සිතා
    ඔබ ඈ වාගෙමයි

    පෙනුමෙන් ගමනෙන් ඔබ නම් ඈ සමයි
    ඇඳුමෙන් බැල්මෙන් ඔබ නම් ඈ සමයි
    හසරැල් පවා ඇයගේ වාගෙමයි

    පාසැල් සමයේ සිත ඈ හඳුනමී
    කලකින් ඈ මා හමුවී නෑ යලි
    එනිසයි මේසේ මතකේ පැටලුනේ..
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සිහින මැවේ කඳුලින් දෑස තෙමේ
    මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ
    සේද වලා දුහුලින් සේල සැදේ
    මා පැතුවේ ඔබ ගෙන යන්නට සිහින ලොවේ

    ආදරයේ පේම් සිහින බිඳ වැටි
    මා තනි වුනිදෝ අඳුරේ
    ඈතින් ඈතට ගියෙදෝ වෙන්වීලා
    මා වෙත නෙත් යුග නොහෙලා

    ඔබෙ පැතුම් ලොව නොසිඳමි කිසිදා
    මා තනියම සැනසෙන්නම්
    අද වාගේ මතකයි ඒ කාලේ
    ඒ ගැයු ගී වල තාලේ...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා නෙත් කැඳැල්ලේ සැතපීලා නිදැල්ලේ
    දැවටී රන් දැලේ හද පුරා සැනසිලා
    ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලෙන් රොන් සොයාලා රොන් සොයා

    බඹරු තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
    ගෙනෙමි දුර ඈත විලකින් බලා
    ඒ මැද ඔබේ යහන සාදන්නේ නා දල්ලෙනුයි සුවඳ උලා

    අරුණ පිනි බින්දුවයි පියුමෙ මකරන්දයයි
    හොවමි මේ කුලක කලතා නිවා
    මින් මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ
    පහන නිවා...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
    එනමුදු එය වරදක් බව දන්නෙමි
    පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
    සෙනෙහස ලියලයි නොදැනිම හද මැද

    මද හස දුන්නද දකින වෙලේ
    ඔබ මෙහි එන බව සිතිය නොහේ
    කලයුතු කිසිවක් සිතට නොයේ
    මගෙ සිතිවිලි එක තැනක නොවේ

    දෙදෙනා සැනසුම ලැබිය යුතුයි
    දිවි ඇති තුරු ලග සිටිය යුතුයි
    අපි එක සෙවනක විසිය යුතුයි
    නැත නැත අප එක් නොවිය යුතුයි..
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔබ මා පෙළුදා නොදොඩා හැඬු සිත මා හා සිනා සෙනවා

    මා නෑ කියාලා සඳ ඊයේ නාවද
    නෑ නේ සඳේ නෑ නේ
    මා නෑ කියාලා ඉර ආයේ නේවිද
    නෑ නේ ඉරේ නෑ නේ
    පෙර සේ නොවෙදෝ දිලෙන්නේ..


    මා නෑ කියාලා ඔබ සෝක වුවද
    නෑ නේ ප්‍රියේ නෑ නේ
    ඈ නෑ කියාල්ලා මම සෝක වේවිද
    නෑ නේ ළඳේ නෑ නේ
    කවුදො පරාජය ලබන්නේ..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සෙනෙහස දොවොලකි පුදනු හැකි
    ඔබ නමටයි ඒ දොවොල හිමී
    ආයාචනයට ම සිත ගැයූ ඔබ දෙසවන් ඇයි අගුළු වැටී

    සසරින් සසරට එකට බැදී
    මෙතුවක් ආ මග අද නැවතී‍‍
    සසරින් සසරට එකට බැදී
    මෙතුවක් ආ මග අද නැවතී‍‍

    ආදරයට හිමි කදුළු බිදූ
    සාගරයට මුසු වේද මතූ

    කදුලට සුසුමට ලෙන්ගතු වී
    සැනසෙන්නද මා කෙලෙස යලී
    කදුලට සුසුමට ලෙන්ගතු වී
    සැනසෙන්නද මා කෙලෙස යලී
    ඡීවිතයම එක පැයක දුටු
    සිහිනෙකි ප්‍රේමය බිදුනු පසූ

    රූකාන්ත ගුණතිලක
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අඳුර වැටුනු වීදියේ
    වැහි කඳුල් ඉහිරිලා
    පහන් කනුව ඔබ කොහෙදැයි
    සොයමි තනි වෙලා

    එදා සන්දක් සේ වැතිරී මාවත පෙන්වු
    අඳුර කපාගෙන යන්නට එළිවැල් දැල්වු
    අනෝරාවේ මහ වැස්සේ තනිමග තනිවූ
    ඔබටත් මා නොපෙනේ අද තනියම තනි වූ

    එළිය නිවි කවුරුත් නැති වීදිය පාළු
    එළිය නිවුනු දා ඔබටත් ඔබ නොපෙනේලු
    වලාකුළට එක්වුන දිය බිම වැටුනාලු
    එක්වී වෙන්වී ගියවුන් නොවෙතිද යාළු..
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    සෙනෙහස දොවොලකි පුදනු හැකි
    ඔබ නමටයි ඒ දොවොල හිමී
    ආයාචනයට ම සිත ගැයූ ඔබ දෙසවන් ඇයි අගුළු වැටී

    සසරින් සසරට එකට බැදී
    මෙතුවක් ආ මග අද නැවතී‍‍
    සසරින් සසරට එකට බැදී
    මෙතුවක් ආ මග අද නැවතී‍‍

    ආදරයට හිමි කදුළු බිදූ
    සාගරයට මුසු වේද මතූ

    කදුලට සුසුමට ලෙන්ගතු වී
    සැනසෙන්නද මා කෙලෙස යලී
    කදුලට සුසුමට ලෙන්ගතු වී
    සැනසෙන්නද මා කෙලෙස යලී
    ඡීවිතයම එක පැයක දුටු
    සිහිනෙකි ප්‍රේමය බිදුනු පසූ

    රූකාන්ත ගුණතිලක

    අන්තිම පද පේලි දෙක ගොඩක් ලස්සනයි නේද සිස් :)
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගලා යන්නේ ගඟුලක් වගේ නම්
    ලතැවෙන්න ඉවූරේ ඉමි
    තරුමල් ඔබේ නම් රාත්‍රියේ
    මම අන්දකාරේ ඉමි...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ම හද දෝතින් ගෙන පැතූ
    පැතුම් කුසුමෙහි පෙති කඩා හැර
    නිමල පෙමකට නිගා කල මට
    වෛර නොකරනු මැනවි සොදුරියේ

    කටුක දුක් හදවත දවද්දී
    නිවාලන්නෙම් කෙලෙස ඔබ හද//
    බිදුනු පෙම ඉකිබිද හඩද්දි
    සිනා රැල්ලක වේද සොම්නස//

    සිතක් ඇතිමුත් සුමුදු පිවිතුරු
    වරම් නැත අභිසෙස් ලබන්නට//
    නුහුරු නුපුරුදු ලොවක යසසිරු
    නොහැක ඔබ අභියස රගන්නට//

    ගායනය> දයාන් විතාරණ
    ගී පද> යශෝධා විමලධර්ම

     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දවසක් තියේවී වෙන් වුන ඔබ මා
    නැවතත් මුණගැසෙනා
    කඳුලක් තියේවී මා ළඟ එදිනේ
    ඔබේ නමින් ගලනා

    නටුවෙන් කඩලා මල විසිකල විලසේ
    වරදක් නැතත් ඔබ මට පිටු පෑ දවසේ
    වල්මත් උනා මා අසරන පෙම් පියසේ
    මට තාම නොදැනේ මොනවා උනාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ

    හිනැනෙනවා ඔබ මා හඬනා දවසේ
    නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ
    දවසක් ලබාවී ඔබටත් මට වාගේ
    මට තාම නොදැනේ මොනවා උනාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ....

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    අර සිංදු ඇහුවද

    ඔව් අයියේ ගොඩක් ස්තූතියි.....
    ගොඩක් වටිනවා ඒ සිංදු.....අද උදේ ඉදන් දවල් වෙනකල් ඒ ටික තමා දිව්වේ....
     
    Status
    Not open for further replies.