සකල බුජන් කොට කලිසන් තමයි අඳීන්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩකර දෙන්නේ
හායි සකල බුජන් කොට කලිසන් තමයි අඳීන්නේ
වතුපිටි වල ගෙදර දොරේ වැඩකර දෙන්නේ
සකල බුජන් අහිංසකයි
අහිංසකයි උනාට හරිම කඩිසරයි
සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්කා කියන්නේ
සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්කා කියන්නේ
වයස අටයි පොඩි කොල්ලා
පොඩි කොල්ලා උනාට වැඩට දක්සයා
පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා
පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා
අම්මා නැතී අප්පා නැතී
පොඩි කාලෙ ඉඳලම අපේ ගෙදරමයි
ගොරවනකොට හරිම බයයි කන් වසාගනී
ඒත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනී
ගොරවනකොට හරිම බයයි කන් වසාගනී
ඒත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනී
වළන් පිඟන් හෝදනවා
අපේ ළිඳෙන් වතුර අදිනවා
සකල බුජන් කොට කලිසන් තමයි අඳීන්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩකර දෙන්නේ
හායි සකල බුජන් කොට කලිසන් තමයි අඳීන්නේ
වතුපිටි වල ගෙදර දොරේ වැඩකර දෙන්නේ...





