පද පේලි .....

Status
Not open for further replies.

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩේ යටින් පියමැන්නා
    මොනවද හිමිහිට මිමිණුවා..
    අද හීතල වැහි බිඳු නාවයි මා
    මට හෙවණ දෙන්න නුබ ලඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ..

    නොඉවසිල්ලෙන් බලා හුන් වසන්තය ආවේ දැනුයි
    මාවත මලින් පිරී ගොහින්
    හීතල සුළඟේ විසිරී..
    නුඹත් ළඟ උන්නානම් කියා හිතුණා
    මට තුරුලූ වී උණුහුම් වෙන්න තිබුනා
    වසන්තේ ඒ ගැන දන්නෑ..

    අපි දෙන්නා හිනා වූ ගo තෙර
    තාමත් සිහිල් පවන් හමයි
    හීනයක්වන් අතීතයේ සුවඳ තවම ගලනා..
    හීතලයි කියා නුඹ තැවෙන්නෙපා
    මo නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි
    නුඹ ගැන දන්නේ මන් විතරයි..
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    සිතින් අදිනවා ආපසු යනන් නොදි
    ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිOසකී
    යනන්ම ඔනා වීනම් මගෙන් මිදි
    කෙටි පනිවිඩ ඇයි එන්නෙ අළුත් වෙවි
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    Oh...
    I just wanted you to comfort me
    When I called you late last night you see
    I was fallin' into love
    Yes, I was crashin' into love
    Oh of all the words you sang to me
    About life, the truth and being free, yeah
    You sang to me, oh how you sang to me
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මල් මිලිනවී හිරු සැඟවිලා
    නිල් අහස සිපගෙන කළු වළා
    කැනහිළුන් දස අත නදසලා
    කුතුහලය හා බිය මුසුකලා
    නිදිවරමි තුන් රෑ පුරා මං
    .. පැතුම් හද සිරකරන්
    සමුගනිමි මුළු ලොවටම සොරෙන්
    අවසන් සුසුම් හා නික්මෙමින්//

    ජීවිතේ සමුදෙන්න දැන්
    යන්න යන්නට දුර ගමන්
    දුක් කඳුළු අතරේ පාවෙමින්
    මේ කඳුළු තොට අභියස ඉඳන්
    මේ නිහඬ දිවියේ සොඳුරු දිනයන්
    මතකයන් හා අවදියෙන්
    මේ අඳුරු රැය වන තුරු පහන්
    දුක් පහවයන්නට ගී ගයන්

    ගුණ කථන මා පැසසුම් කරයි
    නව දිවියකට මංපෙත් සදයි
    හේවිසි වයයි දන්පැන් වඩයි
    මට නික්ම යන්නට ඉඟිකරයි.. ඉඟිකරයි...
    කොඩි වැල් අතර සුදු වැලි තලා
    සුදු වතින් මට සොව පලකලා
    නෑසියන් මා හා පැමිණිලා
    මලවුන් අතර මා තනිකලා//

    ජීවිතේ සමුදෙන්න මා දැන්
    යන්න යන්නට දුර ගමන්
    දුක් කඳුළු අතරේ පාවෙමින්
    මේ කඳුළු තොට අභියස ඉඳන්
    මේ නිහඬ දිවියේ සොඳුරු දිනයන්
    මතකයන් හා අවදියෙන්
    මේ අඳුරු රැය වන තුරු පහන්
    දුක් පහවයන්නට ගී ගයන්
    මේ නිහඬ දිවියේ සොඳුරු දිනයන්
    මතකයන් හා අවදියෙන්
    මේ අඳුරු රැය වන තුරු පහන්
    දුක් පහවයන්නට ගී ගයන්.. ///
     

    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    ඔබ හමුවූ දා පටන් ....මා හදවත අවදියෙන්
    රැය පහන් වෙලා යයි ....නොවී නිදි දැහැන්:no:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හිතුවක්කාරී නුඹ නම් සොඳුර…
    අනේ... හිතුවක්කාරයි නුඹ නම් තාමත්
    මහ වැස්සක් වාගේ…
    මුතු කැට වැස්සක් වාගේ වේ නම්
    සොඳුරුයි මේ දීගේ…
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන
    හිතලා නෑ වාගේ…
    බලහත්කාරෙන් ඉන්නට බැහැ අනේ
    වාවාගෙන වේගේ…

    බොරු අරුමෝසම් පමණට වැඩියෙන්
    ගෝචර නැහැ නිතර…
    මෝසම් සුළඟක් ආවොත් නුඹ නම්
    ගහගෙන යයි සොඳුර…
    තාවකාලිකයි අහංකාරකම්
    කොන් වී යන අතර…
    සඳාකාලිකයි දැහැමි චාමි කම
    ඉගෙන ගනින් සොඳුර…

    සරුංගලේ ලස්සන දිස් වන්නේ
    උඩු ගුවනේ විතරයි…
    නූල ගැස්සුනොත් හදිස්සියේ හරි
    ඒ ලස්සන ඉවරයි…
    ලස්සන කන්නද හිත ලස්සන නැති
    ගැහැණිය ගිනි කෙළියයි…
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන
    ලෝකෙම සැණකෙළියයි…

     

    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    ඔබ අව්දින් සිව් දිගින්..මා දෙනෙතේ දැවටෙමින්
    සිත් තැවුල් මවාලයි..පුරා රැය නිතින්..
     

    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    ගොම්මන් කලුවර ඇවිදින්
    හිරු යන්න ගියා සද අවිදින්
    තරු මල් ඇහැරී හිනැහේ
    දුක්බර කවියක් මසිතට ගෙනවිත්
    නුබ ඇවිදින් මා රිදවයි
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රෑ අඳුර තනි රකින තරුවක් වගේ
    ඔබ එන්න මල් මාලියේ
    සඳ සේ කැළුම් දී..,
    මල් සේ සිනා සී..,
    සැනසෙන්න මගේ ලෝකයේ...

    සුළඟක් වගේ ඇවිද මගේ විජිතයේ
    පුදදුන්නු කුළුදුල් සෙනේ
    මිහිදුම් වලා සඛුවෙන් ඔතා
    රැක ගනිමි මල් මාලියේ...

    දිවි නිම්නයේ සොදූරු මල් මාවතේ
    පුදදුන්නු ප්‍රේමාදරේ
    සසරේ සදා පෙරුමන් පුරා
    හමුවන්න මල් මාලියේ...​
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තොටුපොළ අයිනේ...
    කවුද අත වනන්නේ
    කවුද අත වනන්නේ...
    තොටුපොළ අයිනේ

    හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
    උණ පඳුරේ සෙවණේ
    හබල බිඳීලා......
    පෙරළුණු ඔරුවක
    සුන් බුන් නෙත දැවටේ
    ඒ දෙස නොබලමි.

    තොටුපොළ අයිනේ...
    කවුද අත වනන්නේ.....

    ආ මඟ අඳුරේ පෙර මඟ එගොඩින්
    තරු යුවළක් ඇවිලේ
    ඔරු කඳ ඇතුලේ......
    නුපුරුදු සුවඳක්
    දියමංකඩ විසිරේ.
    හෙට මම හිනැහෙමි.

    තොටුපොළ අයිනේ...
    කවුද අත වනන්නේ...

    සුනිල් ආරියරත්න | වික්ටර් රත්නායක
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සඳකැන් වැසිලා
    අඳුරේ එතිලා
    ගනඳුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ගනඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණී...

    ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ...

    මා නැත අන්සතු සිත් බිඳලා
    දෑත ම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු
    රහස් අහස් තලයට පවරා...

    ප්‍රේමකීර්ති ද අල්විස් | වික්ටර් රත්නායක
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සිත බැදී කුමරි නොපෙනී යනවා
    ඇගෙ වත ඉල්ලා නෙතුකැන් හැඩුවා
    රිදවා සිත මා අද මා තනි වී
    පෙම්රුව නෑ බොද වී....
     

    shadows

    Member
    May 19, 2011
    77
    18
    0
    මතකය ට

    මතකයට මගේ ..ඔබ නැගෙන විට ........
    දෙනෙත් පුරා ඇයි කදුලැල් නොසිතුව විලස.........
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Can not touch..Can not hold
    Can not be together..
    Can not love.. Can not kiss
    Can not have each other..

    Must be strong, and we must let go
    Can not say what our hearts must know..

    How can I not love you
    What do I tell my heart
    When do I not want you
    Here in my arms
    How does one waltz away
    From all the memories
    How do I not miss you
    When you are gone..

    Can not dream.. Can not share..
    Sweet and tender moments..
    Can not feel.. How we feel..
    Must pretend it's over..

    Must be brave, and we must go on
    Must not say, what we've known all along..

    http://www.glitter-graphics.com
     
    Status
    Not open for further replies.