පද පේලි .....

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම යන්නම්
ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැඟවී මම ඉන්නම්
මොහොතක් හෝ ඔබ දැක ගනිමින් යන්තම්
ඒ වනතුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්....

වනමල් සුපිපෙන අසපුව ඔබගේ හදවත
එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත...

සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත
ටික කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත...
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳීරිය දෑස වසනවා
හද පොදි බැඳී දුක දියකර පාකර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොඳූරු යොවුන්විය මල්වග මුල හිඳ
කිමතොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරාවිතින් මා දෙතොල තෙමන්නේ

නැගුණු නුරාගිනි මීපොද වැටිලා
හතරවටින් දළුලා එනවා
අවන්හලේ මිවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳීරිය දෑස වසනවා
හද පොදි බැඳී දුක දියකර පාකර
ඔබේ ලොවට මා මොහොතින් එනවා..
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සුදු ඇඳූමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහයට සුවිසුරු නිල්ලේ
තනිවනවිට මා සමගින්
ඉඟිකර අදිමදි කරමින්
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ

රන්තරු වටකර පායන සඳ ඇති සෙවණැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එනවිට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලු කල මගෙ සිත ඉවසුම්නෑ
කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන්පෑ
කුමරියෙ ඔබ අද මා ළඟ නෑ

ගංතෙර ළඟ බට පඳූරේ සිරි සිරි හඬ මට සිහිලැල්පෑ
කුළුඳූල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
පාසල් යන ඔබ මාවත සිහිවනවිට මට ඉවසුම්නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරියෙ ඔබ අද මා ළඟ නෑ..
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මගේ රටට දළඳාහිමි සෙවණයි
මගේ දැයට දළඳාහිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මාහට මේ හැම උරුමයි

දළඳා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුලු රටම අවදිවේ
දෙදහස් වසරක මහරු අතීතය
සිංහ තේජසින් යළි පිබිදී එයි

මෙතැනමවේ දැය එකලෙස බැඳූණේ
සිත්තුල බිය සංකා දුරුකෙරුනේ
සමිඳූන් සෙවණේ ජයදද බැඳූනා
ජයබෙර වැයුනා ජයගී ගැයුනා..
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
රෝස තොල් සිබිම් තොල් මත කදුලු බිදු රැදේයි
ඔබ ආදරේ කියා දුන්නේත් ඒ වගේ තමයි
මේ රැයයි සදයි හරියට ඒ උඹයි මමයි
හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදේයි

පිච්ච මල් පිපි යහනේ සුවද මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාරදෙයි
ඔබ උන්න තැන හදේ තාමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි

රෝස තොල් සිබිම් තොල් මත කදුලු බිදු රැදේයි
ඔබ ආදරේ කියා දුන්නේත් ඒ වගේ තමයි
මේ රැයයි සදයි හරියට ඒ උඹයි මමයි
හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදේයි

අදුර ඉකි ගසයි සුසුමින් තරැ නිවා දමයි
සොදුර නුඹ ලගින් නැතිවත් හිතට උණුසුමයි
කදුලු බිදු නැගි ඉදහිට නෙතට අත වනයි
සිනාසේමි නමුත් මේ උණු කදුලු මගේ නොවෙයි

රෝස තොල් සිබිම් තොල් මත කදුලු බිදු රැදේයි
ඔබ ආදරේ කියා දුන්නේත් ඒ වගේ තමයි
මේ රැයයි සදයි හරියට ඒ උඹයි මමයි
හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදේයි
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ආරාධනා..ආරාධනා
ජීවිතයේ තනිමංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහීගිය සතුට රැගෙන යළිවඩින්න
ආරාධනා..ආරාධනා

නෙලූ සුපෙම් කැටයම් හද පවුරුතලාවේ
මැකීගියාදෝ.. කාලයේ වෙරළේ
ජීවිතයේ දිගුගමනින් අනාථවූ මා
සෙනෙහයේ සත්පියුමන් යළිඳූ පිපේවා
ආරාධනා..ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ.. යළිඳූ උපන්නෙම්
බිඳූණු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහණීන් යළී එළිය ලැබේවා
ආරාධනා..ආරාධනා..
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා
ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා....

දුක ශෝකය මා හට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමි වු ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙළෙස...

මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටී නම් මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
සිහිවෙයිද මගේ සොඳුරියේ බිදුවක් යළි මතක....
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
dadbi.jpg


:love: මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කොතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි

මගෙ දුවේ නුඹ...

ගණ කළුවරට අප පෙම් කලොත්
ඉර හඳ තරුවනට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි :love:



 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    අතීතයේ තව අඳුරු සැඳෑවක
    අඳුරින් වටවුන පාළු සුසානෙක
    සිතින් ගතින් වෙන්වුන ඒ මොහොතක
    මතකද ඔබ හැරගිය ඒ ආලය


    :dull:
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    So if youre wondering why I do the things that I do, honestly I dont know what to say.
    All these questions and answers, I just like to have her, every moment every single day.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආ මග වැරදී යන මං නොපෙනේ
    තනිවී දෙවිඳුන් නැති දෙවොලේ..
    කව්රු යදින්නද කව්රු පතන්නද
    හිරු සඳුවත් නැති මිහිමඬලේ

    සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
    තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ
    දං පදුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ
    දිය බුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

    හඬා දොඩා කීවත් දුක කව්රුද ඇසුවේ
    ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
    මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
    කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙළුවේ

    සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
    තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ...
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඔබට මා ආදරය කල බව මෙතරම්....
    මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම් ...
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Sihina Godaka Patali , Kasi Walata Lolvi
    Umathu Kenaku Lesa ada nagare inne thaniwi
    Lengathu komala katha oya lapati bolada sina
    Nomathi nisa meda purudu game sisila soda

    Nithara Gethuna katha ,Sithata Ganna epa
    Ma Siyaluma Kelam Parada , ennam sathya pahada
    Gamata meda ha ha , Porondu paridi eda
    Sihina mandira wetha obawa kandan yannay asa…….

    Mang thaniyen avidin thanikam durulannada
    Mang kavi kam nokalem malakin ron gannata
    Pin nethagin baluman kaluman heluwat
    Dung rasadung mataken kelesaka durulannada Maaaaah……………
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Lovely Song by Sri Lankan artist :)

    I'll love you till the end - I'll always be your friend
    If we make it through , then I'll hold you near
    Making you smile girl no more tears
    ...
    I'll love you forever - Wont hurt you I never
    Will take you granted like he always do




     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83


    O mind, you are little crazy..
    only you know what you think..
    why are showing dreams in day and night..
    when the dreams pour down in drops..
    blocking eyes..
    filling eyes..
    covering eyes..
    how could I walk..
    I can't see the unknown paths..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඈත රන් විමන් තුළින්
    පාට සේලයෙන් සැදී
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...

    මේ ලොවින් එහා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිළෙනවා ...

    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී
    ඔබ කීව පෙම් කතා ඇසුරේ
    හීන මැවෙනවා ...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුරපුරෙන් වැටී
    අද රෑට අද රෑට
    අද රෑට දිළෙනවා.....
     
    Status
    Not open for further replies.