ආදරේ සොරාගන්න මා සිත සොයන්
ආවානම් මඟ බලා
සලසා නැටුමට නොසිතූ මොහොතේ ආ
රෝස් රෙඩීෂා
වයලින් වයමූ වස්දඬු පිඹිමූ
නැතුවට බැලලයිකා
ගිටාර තනුවේ කෝමල තීව්‍රර පා
වයනව වාදකයා
සීතල මීදුම් රෑ තනුහිඳ වැටුණේ නෑ
නුඹ මා තුරුලු කරන්
සෙනෙහස උතුරා වී
මදකට ගොලුවී සීතල අඳුරේ
රඟනව රඟධරයා
ගිටාර තනුවේ කෝමල තීව්‍රර පා
වයනව වාදකයා
නින්ද හරිම හොඳ නෑ අවදිව හිටියෙත් නෑ
අලුයම හොර හොරෙන් මේ
අඳුරත් නොකියා වී
පාලුව හමුවී දහවල් එළියේ
තැවෙනව රඟධරයා
ආදරෙ සොරාගන්න ............
ගායනය :- ඉන්දික ප්‍රසාද්