පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් පොඩි රතු වුණා ද
    චුට්ටක් සැර කළාට
    හිත හදාගන්න බැරි ද පැංචියේ
    ඔය හුරතල් හිනාව
    ඩිංගක් හැංඟුනාට
    මං ආදරෙයිනෙ පුංචි නංගියේ

    පෙම්බර කතා බහට
    නිතරම ඔබ හුරු වුණාට
    ආදරේට කෝඩුකාරියේ
    මං පොඩ්ඩක් සැර කළාට හදිසියේ
    තරහ වෙන්න එපා ඔහොම චූටි නංගියේ

    ඇස් පොඩි රතු වුණා ද ............

    හෙමිහිට යාලු වෙන්න
    කෝ චුට්ටක් හිනාවෙන්න
    හරි ලස්සන දෙව්ලියක් වගේ
    සුදු කම්මුල් තෙත් වුණාම නංගියේ
    මටත් ඉතින් වාවගන්න බැරිවෙලා වගේ

    ඇස් පොඩි රතු වුණා ද ............


    ගායනය :- සුජිත් වඩනම්බි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පමාවෙයන් සඳ පායාලන්නට
    අඳුරු වළාවන් එළිය කරන්
    සිනා සුනත් නුඹ දුර අහසේ හිඳ
    මගේ ‍ලොවට තවමත් අඳුරුයි
    පමාවෙයන් සඳ පායාලන්නට

    කිරි පාටට නුඹ දිලුණට අහසේ
    කිරි දෝතක රස නෑ මට උරුමේ
    අහසේ තරු වැල් නුඹ ම වටා ඇත
    පොළෝ ත‍ලේ මා තනිවීලා
    පමාවෙයන් සඳ පායාලන්නට

    කඩමලු ඇඳුමයි අගුපිල් අයිනයි
    කුසඟින්නට සැමදා හිඟමනයයි
    නිදිවර යාමේ මදුරුවො තැලුවත්
    තුන් හිතේ ම නෑ පව රැඳිලා

    පමාවෙයන් සඳ ................


    ගායනය :- ක්‍රිශාන්ත එරන්දක
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    I miss you so much,
    Now I'm awake,
    Just hold me tight,
    In every dream you're my guiding light.


    We, we were lost
    This, world of pain
    I miss you so much, now I call again, Come, come tonight
    Just, hold me tight
    From this desert rain, you`re my guiding light

    We, we were lost,
    This, world of time
    We forgot about love, we forgot about us
    Now, I am here, dreams become real

    I feel like the sand is blowing away
    I can do the storm
    I'm inside this dream
    That feels just like
    a desert rain

    We, we were lost
    This, world of pain
    I miss you so much, now I call again, Come, come tonight
    Just, hold me tight
    From this desert rain, you`re my guiding light

    We, we were lost,
    This, world of time
    We forgot about love, we forgot about us
    Now, I am here, dreams become real

    I feel like the sand is blowing away
    I can do the storm
    I'm inside this dream
    That feels just like
    a desert rain

    You will always have my soul
    Even dreams are secret worlds
    Missing you

    I feel like the sand is blowing away
    I can do the storm
    I'm inside this dream
    That feels just like
    a desert rain

    -Edward Maya-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුරුටු ගෑ ගී පොතේ
    කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා
    ගෙනේ වද වේදනා

    ඔබෙන් පෙරදා උගෙන කවිකම්
    ලි‍යූ කවි ගීතිකා
    ඔබේ නාමෙන් හැඬූ කඳුලින්
    ග‍යමි මම කිවිඳුනේ

    මි‍යුරු කවි වැල් කුරිරු ස්වර‍යෙන්
    ඇසේ රෑ ‍යාම‍යේ
    නොලැබ කිවිඳුන් කුමට කවිකම්
    කිවිඳ මට කවි ලොවේ

    -නන්දා මාලනී-

     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Life has betrayed me once again
    I accept somethings will never change

    I've let your tiny minds magnify my agony
    and it's left me with a chemical dependency for sanity

    YES, I am falling...
    how much longer till hit ground
    I can't tell you why I'm breaking down
    do you wonder why I prefer to be alone
    have I really lost control?

    I'm coming to an end..
    I've realized what I could have been
    I can't sleep so I take a breath
    and hide behind my bravest mask
    I admit I've lost control..
    Lost control..

    FML , this song does it.
     
    • Like
    Reactions: m3pium

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නුඹෙ සුවද විදගන්න සිහිනෙන් පවා
    මම පින් කලාවත්ද සසරේ පුරා
    මගෙ ප්‍රථම ආදරය පවුලක් වෙලා
    හිනැහෙන්නේ මම සෙනෙහෙ දෝතින් දරා
    මමයි සදාකල්ම නුඹෙ පෙම්වතා

    මුන ගැහුනු දා පලමු පෙරුමන් පුරා
    නුඹ උන්නේ මගෙ දෙනෙත විතරක් බලා
    අද ඉන්නවා මගෙම තුරුලට වෙලා
    අග රැජින නුඹ මගෙම විතරක් වෙලා
    අග රැජින නුඹ මගෙම විතරක් වෙලා

    නෙතෙමෙන්න එක වහල යටදී අපේ
    හැගුමන් පිපී හිනැහිලා ජීවිතේ
    නෑ සිහිනයක් වූයේ අප ආදරේ
    අද යන්නේ අපි සතුටු මල් මාවතේ
    අද යන්නේ අපි සතුටු මල් මාවතේ
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුළඟ නුඹ වගෙයි
    සිත් මලවටා එතෙයි
    මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
    වැස්ස නුඹ වගෙයි
    සිත්මලට ඇදවැටෙයි
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි..

    සිත හැඳිනුවෙත් ඔබයි
    පසු පසම එළව එළවාවිත්
    සැනසුවෙත් නුඹයි..
    නුඹ මගේ සිත අරන් ගියා
    පුදුමයක් නොවෙයි..

    සිත තනිකලෙත් නුඹයි
    මගේ හිතේ සියුම් තැන් සොය සොය
    රිදෙව්වෙත් නුඹයි..
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි
    පුදුමයක් තමයි..


    ගායනය-කරුණාරත්න දිවුල්ගනේ
    පබැදුම-යමුනා මාලනී
    තනු-විශාරද ගුණදාස කපුගේ
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුළඟ නුඹ වගෙයි
    සිත් මලවටා එතෙයි
    මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
    වැස්ස නුඹ වගෙයි
    සිත්මලට ඇදවැටෙයි
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි..

    සිත හැඳිනුවෙත් ඔබයි
    පසු පසම එළව එළවාවිත්
    සැනසුවෙත් නුඹයි..
    නුඹ මගේ සිත අරන් ගියා
    පුදුමයක් නොවෙයි..

    සිත තනිකලෙත් නුඹයි
    මගේ හිතේ සියුම් තැන් සොය සොය
    රිදෙව්වෙත් නුඹයි..
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි
    පුදුමයක් තමයි..


    ගායනය-කරුණාරත්න දිවුල්ගනේ
    පබැදුම-යමුනා මාලනී
    තනු-විශාරද ගුණදාස කපුගේ
    :):)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    පිණි සේ තරු සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම්..

    හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්...

    සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
    ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්...

    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්

    මුල් ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන| නීලා වික්‍රම සිංහ
    නව ගායනය: පේෂල |සමිතා මුදුන්කොටුව

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබ නැති මේ රැ‍යට පුරසඳ එලි‍ය කුමටද
    ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කුමටද
    නලමුදු සුවඳ කුමටද........

    මහ කනදරා වැවට සඳ වැටිලා
    දි‍යේ ගිලේ‍ය විකල් වී
    තුරු හිස හාදු දිදී උන් කිරලුන්
    කොහේ ගිහින්ද ඉගිල්ලී

    හමුවී ඇසට ඇසක් නැගූ පහන්
    නිවී ගි‍යාද නොකල්හී
    සුන්දර රාත්‍රි‍යම මවිත සිතින්
    බලා හිඳීවි නොසෙල්වී

    -නන්දා මාලනී-

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නෑ අහස‍යි වැලපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නෑ සුලඟ‍යි වැලපෙන්නේ

    පෑහීමක් නෑ නොකෙරෙන දීගේ
    සෙවනැල්ලත් ඇදලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනෙ රෑ
    හිත හොඳ වැඩිකමලූ

    මලෙන් උපන් මල් පත්තිනි දේවී
    කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
    ඔබේ මගුල් දවසේ

    -මාලනී බුලත්සිංහල-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිම් තෙරක් නුටුදු මේ ලෝකයේ
    රැදු සපුන් නිබඳ සරණා බිමේ..
    ඔබේ සිනාවත මගේ නවාතැන
    අරුණුවිහිදුවාලී ජීවිතයේ..

    රැල් නඟා ගලන ගංගා දියේ
    මං වසා දමනු හැකිදෝ කෙසේ..
    සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
    සදා සැඟව යාවී සාගරයේ..

    සිල් බිඳී නුවන් කැලඹූ වනේ
    බිම නොලා නෙලූ ඵල මාවතේ..
    සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
    තැවුල් සැඟව යාවී මාරුතයේ

    ගායනය: සුනිල් එදිරිසිංහ
    තනු: රෝහණ වීරසිංහ
    පබැදුම: බන්දුල නානායක්කාරවසම්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    sad-girl_00088899.jpg


    ඇහිපියන් යට ඉන්න ඔබ සැමදා
    හඹා ගිය ඒ කදුළු බිදු සගවා..
    ලෝකයට හඬගා කියන්න බෑ
    ඇහිපියන් යට ඉන්න ඔබ නොහඬා
    ඇහිපියන් යට ඉන්න ඔබ නොහඬා...

    තුරුළු වී සද වලාකුළු අතරේ
    නොපෙනෙනා ලෙස සැඟවිලා හැඩුවේ..
    හඩන්නට බැරි මගේ නෙතු ඇතුලේ
    කදුළු සඟවා හිදිමී ආදරයේ...

    මිතුරු වී හිද සිහින මං වැරදී
    ඉගිළෙනා දියකිදුරිගේ තනිවී..
    කියන්නට බැරි වදන් ඇත ගොළුවී
    කදුළු සගවා හිදිමී ආදරයේ...

    - Nirosha virajini -
     
    • Like
    Reactions: rcccc

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔබේ රුව රසඳුනක් වුවට කමක් නැහැ මට තවත් ඇසකට
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට අයිති වෙනු බැහැ දරාගන්නට...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුවට රුවේ සකුරා ඉවුරේ....
    හිම වැටෙනා....
    සුදු කන්ද දිගේ....
    පාසල් ‍යන සුදු කුමාරි‍යේ....

    හිම මිදෙනා නගරේ....
    රුව පෑව ඒ රූබරී...
    චෙරි මල් පිපී පවනේ....
    ඒ ගමන් ලතා බලා ඉන්නවා....

    රතු මුහුදේ වෙරලේ....
    ‍යමු ඈත අපි වෙන්නොවී....
    සිතකින් නොවේ ලඳුනේ....
    මා මගේ රටේ සදා තනිවුනේ....

    -T.M ජ‍යරත්න-

     
    • Like
    Reactions: rcccc and m3pium

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රුවට රුවේ සකුරා ඉවුරේ....
    හිම වැටෙනා....
    සුදු කන්ද දිගේ....
    පාසල් ‍යන සුදු කුමාරි‍යේ....

    හිම මිදෙනා නගරේ....
    රුව පෑව ඒ රූබරී...
    චෙරි මල් පිපී පවනේ....
    ඒ ගමන් ලතා බලා ඉන්නවා....

    රතු මුහුදේ වෙරලේ....
    ‍යමු ඈත අපි වෙන්නොවී....
    සිතකින් නොවේ ලඳුනේ....
    මා මගේ රටේ සදා තනිවුනේ....

    -T.M ජ‍යරත්න-


    11.gif
    11.gif
     
    • Like
    Reactions: Rex921

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    බිඳුණූ ‍පෙම් හද නිවාලන්නට
    කඳුල නුඹ ආ..දා..
    අඳුර රජයන හු‍දෙකලා සිත
    නුඹට ‍පෙම් බැන්දා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් මායා නගරේ
    හිත නැවතූ හීනාවේ
    අවකාශේ තනිවූ
    සදයායේ හමුවූ
    මායාවී //
    රන් මායා නගරේ

    දුර නේනා තුරු සේනා

    නැවතී මියෙනා
    කැලඹී කදු පීරා
    සුලගින් හමනා
    අදුරේ මායා
    පායා නිවෙනා

    අර පේනා තරුගේනා

    සිහිනේ දැනෙනා
    යහනේ තනිවී මා
    මතකෙන් මවනා
    මැදුරේ මායා
    සේයා මිදෙනා

    රන් මායා නගරේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතුදාක කාසි නිසා
    කරකාර බන්දන් ඔ‍යා
    මගෙ සෙනෙහස ඔබ ඉදිරි‍යෙ රඟපා
    නැටුවන්නම් ඔබ නොදනී කිසිදා

    රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
    සිත මා රවටා හැකි හැමදේ මම දෑතට ගත්තා
    අපෙ හරහට උන් ඒ තරු ගලපා
    ඔබ කැන්දන් මම ‍යන්නෙමි මතුදා

    නොකැඩී ගලනා දුක් සංසාරේ පැටලී වෙලිලා
    දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කි‍යා
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා
    අඟහිඟකම් දැන් ‍යන්නේ පි‍යඹා

    -Jalinda ft Daddy-
     
    Status
    Not open for further replies.