පද පේලි .....

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ...
බමර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ...
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
අතැගිලි නොබැඳෙන...
තිත බැඳි සෙනෙහස....
සසර පුරා ලඟ ඉන්න ඇති....
ඒ අත් භවයෙත් මේ වාගෙම අපි....
හමු වී වෙන් වී යන්න ඇති...:(:(:(

Hi chopz oyage ara kathawata monada une
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනෙන දුක් වේදනා හිත අස්සෙ හිරකරන්
    සැනසුමක් නැතිවෙලා ඔබ හින්ද රත්තරන්
    ඔබ මගෙන් වෙන්වෙලා අද දුරට වී ගිහින්
    මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්තකින්

    මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
    දන්නවානම් ඔයා හෝ වෙන්වෙන්නෙ නෑ මගෙන්
    හිත හොයන මං වුනත් නැතිවෙලා අද ඉතින්
    ආදරේ තරම් මා දන්නෙ නෑ සත්තකින්

    දැනෙන දුක් වේදනා ............

    ජීවිතේ මම කියා කියූ හැටි ළඟ ඉඳන්
    සිහිවෙලා හඬනවා තුන්යමේ නිදිවරන්
    මට පුරුදු තනිකමින් මම යලිත් තනීවෙමින්
    එනතුරා ඔබ ඉතින් බලන් ඉමි රත්තරන්

    දැනෙන දුක් වේදනා ............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ
    ඒ දෙවිලි‍ය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම හොරෙන්ම හෙමිහිට
    පි‍යඹා ‍යමු අපි අපේම සිහිනෙට

    සොඳුරු නුඹේ සිනහ මුවෙන් නගන පෙම් කතා (මට රහසේ).......
    මව‍යි හදේ ආදර‍යක් ඔබ මගේ කි‍යා......
    දෑත් වලින් ඔබෙ අත් පැටලෙන්නේ මටවත් නොකි‍යා.....
    ඔ‍ය දෑස් අගින් නුඹ හෙලනා බැල්මට කුමක්ද වේ සොඳුරේ.....
    නුඹෙ දෙතොල් වලින් මගෙ දෙතොල් තවන විට
    ලොවක් මැවේ සුරපුරක් දැනේ මට

    දිව්‍ය සුලං රොදක් මවන්නට ආදරේ සදා.....
    මට නොදැනිම ආදර‍යේ හැඟුම් ඉපදෙනා (ඒ සෙනෙහේ)......
    සො‍ය‍යි ඇගේ දෙතොල් වලින් හාදුවක් පවා......
    ඒ මොහොතේ බොරුවට ඔබෙ අහංකාර බව නගන විට බලා......
    තුරුල් වෙන්න තවත් හිත‍යි මට ආදරෙන් බදා.....
    ඔ‍ය දෑස් අගින් නුඹ හෙලනා බැල්මට කුමක්ද වේ සොඳුරේ.....
    නුඹෙ දෙතොල් වලින් මගෙ දෙතොල් තවන විට
    ලොවක් මැවේ සුරපුරක් දැනේ මට

    -ETERNITY-

    DOWNLOAD LINK


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sathish Perera.........

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම~
    ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම~
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබ මගේ වෙලා..
    මගෙ ළඟට වෙලා..
    නිවාඩු පාඩුවේ කියන්න..
    ආදරේ කියා..
    සඳ මඬල වෙලා..
    තරු ළඟට වෙලා..
    කියාදෙන්න ආදරේ කියා..

    මල් පිහාටුවක් නෙළලා..
    නිල් වරල සරසලා..
    හිත පුරාම ආදරේ අරන්..
    කියාදෙන්න ජීවිතේ තරම්..

    තුනු විලම මලින් සනසා..
    මල් විලම කලඹලා..
    ඔබ එනවද ජීවිතේ අරන්..
    කියාදෙන්න ආදරේ තරම්..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රිදී පෝරු සැළෙන හඬින්
    ගිනි කන වැටුනා නොවේ මා
    හිත් පොජ්ජ ඇන්න ගිහින් මගෙ
    ඒ ඇත්තෝ දුරු රටකින්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තනි තරුවේ... තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    තනි තරුවේ... තනි තරුවේ...

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවග මුවග ඇලළි ඇලළි
    මෙතෙක් දුරක් එක් වී පැමිනී

    තනි තරුවේ.... තනි තරුවේ...

    ම හද අරණෙ ලතැවි ලතැවි
    රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසේ..

    තනි තරුවේ....


    පබැඳුම:ප්‍රේමකීර්ති ද අල්විස්
    නාද සිත්තම් හා ගැයුම :වික්ටර් රත්නායක
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    C.T. Fernando............

    කිමද සුමිහිරියේ මෙ අරුමේ~
    මහද පිබිදෙන්නේ..
    ඔබගෙ දෑසේ නැඟෙන කැලුමේ~
    රහස නැත දන්නේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙනෙහස පුරහඳ වෙනදා
    ඔබෙ අතගෙන මහ පෝදා
    යන්න හිතයි මල් අරගෙන
    තුන් හිත පහදා
    ඔබ එන්න හොඳේ පැන් අරගෙන
    මගෙ හිත නොරිදා

    සඳට මලට තරුයායට පෙම් බැන්ඳා සේ
    කඳුළු වනේ ගම් මැද්දේ පියමැන්නා සේ
    ජීවත් වෙමු ඉන්න තුරා මල් පිපුණා සේ

    සෙනෙහස පුරහඳ ................

    ඇලට දොළට ගංඟාවට හිත බැඳුණා සේ
    ගහට කොලට වැව්යායට හිස නැමුවා සේ
    ජීවත් වෙමු ඉන්න තුරා මල් පිපුණා සේ

    සෙනෙහස පුරහඳ ................


    ගායනය :- ශෂිකා නිසංසලා ජයසුමන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
    වේදනා නිවෙයි මට දැනෙයි සුවඳ ආදරේ
    මල් පිපී ඔබේ මගේ අනාගතේ
    වාසනා මැවේ ඔබ මගේ පැතුම ජීවිතේ

    මා ඔබේ කියා කියූ දිනේ
    වෑහුනාය හදවතින් සෙනේ
    ඒ පැතූ ලෙසේ මා සාදා ඔබේ
    ආදරේ අපේ බිඳී නොයේ

    සෙනෙහසේ ..................

    සෝක වේදනා නිමාවෙලා
    ජීවිතේම ගීතයක් උනා
    වාසනා ගෙනා ප්‍රාර්ථනා නිසා
    ආදරේ අපේ සැබෑඋනා

    සෙනෙහසේ ..................


    ගායනය :- චරිතා ප්‍රියදර්ශනී පීරිස්
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි....//
    අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හංදියේ...
    පුංචි ළිදේ වතුරට නාඩන්න නංගියේ.....
    පුංචි ළිදේ වතුරට නාඩන්න නංගියේ.....
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි....//
    අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හංදියේ...
    පුංචි ළිදේ වතුරට නාඩන්න නංගියේ.....
    පුංචි ළිදේ වතුරට නාඩන්න නංගියේ.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක දන්න නිසයි මුළු හදින් ම ඔබට පෙම් කළේ
    දුක දන්න ඔබ ම ඇයි මෙච්චර දුක ම ලං කළේ
    දුක කියාගන්න මට උන්නේ ඔබයි වස්තුවේ
    දුක දරාගන්න කියාදෙන්න පෙම් කළා ‍වගේ

    දුක දරුණු නිසයි ආදරයට එදා බියවුණේ
    ඔබ අහිංසක ව ආද‍රයේ මුල් ‍පොත කීවේ
    කිරි දරුවෙක් සේ එල්ලී ගෙන ඔබෙ සුළැඟිල්ලේ
    මං ආද‍රයේ සමනල් ලොව ඈතට ආවේ

    දුක දන්න නිසයි ..........

    හිස් කොලයක් වැනි හිත කවි පිටුවක් කරලා
    ඒ පිටුව ම කඳුළින් ඔබ මකලා දැම්මා
    සමනළයෙක් ඇන මරන්න රෝස කටුවකින්
    දරුණු වුණේ කෝමද කවිකාර ඔය හැඟුම්

    දුක දන්න නිසයි ..........


    ගායනය :- අසංක ප්‍රියමන්ත පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාව දෙනු මැන සමාව දෙනු මැන
    වරදක් වූවානම්
    සිත රිදවන්නට ඔබ හඬවන්නට
    සිතුවේ නැත මානම්

    විසකුරු මිනිසුන් ඇසුරින් මිදිලා
    අව්වේ වැහි පින්නේ
    කිරි දරුවකු මෙන් උණුසුම් වෙන්නයි
    ඔබ වෙත මා එන්නේ
    ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගෙ
    සිත් සුවපත් කරලා
    කොතැනක යන්නද කාට කියන්නද
    අත් දෙක දික් කරලා

    සමාව දෙනු මැන .................

    ඔබ මාගෙ හදවත් කුසුම පුබුදුවා
    ඔය පාමුල රන්දයි
    කොයික කියන්නෙත් කොයික කරන්නෙත්
    ආදරෙ වැඩි හින්දයි

    සමාව දෙනු මැන .................


    ගායනය :- මිල්ටන් මල්ලවාරච්චි
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    "ma unne dora kaulu hara da tia...
    obe suwada e yaii kia...

    nidi nomathi neth agata kadulak tia...
    mulu rayama gevila gia..."
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
    වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ
    සුසුමේ කඳුළේ රන්දා බන්දා
    ආදරේ කරන්න ඕනෙ දෝ

    පැතුවාට දෙඩුවාට දෙවියන්ට කීවාට
    නොලැබෙයි හදේ ආදරේ
    ප්‍රේම සංසාරයේ මාගෙ පැතුමක් තියේ
    කා ගාවදෝ ආදරේ

    ආදරේට වාසනාව .......

    රළ හා ම හැපුනාට සිඳු ගාව මොර දී
    දියවැල් නොවේ ආදරේ
    පින්නෙ අරුණෝදයේ පිපුණු කුසුමක් ‍වගේ
    කා ගාවදෝ ආදරේ

    ආදරේට වාසනාව .......

    ගායනය :- අජිත් පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑත සීතලයි හදවතද හඬ නගයි
    ඇයි පැංචි බයවෙලා වගේ
    මං දුන්නෙ හාදුවයි ඒ ආදරේ නිසයි
    බයවෙන්න එපා පැංචියේ

    මගෙ ප්‍රථම ප්‍රේමයේ මල් කැකුළ නුඹ තමයි
    සුවදෙන්න වෙලිලා ළයේ
    මගෙ හි‍තේ ආදරේ මහ සාගරේ වගේ
    හඬවන්නෙ නෑ කිසිදිනේ

    මං දුටුවෙ එක වරයි සිත ඇසුවෙ ඔබ ගැනයි
    එකපාර ඇඳුණා හිතේ
    මං ඇසුවෙ එකවරයි නුඹ කීව ආදරෙයි
    සෙල් ලියුමෙ ලිවුවා වගේ

    දෑත සීතලයි ..............


    ගායනය :- අජිත් පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරහෙන් අහක බලා
    ඔබ නොදොඩා යනවා
    හෙට දවසේ යලි හමුවී
    ඔබ මා සනසනවා
    දෙනුවන් කැල්ම හෙලා
    ඔබ හිනැහී දොඩනා
    ඒ වදනේ මා බැඳිලා
    තව ආදරෙ වෙනවා

    පෙම් හසරැල් සඟවන් මුහුණේ
    නැගෙන මොහොතේ ඔබගේ
    මා සැනසුම් සුසුමන් හෙලුවා
    ඔබ හා බැඳිලා රහසේ
    ඩිංගක් විහිලු කළා
    ඇයි මේ තරහා වෙලා

    තරහෙන් අහක බලා ...........

    ළංවුණොතින් මොහොතක් ඔබගේ
    සුවඳේ රැඳිලා මසිතේ
    දුක් වියවුල් නිවෙමින් දැණුනා
    සහනේ ඔබගේ සෙනෙහේ
    ඩිංගක් විහිලු කළා
    ඇයි මේ තරහා වෙලා

    ඔබ මා සනසනවා........


    ගායනය :- අතුල අධිකාරි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳලුතලෙන් එබී බලන පුංචි කුමරියේ
    නුඹ මට ආදරේ ගඟ දියඹට ද ආදරේ
    වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ

    සඳලුතලේ ළඟට එන්න අත්තටු කොහෙද
    මන්දිරේ දොරෙන් එළියට නුඹ එන්නැද්ද
    මේ පාරුවෙන් එගොඩ වෙන්නට
    වාරුවෙන් මගේ දිවියට ආදරෙන් බැඳී සදහට

    සඳලුතලෙන් එබී බලන .............

    හී සැරෙන් දොරට සපැමිණි අඳුරු වාහනේ
    දෙව්දුවක් වගේ සැඟවී නුඹද ඉගිලුනේ
    ගඟ බිහිසුණුයි සැඩයි හරියට
    වාරු නෑ මගේ හබලට ජීවිතේ ඉතින් මොකට ද

    සඳලුතලෙන් එබී බලන .............


    ගායන :- අතුල අධිකාරි
     
    Status
    Not open for further replies.