පද පේලි .....

Status
Not open for further replies.

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සීත රැයේ පායා ආ රිදී සදේ
    ආලෝකේ මැවේ මැවේ මගේ හදේ
    නවතිමු අපි ආදරයේ නවාතැනේ
    අත්විදගමු ජීවිතයේ අමාසුවේ
    මා පතලා මා සොයලා පෙර යුග යුග ගානේ
    ආවාදෝ ඔබ මේ සන්සාරේ
    සීත රැයේ පායා ආ රිදී සදේ
    ආලෝකේ මැවේ මැවේ මගේ හදේ
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මග බලා හිදිමි මා එන තුරා යලි සිහිනයෙන් වත්
    හිත හදා ගනිමි මා නෙතු පිරෙන තුරු කදුලකින්
    දුක සේ ගෙවමින් නේ
    කෙටි කලක් රහසේ මියමී මා
    ඔබ පැතුම එය නම්..

    කිලිටි අදුරේ එරී සිර වී
    සියලු දේ නැති වී..
    සිලිටි සිරුරේ සුවද වියැකී
    දෙලොවකට මැදී වී..
    හැගුමන් අත‍රේ සුසුමන් අසුරමින්
    ගිය එ ඔබදෝ මේ අද මෙසේ
    ගිලිහී වෙන් වී ගියේ
    දුරස් වී විගසින්..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Bandara Athauda..........

    කඳුළු පිසදාලන සඟවාලන~
    රැයේ සෙනේ මල්..
    සිතම සනසාලන සතපාලන
    ~
    නුඹේ සිනා මල්..නුඹේ සිනා මල්..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිනා මල් කැකුළු පුබුදා
    ඈ කීවා මට හොරෙන්
    ඔබ මා ලඟින් ඉන්න සැමදා
    මා තුරුළු කරන්
    ආදරෙන් . . . ආදරෙන්

    මා හද පෙම් කර අහිංසකාවී
    ඔබ ලඟ මා සැනසෙන්නේ හෙටයි
    ඔබ කී කතා . . . මා හද සැනසුවා
    ආදරෙන් මා . . . නැලවුනා

    ඔබ දකිනා තුරු මා රැඳුනේ
    ඔබ දුන් මේ පැතුමක් ගානේ
    රහසින් වාගේ . . . ඔබ මට කීවේ
    රැඳුනා මහදේ කෙල්ලේ . . .
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Goodbye to you my trusted friend
    We've known each other since we were nine or ten
    Together we've climbed hills and trees
    Learned of love and ABC's
    Skinned our hearts and skinned our knees

    [Bryan:]
    Goodbye my friend it's hard to die
    When all the birds are singing in the sky
    Now that spring is in the air
    Pretty girls are everywhere
    Think of me and I'll be there

    [All:]
    We had joy we had fun we had seasons in the sun
    But the hills that we climbed were just seasons out of time

    [Shane:]
    Goodbye Papa please pray for me
    I was the black sheep of the family
    You tried to teach me right from wrong
    Too much wine and too much song
    Wonder how I got along

    [Mark:]
    Goodbye papa it's hard to die
    When all the birds are singing in the sky
    Now that the spring is in the air
    Little children everywhere
    When you see them I'll be there

    [All:]
    We had joy we had fun we had seasons in the sun
    But the wine and the song like the seasons have all gone
    We had joy we had fun we had seasons in the sun
    But the wine and the song like the seasons have all gone

    [Nicky:]
    Goodbye Michelle my little one
    You gave me love and helped me find the sun
    And every time that I was down
    You would always come around
    And get my feet back on the ground

    [Shane:]
    Goodbye Michelle it's hard to die
    When all the birds are singing in the sky
    Now that the spring is in the air
    With the flowers everywhere
    I wish that we could both be there

    [All:]
    We had joy we had fun we had seasons in the sun
    But the hills that we climbed were just seasons out of time
    We had joy we had fun we had seasons in the sun
    But the wine and the song like the seasons have all gone
    We had joy we had fun we had seasons in the sun
    But the hills that we climbed were just seasons out of time
    We had joy we had fun we had seasons in the sun
    But the wine and the song like the seasons have all gone

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
    ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා
    ආයෙ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා

    ගංඟා තලාවේ වැතිරී හිඳන්
    ළංවී මගේ කණට රහසින් කියා
    ඒ පෙම් කතාවන් සුළ‍ඟේ පාවී
    රහසක් අපේ ආදරේ

    රත්තරන් ප්‍රාර්ථනා ..........

    සැඟවී හිඳින්නම් එන මං බලා
    තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්
    දෙගුරුන් නිසා නම් අප වෙන් වුනේ
    අහිතක් නොවේ මා සිතේ

    රත්තරන් ප්‍රාර්ථනා ..........


    ගායනය :- රෝයි පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරෙන් හිත ආදරෙන්
    ලියලා වැඩුනු හිතවත්කමක්
    පාවී හොරැහින් ළඟින්
    සුවඳක් තරම් දුර ඇයි ඉතින්

    මහා කතරක ගිනි නිවා හිත
    වළාවක් වී ආ හැටී
    හිතේ අඳුරක සඟවලා තැබු
    මගේ දුක පිසලූ හැටී

    සොයාගෙන හදවතේ
    නොයිඳුල් ඉසව්වක උණුහුමේ
    මගේ හීනෙක හිතකවත් නැති
    නුඹේ ඇස් මගෙ වුණු හැටී

    නොඉන්නට ඇසිපිය සලා
    පුංචි රහසක් සඟවලා
    කියන්නට හදවතේ තිබුණා
    දහසකුත් නෙක කාරණා

    වතාවක් නොව කතාවක් නැති
    පාලු තත්පර ගතවුණා
    ම‍ගහරින්නට බැරුව මගෙ හිත
    නුඹේ සෙවනෙ ම දැවටුණා

    ආදරෙන් හිත ...............


    ගායනය :- උපේඛා නිර්මාණී හා නිශාන් සන්දීප
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නො ආවේ
    ගිම්හානයේ ගිලන් වී
    තනිවීමි වේදනාවේ

    සිතුවිලි සිතුම් සඳැල්ලේ
    ළතැවී රැඳී නිදැල්ලේ
    මිහිරක් කොහෝද ඇත්තේ
    කිව මැන මටත් වසන්තේ

    දාහය ගතේ වෙළීලා
    කඳුළැලි නෙතින් ගලාලා
    ඈතට ඇදී ගලා යේ
    සොයමින් ගෙවූ අතීතේ
    සෙනෙහස ඔබෙන් උදාවූ
    යුගයකි ගෙවා නිමා වූ

    -Shelton Perera-
     
    • Like
    Reactions: Dewrangi

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නො ආවේ
    ගිම්හානයේ ගිලන් වී
    තනිවීමි වේදනාවේ

    සිතුවිලි සිතුම් සඳැල්ලේ
    ළතැවී රැඳී නිදැල්ලේ
    මිහිරක් කොහෝද ඇත්තේ
    කිව මැන මටත් වසන්තේ

    දාහය ගතේ වෙළීලා
    කඳුළැලි නෙතින් ගලාලා
    ඈතට ඇදී ගලා යේ
    සොයමින් ගෙවූ අතීතේ
    සෙනෙහස ඔබෙන් උදාවූ
    යුගයකි ගෙවා නිමා වූ

    -Shelton Perera-

    me song eka mama utube bala bala hitiye :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නට වත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා
    දෑස් දුන් මිනිසා සොයා

    කලාවැව ළඟ ඉලුක් හෙවනක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා
    මැරෙන ඉපදෙන රළ දිහා

    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    තවම තනිකඩ යැයි කියා
    තවම තනිකඩ යැයි කියා

    ගී පද - රජී වසන්ත වෙල්ගම
    ගී තනුව - දර්ශන රුවන් දිසානායක
    ගායනය - සුනිල් එදිරිසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කරදරයක්නම් මා නුඹහට
    අවසරයි ඉතින් සමුගෙන යන්න
    යලි ඕනවුණොත් මගේ සෙනෙහස
    අවසරයි මගේ ළඟ නවතින්න

    අමනාප වුණත් නුඹ මා එක්ක
    අමනාප වෙන්න බෑ නුඹ එක්ක
    හැමදාම සෙනෙහසින් ළඟ ඉන්න
    මට අවසර නැද්ද කියන්න

    කරදරයක්නම් ................

    නුඹ ඈත ගියත් තව කා එක්ක
    මට ඈත යන්න බෑ පලිගන්න
    ඔබ ගාව සෙනෙහසින් දැවටෙන්න
    මට අවසර නැද්ද කියන්න

    කරදරයක්නම් ................


    ගායනය :- සතිෂ් පෙරේරා
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ඉකි ගසා හඬන අතීතයක
    කඳුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..

    හීනෙන් හිනැහී තුන්යම මා රවටා
    මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..

    රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
    උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ තරම් නුඹ සුවඳ ඇයි
    නුඹ මලක් දැයි මට හිතෙයි
    මේ තරම් නුඹ සුමුඳු ඇයි
    මල්වතක් දැයි මට හිතෙයි
    මේ තරම් නුඹ සිසිල ඇයි
    සඳවතක් දැයි මට හිතෙයි
    මේ තරම් නුඹ මිහිරි ඇයි
    නුඹ මගෙම දැයි මට හිතෙයි

    දිය සරැළි වෙරළට හාදු දෙයි
    මට වෙරළ වන්නට හිතෙයි
    නිල් ගඟුල සයුරට දිව ඇදෙයි
    මට සයුර වන්නට හිතෙයි

    සඳ එළිය කඳු මත තොල් තියයි
    මට කන්ඳ වන්නට හිතෙයි
    මුළු ලොවම නුඹෙ රුව මට මවයි
    නුඹ මගෙම යැයි මට හිතෙයි

    මේ තරම් නුඹ ...........


    ගායනය :- මිලින්ද රූපසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදවතේ ඇඳුණු රන් රූපේ ඔබමයි සුදූ
    ලස්සනයි නේද පෙම් හීන දෙන්නා පැතූ
    සඳ පවා කීවෙ ඔබ ගැන ම නින්දේ පුරා
    හැඩ කළා හීන ඔබ ආදරේ කල්පනා

    ප්‍රේම ද්වාරේ විවර කළාදෝ
    මා වෙනුවෙන් සංසාරේ
    ප්‍රේම ප්‍රදීපේ දල්වනු මැනවී
    නොනිවෙන්නට පෙම් ජීවේ
    මල් මල් ආදරේ ඔබටයි මේ හිතේ
    රන් රන් හීනයේ ඉන්නම් මා ප්‍රියේ

    හදවතේ අඳුණු ...............

    තරුමල් නෙළලා ඔන්චිලි හදලා
    පදවමි පෙම් ඕවිල්ලේ
    ඔය නෙත් දඟ පා පෙම් ගී ගැයුවා
    ළය වැතිරී නැලවිල්ලේ
    සිපගමි වස්තුවේ සුසුමද මා ඔබේ
    සඟවමි නෙත් ඔබේ තුරුලෙහි මා ළයේ

    හදවතේ අඳුණු ...............


    ගායනය :- දමිත් අසංක හා මංජුලා දිල්රුක්ෂි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake...............

    කොහේද කොහේද අපේ ලොවක්~
    කොහේද කොහේද අපේ රටක්..
    මුරකාවල් නැති වැට කොටු බැමි නැති~
    අපේම අපේම නවාතැනක්..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සඳමල පිබිදුණු නිල් කඳුරැල්ලක
    රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක
    හසරැල් කැල්මක දුක් කදුළැල්ලක
    තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලෙක

    හඞා වැටෙන විට නෙතු යුග තෙත්වී....
    සිනා පොදක් වෙන්නම්
    සිනා නඟන විට පැතුමන් දැල්වී.....
    කඳුළින් සුරකින්නම්

    වියෝ දුකට සුසුමට මග අවුරා.....
    හදේ ලැගුම් ගන්නම්
    රැඳී නිබඳ පණ නල මෙන් දැවටී....
    දිවි ඇති තුරු ඉන්නම්


    ගී පද - කුලරත්න ආරියවංශ
    ගී තනු - වික්ටර් රත්නායක
    ගායනය - සුනිල් එදිරිසිංහ සමඟ නන්දා මාලිනී
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ඔයා දිහායි බලන් හිටියේ ඇස්. .පියනොහෙලා මෙතෙක් වෙලා
    ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා
    අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත් වෙලා
    සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
    සිටියේ මං තිගැස්සිලා ඔයත් ටිකක් වෙනස් වෙලා

    තනිවුණ කුසුමක තනිකම මැකුවෙත් ඔබ විතරක් හින්දා
    දවසෙම හිනැහුණු හිත හැම රෑකම තනියෙන් ඉකිබින්දා
    අකලට කඳුළින් නා කපනා වැහි වැස්සුවේ මං හින්දා
    ගෙන යන්නම් කැන්දා

    අපි වෙනුවෙන් අපි තනියම හිටි හැටි අපිවත් දන්නෑ
    ලොවට හොරෙන්..කළ කී දේවල් කවුරුත් දන්නෑ
    මගේ ලොවට ඔබ හැර වෙන සැලසුම් මට කිසිවක් නෑ
    ආයෙත් අපි තනිවෙන්නෑ.....

    ඔයා දිහායි බලන් හිටියේ ඇස්.. පියනොහෙලා මෙතෙක් වෙලා
    ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා
    අපේ හීන වලින් ඔයා.. ගියා කියා ඉවත් වෙලා..
    සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
    සිටියේ මං තිගැස්සිලා.. ඔයත් ටිකක් වෙනස් වෙලා.

    Artist/s Dayasiri JayasekaraGayani Madhusha
    Lyrics Madawa Hewawasam
    Music Madawa Hewawasam
     
    • Like
    Reactions: rcccc

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
    ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
    ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
    සංකේත වූ වාසනාවේ.....
    ගම්මානේ...
     
    • Like
    Reactions: DAMER

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දෙවැනි බුදුන් ලෙස
    ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද
    ලොවට උතුම් ළඳ
    අම්මා.....අම්මා..... අම්මා.....

    දෙසවන් සනහා මා නැළවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියා දුනි
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිපගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා....අම්මා..... අම්මා.....

    ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
    ළතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිපගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා....අම්මා..... අම්මා.....


    ගී පද -සුනිල් ආරියරත්න
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ
     
    • Like
    Reactions: DAMER
    Status
    Not open for further replies.