පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

මාලී සිහින කුමාරි
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳූරේ සරනා සෙනෙහේ


පවනේ රහසින් කොඳූරා
හද සසලන්නේ
උණුසුම් සුවඳයි පාවී
හද දැවටෙන්නේ
දෙනෙතේ සැඟවී නොපෙනී
ඇ කොයි යාදෝ

අඳූරේ රහසින් සැලෙනා
පිණි කඳූලක්දෝ
පින්නේ ඇදෙනා දිලෙනා
සඳ කිරණක් දෝ
මා දැසේ මැවූ සේයා
මායාවක් දෝ

~ ආත්මා ලියනගේ ~



 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
coolnishan said:
Maxa Lyrics Neada ibi pencha.Balanna oya Lyrics wala Kiyana de.Looke Mona de Unath Mama danne Oba Pamanai...... :dull:
ආයි කියලා වැඩක් නෑ නිශාන් මන් සෝමසිරි මැදගෙදර කියන්නෙ කව්ද කියන්නෙ දැනගත්තෙත් මේ සිංදුවෙන්....... ..මුලින්ම අහද්දි මාර විදිහට වැදුනා ඔය සින්දුව.තාමත් එහෙමයි..ලොකු ලොකු වචන නැති උනාට කොච්චර ලස්සන පද පේලි ටිකක්ද?:yes:
 
Jan 15, 2009
9,238
368
0
KHz said:
ආයි කියලා වැඩක් නෑ නිශාන් මන් සෝමසිරි මැදගෙදර කියන්නෙ කව්ද කියන්නෙ දැනගත්තෙත් මේ සිංදුවෙන්....... ..මුලින්ම අහද්දි මාර විදිහට වැදුනා ඔය සින්දුව.තාමත් එහෙමයි..ලොකු ලොකු වචන නැති උනාට කොච්චර ලස්සන පද පේලි ටිකක්ද?:yes:

අනිවා... මච්න් මාත් එයාගෙ සින්දුවලට හොඩක් ආසයි


පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මෙ කුමකට ලොව පිපෙනවාද මල්


මේ සින්දුවත් මාර ගති නේද මචන්
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
sandun thilaka said:
අනිවා... මච්න් මාත් එයාගෙ සින්දුවලට හොඩක් ආසයි


පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මෙ කුමකට ලොව පිපෙනවාද මල්


මේ සින්දුවත් මාර ගති නේද මචන්
අනිවා මචෝ :yes:
11.gif
මාර ලස්සන සින්දු ටිකක් !
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පායා නැගී ඒවි රන් තාරකා
මාහා සිනා සෙන්නේ නෑ ආදරෙන්
දේදුන්න සේ රෑ මැකී වෙන්වෙලා
නාඩා සිනාසෙන්න සේපාලිකා

Diwulgane
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පිය සටහන් මැකී නොමැත

පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය තබමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

ගිරි ශිකර මුඳුන් වල
වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ

පිය සටහන් මැකී නොමැත තව

පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය තබමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

රළු බොරලු ගමන් මග වැලි තලා වැනිය අද
හැරී බලමි මම් ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්
නොයේ මතුවට ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව


KapugE

 
Jan 15, 2009
9,238
368
0


ළඳක් ළඳක් දුටිමි ළඳක්
ලස්සන මලක් හා හා ලස්සන ළඳක්
සුදට සුදේ (හහා) ගවුම ඇඳන්
හිස් වැස්මත් සුදට සුදයි
නෙතග බැලුම් සිත පොපියයි
ඉර හඳ මිහිකත නලවයි
ඈ දැකුමෙන් හද සැනසෙයි

~ මර්වින් පෙරේරා ~



 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ


Diwulgane
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එපා වෙන්නට පෙර

එපා වෙන්නට පෙර ඔබට මා මට අවසරයි නික්මී යන්න
ලියූ දහසක් කවි වලින් මට එකම කවියක් වත් දෙන්න

නිදා නොනිදා පහන් කළ රෑ කෙතරම්ද මේ අහස යට
කියා ගන්නට බැරිව
හිටි හැටි දන්නේ කවුරුද ඔබම

Lakshman Hewawitharana
 
Jan 15, 2009
9,238
368
0


දැස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳූකරින් එන නල ගෙනෙනෙ ඔබෙ හඩ
කුමාරියේ..........
අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ

අතින් අත් වෙලී
වෙරළේ තනි වුනු මොහොතේ
ඈත නිම් වළල්ලේ නෙත් රැඳවුනු මොහොතේ
සිත් කැලඹුනේ ඇයි නොම දැනේ
කීදෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොහේ

රළින් රළ හැපී පෙණ කැට විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
මතකය මගේ අවදී වුනේ
ඒ එදාය මේ මෙදාය මට හිතාගන්න නොහේ

අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ


~ ක්ලර්න්ස් විජේව්‍ධ්න / ජැක්සන් ඇන්තනි ~














 
Last edited:

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි :sorry:
    ඔබට ලන්ව දුක බෙදා ගන්න බැරි කම දුකකි :(
    මෙවැනි බැදුම් අදහනු බැරි ලොකය සිර ගෙයකි :baffled:
    එව්න් ලොවක මෙ හමු විමත් වාවනු නොහැකි :no:


    ~ Nirosha virajini

    ( ihi ihi sorry madhu, oyage post eken copy kala :nerd::rofl: )
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ඔබ නැතුව ඉන්න බැරි තරමට
    ඔබ හිතට ඇවිත් හිමි හිමිට
    ඔබ නොදැක ඉන්න බැරිතරමට
    නෙත ඔබව සොයනවා දවසම

    මේ සීතක හිම ගිහි අරණේ
    මට හමුවු වන පස කුසුමේ
    පෙති මත සතපා රැගෙන යන්න මා
    කුසුම් නිම්නයේ මාලතියේ

    මේ ජීවන අවපස අහසේ
    ඔබ පුර පස සඳ වී පිපුනේ
    ඔබේ රැසින් මා තවාලන්න රැ
    ලයමත සනහා රාජිනියේ

    ~ වික්ටර් රත්නායක ~
     
    Status
    Not open for further replies.