පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පි:සියුමැලී... සියුමැලි රෝස මලී
    මල්සමය නිම වේවිදෝ
    මල්සමය කොයි වේලේ නිම වේවිදෝ
    සියුමැලී... සියුමැලි රෝස මලී

    ගැ:අරුණෝදේ සියොතුන්ගේ ගී ගායනා
    සිත බන්දන මල් සමය නිම වෙන්නෙ නෑ

    පි:ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා
    මහ සාග‍රය අප වෙන්කලා

    ගැ:මල් සමය නිම වෙන්නෙ නෑ


    පි :සියුමැලී... සියුමැලි රෝස මලී
    මල්සමය නිම වේවිදෝ
    මල්සමය කොයි වේලේ නිම වේවිදෝ
    සියුමැලී... සියුමැලි රෝස මලී

    ගැ:අද අදම ඔබෙ කුමරු එයි එයි කියා
    අනුරාගි නෙතගින් බලා
    සිරියහනෙ සුදුසේලෙ එළලා
    සදවතිය ගිරිමුදුනෙන් සැඟවී ගියා

    පි:සියුමැලී... සියුමැලි රෝස මලී
    මල්සමය නිම වේවිදෝ
    මල්සමය කොයි වේලේ නිම වේවිදෝ
    සියුමැලී... සියුමැලි රෝස මලී

    ~ රූකාන්ත,ඇන්ජලීන්
     
    Jan 15, 2009
    9,238
    368
    0


    තාරකා මල් පිපී හිනැහෙන
    ප්‍රේමයේ මල් මාවතේ
    පා නගා යමු ඈත ලොවකට
    නිවා ලතැවුල් ජීවිතේ

    හිරු සඳූට හා ලොවට රහසින්
    සදා ගමු අපි පුංචි ලෝකය
    දුකට කඳූළට පවුරු බඳීමින්
    පෙමින් සරසමු එවන් ලෝකය

    ඔබේ දෙනයන කැළුම් ඇත මට
    එළිය වන්නට මගේ ලෝකය
    ඔබේ සිහිලැල් සුවැති සෙවණින්
    නිවී සැනහෙයි මගේ ජීවය

    සුනිල් එදිරිසිංහ / මාලිනී බුලත්සිංහල

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
    ඔබ ඇය හා සිනාසි සුව විඳුනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
    සිත ඉකිගසමින් හඬන හැටී
    සිත පෙමට මුලාවූ දා ඉඳලා..

    සිත ඉවසන්නෑ කොපමන සිතුවත්
    දුක අඩුවී නෑ කොපමන හැඬුවත්
    ඔබ පෙම්ක‍ර නෑ මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුලාවූ දා ඉඳලා..

    සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
    ඔබ ඇය හා සිනාසි සුව විඳුනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
    සිත ඉකිගසමින් හඬන හැටී
    සිත පෙමට මුලාවූ දා ඉඳලා..

    ~ නිරෝශා විරාජිනී


    :nerd:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ළදේ මුලා වී ගියා නම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරිඟුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ඉතින් මොකෝ පරාදවී දැන්

    මැණිකෙ අගය කණා දන්නෙ නෑ
    නමුත් අගය බාල වෙන්නෙ නෑ
    පළුදු බඳුන ඕන වෙන්නෙ නෑ
    වැරදුනාම හරියි කිව්වෙ නෑ

    පරවූණාම මලේ සුවඳ නෑ
    බොරවුණාම ජලේ පැහැය නෑ
    බිඳූනු පෙමක නැවුම් රසය නෑ
    හැර ගියාට මා තනිවුන් නෑ

    ළදේ මුලා වී ගියා නම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරිඟුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ඉතින් මොකෝ පරාදවී දැන්

    ~ රූකාන්ත ගුණතිලක ~

     
    Jan 15, 2009
    9,238
    368
    0

    එපා වෙන්නට පෙර ඔබට
    මට අවසරයි නික්මී යන්න
    ලියූ දහසක් කවි වලින් මට
    එකම කවියක්වත් දෙන්න

    නිදා නොනිදා පහන් කළ රෑ
    කෙතරම්ද මේ අහස යට
    කියාගන්න බැරිව හිටි දුක්
    දන්නෙ කවුරුද ඔබම මිස

    මලානික වූ මලක් ආයෙත්
    පිපේවිද කොයි කවර ලෙස
    පිපේනම් ඒ ඔබටමයි
    කාට අයිතිද ඔබට මිස

    එපා වෙන්නට පෙර ඔබට
    මට අවසරයි නික්මී යන්න
    ලියූ දහසක් කවි වලින් මට
    එකම කවියක්වත් දෙන්න

    :(:(:(

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මියුරු කල්පනා
    නෙතග දැල්වුනා
    අමයුරු රස හස කැන් මැද සිතක් හිනැහුනා

    වරෙක නැළවුනා
    වරෙක ලතැවුවා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුනා

    වික්ටර් රත්නායක

    මං දැක්ක ලස්සනම සිංදුවක් :D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වෘන්දා වනේ මල් පිරී
    රාධා කොහේ හැංගුනේ
    සංසාර ගී‍තේ ඇසුනාද මේ
    ඔබ තාම නෑ ආදරී

    හද පාන හැංගී අඩනින්ද බෝ වී
    හීතල රටේ පාළුවේ
    මගෙ පුංචි ලෝකේ තනි වූ පැයේ
    ඔබ නේද මා මත් කලේ

    හිත ගාව හැංගී හදවත් තුරුල් වී
    පෙම් බස් දෙඩූ කාලයේ
    ‍මගෙ සුන්දරා වී කියු මා මුලා වී
    තනි වීද සංසාරයේ

    රොෂාන් ප්‍රනාන්දු


     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අපි කතා නොකර ඉමු
    සිනා නොවී ඉමු ටික දවසක්
    අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
    කල්පයක් සේ දැනේවී-කල්පයක් සේ දැනේවී

    අපි කතා නොකර හිදිනා ටික දවසට
    මල් පිපී පරව යන අරුමේ
    නු‍‍‍‍‍ඹෙ හිනා දකින්නට මල් පුසුඹ දිගේ
    කෙලෙසද නෑව්ත් ඉන්නේ

    අපි කතා නොකර ඉමු
    සිනා නොවී ඉමු ටික දවසක්
    අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
    කල්පයක් සේ දැනේවී-කල්පයක් සේ දැනේවී

    අපි ලංව බලන් හිදිනා එක මොහොතට
    මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
    මල් පුසුඹ සිඹින්නට මා නෙළූ මලේ
    කෙලෙසද නෑවිත් ඉන්නේ....

    ඡානක වික්‍රමසිංහ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    meet me after dark again and ill hold you
    i want nothing more than to see you there
    may be tonight we'll fly so far away
    we'll be lost before the dawn...

    if only night can hold you where i can see you my love
    then let me never ever wake again
    and may be tonight
    we'll fly so far away...
    we'll be lost before the dawn..

    somehow i know that we can't wake again
    from this dream
    it's not real but it's ours...

    may be tonight, we'll fly so far away..
    we'll be lost, before the dawn..

    so romantic this song..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hold on to me love
    you know i can't stay long
    all i wanted to say was i love you and i'm not afraid
    can you hear me?
    can you feel me in your arms?

    holding my last breath
    safe inside myself
    are all my thoughts of you
    sweet raptured light it ends here tonight

    i'll miss the winter
    a world of fragile things
    look for me in the white forest
    hiding in a hollow tree (come find me)
    i know you hear me
    i can taste it in your tears

    holding my last breath
    safe inside myself
    are all my thoughts of you
    sweet raptured light it ends here tonight

    closing your eyes to disappear
    you pray your dreams will leave you here
    but still you wake and know the truth
    no one's there

    first song i remember shedding a tear to lol how lame is that
     
    Jan 15, 2009
    9,238
    368
    0


    තරු යායේ ඈතින් ඈතට දිදුලන
    රන් තරු යුවලක් සේ
    කිසි දිනයක නොමියන සොහොයුරු පෙමකින්
    ඔබ අප බැඳූනාවේ
    හෙට දුක් සෝ කදුලැලි නොදකින ලොවකට
    අප නෙත් යොමුවේවා
    මතු භවයේ භවයෙන් භවයට එක ඉත්තක පිපි
    මල් යුවලක් වේවා...

    ~ ග්‍රේෂන් ආනන්ද ~

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:


    තරු යායේ ඈතින් ඈතට දිදුලන
    රන් තරු යුවලක් සේ
    කිසි දිනයක නොමියන සොහොයුරු පෙමකින්
    ඔබ අප බැඳූනාවේ
    හෙට දුක් සෝ කදුලැලි නොදකින ලොවකට
    අප නෙත් යොමුවේවා
    මතු භවයේ භවයෙන් භවයට එක ඉත්තක පිපි
    මල් යුවලක් වේවා...

    ~ ග්‍රේෂන් ආනන්ද ~

    :rolleyes: ලස්සන සිංදුව මොනා වුනත්``
     
    Jan 15, 2009
    9,238
    368
    0

    විදුලි මිණි පහන් දැවී
    බොලඳ ගී සිනා රැළී
    නිලංකාර අඳූරේ සිරවී
    සැදෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ...

    ~ ගුණදාස කපුගේ ~


     
    Jan 15, 2009
    9,238
    368
    0

    ඔබ නැති මේ රැයට පුර සඳ එළිය කුමටද
    ඔබ නැති මේ බිමට නළ මුදු සුවඳ කුමටද

    මහ කනදරා වැවට සඳ වැටිලා
    දියේ ගිලේය විකල් වී
    තුරු හිස හාදු දිදී උන් කිරළුන්
    කොහේ ගිහින්ද ඉගිල්ලී

    හමුවී ඇසට ඇසක් නැගූ පහන්
    නිවී ගියාද නොකල් හී
    සුන්දර රාත්‍රියම මවෙත සිතින්
    බලා හිඳීවි නොසෙල් වී

    ඔබ නැති මේ රැයට පුර සඳ එළිය කුමටද
    ඔබ නැති මේ බිමට නළ මුදු සුවඳ කුමටද


    ~ නන්දා මාලිනී ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත දුරක දෑස පාවෙලා...
    ගොළු වීලා ඔහේ තනි වෙමූ..
    පාළු ලොවක ඈත දුරක දෑස පාවෙලා

    GRESHAN ANANDA

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ සේ නිශා තළාවේ
    සිසිළේ වෙලී උදාවේ
    දෑසේ මාගේ සිහිනේ යාවේ
    සඳ සේ නිශා තළාවේ ...

    ~GRESHAN ANANDA~
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පිණිබර යාමේ සැවුලන් හඬලනවා
    අම්මා වටකර ළිප ගිණි නැලවෙනවා
    කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
    නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා

    ~ සුනිල් එදිරිසිංහ ~

     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ ගියත් යන්න වෙන්වී..
    ඔබ අයත් මටයි චලනී....

    කුළුදුලේ රහස් කීවේ මටමයි
    නොයිදුලේ තිළිණ දුන්නෙත් මටමයි

    මට හිතා ගන්න බෑ ඔය හද රගන රැගුම්
    නොම යන් හිතුවක්කාර ගමන්
    කිම සිත අවුලේ
    හද තැවුනේ
    කුළගන සිරිත බිදේ

    ඔබ ගියත් යන්න වෙන්වී..
    ඔබ අයත් මටයි චලනී....

    කුළුදුලේ රහස් කීවේ මටමයි
    නොයිදුලේ තිළිණ දුන්නෙත් මටමයි

    මට වළක්වන්න බෑ ඔය යන ගමන් බිමන්
    නොමයන් ඔය පවු කාර ගමන්
    හිස් අතිනි ප්‍රියේ
    ඔබ යන්නේ
    කුළගන සිරිත බිදේ


    ඔබ ගියත් යන්න වෙන්වී..
    ඔබ අයත් මටයි චලනී....

    කුළුදුලේ රහස් කීවේ මටමයි
    නොයිදුලේ තිළිණ දුන්නෙත් මටමයි



    KITHSIRI JAYASEKARA( රී පෝස්ට්)
     
    Status
    Not open for further replies.