පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0


සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
සිනහව අතරින්......

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම
සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි......

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හඩන පණ නල යදින සැනසුම
    දැවී යයි හද චිතකයේ
    කදුළු බිදුවක සිසිල පමණකි
    වියළි කතරට හිමිවුණේ

    :(
    සුනිල් එදිරිසිංහ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මාලතී ලතා වැනේ මා නුවන් වසා හිදී
    තාරකා
    වියේ ඒ ඔබේ සිනා
    මාලතී ලතා සැලේ මා නුවන් බලාහිදී
    තාරකා
    නිවේ කෝ ඔබේ කතා

    ජීවිතේ විඩා නිවූ ප්‍රේමයේ සුයාමයේ
    මා හදේ නිමා නොවූ කෝ ඔබේ සිනා
    ජීවිතේ නිමා නොවූ ප්‍රේමයේ මිලාන වූ
    මා හදේ විඩා නිවූ කෝ ඔබේ කතා

    KITHSIRI JAYASEKARA
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවූ..........!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත ගාව සිරකාරියයි

    සිත ගාව සිරකාරියයි
    නෙතගාව දඟකාරියයි
    නිකැලැල් හදේ පූජාසනේ
    හැමදාම හිමි කාරියයි
    සිත ගාව සිරකාරියයි
    නෙතගාව දඟකාරියයි

    සංසුන් සිතේ දැහැනක් වෙමින්
    පූජා තබා ළංවෙලා
    සඳුමෙන් තැනූ යහනක් වෙමින්
    සිත දාහේ නිවා සතපනා
    අහිතක් නොවී සුරකින්නෙමී
    දෝතින්ම සතපා හොවා

    Sanath Nandasiri

     
    Jan 15, 2009
    9,238
    368
    0

    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳූ පායනා රැයේ දිළිසී තරු සේ
    තනිවී තැවෙනා පෙම් සුසුම්....


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තල්වැට අයිනේ කඳවුරු දොරටුව
    ගිනියම් අව්වේ බියකරු නිහඩ රැයේ
    දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
    වැලිමළු විනිවිද එන මරණය හමුවේ

    වැළපෙන මුහුදයි ඈතින් දිස් වන්නේ
    වැළි මුසු
    සුළඟයි සියොළඟ දැවටෙන්නේ
    සිනා පොදක් කෙළි කවට පොදක් නැති
    හෙවනැල්ලයි මගෙ ලඟ ඉන්නේ

    තල්වැට අයිනේ කඳවුරු දොරටුව
    ගිනියම් අව්වේ බියකරු නිහඩ රැයේ
    දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
    වැලිමළු විනිවිද එන මරණය හමුවේ

    වෙඩි පුපුරන හඩ ඈතින් ඇහෙන පැයේ
    හිත ඉගිලී ගොස් ඔබ ළඟ රැදී තියේ
    දෙතැනක අනියත සිතින් සිටින අප
    සුළගට හෙලනා සුසුමෙන් නංවන්නේ

    තල්වැට අයිනේ කඳවුරු දොරටුව
    ගිනියම් අව්වේ බියකරු නිහඩ රැයේ
    දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
    වැලිමළු විනිවිද එන මරණය හමුවේ

    KAPUGE
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ඉවුරු තලා ගංගා බැස යනවා
    මහද සලා ඔබ ඉවතට යනවා

    මන්දර පව්වේ හිම පියසේ
    චන්දන අරණේ මද සිසිලේ
    සුව නොලබා ගියෙදෝ කෙසේ

    කඩුපුල් නෙළලා පිණි ඉසලා
    රන්හුය පටලා අමුණලා
    සිටියෙමි මා ඔබ එන තුරා......

     
    Jan 15, 2009
    9,238
    368
    0


    ඇසට අසුවන මායිමේ
    බඹර සැනකෙළි මල් විලේ
    ලසෝ ලැව් ගිනි ඇවිලුණා සිත
    ඔබ මගෙන් වෙන්වූ දිනේ

    සිය පතක් මත විසුල පිණි කැට
    සැඩ සුළං වැද සර සරින් හෙද
    මගෙන් රිදවුම් දෙවුනු මොහොතක
    ඔබේ වත මට නැගෙයි සිහියට

    සතර අත පෙති විහිද විකසිත
    මලෙහි මල් මී මමණයුරු දැක
    ඔබේ ලවනත සැදුණු මී විත
    මත්කළා මතකයි මගේ සිත....

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සැරියුත් මුගලන්

    සැරියුත් මුගලන් පරම්පරාවේ
    ගුණ මිණි කිරණයි කහසිවුරේ
    දන මන නුවන් නිවා පාවී එන්නේ
    දිය ගොමු අතරින් මිහිතලයේ

    AMARADEWA
     
    Jan 15, 2009
    9,238
    368
    0
    4hzfbt.jpg



     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අර මෝදු වෙලා සිනා පුරන සද මඩලෙන් අහන්න
    ඇයි දුක් නොවන්නෙ කියා හිරු කුමරුන් බැස ගියාම
    අතු අගට වෙලා සිනා පුරන මල් යායෙන් අහන්න
    ඇයි දුක් නොවන්නෙ කියා පිපි කුසුමන් පරවුනාම...

    හඩනවද සදත් තනියම
    තැවෙනවද මලුත් රහසෙම
    ඔබ දන්නවාද
    ඇයි මට විතරක් මේ...
    ඔබ හැර ගියාම...

    සිහිනයක පිපී සුන්දර
    රැදේවිද සොදුරු යාමෙක
    මගෙ හද යහනට
    ඇයි මට විතරක් මේ...
    ඔබ හැර ගියාම...


    අර මෝදු වෙලා සිනා පුරන සද මඩලෙන් අහන්න

    karunaarathna Diwulgane
    Ara Modu welaa අර මෝදු වෙලා
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    වන මලින් ඈ සැරසී ආවේ ඇසුනද නෑ වස්දඬු ගී රාවේ
    ඔබ කවුරුන්දෝ තනි තරුවක්දෝ මායාවක්දෝ......... :rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔබට සිත ආදරෙ කරයි
    දෙතොල ගොළු වී සිටී
    නැගුන සෙනෙහේ කියනු බැරි වී
    මගේ සිත වේදන විඳී...
    :nerd: :(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා

    හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
    හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
    නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
    දෑත දෙපය මගෙ සීතයි
    දෑත දෙපය මගෙ සීතයි

    ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
    ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
    මගෙ සහයෝගය පතන වෙලාවේ
    කොහි සිට හෝ යළි එන්නම්
    කොහි සිට හෝ යළි එන්නම්

    :(:(:(:dull::dull::dull:

     
    Jan 15, 2009
    9,238
    368
    0

    පෙම් රජ දහනේ
    අහස් මාලිගාවන්
    සිඳී බිඳී නටබුන් විසිරේ
    කොහේද මා යන්නේ.........
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    sandun thilaka said:

    පෙම් රජ දහනේ
    අහස් මාලිගාවන්
    සිඳී බිඳී නටබුන් විසිරේ
    කොහේද මා යන්නේ.........
    හ්ම් හ්ම් හ්ම්.. ඒක තමා මාත් මේ කල්පනා කොරේ.... :rofl: :rofl: :P
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සඳ වතදෝ මා දුටුවේ
    ඔබෙ ගතදෝ මා දුටුවේ
    සිතුවම්දෝ මා දුටුවේ
    හැබහින්දෝ ඔබ දුටුවේ....:(
     
    Status
    Not open for further replies.