පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්

තාරකා සිනා දැලෙන් රන් කැළුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාළුවේ වෙලී හඩා වැටෙද්දී ජීවිතේ
මා දිහා ළඟාව එන්න රත්තරන් මගේ

රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්

TM JAYARATHNA

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හරි ආදරයෙන් මා ළග ඉන්න
    මට බැරි නෑ හිරිහැර විදගන්න
    මට හිනා වෙන්න වීරිය දෙන්න
    අර ඉස්සර වාගෙම මට ඉන්න

    නුඹ නිතර සිඹින මේ ඉහ මතට
    ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
    දුක දැනෙන ඇඩෙන මේ ඇස් දෙකට
    ආදරේ කිව්වේ ඇත්තට නොවෙද

    දෙවිවරුන් පවා මියැදෙනට බනක
    මට පුදුමත් නෑ මගෙ මේ කදුළ
    නුඹ සුළග ඉතින් මා හැර යන්න
    ආදරයක දුක් මට උහුලන්න

    ලක්ෂ්මන් හේවාවිතාරණ
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලුවී සිටී
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳී
    ඔබට සිත ආදරේ කරයි

    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳීන් හඳුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමැතිදෝ මා කෙරේ
    මගේ විජීතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන වේද මා වෙතේ

    ඔබේ පෙම් ලොල්
    හදේ නොකැලැල්
    ලැගුම් සොයමින් නුවන් අයා
    ඔවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    මසිත සුසුමන් දවා ගියා
    මගේ විජීතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන වේද මා වෙතේ


    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලුවී සිටී
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳී
    ඔබට සිත ආදරේ කරයි
    ....

    :(:(:(

    repost mamai kalin dammeth



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    මචන් දිවුල්ගනේ ගෙ මම ආසම සිංදුවක් මාර ම හැගීමක් දෙන ගීතයක්...මම් දැන් යන්න ඕන..පස්සෙ හම්බෙමු..
    3.gif
    mokadda ane e sinduwa? matath dennako :eek::nerd: :)
     
    Jan 15, 2009
    9,238
    368
    0

    බිංදු බිංදු තාරකා කඳූළු මල් විලේ
    උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
    සුභ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
    අහුමිවූ ආදරේ රත් පියුම් පිපේ

    තනිවී ගිම්හානයේ
    වැළපෙයි කොවුලා වනේ
    සඳමත ආදරයේ සෑය මැවේ
    වියැකී බඹර ගීත මලක රොන් සැලේ

    විස මධු පුරවා විතේ
    ගෙනදේ දෝතින් ඔබේ
    මා හද සෑය දවා දෑස නිවා
    නංවනු මන්දහාස නිවෙන මා නෙතේ

    ගුණදාස කපුගේ

     
    Jan 15, 2009
    9,238
    368
    0


    From the day that I met you, girl
    I knew that your love would be
    Everything that I ever wanted in my life
    From the moment you spoke my name
    I knew everything had changed
    Because of you I felt my life would be complete



    Oh baby, I need you
    For the rest of my life, girl
    I need you
    To make everything right, girl
    I love you
    And I'll never deny that
    I need you

    Nothing matters but you, my love
    And only God above would be the one
    To know exactly how I feel
    I could die in your arms right now
    Knowing that you somehow
    Would take my soul and keep it
    Deep inside your heart



    Girl, your love to me feels just like magic
    When you smile you have total control
    You have power like nothing I felt before
    I've let all of my feelings show
    'Cause I want you to know
    That I need you

    I need you
    For the rest of my life, girl
    I need you
    Say that you'll be my wife
    Oh, I love you
    Won't you marry me, marry me
    I need you

    Oh, I need you
    For the rest of my life
    Oh, I need you
    Won't you marry me, marry me
    I love you
    I really need you, baby
    I need you
    Girl, I really need, I need you
    Girl, I really need, I need you
    Need you, baby

    Oh, baby
    I need you

    Girl I really need you, need you
    Babe, oh baby
    Won't you marry me
    Won't you marry me, marry me
    I love you
    Oh, I need you


    Marc Anthony
     
    Last edited:

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home


    kanna denawanam apita bonna denawanam
    mona kengediyada thawa ona kiyanne
    mona kengediyada thawa ona kiyanne

    kanna dunne nathath apita kamak na
    bonna dunnothin ea hati dosak na

    Sankruthiya wala pallata giyawe
    saradarme maka bawila giyawe
    kiyana deyak ea widiyata korannam
    ape kate lodiya tika watenawanam

    kiyana deyak ea widiyata korannam
    ape kate lodiya tika watenawanam



     
    Jan 15, 2009
    9,238
    368
    0

    එකම මගක පියවර මැන යන්නයි
    එකම බිමක සෙවණැලි පැටලෙන්නයි
    සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
    මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි

     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳළු තලේ ඔබ සිටියා බලා
    ඈත තියා මම දුටුවා
    අසුපිට එන සඳ ඔබ දැක ගන්නට
    තවත් සඳක් දෝ මට සිතුනා

    ඔබ මා සතු නම් වෙන සැප කුමටද
    මසිත සැලෙයි ඔබ දුටුව පැයේ
    පුළින තලාවක ඇඳීරි වෙලාවක
    සිතුවිලි කුටියේ සිහින රැයේ

    රජ මැදුරක ඔබ සැතපෙන යහනක
    සුව පහසුව නැත මගෙ කුටියේ
    එනමුදු ඔබහට බැඳී මා සෙනෙහස
    දිවි ඇති තුරු මා හදෙහි තියේ.....

    මිල්ටන් මල්ලවාරච්චි

     
    දෛවයේ සරදම් ඔබෙන් ලද, දර ගන්නට නොහැකි වුනි මට...
    ඔබෙන් ලද උණුහුමද අරගෙන
    සමුගනිමි මම ඔබෙන් සදහට..//
    පෙරුම් පිරුවෙමි අහින්සක ලෙස ... පැතුම් පැතුවෙමි සදා සතුටට ....
    කියණු මැන පෙම්වතිය ඔබ මට
    නොදැණුනිද ආදරය ඔබ හට..//


    ~රොශාන්






    නොදැණුනිද ආදරය ඔබ හට...........මා හට කිසි දිනෙක දැනගන්නට නොලැබේවී .....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Flames to dust
    Lovers to friends
    Why do all good things
    come to an end
    Flames to dust
    Lovers to friends
    Why do all good things
    come to an end///
    Why do all good things
    come to an end///
    Why do all good things
    come to an end

    ~ Nelly Furtado
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    cmanimations said:
    දෛවයේ සරදම් ඔබෙන් ලද, දර ගන්නට නොහැකි වුනි මට...
    ඔබෙන් ලද උණුහුමද අරගෙන
    සමුගනිමි මම ඔබෙන් සදහට..//
    පෙරුම් පිරුවෙමි අහින්සක ලෙස ... පැතුම් පැතුවෙමි සදා සතුටට ....
    කියණු මැන පෙම්වතිය ඔබ මට
    නොදැණුනිද ආදරය ඔබ හට..//


    ~රොශාන්
    නොදැණුනිද ආදරය ඔබ හට...........මා හට කිසි දිනෙක දැනගන්නට නොලැබේවී .....
    මිත්‍රයා මෙසෙන්ජර් ID එකක් එවන්න:)යම් දෙයක් තිබේ දැන ගන්න
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මට වාසනා ඔබ මට වාසනා
    උපනූපන් හැම ආත්මයේ
    මට මට ඔබ මට වාසනා
    ඔබ මට මට ඔබ වාසනා

    ඔබෙ නෙත් දොළොස්මහේ පහණ වේ
    ඔබෙ නෙත් දොළොස්මහේ පහණ වේ
    කළ මැන දල්වන්න ආරාධනා
    කළ මැන දල්වන්න ආරාධනා
    පෙර භවයේ වියෝග අඳුරේ නිවුණු තැනින්

    සුරතින් සුළං මුවා කරළමී
    සුරතින් සුළං මුවා කරළමී
    නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
    නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
    අපි අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා

    මට වාසනා ඔබ මට වාසනා
    උපනූපන් හැම ආත්මයේ
    මට මට ඔබ මට වාසනා
    ඔබ මට මට ඔබ වාසනා
    මට වාසනා.............

    ~ ප්‍රියා සූරියසේන ~
     
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට...
    නෙලා නොගත්තෙ මගෙ බෝසත් කමට ...
    හැර ගිය දිනෙක නාවත් මා ගම් දොරට ....
    සිටියේ ඇයීද විරහේ සිත අද්දරම....




    Most valuable verse in the song..... I believe....

    සිටිනා කොදෙවුවක ඔබ සැප විදී නම්...
    මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්...
    මවෙතින් ඔබට හිරිහැරයක් නොවේ නම්...
    තව කුමකටද දුක් ගී කල්පනාවන් .....

    -Rohan Shantha Buleegoda

    මෙය නොවේ නම් සැබෑ ආදරය වෙන කුමක්ද ....?
    අහිමි වුනද ඔබ කිසිදා ඔබට, මා සිතින් වෛර කල නොහැක ඔබට ....
     

    chinthaka1000

    Member
    Aug 1, 2008
    72
    1
    0
    Negombo
    ඔබෙ ඔය නෙත් කැලුම් - හද පුරා ඇදි සුසුම්
    දවාලයි මා හැගුම් - හද පිරි ආදරෙන්
    සිනා මල් පොපියනා - මුවගේ ඇදි මුදු සිනා
    ඉහිරී නොයන්නටයි මගේ මේ සොදුරු ප්‍රාර්ථනා //

    meka liwwa girl dan mee loke naha. eyata cancer ekak hadila nathi wuna......
    meka mama song ekak widihata compose karal thiyenawa lagadima ELAKIRI ekatath upload karannam :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    chinthaka1000 said:
    ඔබෙ ඔය නෙත් කැලුම් - හද පුරා ඇදි සුසුම්
    දවාලයි මා හැගුම් - හද පිරි ආදරෙන්
    සිනා මල් පොපියනා - මුවගේ ඇදි මුදු සිනා
    ඉහිරී නොයන්නටයි මගේ මේ සොදුරු ප්‍රාර්ථනා //

    meka liwwa girl dan mee loke naha. eyata cancer ekak hadila nathi wuna......
    meka mama song ekak widihata compose karal thiyenawa lagadima ELAKIRI ekatath upload karannam :)
    :( ඒ සිංදුවෙම සඟවුනු වේදනාවක් තියන්වා කියලා මට හිතෙනවා:(:(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වළාකුලෙ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ

    Sunil Edirisinghe
     
    Status
    Not open for further replies.