පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආදර ප්‍රිය ළඳුනේ
    මට මුලු ලොවම ඔබයි
    ඔබගේ ආදරයයි

    කෝමල දෑසින් වත කමලේ
    සිතුවිලි විහඟුන් අවදි කලේ
    මුව මද හාසේ සතුට ගෙනාවේ
    මටම නොවේ දෝ

    ආදර රැහැනින් හද බැඳුනේ
    පැතු විලසින්දෝ පෙර බවයේ
    යොවුන් වසන්තේ පවන් සැලෙන්නේ
    අපට නොවේදෝ.... :rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    රළ බිඳෙන හඬයි රෑ යාමේ ඈත ඇහෙන්නේ
    මා වෙරළ කොනේ අවන්හලේ ඔබ හා ඉන්නේ
    සුපුරුදු විලසින් සොඳුරු කථා ඔබ තෙපලන්නේ
    අප ගෙවනා අවසන් රැය බව නැහැ ඔබ දන්නේ නෑ ඔබ දන්නේ

    මා මෙයින් මතු හමු නොවනා බව කීවොතින්
    මේ තහනම් පෙම අත් හරිනා බව හැඟුනොතින්
    ඔබේ දෑස් වලින් කඳුළු බිංදු කඩා හැලේවී
    ඉවසුම් නොමැතිව ලසෝ දුකින් හඬා වැටෙවී

    මා සමුගන්නේ කැමැත්තකින් නොව ආයාසයෙන්
    ඒ හැර විසඳුම් නැත ඔම මා නැත අමනාපෙන්
    මම ඈත්ව යන බව කීවොත් හිනා නිමාවී
    ඔබේ දෑස් වලින් කඳුළු බිංදු කඩා හැලේවී කඩා හැලේවී....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා
    මම සිනා සුනා
    පුළුන්පොදක් කල මා ළදකි වාසනා
    නම මෝනාලීසා

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවදයි මලයි ඔබමයි

    උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා
    මම සිනා සුනා
    ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
    තුරුල් වුණා ඈ හිරිපොද හැගුම් සලාලා
    පැතුම් විමානේ දැල් කව්ළුවෙන් බලාලා
    දුටු උවනයි නිසල කලේ මා හද ඡාලා

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවදයි මලයි ඔබමයි

    මිල්ටන් මල්ලවආරච්චි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙතින් කපුරු සුවඳින් සැන සෙන්න දේවියේ
    නෙතින් හෙළන කඳුළක සුව දනිමි දේවියේ
    නොතිත් පෙමක රස වැළදූ සොඳුරු දේවියේ..
    ඉතින් මට කියන් එහි රස වල්ලි දේවියේ
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා තරහා නැතේ ළඳේ
    වෙන් වුනා කියා මගේන් මෙසේ
    මගේ ආදරේ කුළුඳුල් සෙනෙහේ
    ඔබට තමයි පිදුවේ සුදු ළඳේ

    ඔයා එදා කිව්ව ඒ කතා
    සිහිනයක් සේ බොඳවෙලා ගියා
    බොරු කියලා ඔබ මා රවටා
    වෙනතක ගියා ඔයා

    ඔබේ චපල කිලිටි ආදරේ
    නොලැබුනාට දුකක් නෑ සිතේ
    අද මා පෙලලා මට දුන් වේදනා
    කෙදිනක හෝ ඔබට දැනේවී... :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
    රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...
    නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    මා හා....
    මේ මල් මාවතේ...
    ආ වා....
    ඔබ සිතු සේ...

    නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
    රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...
    නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    -- Yohan Arjuna --

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුලං කෝඩයක
    මහා මේඝයක
    සැගවී සැතපී
    හෙමින් සැරේ
    ආවාද මා වෙත
    හිනැහී සැනැහී....

    අවුල් කරන්නට
    නිසල දිවි මගේ
    කොහේ සිටන්
    ආවාද නොදනිමි
    අවාරයේ පිපි
    මල් කැකුලී......

    - එඩිවර්ඩ් ඡයකොඩි -

     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අවසන් සැඳෑවයි දෙදෙනා හමුවු
    මින් මතු නෑ අප හමුවන්නේ
    දෛයිවය ලං කල අප දෙදෙනා දෝ
    වෙන්වී යන්නට සැරසෙන්නේ

    ඔබගේ සුන්දර සමනළ ලෝකය
    බිඳලන්නට බැහැ කුරිරු වෙමින්
    කඳුලු දරාගෙන වෙනවී යන්නට
    සමුදෙනු මැනවී සුහද සිතින්

    ඉඳහිට මග තොට හමුවන මොහොතට
    ඉවත බලාගෙන යන්න එපා
    මේ සංසාරෙදි මා නොපැතුවත්
    එය හඟවා රිදවන්න එපා...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සඳ තාරකා හඬාවී
    තරු මීදුමෙන් එහා
    ඔබ හා ගෙවු අතීතේ
    මතකේ ලියා තියා..
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කඳුලු ලියකම් ඇන්ද සිතම්
    ඔබගේ රැව මනරම්
    කඳුළු කළ ලියකම්
    මැකුවේ ඒ කඳුලින්...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මගෙ සිත ගත් ළඳේ
    පුන් පෝදා හඳේ
    රුව අරගත් ඔබ මට කියන්න
    කවුරුදෝ කියා.... :rolleyes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිහඩ අරණ දළු මල් පුබුදයි
    ආදරයේ සුන්දර සක්මන්
    හඩන ඇසට හසරැල් පලදයි
    ආදරයේ නිම් නැති අභිමන්

    සයුරෙහි දිය කද මත හිද
    අහසින් එන වැහි බිදුවට පෙරුම් පුරන්නම්
    දැල්වෙන ඉර හද යට හිද
    පහනෙන් එන එළි තිතකට
    ඇළුම් කරන්නම්
    ඔබ තරුවක් සේ ඡීවිතයට පායා ඒ නම්

    නිල් කදු හිස ඡයගත් දින
    දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
    විල් දිය ඇහැරෙන කොද මල රතු ඇස් ඇති
    හිරුමඩලෙන් සගවා ගන්නම්
    ඔබ කවියක් සේ ඡීවිතයම පහදා දේ නම්

    බුලේගොඩ

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

    ~සේනානායක වේරලියද්ද ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සදට සද එලියට
    මලට මල් පොකුරට
    කවියො කවි ලීවට
    වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මල් මල් හිනා ඔබේ මුවේ
    හද විල මල් සුවඳ සැලේ
    ඒ මල් විලේ ඔබෙයි මගෙයි
    හද පෙම් මල් විකසිත වෙයි

    තාරුකා සඳ පායලා
    එළියදී මේ රැයේ
    ඔබ මගේ සඳ තාරකාවී
    එන්න පායාලා

    පායනා සඳ වාගෙ හිනැහි
    එන්න මහදේ වෙලී
    ඔබ මගෙ මිහිරාවියක වී
    ඉන්න සැම කල්හී.....

    ~ yජයන්ත ~


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මාඉමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී



    පවකින් පෙර අත්භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුනා


    අසංක ප්‍රියමන්ත
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    පි:බංගසාල වීඳීයේදි හම්බ නූන නම්..
    ගෙන්ද ගම් පොළව ඉඹින්න එන්නෙ නෑ නෙන් මං
    සත්තයි
    එන්නෙ නෑනෙ මං

    ගැ:මගෙ දමයන්ති උබෙ පස්සෙ සිමෙන්ති
    කිය කිය පස්සෙන් ආ හැටි මතකද
    ගිහින් නතර වුනේ
    නාත මුල්ලේ
    පි:පොඩි පේලී ගෙය


    ගැ: පොඩ්ඩා හෝමගම තැනකට ගාල් වුනා
    නොකියම
    පොඩ්ඩා හෝමගම තැනකට ගාල් වුනා
    - වේරලියද්ද & නිරෝශා -

    :shocked::P:baffled:ලස්‍ස‍න‍ සි‍න්දුවක් , අ‍ද‍ම‍යි‍ ඇ‍හු‍වෙ‍ :yes: තැ‍න්‍කූ‍
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    :shocked::P:baffled:ලස්‍ස‍න‍ සි‍න්දුවක් , අ‍ද‍ම‍යි‍ ඇ‍හු‍වෙ‍ :yes: තැ‍න්‍කූ‍

    මොකද හෝමගම කියන එක රතු පාට කරලා :P නිශාන් ගැන කියන්නෙ...:rofl:
     
    Status
    Not open for further replies.