පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සාගරය බදු වේදනාවෝ
සුන්වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ

පෙරුම් පුරනා බෝසතුන්ටත්
මාරසෙන් සිටියෝ

ඉතින් එහෙනම් අපට නැතිවෙද
රුදුරු බාධාවෝ
පැමිණි දුක් කද පැණි රසක් ලෙස
බෝසතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ඛ ගංගාවෝ

එදා කදුළැල් මෙදා හසරැල්
පැතුම් ඉටුවෙනවෝ
පැතුම් හොද නම් යන ගමනෙදි
හීන එළිවෙනවෝ
මිනිස් ලොවකට ලබන්නට බැරි
ජයක් කොතැනකදෝ
මිනිස්කම් මත දිවි ගෙවයි නම්
ඔවුන් ජය ලැබුවෝ


- සේනානායක වේරලියැද්ද -
 
සුළඟ නුඹ වගේ......සිත් මල වටා එතී
මල් සුවඳ හොර හොරින් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ.........සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara


    පෙරුම් පුරනා බෝසතුන්ටත්
    මාරසෙන් සිටියෝ

    ඉතින් එහෙනම් අපට නැතිවෙද
    රුදුරු බාධාවෝ
    පැමිණි දුක් කද පැණි රසක් ලෙස
    බෝසතුන් සිතුවෝ
    ඉතින් එහෙනම් අපිත් ඉවසමු
    දුක්ඛ ගංගාවෝ

    එදා කදුළැල් මෙදා හසරැල්
    පැතුම් ඉටුවෙනවෝ
    පැතුම් හොද නම් යන ගමනෙදි
    හීන එළිවෙනවෝ
    මිනිස් ලොවකට ලබන්නට බැරි
    ජයක් කොතැනකදෝ

    මිනිස්කම් මත දිවි ගෙවයි නම්
    ඔවුන් ජය ලැබුවෝ


    - සේනානායක වේරලියැද්ද -

    මේ සිංදුවේ මාරම තේරුමක් තියෙනවා. මම සාමන්‍යෙන් සිංදුවල ලිරික්ස් බලන්නෙ නැති උනත්
    මං හරිම ආසයි මේකෙ ලිරික්ස් වලට:yes:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පෑදි දියේ
    ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
    කිදුරු කොදේ
    හද පානේ පිපෙන වීදුරු මල් නෙළන්නම්


    පායනා තුරු
    ඔබේ නුවන් තරු
    පෙරුම් පුරා දිනූ
    ඔබේ උතුම් හදේ
    ආදරබර වස්තුව වෙන්නම්....
    සදාකල්..........



    රාජීව් සෙබස්තියන්

    අනන්තයක්වූ මේ පැතුම් ජලාශේ
    නගන මියුරු හඬ හෙමිහිට අසන්නම්
    හීන් දියක් වූ ඔබ නමින් උපන් ගී
    නිශා ගීතයේ මුසුකර එවන්නම්
    සාගරේ සමානවූ ආදරේ ළඟා කෙරූ
    ජීවිතේ ඔබයි මගේ සදාකල්

    රිදීකඳක් සේ සඳ ගලන වෙලාවේ
    ඔබේ සුවඳ ඇස් පියාන හොයන්නම්
    ඉබේ නිකුත්වූ මගෙ සුසුම් තාලයෙන්
    ඔබේ හැඟුම් ගිටාරයෙන් වයන්නම්
    සාගරේ සමානවූ ආදරේ ළඟාකෙරූ
    ජීවිතේ ඔබයි මගේ සදාකල්....


    මං ආසම සිංදුවක් ... :)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මේ සිංදුවේ මාරම තේරුමක් තියෙනවා. මම සාමන්‍යෙන් සිංදුවල ලිරික්ස් බලන්නෙ නැති උනත්
    මං හරිම ආසයි මේකෙ ලිරික්ස් වලට:yes:
    මට මේක ආයි අහන්න හිතුනෙ ඊයෙ උඹ කිව්ව ටික මතක් වෙලා :D ;)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද ලේඛා සද ගිරි හිසින් ලැගුම් ගනින් මාගේ ලෝකේ
    රූ ඡායා සෙවනැලි වෙලා හිදින් ලගින් හිදින් මාගේ
    දිනක කීවා මා දකින සිහිනේ
    විගසද කීවා මනේරම්‍ය ගීතේ
    අපි දෙන්නා.........


    රූ- සද
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අනාත මාරුතේ
    කුණාටු සාගරේ
    දිවි ති‍යෙන තුරු මගේ
    ඔබයි ආදරේ....

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා
    මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

    හිතරිදවන වදන් වලට හඩන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
    සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

    අනාත සාගරේ-කුණාටු මාරුතේ


     
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    පුළුවන්නම් මේකේ බින්දුව ගහල පෙන්නන්න
    එකක්වත් වැඩ නැති නිසා තමා ඔහොම ලියන්නේ:)

    නංගියො "\n" කොටන්න.... එතකොට හලි..... :)
    මේකෙ හෙල්ප් එක තියනවා ටයිප් කරන කොටුවෙම උඩ... ඒක බලන්න වරදින් නෑ... [ Show Transliteration Scheme ]
     
    Last edited:

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    නෑ යාළුවා...ඒකෙ තියෙන්නෙ \n ගහන්න කියලයි :)

    මම පාවිච්චි කරන කපුටා uni code අනුව බිංදුව ගහන්නෙ shift & J තමයි.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පූපාසනයේ ඔබ හිදුවා
    ඔබට පුදන මේ ලෝකයමයිහෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූපාසනයේ ඔබ හිදුවා

    නන්දා මාලනී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නංගියො "\n" කොටන්න.... එතකොට හලි..... :)
    මේකෙ හෙල්ප් එක තියනවා ටයිප් කරන කොටුවෙම උඩ... ඒක බලන්න වරදින් නෑ... [ Show Transliteration Scheme ]

    මම පාවිච්චි කරන කපුටා uni code අනුව බිංදුව ගහන්නෙ shift & J තමයි.
    මං පාවිච්චි කරන්නේ මධුරගේ සොෆ්ට්වෙයාර් එක ඒකේ q තමයි බිංදුව :nerd:
     

    nwnbs

    Member
    අදින් පසුව නෑ අප හමු වන්නේ
    මේ අවසන් දිනයයි...
    සසර පුරාවට අත්වැල් බැඳ ආ
    ගමන මෙයින් නිම වෙයි...

    -පුන්සිරි සොයිසා-
     

    nwnbs

    Member
    මල් ගෙන ආවේ නැත මා සමිඳුනි
    මට මල් දෙන අය නැති හින්දා
    ගඳ දුම් ගෙන ආවේ නෑ මා සමිඳුනි
    කාසි පනම් අත නැති හින්දා


    -ශාලිත අබේවික්‍රම-
     
    Status
    Not open for further replies.