පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Rookantha Gunathilaka............

උකුලට නාවත් එදා වගේ~
මා පොඩි පුතු අම්මේ..
යොදුනක් ඈතින් උන්නත් මා~
මා ඔබේ ලඟ අම්මේ..
:love:
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    එක කුඩයක් යට- වික්ටර් රත්නායක

    907nh0.jpg
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    මගේ හිත වෙනතක යාවී ඇති බව
    විහිළුවටයි කීවේ
    එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
    ඇයි නොදොඩා ඉන්නේ
    දරුණුද ඔතරම් හදවත ඔබගේ
    හිනැහෙන්න දැන්වත් ඉතිං

    ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
    එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ
    ඇයි නිහඬව ඉන්නේ

    මගේ හිත වෙනතක...

    මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී
    දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද
    දැන්වත් හිනැහෙන්නේ

    මගේ හිත වෙනතක...

    <Indrani Perera>
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ස්නේහයේ නගරයයි සිත මගේ...

    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් ඕන වූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යනතුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදින්නෙමි
    පූජනීයයි උතුම් ආදරේ...

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දමා
    රන් සිනා පාමි පූජාසනේ...


    ස්නේහයේ නගරයයි සිත මගේ...
     
    • Like
    Reactions: Rex921

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
    බොඳ වී නෑ සිතුවම්
    ඉස්සර වාගේ තාමත් මතකයි
    හෝඩි පොතේ පාඩම් //

    මේ ඊරී බිම සීරී
    කුණ්ඩුමණී හිස පීරී
    දීසිය පුරවා දෝසී දමා
    කුමුදුමතී හිනැහේවී

    අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...

    අපි දුවමු අපි පනිමු
    ගී කියමු අපි නටමු
    ඇත් පොරයට අපි ඇහැ යවමූ
    බාළ වියට පා නගමු

    අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...


    <Edward Jayakodi>
     
    • Like
    Reactions: DAMER and Rex921

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
    බොඳ වී නෑ සිතුවම්
    ඉස්සර වාගේ තාමත් මතකයි
    හෝඩි පොතේ පාඩම් // [මතක නැහැ :no:]

    මේ ඊරී :nerd: බිම සීරී
    කුණ්ඩුමණී හිස පීරී
    දීසිය පුරවා දෝසී දමා
    කුමුදුමතී හිනැහේවී :lol:

    අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...

    අපි දුවමු අපි පනිමු
    ගී කියමු අපි නටමු
    ඇත් පොරයට අපි ඇහැ යවමූ :eek:
    බාළ වියට පා නගමු

    අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...


    <Edward Jayakodi>

    :D
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
    ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

    සුදු වැලි කතරේ පිපුණු මල වගේ
    ලොව්තුරු රස ගංගා
    ඔබේ ආදරේ වරුසා වැහැලා
    කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

    සීත හිමව්වේ කඳු ගැට අතරේ
    සෙනෙහස දිය දහරා
    ඈත හිමේ කඳු අතරේ පාවෙන
    අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    T.M.Jayarathne...........


    ලොවේ දිනයක තනිවුනොතින්~
    ඔබේ හද සෝතාපයෙන්..
    සොයා එන්නට සිටින කැපවී~
    එකම එක හදවතක්..
    ඇත ඔබේ නාමයෙන්..
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතුදාක කාසි නිසා.....
    කරකාර බන්ඳන් ඔයා.....
    මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා.....
    නැටු වන්නම් ඔබ නොදනී කිසිදා.....

    රූරා.....වැටෙනා.....
    මහ වැස්සක මම තෙමිලා උන්නා.....
    සිතලා.....රවටා.....
    හැකි හැමදේ මම දෑතට ගත්තා.....
    අපෙ හරහට උන් ඒ තරු ගලපා.....
    ඔබ කැන්ඳන් මම යන්නෙමි මතුදා.....

    නොකැඩී ගලනා.....
    දුක් සංසාරේ පැටලී වෙලිලා.....
    දිවුරා කිව්වා.....
    ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා.....
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා.....
    අඟ හිඟකම් දැන් යන්නේ පියඹා.....


    -Jalinda-


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ ඇස් දිහා බලා...

    මගේ ඇස් දිහා බලා හඬන්නට එපා
    මේ තරම් ආදරේ
    දුරක් ඇවිදින් දුකක් දී ඔබ ගියා
    මගේ ඇස් දිහා බලා...

    කුලුදුල් මගේ ආදරේ සගවන්න බෑ
    රහසේ හඩනා තරම් නුඹ දන්නේ නෑ
    ආයේ හමුවෙන්න මට තහනම්
    ඉවසන්න බෑ මේ සරදම්

    මගේ ඇස් දිහා බලා...

    දෙනෙත් තරු බල බලා හිනැහෙන්න බෑ
    පියුම් පෙති ආදරෙන් සිප ගන්න බෑ
    කීව නාහන හැටි හිත මගේ
    අහිමි නුඹ ගැන දැන් ලත වෙන්නම්

    මගේ ඇස් දිහා බලා...

    -Hiran Thenuwara-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රතු රෝස මල් උන්මාදිනී...

    රතු රෝස මල් උන්මාදිනී
    ඔබ ඉන්න මට ලං වෙලා
    සඟවන්න මා ඔබෙ උණුසුමේ
    මේ සීත යාමේ පුරා
    මේ සීත යාමේ පුරා

    රිදවා ඔබේ දෑස කඳුලින් තෙමා
    හිනැහෙන්න බෑ හීනයෙන් වත් සදා

    ඔබේ සතුට මගේ කඳුල ළඟ යැයි කියා
    පවසන්න මියැදෙන්න කඳුළැල් සලා
    අපෙ ආදරේ හීන වැස්සක වගෙයි
    සත්තයි ඔබේ තුරුලේ උණුහුම දැනේ

    ඉඩ දෙන්න සැනසෙන්න තව ලං වෙලා
    ඔබෙ හුස්ම විඳ ගන්න දෙතොලඟ තියා

    මගේ හීන සරසන්න සුවඳක් වෙලා
    සුසුමේ වෙලී ඉන්න මාගේ වෙලා
    අපෙ ආදරේ හීන වැස්සක වගෙයි
    සත්තයි ඔබේ තුරුලේ උණුහුම දැනේ


     
    • Like
    Reactions: D@sun

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අහම්බෙන් අහන්න ලැබුනේ... මගේ හිත වෙනම ලෝකෙකට ගියා...... :(:(:( කිසි දිනෙක නොලැබෙන මගේ ආදරණීය පෙම්වතිය වෙනුවෙන්......

    2cse98o.jpg