පද පේළී - EK LYRICS THREAD PART 2

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ
    සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දූ
    සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ
    කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ

    ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
    සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
    තුන්කල් දකිනා....... ඇල්මෙන් රඳනා
    තණ්හාවකින්... ලං ලං වෙමු

    රන් දෙවුලේ නෙත් රැඳේවී පා යුග්මේ සිත් ඇලේවී
    මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
    දෑතේ පැටලී... කාමී අඳුරේ...
    කැන්දා ගනී.... මෝහනය වී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල්වරුසාවේ පාවී එන්නම්...

    මල්වරුසාවේ පාවී එන්නම්
    රෑ අඳුරේ
    තරුකැට අතරින් ඔබ එනවා නම්...
    රැඳෙන්නම් සිහිනේ
    සීත රැයේ තනිකම නොදැනේ...
    නිල් ආකාසේ පාවි එන්නම්
    පාවී එන්නම්...

    පිනිදිය ඉසිරුණු ගංඉවුරේ
    දිය රළ බිඳුනේ ගී හඬසේ...
    ඔබ මැවූ සිහින පැයේ
    සෙනෙහේ දැනුනේ...
    මල් වරුසාවේ පාවි එන්නම්
    පාවි එන්නම්...

    මල්වරුසාවේ පාවී එන්නම්...

    -kasun & indhrachapa-

     
    • Like
    Reactions: DAMER

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    Sagare_Tharam_Nalin_Perera.jpg

     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    සීත අරණේ සුපුල් නාමල ..සුවඳ ගැල්වූ ජීවිතේ..
    සීත හිම ගිර සීත නොදැනේ .. දැනේ උණුසුම ආදරේ...

    ලතාවක් සේ වෙලී සියොලඟ .. පතමි රැකවරණය ඔබෙන් //
    සදා දෝතින් මලක් සේ ඔබ .. වැළඳ ගන්නෙමි හදවතින්
    හදවතින්....

    සීත අරණේ...

    වළාවක් සේ අයාලේ ගිය ..සිතට නිවහන ඔබ ළඟයි //
    මහා කතරක ගෙවූ තනි මග .. නිමා කල ඉම ඔබ නෙතයි..
    ඔබ නෙතයි....

    සීත අරණේ...

    <Milton Mallawarachchi & Malini Bulathsinghala>
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Your dreaming smiley eyes.....They speak to me all the time.....
    Sometimes it's hard to show.....The way I feel inside.....
    Sometimes it's hard to see.....The way you feel inside.....
    Your dreaming smiley eyes.....They speak to me all the time.....

    You are sleeping like a child.....I watch you all the night.....
    You just look as a dime.....Just wanna hold you close to tight.....
    You are the cutest thing in my life.....I wouldn't ever deny.....
    You just look as a dime.....Just wanna hold you close to tight.....

    You are my girl not some fantasy
    The real love of my life and dreams
    I'll make you the queen and the light of me
    I'm all yours and I will always be//

    This dreadful gloomy sky.....You are gonna leave me in a while.....
    Those tears inside your eyes.....Don't let me say good bye.....
    I'm gonna find you other side.....And bring you back alive.....
    If not throw my life a side.....I'll follow you till I die.....

    Please don't cry my baby girl
    Together we can make it worth
    Let's meet in another birth
    And make sure our love stay alert//

    -Ushan Alahakoon-

    Lyrics : Nohim Ys


     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මල්වරුසාවේ පාවී එන්නම්
    රෑ අඳුරේ
    තරුකැට අතරින් ඔබ එනවා නම්...
    රැඳෙන්නම් සිහිනේ
    සීත රැයේ තනිකම නොදැනේ...
    නිල් ආකාසේ පාවි එන්නම්
    පාවී එන්නම්...

    -kasun & indhrachapa-

    Your dreaming smiley eyes.....They speak to me all the time.....
    Sometimes it's hard to show.....The way I feel inside.....
    Sometimes it's hard to see.....The way you feel inside.....
    Your dreaming smiley eyes.....They speak to me all the time.....


    -Ushan Alahakoon-

    Lyrics : Nohim Ys
    11.gif
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ රේණූ ඇති රෑක
    ඔය දෑස සිපගන්න
    ආවා මං ආවා
    මගෙ ලෝකෙ ඔබ නේද
    ඔබ මාගෙ පණ නේද
    කීවා ඔබ කීවා

    සුසුමක් ව ළඟ ඉන්න
    නෙතු ගාව ඉපිලෙන්න
    හැමදාම මගෙ ලෝකයේ
    හුරතල් වි මා ළඟ ම
    තුරුළේ ම පවසන්න
    මං ඔබට හරි ආදරෙයි

    සඳ රේණු ..............

    කවි සින්දු මුමුණන්න
    දුක් ගින්න මට දෙන්න
    සැනසෙන්න මිහිරාවියේ
    ඔය උකුළෙ මියැදෙන්න
    කවදාක හැකිවේ ද
    මා පැතුම එයමයි ප්‍රියේ

    සඳ රේණු ..............


    ගායනය :- ප්‍රසන්ග තිසේරා හා ශෂිකා නිසංසලා
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවි‍තේ පවතින තුරා
    මම විඳින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුණු දුක
    ඔබට ලැබෙනු එපා
    දිනෙක ආයෙත් ළංවෙලා නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුරා

    රන්ඬු කරගෙන යාලු වෙන්නට
    හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුව ම
    දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත්
    යන්න බැහැ සත්තයි
    තිස්සෙ ම කඳුළැල් දෑසෙ රැඳුණේ
    ඉන්න බැරි තැනමයි

    දිනෙක ආයෙත් ..............

    ළංව හිටි ඔබ වෙන් ව ගිය විට
    දැනෙන දුක අහසට සමයි
    හංඟගෙන තව ඉන්න බෑ මට
    ඔබට ගැති සිත අසරණයි
    කොච්චර සතුටින් ඉන්න තිබුණත්
    ඉන්න බැරි අපටයි
    මෙච්චර රිදුමක් අයිති කෙ‍රුවේ
    රත්තරන් ඔබමයි

    නිදුකින් ඉනු මැන ...............


    ගායනය :- දිමංක වෙල්ලලගේ
     
    • Like
    Reactions: C h o p p e

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Shalitha Abeywickrama............

    සුළඟේ ලෙලෙනා~
    මල් සේ දඟ පා..
    අප පාසැල් ගිය කාලයේ~
    යාළුවෝ අද නැත..
    වෙන අය එහි ඇත~
    කාලය මැවු වෙනසක අරුමේ..
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සඳ රේණූ ඇති රෑක
    ඔය දෑස සිපගන්න
    ආවා මං ආවා
    මගෙ ලෝකෙ ඔබ නේද
    ඔබ මාගෙ පණ නේද
    කීවා ඔබ කීවා


    ගායනය :- ප්‍රසන්ග තිසේරා හා ශෂිකා නිසංසලා
    එළ එළ..හුඟ කාලෙකට පස්සේ දැක්කේ.. :D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවි‍තේ පවතින තුරා
    මම විඳින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුණු දුක
    ඔබට ලැබෙනු එපා
    දිනෙක ආයෙත් ළංවෙලා නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුරා

    රන්ඬු කරගෙන යාලු වෙන්නට
    හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුව ම
    දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත්
    යන්න බැහැ සත්තයි
    තිස්සෙ ම කඳුළැල් දෑසෙ රැඳුණේ
    ඉන්න බැරි තැනමයි

    දිනෙක ආයෙත් ..............

    ළංව හිටි ඔබ වෙන් ව ගිය විට
    දැනෙන දුක අහසට සමයි
    හංඟගෙන තව ඉන්න බෑ මට
    ඔබට ගැති සිත අසරණයි
    කොච්චර සතුටින් ඉන්න තිබුණත්
    ඉන්න බැරි අපටයි
    මෙච්චර රිදුමක් අයිති කෙ‍රුවේ
    රත්තරන් ඔබමයි

    නිදුකින් ඉනු මැන ...............


    ගායනය :- දිමංක වෙල්ලලගේ

    First time ehuwe lassanai song eka :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සුළඟේ ලෙලෙනා~
    මල් සේ දඟ පා..
    අප පාසැල් ගිය කාලයේ~
    යාළුවෝ අද නැත..
    වෙන අය එහි ඇත~
    කාලය මැවු වෙනසක අරුමේ..

    මේ ගීතයත් එක්ක මගේ මතකය සෑහෙන්න ඈතකට ගියා.... ඉස්සර අපි පාසල් යන කාලේ උදේට ගුවන් විදුලියේ මේ ගීතය යනවා. උදේට නැගිටලා ලෑස්ති වෙලා ගෙදරින් පිටත් වෙන තුරු අමුතුම ගීත පෙළක් යන්නේ උදේට.... ඒ පාසල් කාලය තරම් සතුටු අවධියක් මගේ ජීවිතේ මට තවම නෑ..... :love: ඒ වගේම මට තවත් දෙයක් මතක් උනා.ඒකත් මෙතන සඳහන් කරන්නම්. මීට අවුරුදු බර ගානකට ඉහත, ඒ කියන්නේ මම සමාන්‍යය පෙළ කරන අවධියේ.... මම විද්‍යාවට අමතර පංති ගියේ මහරගම දයානන්ද ගුරු මහතා ලඟට.කොහොම හරි වර්ෂ අවසානයේ පැවති සමුගැනීමේ සාදයේදි කොළඹ විශාඛා විද්‍යාලයේ එකතරා ගෑණු ළමයෙක් මොහුගේම ජනප්‍රිය ගීතයක් වන "පිපුණ මලක හැඩ දෑස සලා....." ගීතය ගායනා කලා.(voice only)එදා මුළු පංතියම මීයට පිම්බා වගේ ඒ ගීතය අහන් හිටියා.ඒ තරම් ගෑණු ළමයා හරි රසවත්ව ගායනා කලා. ඒ වගේම එදා ඒ ගීතය මගේ හදවතටත් ගොඩක් දැනුනා...... දැනුත් මම ඇස් දෙක වහගෙන ඒ මොහොත විඳිනවා...:love:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවි‍තේ පවතින තුරා
    මම විඳින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුණු දුක
    ඔබට ලැබෙනු එපා
    දිනෙක ආයෙත් ළංවෙලා නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුරා

    රන්ඬු කරගෙන යාලු වෙන්නට
    හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුව ම
    දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත්
    යන්න බැහැ සත්තයි
    තිස්සෙ ම කඳුළැල් දෑසෙ රැඳුණේ
    ඉන්න බැරි තැනමයි

    දිනෙක ආයෙත් ..............

    ළංව හිටි ඔබ වෙන් ව ගිය විට
    දැනෙන දුක අහසට සමයි
    හංඟගෙන තව ඉන්න බෑ මට
    ඔබට ගැති සිත අසරණයි
    කොච්චර සතුටින් ඉන්න තිබුණත්
    ඉන්න බැරි අපටයි
    මෙච්චර රිදුමක් අයිති කෙ‍රුවේ
    රත්තරන් ඔබමයි

    නිදුකින් ඉනු මැන ...............


    ගායනය :- දිමංක වෙල්ලලගේ

    මගේ ආදර කථාව වගේම තමයි....... :dull:
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    සඳ රේණූ ඇති රෑක
    ඔය දෑස සිපගන්න
    ආවා මං ආවා
    මගෙ ලෝකෙ ඔබ නේද
    ඔබ මාගෙ පණ නේද
    කීවා ඔබ කීවා

    සුසුමක් ව ළඟ ඉන්න
    නෙතු ගාව ඉපිලෙන්න
    හැමදාම මගෙ ලෝකයේ
    හුරතල් වි මා ළඟ ම
    තුරුළේ ම පවසන්න
    මං ඔබට හරි ආදරෙයි

    සඳ රේණු ..............

    කවි සින්දු මුමුණන්න
    දුක් ගින්න මට දෙන්න
    සැනසෙන්න මිහිරාවියේ
    ඔය උකුළෙ මියැදෙන්න
    කවදාක හැකිවේ ද
    මා පැතුම එයමයි ප්‍රියේ

    සඳ රේණු ..............


    ගායනය :- ප්‍රසන්ග තිසේරා හා ශෂිකා නිසංසලා
    Lassanai........:love:
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    2834660218_134817a407_z.jpg



    ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා
    හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා

    ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන යන්නද කතා කලේ
    දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට එකවර නොහැක ලොවේ

    ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා
    හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා

    ලස්සන මල් පෙති දෑතක පොඩිවුන සුළගේ විසිරෙනවා
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන මගෙ හද නෙරපනවා

    ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා
    හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවනු මුලා
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ..හුඟ කාලෙකට පස්සේ දැක්කේ.. :D

    ඔව් ගොඩක් කාලෙකට පස්සෙ තමයි පෝස්ට් එකක් දැම්මෙ. :D


    First time ehuwe lassanai song eka :D

    aluthin aapu ekak eekai kalin ahala nathuva aththe :D ow maath kamathi e sinduvata :D eeke mul peeli 4 lassanai :D


    මගේ ආදර කථාව වගේම තමයි....... :dull:

    ඔහොම තමයි ඉතින් ආදරය කියන එක.


    Lassanai........:love:

    එළ එළ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මඟ බලා හඬන දෙනෙතේ
    කඳුළැල් ඉහිරිලා ගලන මොහොතේ
    නොමැකෙනා මතක අපගේ
    තවමත් මැවෙනවා දකින සිහිනේ
    හදවතේ පෙර වගේ
    හද ගැස්මම ඔබයි අද මගේ
    ඇයි ළ‍ඳේ ඔබ මගේ
    හැම හුස්මට පවා පෙම් කළේ

    කී කතා පෙරදා මුකුලු කර
    සිහිවෙලා රහසේ
    වේදනා සඟවා තුරුළු කර
    වැලපුනා අඳුරේ
    දාල යන්නට බෑ ලැබුණු උණුහුම
    හැරදමා සමුගෙන යන්නනම් මට
    ඇයි මේ තරම් ළංවුණේ

    පෑ සිනා පෙඟුනා කඳුළු මැද
    කුරුටු ගෑ මතකේ
    පෑරුනා විඳිනා දුකට හිත
    කෙඳිරි ගෑ පපුවේ
    වාවගන්නට බෑ තාම තනිකම
    හීනෙකින්වත් නෑ යන්නෙ කිවු ඔබ
    ඇයි මා කෙරෙන් වෙන්වුණේ

    මඟ බලා හඬන ...............


    ගායනය :- බාචි සූසන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේම ටිකක් පරණ සින්දුවක් මතක්වුනා......

    තුරුලු වී මා හද සනසා.....ඔබ මගේ දෑතේ වෙලෙනා......
    පෙම් වදන් තෙපලූ එදා......බොඳ වෙලා කී කතා......
    සිහින‍යේ උණුසුම රඳවා.....නෙත් කොනේ කඳුලැල් සඟවා......
    මා හදේ සුසුමන් නවතා......ඔබ ගි‍යා සෙනෙහේ හැරදා.....

    ඔබ ගෙනා ඒ ආදරේ.....
    දෑස් අගින් ගැලුවා රහසේ.....
    සොඳුරි‍යේ ඔබගේ තුරුලේ......
    සැඟවුනා මා ආදරේ.....

    (රැප් එකේ වචන දාලා වැරදුනොත් අනාත‍යි......:baffled::baffled::baffled:)

    කඳුලු හැලෙනා රාත්‍රි‍යේ.....
    සුවඳ හමනා ‍යාම‍යේ......
    අවධි‍යෙන් නෙතු අග දිලුනේ......
    මදහස‍යි ඔබ පෑ සෙනෙහේ......

    -SIDEFFECTZ-
    (Music : Thusith Niroshana)