පද පේළී - EK LYRICS THREAD PART 2

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා..
    :love:

    දැන් ඇහෙන්නෙම නැති ලස්සන සිංදුවක්..
     
    • Like
    Reactions: rcccc and DAMER

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වේරගම්පිට පන්සලේ පෝයදා වස් පිංකමේ
    පෙරහැරේ ගිය නුඹ දුටු දා සිට
    නින්ද නෑ මට නංගියේ....
    රාමලාන් හඳ ආකහේ දුටුව සිකුරාදා රැයේ
    ඔබ මා දිහා බැලු හැටි තාම
    මට නොතේරෙන කවියක් වගේ....

    ලියවැල් පලා පෙති මණ්ඩලේ පිපි නෙළුම් මල නුඹ නම් නඟේ
    ඔබ සාජහන්ගේ පෙළපතේ කිරි ගරුඬ මැදුරක සඳැල්ලේ
    ඒ දෙතැන කඳුළක සීතලේ.....
    වෙනසක් නොවෙයි අයියණ්ඩියේ.....

    සැරසිලි නැතත් මුන්දානියේ මා ඇඳිලි බැඳගෙන නළලතේ
    ඒ නළල බිම තබනා වෙලේ මට ආදරේ උණුසුම දැනේ
    හදවතයි උල්පත ප්‍රේමයේ......
    උල්පත් වහන්නට බෑ නඟේ ......

    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
    ගී තනු - සමන්ත පෙරේරා
    ගායනය - සුනිල් එදිරිසිංහ සමග සමන්ති රණසිංහ


     
    • Like
    Reactions: rcccc and DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Roshan Fernando...........

    ලස්සන ඔබ දුටුදා~
    සත්තයි සිත බැඳුනා..
    හොරැහින් මදෙස බලා~
    මොන මොනවද කීවා..
    කව්රු උනත් ඔබ හිතවතියේ~
    මට ආදරේ හිතුනා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පානා සෙනෙහස, ඇල්මෙන් ඉඹගෙන ඉන්න නුඹට බැරි නම්.....
    කීවා නාහන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්නම්.....

    විෂ ඝෝර සර්ප විමනේ
    බිය නැද්ද බොහොම ළඳුනේ
    තනි කමෙන් නිදන නුඹගේ
    කටු ඇනෙයි ද සිරි යහනේ

    සත් පියුමන් මත නුඹ අඩ සඳකි.....
    ගැස්සෙන නුඹෙ ළැම මට මල් දමකී.....
    සත් පිරිවර මැද කුමට වඩින්නේ......
    ගැස්සෙන මයෙ ළැම මොටද බලන්නේ......

    නානාවිද දුනු හී මානාගෙන නුඹට මසිත පිදුවත්
    සේනා මොකටද නුඹෙ ඔය උණුසුම වෙන කෙනකුට නොමදෙන්

    නුඹ මංත්‍රි දේවි වේ නම්
    වෙස්සන්තර මම වෙන්නම්
    සුන්දර නෑ එය එතරම්
    සොඳුරිය දැං සිතන තරම්

    -Dushyanth-

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සයුරේ ජීවිත නැව පෙරලී...

    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා...

    වෙරලේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ...

    සුළගේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ...

    ඇල දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි
    සයුරේ සයුරේ...

     
    • Like
    Reactions: ^Buddhika^

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා...


    11.gif
    11.gif
    11.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    2e1710120008efea0d8aead3d18dd0aa_f86cd545e561d8fb69f72929033a028f.jpg



    Maybe it's intuition
    But some things you just don't question
    Like in your eyes
    I see my future in an instant
    and there it goes
    I think I've found my best friend
    I know that it might sound more than
    a little crazy but I believe


    I knew I loved you before I met you
    I think I dreamed you into life
    I knew I loved you before I met you
    I have been waiting all my life


    There's just no rhyme or reason
    only this sense of completion
    and in your eyes

    I see the missing pieces
    I'm searching for
    I think I found my way home
    I know that it might sound more than
    a little crazy but I believe


    A thousand angels dance around you
    I am complete now that I found you


    3126.jpg

     
    Last edited:
    • Like
    Reactions: rcccc and DAMER
    May 19, 2013
    1,864
    81
    0
    රෑ උයන් කොනේ නිල් දිය රැඳුණු විල් තෙරේ
    ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
    සීත හිම කෙතේ සීතල දැවටෙනා වෙලේ

    ඔය සිංදුවට ලින්ක් එකක් තියෙනවා නං කවුරු හරි කරුණාකරලා පොස්ට් කරන්න.
     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විශාඛාව ඔබ මා දුටු බුදු සිරිතේ.....
    යශෝධරා ඔබ මා දුටු බුදු සිරිතේ.....
    මහමායා ඔබ මා දුටු බුදු සිරිතේ......
    මා දුටු බුදු සිරිතේ.....

    දෙදෙනෙකුගේ කුස ගින්දර.....
    එක කුසකට දැනුනා නම්.....
    දෙහදක ඇති දුක් ගින්දර.....
    එක හදකට දැනුනා නම්.....

    කිරි බිඳ බිඳ දෙතොලක තවරාලා.....
    ඉර සඳ තරු පෙන්වා දීලා.....
    මිනිසෙකු වන සැටි පහදා දී.....
    ලෝකය හැදූ වැඩූ අම්මා.....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    [FONT=&quot]දෙපා නගන්නට හිත නැතුවා[/FONT]
    [FONT=&quot]පෙම් විමන් මෙසේ බිඳ දා[/FONT]
    [FONT=&quot]මගේ ලොවේ හිරු සඳු නිවිලා[/FONT]
    [FONT=&quot]තරු රැයේ කඳුළු සැලුවා[/FONT]


    [FONT=&quot]කිසිවකු නෑ හදවත නිවනා[/FONT]
    [FONT=&quot]ඔබ හැර මා සොයනා[/FONT]
    [FONT=&quot]කිසිදින මා සිත ඔබ දැක නෑ[/FONT]
    [FONT=&quot]හදවත නෑ හඳුනා[/FONT]
    [FONT=&quot]ඔබෙ සෙනෙහස මට හිමි නෑ[/FONT]


    [FONT=&quot]තනිකම මා ළඟ තනි වෙනවා[/FONT]
    [FONT=&quot]මා තනිවන යාමේ[/FONT]
    [FONT=&quot]රෑ සිහිනෙන් හමුවී ආයේ [/FONT]
    [FONT=&quot]ඔබ මා වෙන් වෙනවා[/FONT]
    [FONT=&quot]මා යළි මෙහි තනි වෙනවා[/FONT]


    [FONT=&quot]ගැයුම: බන්දුල විජේවීර[/FONT]
    [FONT=&quot]ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී[/FONT]
    [FONT=&quot]සංගිතය: රෝහණ වීරසිංහ.[/FONT]
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා...

    හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා
    නීල දෑසේ ගිලිලා ජීවිතේ හෙව්වා
    නුහුරු නුපුරුදු හැඟුම් ගානක්
    රෑ පුරා මැවිලා
    ආදරේ වැහැලා...

    සුවඳ ළැමැදේ හැඟුනු හැමදේ
    කවියකින් ලිව්වා
    ඉරට සඳ සේ ඉමුද පහසේ
    ආදරෙන් කිව්වා
    සුන්දරයි ඉතින් ජීවිතේ
    ඒ තරම් ගලයී ආදරේ සොඳුරියේ...

    මහද ගැඹුරේ ඇඳුනු සෙනෙහේ
    ඔබට මා පිදුවා
    සයුරු පතුලේ හැදෙන මුතු සේ
    ඔබ වටී කිව්වා
    ඒ තරම් ඔබයි ජීවිතේ
    සුන්දරයි ඉතින් ආදරේ සොඳුරියේ...

    -Radeesh vandabona-

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sunil Edirisinghe................



    පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ~
    පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ..
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ~
    අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වනන්තරේ මහ රූස්ස ගහ කොළ...

    වනන්තරේ මහ රූස්ස ගහ කොළ
    බිමට සමතලා කර අම්මේ
    රාස්සයි වගෙ යන්ත්‍ර සූත්තර
    මහ සද්දෙන් යනවා අම්මේ
    සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා
    වේල්ල බඳිනා හැටි අම්මේ
    බලාන ඉන්නට දවසක නුඹවත්
    එක්කරගෙන එන්නං අම්මේ

    බින්තැන්නේ මම දහ දුක් විඳලා එදා ගමට ආදා අම්මේ
    උඹේ අතින් මගෙ දෑතේ කර ගැට අත ගාලා නාඬන් අම්මේ
    මහියංගනයේ හේවිසියේ හඬ හැන්දෑවට ඇහුණම අම්මේ
    සිල් අරගෙන උඹ ඉන්නා තාලේ අනේ මතක් වෙනවා අම්මේ

    වත්ත පහළ පොල් අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ
    උදේ රැයින් ඔය පිනි බාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
    ගිනි මද්දහනේ බැරි බැරි ගානේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
    රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    දවසක් පැල නැති හේනේ..

    දවසක් පැල නැති හේනේ..
    අකාල මහ වැසි වැස්සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ.....
    පායන තුරු හිටි පියවර
    ඔබ හිටියා අම්මේ...

    නුවර වීදි යටකරගෙන
    නින්දා වැහි වැගිරුණදා
    බිරිදකගේ සෙනෙහේ ගියා
    යෝධ ඇලේ නැම්මේ
    නුඹෙ සෙනෙහස සුවද දිදී
    දැනුනා මට අම්මේ...

    කොළඹ අහස කළුකරගෙන
    මුහුදු හුළග අඩලනකොට
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මේ...
    මං එනතුරු හිදිකඩ ළග
    ඉන්නවාද අම්මේ...........

    -Gunadasa Kapuge-
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    බින්තැන්නේ මම දහ දුක් විඳලා එදා ගමට ආදා අම්මේ
    උඹේ අතින් මගෙ දෑතේ කර ගැට අත ගාලා නාඬන් අම්මේ



    කොළඹ අහස කළුකරගෙන
    මුහුදු හුළග අඩලනකොට
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මේ...
    මං එනතුරු හිදිකඩ ළග
    ඉන්නවාද අම්මේ...........

    -Gunadasa Kapuge-

    හරිම ලස්සනයි..මමත් ගොඩක් ආස ගීත දෙකක්.. :yes:
    පුලුවන්නම් විනාඩි අටක් වෙන්කරල මේකත් අහන්න.. :D
     
    • Like
    Reactions: Kushan_Sameera

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා
    ඔය සිතේ රහසක් ලියා මා ළඟ ඉන්නවා
    මං දන්නවා ළඟ ඉන්නවා
    අපි ආදරේ සුව විඳිනවා

    නීල ඔය දෑස මගෙමයි කියා
    කීව මතකයි එදා
    හීන මැවු දෑස ඔබ ළඟ තියා
    තුරුළෙ මං ඉන්නවා
    හද සාගරේ ආශා මැවූ මේ ආදරේ

    ඈත කඳුයායෙ සිසිලස සොයා
    යමු ද අපි පියඹලා
    සීත නොදැනෙන්නෙ ඔබ ළඟ නිසා
    ඉන්න තව ළංවෙලා
    හද සාගරේ ආශා මැවූ මේ ආදරේ

    ඔය මුවේ හසරැල් .................


    ගායනය :- උදය ශ්‍රී වික්‍රමසිංහ හා උමාරියා සිංහවංශ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතේ කඳුළු පිස දමන්න...

    නෙතේ කඳුළු පිස දමන්න
    ඇඟිලි තුඩු අගින්
    සරා සඳට සිනාසෙන්න
    සතුට පිරි හදින්
    වසන්තයට අඬ ගසන්න
    ඔබේ කටහඩින්
    දුරින් ඉඳන් බල ඉන්න
    ඔබේ
    නෙතු අගින්...

    තරු පහන් නිවා දමන්න
    එළිය දී ඇසින්
    අන්ධකාරයෙන් එබෙන්න
    පුන් සඳක් ලෙසින්...

    සදා මෙලෙස බල ඉන්න
    මහද කවුළුවෙන්
    දිවා ‍රැයේ ග
    ලා එන්න
    සිහිනයක් ලෙසින්
    ...

    -Sunil Edirisinghe-
    හරිම ලස්සනයි..මමත් ගොඩක් ආස ගීත දෙකක්.. :yes:
    පුලුවන්නම් විනාඩි අටක් වෙන්කරල මේකත් අහන්න.. :D
    11.gif


     
    Last edited: