පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට විතරයි මා පෙම් කළේ ඔයා ලැබුණත් නැතත්
    වෙනකෙක් පතන් නෑ ඔබව හැරනම් හීනෙන්වත්
    තවකෙකුගෙ වෙන් නෑ රත්තරනේ කවදාවත්
    ඔබට විතරයි මා පෙම් කළේ ඔයා ලැබුණත් නැතත්

    හිත ශෝකයෙන් දවනා
    වෙනසක් ඔබේ දුටුවා
    ආදරෙ කළත් කොතෙක් මා
    ඔයා වෙනස් වෙලා

    ඔබට විතරයි මා පෙම් කළේ .............

    මගේ තැන වෙනකෙක් ගෙන දෝ
    දැන් මා එපා වෙලා දෝ
    ඔබ නොලැබුණෝතින් මටනම්
    මටත් මාවනම් එපා

    ඔබට විතරයි මා පෙම් කළේ .............


    ගායනය :- ජූඩ් රෝගන්ස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ සිතින් මා පෙම් කළ තරමට
    ලැබුණිනම් ඔ‍බගෙන් සෙනහස මට
    මා තරම් පෙම් කළ කවුරුත් නැත
    පෙම් කළේ හිතක් නැති ඔබට ද

    මේ දුක හිමි මට ම නම්
    ඔය දෑස මට අහිමි නම්
    ඇති තරම් හඬන්නම්
    ඔය හිතට දැන් සතුටු නම්

    කකියනා හිතට නෑ
    මතකය ද දවටා තියා
    මොන හිතින් ගියා දෝ
    තව හිතක පිහිටක් සොයා

    මේ දුක හිමි ................

    ගැවසෙනා වේදනා
    මේ පපුව මත රඳවලා
    සැඟවිලා හිඳින්නම්
    ඔබෙ සතුට ගැන මා සිතා

    මේ දුක හිමි ................

    මේ සිතින් මා .............



    ගායනය :- උදය ශ්‍රී වික්‍රමසිංහ
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    විසේකාර අරුමත්තී

    නෙතට හොරා පැනයන්නි

    කෝල වදන් මුමුණන්නී

    මගේ පුංචි හැඩකාරී


    :love:

    profilepic377497_8.gif



    :rolleyes:
     
    • Like
    Reactions: rcccc and DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උපතින් ලද දායාදය මරණය බව දැන දැන
    නොමැරෙන ලෙස ජීවත් වන මිනිසුන් ඇත මේ ලොව
    ආශාවන් පොදි බැඳගෙන රකිනා මේ හැම දෙය
    ගෙන යනව ද මරණින් පසු රැස් කළ ඒ හැම දෙය

    පිණට දුන්නු දේ පමණයි ඉතිරි වන්නෙ මතුවට
    දුන් දේ සුවඳයි කියලා අහල තිබුණ පෙර සිට
    උදේ හවා බණ ඇසුවත් ඒ දේවල් එවලෙට
    ආයෙත් ජීවත් වෙන්නේ නොමැරෙන මිනිසුන් ලෙස

    උපතින් ලද .............

    පිණට දුන්නු .............


    ගායනය :- අජිත් මුතුකුමාරණ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවසන් සුසුම් හෙලා ප්‍රාණය මා දුකෙන් ගියා
    ඇයි ඔය හැටි නිල් නුවන් හෙලා මා දිහා බලන්නේ
    සමුගත් බව නොදැනමයි ඔයා ළංවෙලා හිඳින්නේ
    දැන්නම් සැනසෙන්න බෑ ප්‍රියේ තුරුලෙහී වැතිරිලා
    ඔබ ළඟ මගේ ආදරේ තියා මා ගතින් වෙන් වෙලා

    කඳුළක් බිමට වැටී නිල් නෙතු රතු වී තැවී
    සුවඳක් ඔබේ ඇවිත් මා ගත එතිලා පියමනී
    ඒ සුසුම් ලෙස අරන් විඳිනට තරම් නුපුලුවන්
    වෙන් වෙලා දුර ගිහින් දැන් මා ගතින් අසරණයි
    සිතුවේ නෑ කවදා හෝ මෙලෙසින්
    දෑතින් ඔබෙ අත ගිලිහීලා වැටිලා
    දෙකොපුල් රතු වෙලා සෙමින් දෑතින් මා බදා ගනියි
    සයනේ වැතිරී ඔබ හිඳියි බලා
    නොකියා මා හොර රහසේ එයි කියා

    සිත දුර ඈත ගිහින් මා මෙලොවින් සමු අරන්
    එනමුදු ඔබේ ළඟින් ඉන්න පෙරුම් පිරූ තරම්
    මතු භ‍වේ ඔබ මගේ ළඟ ඉන්න එන්නේ ම නම්
    හිත හදා මා යමී සැනසුම් ස්වර්ගේ බලා
    මෙතකින් නිමවීලා ආදර ජාලා
    දුකෙහී සතපා ඔය මුවෙහී සිනහා
    මා වරදක් නොවේ කළේ මේ මගෙ දෛවයෝගෙ වේ
    හැකිනම් වෙන තුරුළක පහස සොයා
    ගියමුත් මා නෑ වෙන්නේ නම් තරහා

    අවසන් සුසුම් ‍හෙලා .................


    ගායනය :- Amplifierz
     
    • Like
    Reactions: rcccc and DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔය අතගෙන ඉන්නම් මා...

    ඔය අතගෙන ඉන්නම් මා
    ඔබ ළගට වෙලා
    සදු තිබෙන තුරා තරු මියෙන තුරා
    ඔබ ළගට වෙලා...

    හීන හීන මල් ඔබ ගෙලේ පලඳන්දෝ
    ආදරේ වදන් කොඳුරමින් සනසම්දෝ
    ඔය හිතේ ආදරෙන් රැදෙන්නදෝ
    දිවිතුරා නුඹ ලගින් හිදින්නදෝ...

    සංසාරෙන් සංසාරේ

    ඔබ මගේ වෙනවාමයි
    මගේ නෙතු හදේ
    නවාතැන් ගන්නවාමයි
    සෑමදා මා ළගින් ඉන්නවාමයි
    ඔබ මගේ සෑමදා ඔබ මගේමයි...

    ඔය අතගෙන ඉන්නම් මා...

    -Dtap-

     
    • Like
    Reactions: DAMER

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    TzZ1-srlVOs.jpg



    හිත රිදවනා.. සුසුමක් වගේ
    නෙත හඩවනා.. කදුලක් දිගේ

    හැබැහින් නැතත්, හීනෙන් වගේ
    ඇයි දැයි කියන්නකෝ.. මා හැරගියේ
    නුඹ ලඟ නැති දා

    හිත දුවනවා.. හැමතැන මගේ
    හිත පිරෙනවා.. සුවදින් ඔබේ
    හිත දුවනවා.. හැමතැන මගේ
    හිත පිරෙනවා.. සුවදින් ඔබේ
    බැලු බැලු අතේ, ඔබෙ රුව වගේ
    ඇයි මේ පෙනෙන්නේ.. මට ඒ වගේ
    නුඹ ලඟ නැති දා

    හිත දවනවා.. මතකය ඔබේ
    දින ගෙවෙනවා.. හීනෙන් වගේ
    හිත දවනවා.. මතකය ඔබේ
    දින ගෙවෙනවා.. හීනෙන් වගේ
    දවසක ඇවිත්, ලඟටම මගේ
    මොහොතක් හිඳින්නකො.. ඉස්සර වගේ
    නුඹ ලඟ නැති දා
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    සිත දුර ඈත ගිහින් මා මෙලොවින් සමු අරන්
    එනමුදු ඔබේ ළඟින් ඉන්න පෙරුම් පිරූ තරම්
    මතු භ‍වේ ඔබ මගේ ළඟ ඉන්න එන්නේ ම නම්
    හිත හදා මා යමී සැනසුම් ස්වර්ගේ බලා
    මෙතකින් නිමවීලා ආදර ජාලා
    දුකෙහී සතපා ඔය මුවෙහී සිනහා
    මා වරදක් නොවේ කළේ මේ මගෙ දෛවයෝගෙ වේ
    හැකිනම් වෙන තුරුළක පහස සොයා
    ගියමුත් මා නෑ වෙන්නේ නම් තරහා

    අවසන් සුසුම් ‍හෙලා .................


    ගායනය :- Amplifierz
    11.gif
    තවත් එළකිරි කොල්ලෙක්ගේ නියම වැඩක්..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    T.M Jayarathne...............


    අප හමුවූවත්~
    නොවුනත්..
    කාලය ගත වී යනවා…
    අප තනිවූවත්~
    නොවුනත්..
    ලොව එක සේ පවතිනවා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිහිවේ නින්ද නැති මේ පාලු රෑ ...

    සිහිවේ නින්ද නැති මේ පාලු රෑ
    මා නෙත් අවදියෙන්
    ඔබගේ නුවන් සිහිවී කිති කැවේ
    මා හද සෙනෙහසින්
    නැතිදෝ වැටහෙන්
    නේ මා ආදරේ
    මා තවම නොකියූ...

    දසන් පිපෙනා සිනා කැල්මන්
    නුඹේ ඔය රුව වඩයි සොඳුරේ
    පිපී සැලෙනා විලේ තුරු මල්
    වලින් සැරසෙන්න ආදරියේ
    අඳුර මකනා එළිය ගෙනෙනා
    පහන් වැට වෙන්න මගෙ දිවියේ...

    හමන සුළඟේ වැනෙන කෙහෙරැල්
    මවනා ඒ සොඳුරු දසුනේ
    මවෙත හෙලනා සොඳුරු බැල්මෙන්
    මහද මන් මත් කරයි ළඳුනේ
    මහද රැඳෙනා සිහින කුමරී
    නුඹයි මාගේ නුවන් සොයනා...

    සිහිවේ නින්ද නැති මේ පාලු රෑ...

    -Destiny Music-
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මාසිත මියුරු කල්පනා

    මාසිත මියුරු කල්පනා
    රස පද වැලට පෙරලුනා
    මිහිරියෙ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්
    නැවුම් සිතක ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්....//

    රුවැති මලක් මද සුළගේ සැලෙන හැටි සිතා
    බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
    ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා
    දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා

    මාසිත මියුරු කල්පනා ...

    රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා
    තුඩින් තුඩග බැදුනු පෙමක් අගෙයි ගනු සිතා
    ඔබ අමතන මෙවන් පතක පිළිතුරක් පතා
    දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා

    මාසිත මියුරු කල්පනා ...


    ශර්ලි වෛජයන්ත
     
    • Like
    Reactions: rcccc and DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake..............



    මා සිහින විමානේ පැතුම් තටාකේ~
    ආදර කුසුමන් පිපී තියේ..
    සැනසීම හෝ වැනසීම ඔබගේ~
    ඔය නිල් දෑසේ රැඳී තියේ..
     
    • Like
    Reactions: rcccc
    May 19, 2013
    1,864
    81
    0
    ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලී
    මං බොරු කරන්නේ නෑනේ ඔබට ඇත්තයි මගේ මාලී
    සරු දිවියක රස බලන්න කාලේ ළඟයි මාලී
    පෙරුව රත්තරං වාගෙයි අපේ ආදර මාලී
    -නිහාල් නෙල්සන්- (වයිෆ්ට කියපු සිංදුව)
     
    May 19, 2013
    1,864
    81
    0
    ප්‍රේමයේ විල්තෙරේ
    යෞවනේ මල් වනේ
    ඇසෙන මේ ගී
    මියුරු රාවේ
    සිතක ආරාධනා
    ප්‍රේමයේ විල්තෙරේ

    සුසුදු හසකැන් ගලා
    දෑස පෙරුමන් පුරා
    පාළුවේ තනි වෙලා
    කාටදෝ ඉඟිකළා
     
    • Like
    Reactions: rcccc

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්
    ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
    මිනිස් පුරේ ඇයි තනියක්

    ගලා ගලා යන ගඟේ පිරී දිය
    ඇළේ දොළේ ඇසුරට වී
    සිනා සිසී වන පෙතේ හිඳී
    රස බිබී මුවන් තුඩ ඇතිරී..

    සොබා දමේ දැඩි සිහිල් නිසංසල
    සුවේ බිඳී ලොව සිතුසේ
    ඔබේ මගේ පැල බෙදී බිඳී යන
    සුළං කැරැල්ලේ දුකසේ..


    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හීනයක්ද මේ නිල් මැණික් දෑස ළංවෙලා...

    හීනයක්ද මේ නිල් මැණික් දෑස ළංවෙලා
    නෑ ඉතින් අනේ ප්‍රේමයත් ගීතයක් වෙලා
    සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුණා
    සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් වුණා

    දෝරෙගලා යන කදුළු ගංඟා සිඳී
    දෑස් මායිමේ ඔබෙ රුව මත මල් ‍පිපේ
    කාලයෙන් කියාදුන් නේක සෝ දුක් නිවී
    පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී
    මා සුපෙම් ප්‍රියාවියේ මේ පණ නලත් ඔබේ

    මගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතී
    කීව දොම්නස් ගීත ගොන්නක් හඬාවැටේ
    සිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදී
    කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී
    මා සුපෙම් ප්‍රියාවියේ මේ හදවතත් ඔබේ


    හීනයක්ද මේ නිල් මැණික්...

    -Prasanga Thisera & Shashika-
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    liyannata pem hasunak
    obe hitha ganna
    upan sahasak haguman
    liya thabuwa mang
    liya thabuwa mang
    hithe pudina pem mal
    obata puda denna
    wasanthaya yali enakal
    balan hitiya man
    balan hitiya man Close Sample Lyrics
     
    • Like
    Reactions: DAMER

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Z
    සංවේදනා මහදේ දරා...
    මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා...
    පෙම් චේතනා ඇවිලී ගියා...
    දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා...
    පවනේ පවා මුසු වී ගියා...
    මං ගැයුව දුක් ගායනා...

    ආකාසේ දෙදරා ගියා...
    සඳ අහසේ ගිලුනා කියා...
    මා දෑස නොපෙනේ සදා...
    ඔබෙ රුවම ඕනා නිසා...

    සංසාරේ නිම්නේ පවා...
    හමුවන්නෙ ඔබවයි සදා...
    ඒ මොහොත ළංවෙයි කියා...
    මං ඉන්නෙ නොමැරී තමා...

    ගංඟා පවා සිඳිලා ගියා...
    මං හෙලුව සුසමින්ම වියලී තලා...
    සයුරෙන් ගෙනා දියරැල් පවා...
    මහ දියඹෙ මං නොදැන ගොළුවී සිනා...
    සයනේ වෙලී තනිවී මෙමා...
    ඔබ ගැනම සිතුවා එදා...

    ආකාසේ දෙදරා ගියා...
    සඳ අහසේ ගිලුනා කියා...
    මා දෑස නොපෙනේ සදා...
    ඔබෙ රුවම ඕනා නිසා...
     
    Last edited: